වකුගඩු කියන්නේ අපේ ශරීරයේ ඉතා විශාල මෙහෙයක් කරන ඉන්ද්‍රියක්. රුධිර පීඩනය පාලනය කිරීම, අතිරික්ත ජලය ඉවත් කිරීම, රතු රුධිර සෛල නිපදවීම, අභ්‍යන්තර අවයවවල විෂබීජ ඉවත් කිරීම ආදී කාර්යබාර්යන් රැසක් සිදු කරනවා. නමුත් වර්තමානය වෙද්දි ලාංකීය ජනතාවගේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක් බවට පත්වෙලා තියෙන්නේ වකුගඩු රෝගය. උතුරු මැද පලාතේ බහුල වුණත් ලංකාවේ අනෙකුත් සෑම ප්‍රදේශයකින්ම වකුගඩු රෝගීන් වාර්තා වෙනවා. ඉතින් වකුගඩු නරක් වී ඇති බව දැනගන්නට ලැබෙන්නේ වකුගඩු 80% ක් නරක් වුණාට පස්සේ. ඒ නිසාම වකුගඩු රෝගය කියන්නේ සුව කරන්නට පහසු රෝගයක් නොවන වග සිතට යුතුයි. ඒ නිසා අපිට මේ වකුගඩු රෝගයෙන් ආරක්ෂා වී සිටින්නට කළ හැකි දේ මොනවාද කියලා විමසා බලමු.
වකුගඩුවලට නරක විදියට බලපාන ආහාර වර්ග වගේම අපි නොදැනුවත්වම සිදුවෙන එතරම් නොසිතන වැරදි පුරුදුත් හේතුවෙන්නට පුළුවන්. ඒ නිසා මේ නරක් ආහාර පුරුදු වගේම වැරදි චර්යාවන් වෙනස් කර ගන්නා එක නුවණට හුරුයි.

- වැරදි ආහාර පුරුදු අධික ලෙස ලුණු සහ සීනි පරිභෝජනය ලුණු කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය සංඝටකයක් වුණාට එය වැඩි වශයෙන් ශරීරයට ලැබීමෙන් ලුණුවල අන්තර්ගත සෝඩියම් වැඩි වශයෙන් පෙරන්නට වකුගඩුවලට වැඩි වෙහෙසක් දරන්නට සිදු වෙනවා. ඒ නිසා කාලයක් ගතවෙද්දි වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. සාමාන්‍යයෙන් වැඩුණු අයෙක්ට දිනකට ඕන කරන්නේ ලුණු ග්‍රෑම් 3.75 ක්.
- සීනි අධික ලෙස පරිභජනයෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව, තරබාරුව ආදී රෝග බොහොමයක් ඇතිවෙන්න පුළුවන්. ඒවායේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ වකුගඩුවලට හානි සිදුවීම. පුද්ගලයෙකුට දිනකට නිර්දේශිත සීනි ප්‍රමාණය ග්‍රෑම් 25-38 ත් අතර වෙනවා. එනම් මේස හැදි 6-9 ප්‍රමාණයක්.
- සෝඩා හා කෝලා වර්ග වැඩි වශයෙන් ලබා ගැනීම මේවායේ වැඩි වශයෙන් පොස්පරස් අඩංගු වන අතර ඒවා දිගු කාලයක් රාක්කවල පැහැය වෙනස් නොවී තබා ගන්නට යොදනු ලබනවා. මේවා වකුගඩු නරක්වීම කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා.
- ටින් කළ ආහාර මේ ටින් කල සුප් වර්ග, එළවලු, ඇට වර්ග, මාළු ආදියේ සෝඩියම් බහුල වශයෙන් අඩංගු වෙනවා.ඒ ආහාර වසර 2-3 ක් කල්තබා ගන්නට රසය පැහැය නොවෙනස්ව තබා ගන්නට යොදා ගන්නා සොඩියම් වකුගඩුවලට අහිතකරයි.
- අධික ලෙස මස් වර්ග ආහාරයට ගැනීම මස් මාංශ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වුණාට එය අධික ලෙස ශරීරයට ලැබීමෙන් රුධිරයේ අම්ල ප්‍රමාණය වැඩි වෙන්නට පුළුවන්.ඒ නිසා වකුගඩුවල PH අගය සමබරව පවත්වාගෙන යන්නට නොහැකි වෙනවා. මේ තත්ත්වය කාලයක් ගතවීමත් එක්ක දරුණු ආහාර ජීර්ණ ගැටළු ඇති කරමින් වකුගඩු ආබාධ ඇති කරනවා. ඒ නිසා අධික ලෙස මස් ආහාරයට ගන්නවා වෙනුවට එලවලු, පලතුරු, ඇට වර්ග, ප්‍රෝටීන බහුල එළවලු, බිත්තර ආදිය ආහාරයට එකතු කර ගන්න.

- ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරීමෙන් වකුගඩුවල ගල් ඇතිවෙන්නට ඇති හැකියාව වැඩියි. ඒ නිසා දිනපතා ශරීරයට ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතුයි.
- මුත්‍ර වේග දරා සිටීම බොහෝ අයට මේ තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවෙලා ඇති. රැකියා ස්ථානයේදී, මගතොටේදී, පොදු ප්‍රවාහන සේවය භාවිතයේදී මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය දැනුණත් එය පිට කරන්නට නොහැකිව දරාගෙන සිටින්නට සිදු වෙනවා. ඇතැම් විට ආරම්භ කළ යම් කටයුත්තක් අවසන් කරන තෙක්ම ඒ අවශ්‍යතාවය දරාගෙන ඉන්නවා. ඉතින් නියමිත වෙලාවට මුත්‍ර පිට නොකිරීම මගින් අපේ වකුගඩු දෙකට සිදුවන හානිය නම් සුළු පටු නැහැ. මුත්‍රාශය තුළ බොහෝවෙලාවක් මුත්‍ර තිබීමෙන් වකුගඩු තුළ බැක්ටීරියා වර්ධනය වෙනවා.ඒ නිසා නිතර නිතර ඒ නරක පුරුද්ද තියාගත්තොත් වකුගඩු ආසාදනය වගේ දරුණු තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්.
- ප්‍රමාණවත් නින්දක් ලබා නොගැනීම අපේ ශරීරයේ යහපත් පැවැත්ම සඳහා අවම පැය 6 ක හෝ 7 ක් නින්දක් අවශ්‍ය වෙනවා. නමුත් එදිනෙදා ජීවිතයේ කාර්යබහුලත්වයත් සමඟ නැත්නම් පාඩම් කරන අයෙක්ට. ඒ කටයුතුත් සමඟ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මෙය ලෙඩ රෝග බොහොමයකටම හේතුවෙනවා. එයින් එක් හානිදායක තත්ත්වයක් තමයි වකුගඩු සඳහා අහිතකර ලෙස බලපෑම. මොකද වකුගඩුවලටත් විවේකයක් අවශ්‍ය වෙනවා. ඒ විවේකය ලැබෙන්නේ අපි නිදාගත් විට පමණයි. එහිදී වකුගඩුවේ පටක අලුත්වැඩියා කිරීම සිදු වෙනවා. නමුත් වකුගඩුවලට ඒ සඳහා ප්‍රමාණවත් විවේකයක් නොලැබීමෙන් ධමනි ගනවෙලා කැටි ගැසීමෙන් දි රුධිර පීඩන තත්ත්වයන් ඇතිවෙනවා. එයින් අපේ වකුගඩුවලට හානි සිදුවෙලා කාලයක් යද්දි වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා.
- වැඩි වේලාවක් එක්තැන වාඩිවී සිටීම දිනපතා එකතැන වාඩිවී බොහෝවෙලාවක් සිටීම වකුගඩු රෝග අවදානම් 30% කින් වැඩි කරනවා. දවසකට පැය 8 කට වඩා වැඩි කාලයක් පුටුවේ වාඩි වී සිටින අයෙක් නම් සතියකට වරක්වත් ශාරීරික ව්‍යායාම්වල නිරතවීම අවශ්‍යයි.

- අධික ලෙස වෙහෙසකාරී වැඩ කටයුතුවල නිරතවීම වැඩි කාලයක් මහන්සිවී වැඩ කිරීම නිසා රබ්බොමෝලියෝ කියන තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. තුවාල වූ මාංශපේශී මියගිය තන්තුවල ඉතිරි කොටස් රුධිරයට ගලායාම නිසා වකුගඩු අකර්මණ්‍ය වෙන්නට තියෙන ඉඩකඩ වැඩියි. මේ නිතර නිතර මාංශ පේශී වේදනාව මුත්‍ර තද පැහැයක් ගැනීම මේ තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්.
- වේදනාශක නිතර ගැනීම නිතර නිතර වේදනානාශක ගැනීම කාලයක් ගතවෙත්ම වකුගඩුවල ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම අඩාල කරන්නට සමත් වෙනවා. මොකද අධික ලෙස වේදනා නාශක ලබා ගැනීමෙන් වකුගඩුවලට ලැබෙන රුධිර ප්‍රමාණය අඩුවී වකුගඩුවල ක්‍රියාකාරිත්වය හානිදායක තත්ත්වයට පත්වෙනවා.ඒ නිසා වේදනාශක ගන්නේ නම් අඩුම මාත්‍රාවෙන් ලබා ගන්නට වගේම හැකිතාක් ඒවා නොගෙන සිටීම වකුගඩු ආරක්ෂා කරගන්නට උපකාරී වෙනවා.
- දුම්පානය හා මත්පැන් භාවිතය මේ පුරුදුවලින් පෙනහළුවල ආබාධ, පිළිකා විතරක් නෙවෙයි වකුගඩුවලත් පිළිකා තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. කාලයක් තිස්සේ වකුගඩු අකර්මන්‍ය වීම මේ නරක පුරුදු අත් හැරීමෙන් දුරුකර ගන්නට පුළුවන්.වකුගඩු රෝගයෙන් ආරක්ෂා වෙන්නට දැන්ම මේ යහපත් පුරුදු අනුගමනය කරන්න. මේ යහපත් පුරුදු වකුගඩු රෝගයෙන් මිදෙන්නට විතරක් නෙවෙයි බොහෝ ලෙඩ රෝගවලින් ආරක්ෂා වී සිටින්නට අපට උපකාරී වෙනවා.