කැස්ස වැළඳීගෙන එන විට නිවසේදීම ඔබට සිදු කළ හැකි සරල පිළියම් කීපයක්

health tips

කැස්ස යම් යම් රෝගවලදී රෝග ලක්ෂණයක් ලෙසයි  හට ගන්නේ බොහෝ අවස්ථාවල. බරපතල රෝග හෙළි කරන ලක්ෂණයක් ලෙසත් සෙම, දූවිලි,දුම්  ආදිය නිසාත් ඇතිවන අසාත්මිකතා හේතුවෙන් ඇතිවන තත්ත්වයක් ලෙසත් කැස්ස අපිට අත්විදින්නට සිදු වෙනවා. නිතර නිතර ඇතිවන කැස්ස නිසා පපුවට දැනෙන වේදනාව අපහසුව ඔබට මා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ නේ.  කැස්ස ඇති වුණාට පස්සෙ එය සුවපත් කරගන්නට  තරමක් අපහසු නිසා දීර්ඝ කාලයක මේ පීඩාවන් විදින්නට අපිට සිදු වෙනවා. ඉතින් ඒ නිසා කැස්ස වැළඳී ගෙන එද්දිම ඒ සඳහා පිළියම් කිරීමෙන් උත්සන්න තත්ත්වයට පත් නොවී එය සුවකර ගන්නට හැකියාව ලැබෙනවා. ඒ සඳහා මේ සරල පිළියම් ඔබටත් ඉතා වැදගත් වේවි.

ළූණු  පානය

විශේෂයෙන්ම සෙම හේතුකරගෙන ඇතිවිය හැකි රෝග තත්ත්වයන් සුව කරන්නට විශේෂ හැකියාවක් ළූණු  සහ සුදු ළූණුවලට පවතිනවා. ඉතින් උගුරේ වේදනාවත් එක්ක  කැස්ස ඇති වෙන අවස්ථාවේදී  එය සුවපත් කරගන්නට ලූණු සහ සුදු නෝනා අපිට භාවිතා කරන්නට පුළුවන්.

 සාදා ගන්නා ආකාරය

  ළූණු ගෙඩි දෙකක්

 සුදුළූනු ගෙඩියක්

 පිරිසුදු ජලය

 මුලින්ම ළූණු සහ සුදු ළූණුවල පොතු ඉවත් කර ගෙන සෝදා හොඳින් තළා ගන්න. ඉනන්පසුව ඒවා ජලය ලීටර් එකකට පමණ මිශ්‍ර කර ලිපේ තියාගන්න.ජලය නටන අවස්ථාවේදී මේ ඖෂධය ළිපෙන් ඉවත් කරගෙන දවස පුරාම වරින් වර පානය කරන්න.

අන්නාසි

 අපි හැමෝම ආහාරයට ගන්නා රසවත් ආහාරයක් වෙන අන්නාසි විවිධ රෝග තත්ත්වයන්වලින් ආරක්ෂා වෙන්නට ඖෂධයක් විදියටත් භාවිතා කරන්න පුළුවන්. කැස්ස සුවපත් කර ගන්නටත් අන්නාසි අපිට භාවිතා කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ ඒ නිසාමයි. අන්නාසිවල ඇති බ්‍රෝමලින් කියන ප්‍රතිඔක්සිකාරකයට  හැකියාව තියෙනවා උගුරේ ඇතිවන අපහසුතාවය දුරු කරලා කැස්ස ඇතුළු සෙම් රෝගවලට සහනය සලසන්නට. 

සාදා ගන්නා ආකාරය 

 ඉදුණු අන්නාසි ගෙඩියක්

 ඉඟුරු කැරැල්ලක්

 පිරිසිදු මී පැණි

 මුලින්ම අන්නාසි ගෙඩිය හොඳින් සුද්ද කර තරමක කෑලිවලට කපා එයට ජලය ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර ගන්න. මේ විදිහට සකසා ගත්තු අන්නාසි යුෂ පානයට තලාගත් ඉඟුරු යුෂ ස්වල්පයක් සහ පිරිසිදු මී පැණි ස්වල්පයක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඔබට මෙය දවස පුරා වරින් වර පානයට ගන්නට පුළුවන්.

 නමුත් ඔබට අන්නාසි ආසාත්මිකතා ඇති කරන්නේ නම් මේ පානය ඔබට සුදුසු වෙන්නේ නැහැ. 

කෙසෙල් සහ මී පැණි

 කෙසෙල් සහ මී පැණි එකතු කර සාදා ගන්නට හැකි මේ පානය කැස්ස සුවපත් කරගන්නට අපිට උදව් වෙන තවත් පිළියමක්.

 මේ පානය  සාදාගන්නා ආකාරය 

 ඉදුණු කෙසෙල් ගෙඩියක් 

උණු ජලය

 මී පැණි තේ හැන්දක්

මුලින්ම කෙසෙල් ගෙඩිය තරමක කෑලිවලට කපා උණු ජලය එකතු කරලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. පසුව මී පැණි තේ හැන්දක් මෙයට එකතු කරලා හොඳින් කලවම් කරගෙන පානය කරන්න.

කහ  පානය

 ඉතාම ගුණදායක විශේෂ කුළු බඩුවක් වන කහ කුඩු ඉදිමීම් සුව කරනවා. ඒ හැරුණාම විෂබීජ නාශක හැකියාව සහ  වෛරස් අඩපණ කිරීමේ විශේෂ හැකියාවකින් ද සමන්විත වෙනවා. මේ නිසා බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයන් මගින් වැළදෙන  කැස්ස සහ හෙම්බිරිස්සාව  සුව කරන්නට  පහසුවෙන්ම කහ යොදා ගන්නට පුළුවන්.

ඒ නිසා කහ භාවිතා කරලා කැස්ස සුවපත් කරගන්නට අපූරු පානයක් අපිට සාදාගන්නට පුළුවන්.

  1. කහ කුඩු 

උණු වතුර 

වියළි ඉඟුරු කුඩු තේ හැදි භාගයක් 

කරාබු නැටි කුඩු  තේ හැදි කාලක් 

කුරුඳු කුඩු තේ හැදි කාලක් 

උණු වතුර කෝප්පයකට මේ සියලු ද්‍රව්‍ය එකතු කරගෙන  ඉතා හොඳින්ම දියවනතුරු කලවම් කරන්න. ඉන්පසු එය රස්නය සහිතවම පානය කරන්න. පෙරන්නට අවශ්‍ය වෙන්නේ  නැහැ.

මේ පානයෙන් විනාඩි  කිහිපයක් යනතුරු කැස්ස වැඩි වෙන බවක් දැණුනත් ඉන්පසු මෙය සුව අතට හැරෙන නිසා කලබල වෙන්නට අවශ්‍ය නැහැ. පැයකින් පමණ කැස්ස සුව වී ඔබට සුවදායක බවක් ගෙනදෙනවා.

 2. කහ කුඩු තේ හැදි 2 ක් 

 ලුණු කුඩු තේ හැදි භාගයක් 

 උණු වතුර වීදුරුවක්.

මේ ද්‍රව්‍ය සියල්ල උණු වතුරෙන් හොඳින් දියකර ගෙන මේ ජලයෙන් තත්පර 30 ක් පමණ මුඛය සෝදා ගන්න. මේ කාර්ය වතුර වීදුරුව හිස් වන තුරුම සිදු කරන්න.මෙමගින් වියළි කැස්ස ඉතා ඉක්මනින් සුව කරන නිසා දිනක් දෙකක් මේ  සත්කාරය සිදු කරන්න.

මී පැණි

 මී පැණි ඉතාම වටිනා ප්‍රතිජීවකයක්. විශේෂයෙන් වියළි කැස්සක් ඇති අවස්ථාවකදී වගේම කැස්ස වැළදීගෙන එන  අවස්ථාවකදීත් මී පැණි පානයට ගැනීමෙන් එය සුවපත් කර ගන්නට පුළුවන්. නමුත් අවුරුද්දට අඩු දරුවන්ට මී  පැණි ලබා දීම සුදුසු නොවන බවයි සඳහන් වෙන්නේ. මී පැණි මේස  හැඳි දෙකක් උණු වතුර වීදුරුවකට දාලා හොඳින් කලවම් කරලා පානය කරන්නත් පුළුවන්.  නැත්නම් පහත ආකාරයට පානයක් සාදාගෙන පානයට ගන්නත් පුළුවන්.

 උණු වතුර කෝප්ප 3 ක් 

ඉඟුරු කුඩු තේ හැදි 2 

ගම්මිරිස් තේ හැදි 1 ක් 

මී පැණි තේ හැදි 2 ක් 

මුලින්ම උණු වතුරට ඉඟුරු සහ ගම්මිරිස් කුඩු එකතු කර විනාඩි 2 ක් පමණ තිබෙන්නට හරින්න. පසුව එයට මී  පැණි එකතු කර හොඳින් කලවම් කරන්න.මෙසේ සකසා ගත් පානය දිනකට 4 වරක් තේ හැදි 1 බැගින් පානය කරන්න.

 මේ ප්‍රතිකාර හැරුනහම ඔබට උණුසුම් ජලය ස්නානය කිරීම, නිතර උණු  ජලය පානය කිරීම ආදිය මගිනුත් මේ කැස්ස  පාලනය කරගන්නට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රාත්‍රි  ඇතිවන කැස්ස ඔබේ සුවඳයි නින්දට බාධාවක් වන නිසා රාත්‍රියේ දී උණුසුම් ජලය ස්නානය කිරීමෙන් ඔබට සුවදායි නින්දකට අවතීර්ණ වන්නටත් පුළුවන්.

මේ පිළියම්වලින් සුවයක් නැත්නම් හෝ කැස්ස සමඟ උණ, ඇඟ පත වේදනාව හුස්ම ගැනීමේ අපහසුතා ආදිය ඇත්නම් එවිට වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න