කැකිරි කියන්නේ මේ උණුසුම් කාලයේ දී ආහාරයට ගත යුතුම ආහාරයක්. වැඩි සාත්තුවක් නොමැතිවම සරුවට හැදෙන වැඩෙන කැකිරි ඕනෑම පරිසර තත්ත්වයක වර්ධනය වෙනවා. එදා අපේ මුතුන් මිත්තන්ගේ ආහාර වේල් තුළ නිරන්තරයෙන්ම භාවිතා වුණු කැකිරි විටෙක රසවත් ව්‍යංජනයක්, තවත් විටෙක රසවත් පලතුරක්. අපේ රටේ කැකිරි ප්‍රභේද කිහිපයක්ම දකින්නට පුළුවන්. සීනි කැකිරි, ගොන් කැකිරි, කවුඩු කැකිරි, හේන් කැකිරි ,හීන් කැකිරි තිත්ත කැකිරි, කොමඩු කැකිරි ආදී වශයෙන් කැකිරි වර්ග ගණනාවක් අපි ආහාරයට ගනු ලබනවා. ඒ අතුරින් ව්‍යංජනයක් විදියට බහුලවම ආහාරයට ගන්නේ හේන් කැකිරි. පලතුරක් විදියට නිතරම භාවිතයට ගන්නේ සීනි කැකිරි. ශරීරයේ උෂ්ණය අඩු කරන, මුත්‍රාකාරක ගුණයෙන් යුක්ත, විෂහරණ ගුණයෙන් සමන්විත අපූරු ආහාරයක් වන කැකිරි අද අපේ ආහාරවේලෙන් ඈත්ව යාම ඉතාම කණාගාටුදායකයි. කැකිරි කියන්නේ ලෙඩ රෝග බොහොමයකින් අපිව ආරක්ෂා කරන්නට සමත් ඉතා ඉහළ පෝෂ්‍ය පදාර්ථවලින් සමන්විත ආහාරයක්. ඒ නිසාවෙන් අපේ ආහාර රටාවෙන් කෙමෙන් අපි අමතක කරදමා ඇති කැකිරිවලින් අපේ නීරෝගීභාවය රැක ගන්නේ කොහොමද. ඉතින් ඔන්න අද කතාව ඒ පිළිබඳව.
කැකිරි ව්‍යංජනයක් විදියට, පලතුරක් විදියට වගේම පානයක් ලෙසත් ආහාරයට එකතු කර ගන්නට අපිට පුළුවන්. අපි බොහෝදෙනෙක් කැකිරි ආහාරයට එකතු කර ගන්නා විට ඒවායේ ඇට ඉවත් කළත් කැකිරි ඇට කියන්නෙත් පෝෂණ ගුණයෙන් ඉතා ඉහළම ප්‍රභවයක්. ඒ නිසාමයි එදා ගෘහණියන් කැකිරි පිසින විට ඒවායේ ඇට දුමේ තබා වියළා ගෙන පොල් කිරි වෙනුවට ජලයෙන් අඹරා ව්‍යංජනවලට එකතු කර ගන්නවා.ඉතින් කැකිරි මදය වගේම කැකිරි ඇටවලත් ඉතා ඉහළ පෝෂණ ගුණයක් පවතිනවා. මේ කැකිරිවල මැග්නීසියම්, තන්තු, සීනි, කාබෝහයිඩ්රේට් පොටෑසියම්, ජලය , යකඩ යන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙනවා . ඒ වගේම කැකිරිවල මේදය අඩංගු නොවෙන නිසා වඩාත් සෞඛ්‍යාරක්ෂිතයි. අද අපි බලමු ඉතා රසවත් සහ ගුණවත් කැකිරි පානයක් සකස් කර ගන්නේ කොහොමද කියලා.
කැකිරි පානය සකස් කර ගන්නා ආකාරය

1. ක්‍රමය -මුලින්ම කැකිරි ගෙඩියේ පිට පොත්ත ඉවත් කර ගෙන සෝදා ගන්න. එහි ඇට ඉවත් කර කුඩා කැබලි වලට කපා ගන්න. ඉන්පසුව මේ කැකිරි කැබලි බ්ලෙන්ඩර් එකට දමා එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු සහ සීනි එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න. පෙරා පානය කරන්න.
දියවැඩියාවෙන් පෙළෙන අයෙක් නම් මේ සඳහා ලුණු හෝ සීනි නොදමා පානය කිරීම වඩා සුදුසුයි.
2. ක්‍රමය
- අවශ්‍ය ද්‍රව්‍ය
- සීනි කැකිරි ග්‍රෑම් 400
- බීට් රූට් ග්‍රෑම් 200
- නිවුණු උණු වතුර අඩු කෝප්ප 4 ක්
- සීනි ග්‍රෑම් 75 ක්
- ලුණු ස්වල්පයක්
සාදා ගන්නා ආකාරය -සීනි කැකිරි හොඳින් ශුද්ධ කර කැබලිවලට කපාගෙන එයට වතුර අඩු කෝප්ප 3 ක් , සීනි සහ ලුණු එකතු කර බ්ලෙන්ඩර් කර ගන්න.බීට්රූට් සුද්ධ කර තරමක් කුඩා කැබලිවලට කපා වතුර අඩු කෝප්පයක් දමා බ්ලෙන්ඩර් කර පෙරා ගන්න.වීදුරුවක් ගෙන එයට සීනි කැකිරි යුෂ ¾ පමණ ප්‍රමාණයක් දමන්න. එයට උඩින් බීට් රූට් යුෂ එකතු කර ඒ මත ඉරි හෝ යම් රටාවක් ඇඳීමෙන් වෙනස් අලංකාර පෙනුමකින් සකස් කරගෙන පානය කළ හැකියි.
කැකිරි යුෂ පානය කිරීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ
- අධි රුධිර පිඩනයට ඉතා ගුණදායක වෙනවා.කැකිරි යුෂ අඩු කෝප්පයකට මී පැණි තේ හැදි 1 ක් සහ දෙහි යුෂ තේ හැන්දක් මිශ්‍රකර පානය කිරීමෙන් රුධිර පීඩනය මනා ලෙස පාලනය කළ හැකියි.
- මානසික රෝග දුරලනවා.
- වකුගඩු ආශ්‍රිතව වැළදෙන රෝග සුවපත් කරනවා.
- සුවදායි නින්දක් ලබා ගන්නට උපකාරී වෙනවා.
- මුත්‍රා ආසාදන හා මුත්‍රා අඩස්සිය ආදී රෝග තත්ත්වයන් දුරු කරනවා.
- දියවැඩියා රෝගය පාලනය කරනවා.
- මුත්‍රා ගල් දිය කරන්නට උපකාරී වෙනවා.
- අමිල පිත්ත රෝගය සුවකරනවා.
- ශරීර දාහය නැති කරනවා.
- ශරිරයේ විස නැති කරනවා.
විශේෂයෙන්ම බොන ජලයේ ඇති බයිකාබනේටයන් වකුගඩුවේ රැඳීමට ඉඩ නොදී බැරලෝහ ඉවත් කිරීමේ හැකියාවක් පවතිනවා.

- රුධිරය පිරිසිදු කරනවා.
- මානසික ආතතිය දුරු කරනවා.
- හිසරදය සුව කරනවා.
- පණු රෝගවලට ගුණදෙනවා.
- හදවතේ නීරෝගී බවට හේතු වෙනවා.
- පිළිකා ඇතිවීම වළක්වනවා.
- ඉදිමුම් සුව කරනවා.
- කොලෙස්ටරෝල් ඇතිවීමේ අවදානම අඩු කරනවා.
- පිපාසය සන්සිදුවනවා.
කැකිරි කියන්නේ ස්වභාදහමෙන් අපිට දායාද කරපු ඉතාම ගුණදායක ආහාරයක්. ඒ නිසා හැකිතාක් එහි ගුණ නොනසා ආහාරයට එකතු කිරීමට අපි වගබලා ගත යුතු වෙනවා.