වකුගඩු අකර්මණ්‍යවී ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 9 ක්

health tips

සුවැති දිවියක් ගත කරන්නට අවශ්‍ය කරන කරුණු කාරණා පිළිබඳව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙන අපි හැමෝම අපේ ශරීරයේ සුළු වෙනස්කමක් වුණත් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නට පෙළඹෙනවා. මොකද එක් පුංචි ලක්ෂණයක් වුණත් අපේ සිරුරේ සැඟවුණු ආබාධයක් ගැටළුවක් පිළිබඳව අපිට දැන ගන්නට සලස්වන නිසා. ඉතින් අපේ ශරීරයේ සෑම ඉන්ද්‍රියකම නිසි ක්‍රියාකාරිත්වය අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම තීරණය කරනු ලබනවා. යම් අවස්ථාවක එක් ඉන්ද්‍රියක් හෝ කිහිපයක් අඩපණ වී යද්දි එහි ක්‍රියාවලියට යම් බාධාවක් එල්ල වෙද්දි විවිධාකාරයේ ලක්ෂණවලින් ඒ බව අපිට පෙන්නුම් කරනවා. වකුගඩු කියන්නෙත් නිතර විවිධාකරයේ ගැටළුවලට මුහුණ දෙන අපේ ශරීරයේ ඉතා වැදගත් කෘත්‍යයන් රාශියක් සිදු කරන ඉන්ද්‍රියක්. ඉතින් අද බොහෝදෙනා වකුගඩු ආශ්‍රිත රෝග නිසා බෙහෙවින් පීඩාවට පත්වෙලා ඉන්නවා. මේ වකුගඩු ආශ්‍රිතව ඇතිවන ගැටළු වඩාත් දරුණු වන්නට ප්‍රථම හඳුනා ගන්නට හැකි නම් බොහෝදෙනාට මේ වකුගඩු අකර්මණ්‍යවීම් සාර්ථකව පාලනය කරගෙන සාමාන්‍ය ආකාරයට ජීවිතය ගත කරන්නට හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි සිතුවා වකුගඩු ආශ්‍රිතව යම් ගැටළුවක් ඇතිද යන්න දැන ගන්නට උපකාරී වෙන ලක්ෂණ කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට.

මොකද වකුගඩු දෙක කියන්නේ රුධිරයේ අනවශ්‍ය කොටස් ඉවත් කරලා රුධිරය පිරිසිදු කරන අපේ ශරීරයේ ඇති එකම උපකරණය. නමුත් වකුගඩු අකර්මණ්‍ය වීමකදී මුල් අවස්ථාවේ කිසිදු රෝග ලක්ෂණයක් බාහිරින් දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශරීරයේ ඇතිවන සුළු සුළු මේ වෙනස්කම් පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා. 

සමේ ඇතිවන කැසීමක් වකුගඩු අකර්මණ්‍යවෙමින්  පවතින බව  හඳුනා ගන්නට හැකි පොදු ලක්ෂණය වෙන්නේ සම කැසීම සහ වියළී යාම.සිරුරේ විෂ ඉවත් කිරීම වකුගඩුවලින් සිදු කෙරෙන නිසා යම් විටෙක වකුගඩුවල දෝෂයක් ඇතිවූ විට ඒ විෂ ද්‍රව්‍ය ශරීරයේ සෙම හරහා හෝ දහදිය ලෙස ඉවත් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් විදියට සමේ කැසීම් කුශ්ට ආදිය මතු වෙන්නට පුළුවන්.

ඉදහිට ඇතිවන  නින්ද නොයාම නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වකුගඩුවලින් පෙරුණු පසුවත් සිරුරේ විෂ ඉතිරි වූ බව සංවේදනය වන නිසා තිබෙන මුත්‍රා බැහැර කර තවත් වටයකින් රුධිරය පිරිසිදු කරන්නට මොළයට විදාන ලබා දෙනවා. ඒ නිසා නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා.විශේෂයෙන්ම නින්දේ සිටියදී මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය මත අවදිවීම සිදුවෙනවා. 

මුත්‍රා  කිරීමෙන් පසු ඉතා ඉක්මනින් බිඳී නොයන ලෙස පෙන ඇතිවීම,මුත්‍රාවල ලේ අඩංගු වීම මුත්‍රා කරන විට රුධිරය එහි මුසු වී තිබීම වකුගඩු අකර්මණ්‍ය වන බවට පෙන්නුම් කරන තවත් ලක්ෂණයක්. රුධිරය පෙරීම සහ ඒ විෂ ද්‍රව්‍ය ජලය සමඟ මිශ්‍ර කර ඉවත් කිරීම ආදිය වකුගඩු මගින් සිදු කරන මූලික කාර්යයන්. නමුත් වකුගඩු නරක්වෙමින් පවතින විට ඒ පෙරීමේ කාර්ය නිසි පරිදි සිදු නොවෙන නිසා එහි සෛලවලින් ලේ වල ඇති රතු රුධිරාණු කාන්දු වෙනවා. 

හිටිහැටියේ වළලුකර, දණහිස් ආදිය ඉදිමීම හා අපහසුව විශේෂ වැඩ කටයුත්තක් කිරීමෙන් පසුව වැඩි වේලාවක් හිටගෙන සිටීමෙන් පසුව හෝ ඇතිවෙන තත්ත්වයකට වඩා හේතුවක් නැතිව මේ ඉදිමුම ඇති වෙන්නට පුළුවන්. වේදනාව එතරම් නැතිවුණත් ඒ ඉදිමුණු ස්ථානය අතින් තද කළ විට යම් වේලාවක් සම ඇතුළට ගිය ස්වභාවයෙන්ම පවතී නම් එය වකුගඩු අකර්මණ්‍ය වීමක් සිදුවෙන්නට යන බව හඟවන ලක්ෂණයක් වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. මේ තත්ත්වය ඇති වෙන්නේ වකුගඩුවලින් නිසි ලෙස විෂ ද්‍රව්‍ය දේහයෙන් ඉවත් නොවී සිරුරේ යම් යම් ස්ථානවල තැන්පත්වීම නිසා. විශේෂයෙන්ම සෝඩියම් පමණට වඩා ශරිරයේ එකතු වීමෙන් ලවණ සමතුලිතතාවය විකෘති වීම නිසා මේ වළලුකර හා දෙපා ඉදිමෙන්නට හේතුවෙනවා.

නිතර ඇතිවන ඔක්කාරය ගතිය හෝ වමනය,මුඛයෙන් දුර්ගන්ධයක් නිතර හැමීම මේ ගන්ධය ඇමෝනියා ගන්ධයකට හුරු ආකාරයේ එන ගන්ධයක් වන අතර එවැනි අවස්ථාවක ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා ඔබේ වගඩුවල ක්‍රියාකාරිත්වය පිළිබඳව.

යකඩ රසක් හෝ මලකඩ රසක් වැනි ස්වභාවයක් මුඛයට නිතර දැනීම,මස්පිඩුවල ඇතිවන ගැස්ම අතක පාදයක මුහුණේ ආදී ස්ථානවල යම් රිද්මයකට මස් පිඩුවල ගැස්මක් ඉබේම හට ගැනීම වකුගඩුවල ක්‍රියාකාරිත්වයට යම් ගැටළු පවතින බව හඟවන ලක්ෂණයක් වීමේ ඉඩකඩ වැඩි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා. 

ශරීරයේ පිටුපස පහළ උකුල් ප්‍රදේශයේ ඇතිවන වේදනාව මෙය බොහෝවිට නිදා සිටින විට පහලට ඇලවී ඇති ප්‍රදේශයේ ඇතිවන වේදනාවක්.ඒ හැරුණාම මුත්‍රා පිට කිරීමකදී පවා ඇතිවිය හැකි මේ වේදනාව කාලයත් සමඟ ක්‍රමයෙන් වැඩිවෙන්නට පුළුවන්. ඒ නිසා මේ ලක්ෂණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

වැඩක් නොකළත් වෙහෙස දැනීම, නිතර කෙණ්ඩා පෙරලීම සිරුරේ මාංශපේශීවලට අවශ්‍ය කරන ලවණ සාන්ද්‍රණය අනවශ්‍ය ලෙස වෙනස් වීම වකුගඩුවල යම් අකර්මණ්‍යවීමක් නිසා සිදුවෙන්නට පුළුවන්.ඒ නිසා මේ ලක්ෂණය පිළිබඳව සැලකිලිමත් විය යුතු වෙනවා.

බඩගිනි දැනීම අඩු වීම හා ආහාර අරුචිය ඉතින් වකුගඩු ආශ්‍රිත රෝග උත්සන්න වන්නට පෙර හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා ගන්නට නම් ඔබ ඉහත සඳහන් කළ ලක්ෂණ කෙරෙහි අවදානමින් පසුවිය යුතු වෙනවා.මොකද මුල් අවස්ථාවේදී පෙන්නුම් කරන ලක්ෂණ වෙනත් රෝගවලදී පෙන්නුම් කරන ලක්ෂණවලට සමාන නිසා බොහෝදෙනා ඒ සම්බන්ධව වැරදි වැටහීම් ඇති කර ගන්නවා. ඉතින් නීරෝගී දිවියකට අත්‍යවශ්‍ය වන වකුගඩුවල නීරෝගී පැවැත්ම සඳහා ඔබ වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතු වෙනවා.