පෝෂණ ලොවේ යකඩ රැජින විදියට හඳුන්වන කෙසෙල් මුව මගින් සුවකරන රෝග 14 ක් 

health tips

කෙසෙල්වල මූලාරම්භය ඉන්දියාව සහ පිලිපීනය ඉන්දුනීසියාව, මැලේසියාව වැනි අග්නිදිග ආසියා ප්‍රදේශ ලෙස සැලකේ. Musa bulbaciana යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන කෙසෙල් ශ්‍රී ලංකාවේ ද පලතුරු වගාවක් ලෙස ප්‍රචලිත ය. Plantae රාජධානියට අයත් වන කෙසෙල් Musaceae කුලයට අයත් වේ.  කෙසෙල් සංස්කෘත භාෂාවෙන් භාෂාවෙන් කදලි, රඹ, අංශුමනී, අම්බුසාර යන නම්වලින් හඳුන්වයි. සාමාන්‍යයෙන් වසරකට කෙසෙල් මෙට්රික් ටොන් මිලියන 114 ක් පමණ නිෂ්පාදනය වෙයි. ලෝකයේ සෑම රටකම කෙසෙල් පලතුරක් ලෙස ජනප්‍රිය අතර කෙසෙල් මුව ද ගුණදායක වේ. නමුත් කෙසෙල් මුව ආහාරයට ගන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ අග්නිදිග ආසියා රටවල් කිහිපයක් පමණි. එළවළුවක් ලෙස කෙසෙල් මුව තායි කෑම වේලේ ජනප්‍රිය අංගයකි. 

කෙසෙල් මල් ග්රෑම් 100 ක තඹ මිලි ග්රෑම් 13 ක් අඩංගු වන අතර, එය තඹ සුල­භ­වම අන්තර්ගත වන ආහාර වල උපරිම අන්තර්ගත වන ප්‍රමාණය මෙන් තුන් හතර ගුණයකටත් වඩා වැඩි වෙයි. තඹ අධිකව ශරීරයට ලබා ගැනීම අතුරු ආබාධ සඳහා ද හේතු වන බැවින්, දිනපතා ආහාරයට කෙසෙල් මල් සුදුසු නොවන බව ද මේ අනුව අවධාරණය කළ යුතුව ඇත. 

මෙයට අමතර කෙසෙල් මල් පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලෙනියම්, සින්ක් යන ඛණිජ ලවන වර්ග පිරි ආහාරයකි. කෙසෙල් මල් විටමින් සී, ඒ, සහ විටමින් ඊ යන ශරීරයට හානි කරන විනාශකාරි නිදහස් මුක්ත ඛණ්ඩක විනාශ කිරීමට ද ඉවහල් වන ප්‍රතිඔක්සිකාරකි. 

කෙසෙල් මුව ග්‍රෑම් 100ක යකඩ මිලි ග්‍රෑම් 56.4 ක් අඩංගු වේ. මේ නිසා කෙසල්මුව පෝෂණ ලොවේ යකඩ නිධිය ලෙස පෝෂණ විද්‍යාඥයෝ හඳුන්වති. සමහරු පෝෂණ ලොවේ යකඩ රැජන ලෙස නම් කිරීමට පෙළැඹී ඇත්තේ එහි ඇති විශාල යකඩ ප්‍රතිශතය හේතුවෙනි. යකඩවලට අමතරව ආහාරමය කෙඳි (Fibre) අඩංගු වීම තවත් විශේෂ ලක්ෂණයකි. මේ හැර කෙසෙල් මුව ප්‍රෝටීන් බහුල ආහාරයකි. 

කෙසෙල් මුව සලාද, සුප්, වෑංජනය, සම්බෝල, වඩේ ආදී විවිධ රසවත් ස්වරූපයෙන් ආහාර වේලට ඇතුළත් කළ හැකිය. ඉතින් කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් සුව කර ගත හැකි රෝග රාශියක් ඇත.

අර්ශස්, දියවැඩියාව, නීරක්තිය, අධිරුධිර පීඩනය, බඩදැවිල්ලට, බඩ පිපුමට, ගැස්ට්‍රයිටීස්, හෘද ස්පන්දනය පාලනය ආදී රෝග සඳහා ගුණදායක වන මෙය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට බොහෝසෙයින් උපකාරී වෙයි. 

කෙසෙල්මුව ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 

  1. බැක්ටීරියා ආසාදන සමනය කරයි 

ස්වාභාවික ආකාරයෙන් ආසාදනවලට ප්‍රතිකාර කිරීමේදී කෙසෙල් මුව ඉතා ඵලදායී වේ. වර්තමානය වන විට බැක්ටීරියා ආසාදන ඉතා වේගයෙන් ව්‍යාප්ත වන බැවින් එම බැක්ටීරියා ආසාදන සුව කිරීමට ඖෂධයක් ලෙස කෙසෙල් මුව භාවිතා කරයි. එනම් කෙසෙල් මුවේ ඇති එතනෝල් රෝග කාරක බැක්ටීරියා වර්ධනය වීම වළක්වා බැක්ටීරියා ආසාදන සුව කරනු ලබයි. 

  1. ඔසප් වේදනාවන් සමනය කරයි 

කෙසෙල් මුව උදරයේ වේදනාව සමඟ කටයුතු කිරීමට සහ ඔසප් වීමේදී සිදු වන අධික රුධිර වහනය අඩු කිරීමට සහාය වේ. එසේම එය ශරීරයේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය වැඩි කරන අතර ලේ ගැලීම අඩු කරයි. ගර්භාෂය ද ශක්තිමත් කරයි. 

  1. දියවැඩියාව පාලනය කරයි 

වර්තමානය වන විට බොහෝ දෙනෙකු දියවැඩියා රෝගයෙන් පෙළෙන අතර එයට ප්‍රධානම හේතු වන්නේ ආහාර රටාවයි. එනම් දියවැඩියාව පාලනය කර ගැනීමට කෙසෙල්මුව ආහාරයට ගැනීම ගුණදායක බව කරන ලද වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.  එනම්

කෙසෙල් මුව නිස්සාරණය කිරීමෙන් ග්ලූකෝස් ප්‍රමාණය වැඩි කරන අතර එමඟින් රුධිරයේ සීනි මට්ටම අඩු කර ගත හැකි බවයි. 

  1. මානසික ආතතිය සමනය කරයි

වයස් භේදයකින් තොරව ඇතිවන මානසික ආතතිය සමනය කිරීමට කෙසෙල්මුව ආහාරයට ගැනීම ගුණදායක වේ. එනම් කෙසෙල් මුවෙහි අඩංගු මැග්නීසියම් මගින් ආතතිය දුරුකර මනස සැහැල්ලු කරනු ලබයි. කෙසෙල් මුවෙහි මැග්නීසියම් අඩංගු වන අතර එය කාංසාව අඩු කර මනෝභාවය වැඩි කරයි. ඒවා ස්වාභාවික විෂාද නාශක ලෙස ක්‍රියා කරයි. මේ නිසා මානසික ආතතිය ඇති අවස්ථාවක කෙසෙල්මුව ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. 

  1. පිළිකා සහ හෘද රෝග වළක්වයි 

කෙසෙල් මුවෙහි ෆීනෝලික් අම්ල, ටැනින්, ෆ්ලේවනොයිඩ් සහ වෙනත් විවිධ ප්‍රතිඔක්සිකාරක අඩංගු වේ. මෙම ප්‍රතිඔක්සිකාරක අහිතකර බැක්ටීරියා උදාසීන කරන අතර ඔක්සිකාරක හානි වැළැක්වීම සහ හෘද රෝග හා පිළිකා ඇතිවීමේ අවදානම ද අඩු කරයි. 

  1. වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරයි  

විටමින් C බහුල සහ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ප්‍රභවයක් වන කෙසෙල් මුව සෞඛ්‍යයට ඉතා අත්‍යවශ්‍ය වන්නේ ඒවා සෛල මත ආතතිය අඩු කරන අතර වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කරන බැවිනි. 

  1. වකුගඩු ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි  

කෙසෙල් මුවෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ සංඛ්‍යාව වකුගඩුවල සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. එසේම කෙහෙල් මුව වේදනාකාරී වකුගඩු ගල් දියවීම සඳහා ස්වාභාවික පිළියමක් ලෙස ක්‍රියා කරන අතර දැවිල්ල හා මුත්‍රා ගැටලු ඇතිවීමේ අවදානම වළක්වයි. 

  1. යකඩ මට්ටම ඉහළ නංවයි 

කෙසෙල් මුවවල යකඩ පොහොසත් වීම නිසා එය රක්තහීනතාවය, තෙහෙට්ටුව, වෙහෙස, අවිධිමත් හෘද ස්පන්දනය, සුදුමැලි වූ සම, සීතල පාද සහ අත් වැනි රෝග ලක්ෂණ සමනය කිරීමට උපකාරී වේ. එසේම කෙසෙල් මුව රතු රුධිර සෛල මට්ටම ඉහළ නංවන අතර යකඩ ඌනතාවය දුරු කර රක්තහීනතාවයට එරෙහිව සටන් කරයි. 

  1. ආහාර ජීර්ණය පහසු කරයි

ආහාරමය තන්තු සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ බහුල කෙසෙල් මල් ස්වාභාවික විරේචකයක් ලෙස ක්‍රියා කරන අතර බඩවැල් ක්‍රියාකාරිත්වය විධිමත් කර මලබද්ධයට ප්‍රතිකාර කරයි. 

  1. කිරි දෙන සහ ගර්භිණී මවුවරුන්ට ගුණදායකය

කෙසෙල් මල් ගර්භනී සහ කිරි දෙන මවකට වස විසවලින් අවම උසස් පෝෂ්‍ය පදාර්ථ ලෙස සහතික කළ ලාබදායි සහ විශ්වාසවන්තම ආහාරයකි. කෙහෙල් මල මව්වරුන්ගේ මව්කිරි ස්‍රාවය වැඩි කිරීමට සහාය වේ. එය දරු ප්‍රසූතියෙන් පසු ගර්භාෂය ශක්තිමත් කිරීමට සහ ලේ ගැලීම අඩු කිරීමට උපකාරී වේ. 

  1. මළ බද්ධය වළක්වයි 

ආහාරයක් ද වන බැවින් ගර්භනී මවුවරුන්ගේ ආහාර වට්ටෝරුවේ සතියකට දෙතුන් වේලක්වත් කෙසෙල් මල් අන්තර්ගත වීම බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ සදහා හේතු වේ. මව්කිරි දීමේදී විශේෂයෙන් නවක මව්වරුන් මුහුණ දෙන කිරි සැපයුම කෙසෙල් මල් වැඩි කරන අතර, නව මව්වරුන්ට තම ළදරුවන් වඩා හොඳින් පෝෂණය කිරීමට උපකාරී වේ. 

  1. ප්‍රතිඔක්සිකාරක ගුණ ඉහළය

ශරීරය තුළ නිදහස් මුක්ථ ඛණ්ඩක ඇති වීම බරපතළ සෞඛ්‍ය ගැටලු සදහා හේතු වෙයි. එම මුක්ථ ඛණ්ඩක විනාශ කරන ප්‍රතිඔක්සිකාරක කෙසෙල් මලෙහි යහමින් අඩංගු ය. මේ අනුව අකලට වියපත් වීම, ස්නායු ආබාධ සමනය කරයි. 

  1. වණ සහ වේදනාවන්ට සහනය

කෙසෙල් මුව යනු ආමාශයික අම්ල ස්‍රාවය ඵලදායීව උදාසීන කරන අජීර්ණය, වණ සහ වේදනාවන් සඳහා සහනයක් ලබා දෙන ක්ෂාරීය ආහාරයකි. 

14.  වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරයි

කෙසෙල් මුව යනු වකුගඩු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමෙහිලා ආහාරයට ගත හැකි ගුණදායක එළවළුවකි. එනම් කෙසෙල්මුවෙහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ වකුගඩුවල ක්‍රියාකාරිත්වය වැඩි කරන අතර වකුගඩුවල ඇති ගල් දිය කිරීම සඳහා ද උපකාරීවේ. මේ නිසා වකුගඩුවල ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීමට මෙන් ම වකුගඩුවල ගල් ඇති පුද්ගලයින්ට එම ගල් ඉවත් කර ගැනීම සඳහා ද කෙසෙල් මුව යනු ගුණදායක ආහාරයකි. 

මේ ආදී රෝග රැසකට කෙසෙල්මුව ආහාරයට ගැනීම ගුණදායක වේ. 

විශේෂයෙන් දිරවීමේ අපහසුතා, උණසන්නිපාතය, සෙංගමාලය වැනි රෝගබාධ වැළඳුණු අය ආහාරයට ගැනීමෙන් වැළකිය යුතුයි. නොමේරූ කෙසෙල් මුව ආහාරයට ගැනීමෙන් වඩා පෝෂ්‍යදායි වන අතර කෙසෙල්වල අඩංගු ගුණ සියල්ලම මෙමඟින් සපයාගත හැකිවීම විශේෂත්වයකි. 

කෙසෙල් මුව සම්බෝලය, කෙසෙල් මුව සීනි සම්බෝල, කෙසෙල් මුව සලාදය ආදී විවිධ ආකාරයට කෙසෙල් මුව ආහාර සදහා සකසාගත හැකිය. කෙසෙල් මල කිසිදු අතුරු ආබාධයක් නොමැති ආහාරයකි. කෙසේ වෙතත් රෝග මර්ධන ඖෂධයක් ලෙස කෙසෙල් මල නිර්දේශ කිරීම සඳහා තව දුරටත් පර්යේෂණ සිදු කළ යුතුය. 

ලංකාවේ අතීතයේ සිට කෙසෙල් මුව එළවළුවක් ලෙස ආහාරයට ගෙන ඇතත් එතරම් ජනප්‍රිය ආහායක් නොවේ. එහි ඇති පෝෂණීය සහ ඖෂධීය ගුණය පිළිබඳව ජනතාවට අවබෝධයක් නොමැති වීම එයට හේතු වී ඇත. 

පැරැන්නන් අතර කෙසෙල් මුව ඉතාමත් පෝෂණීය එළවළුවක් ලෙස ප්‍රකටව තිබුන ද, වර්තමානය වන විට බොහෝ දෙනෙකුගේ ආහාර ප්‍රමුඛතා ලැයිස්තුවේ මෙය පහළට වැටෙමින් තිබෙන එළවළුවකි. මිලෙන් අඩු වුවද, සොයා ගැනීමට පහසු වුව ද, නොදන්නාකම නිසා වටිනාකමක් හිමි නොවුණු මෙම එළවළුව බරපතල රෝගාබාධ රැසකට විසදුම් දෙන ඹෟෂධීය සහ පෝෂණීය ගුණ සම්භාරයකි.