වකුගඩුවල එකතු වෙන විෂ ඉවත් කරන පාන වර්ග 5 ක්

health tips

අපේ ශරීරයේ ප්‍රමාණයෙන් කුඩා අවයව දෙකක් වන වකුගඩු මගින් සිරුරේ පැවැත්ම වෙනුවෙන් අතිවිශාල කාර්‍යබාර්‍යන් ගොන්නක් ඉටු කරනු ලබනවා .අපේ ශරීරයට විවිධ ආකාරයෙන් ඇතුළු වන  විෂ වර්ග වගේම ශරීරය තුළ සිදුවන රසායන  ක්‍රියාවලි නිසා බිහිවන අහිතකර රසායන වර්ගයත්  රුධිරයෙන් පෙර ඉවත් කරන්නේ මේ වකුගඩු මගින්. අපද්‍රව්‍ය ඉවත් කිරීම හැරුණාම  ඇතැම් හෝර්මෝන වර්ග නිපදවන්නටත් වකුගඩු උදව් වෙනවා. යම් ගැටළුවක් හේතුවෙන් දින කිහිපයක් වකුගඩුවල ක්‍රියාකාරිත්වයට යම් බලපෑමක් එල්ල වුණොත් දින කිහිපයකින් ජීවත් වන්නට නොහැකි වන තරමේ අපද්‍රව්‍ය ගොඩක් අපේ සිරුරේ එක්රැස් වෙන්නට පුළුවන්. පානයට ගන්නා ජලයේ හා එළවලු පලතුරු සහල් ආදියේ කෘමිනාශක වල් නාශක ආදී රසායන ද්‍රව්‍යවල අඩංගු වන බැර ලෝහ අපේ ශරීරයට ඇතුළු වෙලා ශරීරයේ තැන්පත්වීම නිසා වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වෙනවා. ඒ හැරුණාම අපි ගන්නා විවිධ ඖෂධවල බලපෑම, ඇතැම් ලෙඩ රෝග, වැරදි ආහාර පුරුදු හා මත්ද්‍රව්‍ය භාවිතය ආදී හේතු රාශියකම ප්‍රතිඵලයක් විදියට  මේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය අඩපණ වීම හෝ වකුගඩු අකර්මණ්‍ය වීම සිදු වෙනවා. 

මේවායින් බොහෝ රසායනිකයන් මුත්‍රාවලට එක් කිරීමට වකුගඩුවලට හැකියාව ලැබුණත් ඇතැම් රසායන එසේ මුත්‍රාවලට එකතු කරන්නට වකුගඩුවලට ඉතා අපහසුයි. ඒ නිසා කාලයක් තිස්සේ වකුගඩුවල මෙවැනි විෂ එක්රැස්වීමේ හැකියාව පවතිනවා. ඒ නිසා එසේ වකුගඩුවල එකතුවෙන විෂ ඉවත් කිරීමට අපිට සිදු වෙනවා. එය එතරම් අපහසු කාර්යක් වෙන්නේ නැහැ. මොකද ස්වාභාවිකව ඒ සඳහා ක්‍රමවේද ඕනෑ තරම් පවතින නිසා. විශේෂයෙන් වකුගඩු පිරිසිදු කරන විශේෂ හැකියාවක් සහිත එළවලු පලතුරු වර්ග සහ පාන වර්ග ඕනෑ තරම්. ඉතින් අද අපි කතා කරන්නේ වකුගඩුවල තැන්පත් වන විෂ ඉවත් කර ගන්නට භාවිතා කළ ස්වාභාවික පානයන් කිහිපයක් පිළිබඳව.

  • ඇපල් සයිඩර් විනාකිරි ඇපල් යුෂ පැසවීමෙන්  සකස් කරගන්නා මිහිරි රසයෙන් යුත් ඇපල් සයිඩර් විනාකිරි  වකුගඩුවල විශ ඉවත් කරන්නට විශාල දායකත්වයක්  සපයනවා.මෙය ආම්ලික ද්‍රාවණයක් වුණත් එය ආහාර මාර්ගය හරහා සිරුරට අවශෝෂණය කරගත් පසුව  භාෂ්මික ලෙසයි  ක්‍රියා කරන්නේ. එහිදී අපේ රුධිරයේ PH අගය සුළු වශයෙන් ඉහළ නංවන්නට එය දායක වෙනවා.එය වකුගඩුවල ක්‍රියාකාරිත්වයට විශාල පහසුවක් වෙනවා.පෙරීමේ ක්‍රියාවලිය පහසු කරනවා වගේ එමගින් අහිතකර රසායන ද්‍රව්‍ය හොඳින්ම  දියකර මුත්‍රාවලට එකතු කරන්නත් උදව් වෙනවා. ඒ වගේම වකුගඩු ගල් බවට පත්වෙන ඛනිජ වර්ග එක්රැස්වීමට නොදී  දියකර හැරීමට එය උපකාරී වෙනවා.මේ ඇපල් සයිඩර් විනාකිරි ඕනෑම සුපිරි වෙළදසැලකින් ලබා ගන්නට හැකියාව පවතිනවා.වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි  මේස හැදි 3 ක් දියකර  පානය කිරීමෙන් මේ ගැටළු සියල්ලක්ම නිරාකරණය කරගන්නට හැකියාව ලැබෙනවා. මෙය සතියකට දින 3 ක් පමණ කිරීම ප්‍රමාණවත්.
  • බීට් රූට් යුෂ ශරිරයේ එක්රැස් වන විවිධ විෂ වර්ග ඉවත් කරන්නට සමත් පානයක් ලෙසට බීට් රූට් අද වන විට ලෝකය පුරාම ජනප්‍රියවෙමින් පවතිනවා. බීට් රූට්වල ඇති බීටයින් කියන රසායනිකය ප්‍රබල ප්‍රතිඔක්සිකාරක වගේම විෂහාරකයක්.එය මුත්‍රාවල  ලවණ  ද්‍රාවක ගුණය  ඉහළ නංවන්නටත් දායක වෙනවා. ඒ නිසා වකුගඩුවල පෙරා හැරීමේ  ක්‍රියාවලිය ඉබේම පහසු කරවන්නට වගේම පෙරීමේදී එක්රැස් වන රසායන වැඩි ප්‍රමාණයක් දියකිරීමේ හැකියාවත් ලබාදෙනවා. වකුගඩුවලට අතිශයින්ම අහිතකර කැල්සියම් පොස්පේට් එක්රැස්වීම අවම කරන්නට බීට් රූට් යුෂ උපකාරී වෙනවා. දවස් දෙකකට වතාවක්වත් බීට්  රූට් යුෂ පානය කරන්නට හැකිනම් එය ඔබේ වකුගඩුවල විෂ ඉවත් කර නීරෝගීව තබා ගන්නට මහත් සේ ප්‍රයෝජනවත් වෙනවා.
  • තක්කාලි යුෂ තක්කාලි රත්කර පිස ආහාරයට ගන්නට පුරුදු වුණත් එයින්  ඔක්සලික් අම්ලය මුදා හරින්නට ඉහළ ඉඩකඩක් පවතිනවා. ඒ නිසා තක්කාලි අමුවෙන් ආහාරයට ගැනීම ඉතාම ගුණදායකයි. නමුත් රසායන ද්‍රව්‍යයන්වලින් තොර කාබනිකව වගා කළ තක්කාලි මේ සඳහා වඩාත් හිතකර වෙනවා. මෑතකාලීන පර්යේෂණවලින් සොයාගෙන ඇති ආකාරයට තක්කාලි යුෂ වකුගඩුවල විෂහරණයට දායක වෙනවා. තක්කාලී මගින් අපි ගන්නා ආහාරවල ඇති විෂ ආමාශයේදීම බිඳ හෙළන්නට උපකාරී  වෙන ආමාශයික යුශ ශ්‍රාවය උත්තේජනයටත් තක්කාලි යුෂ බෙහෙවින්ම දායක වෙනවා. ඒ වගේම තක්කාලිවල අඩංගු පෝෂකවලින්  විශ පෙරා හැරීම සිදු කරන වකුගඩු සෛල  ප්‍රතිස්ථාපනය වීම වේගවත්  කිරීමෙන්  වකුගඩු ක්‍රියාකරිත්වය හොඳින් පවත්වා ගෙනයාමට  දායක වෙනවා. කාබනිකව වගා කළ තක්කාලී තෝරා ගැනීමත් ඒවායේ පොත්ත ඉවත් නොකර යුෂ සකසා ගැනීමත් මෙහිදි සැලකිලිමත් විය යුතුයි. 
  • පැණි කොමඩු යුෂ පිපාසය සන්සිදුවන දාහය නසාලන  ඇඟ සිසිල් කරන පැණි කොමඩු යුෂ වකුගඩුවල විෂ ඉවත් කරන්නටත් මහඟු මෙහෙයක් ඉටු කරනවා.පැණි කොමඩුවල ඉහළ පොටෑසියම් ලවණ ප්‍රමාණයක්  අඩංගු වෙනවා. වකුගඩුවල අවක්ශේප ලෙස තැන්පත් වෙන්න තිබෙන පොස්පේට්  සල්ෆේට් ඇතුළු ලවණ බොහොමයක්  ජලයේ දියවෙන මුළු පොටෑසියම්  ලවණ බවට ත් කර මුත්‍රා  සමඟ පිට කරන්නට පැණි කොමඩුවලට හැකියාව පවතිනවා. එය වකුගඩු ගල් ඇතිවීම වළකා ගන්නත් ඇතිවූ වකුගඩු ගල් දියකරන්නත් දායක වෙනවා.
  • ග්‍රීන් ටී ග්‍රීන් ටී වලට ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයක් ලබාදෙන පොලිෆීනෝල් වකුගඩුවල විෂ එක්රැස්වීම වළක්වන හෝර්මෝන ශ්‍රාවය  උත්තේජනය කරනවා. ඒ වගේම වකුගඩු රෝග උත්සන්න වීම වළක්වන්නටත් ග්‍රීන් ටීවලට අපූරු හැකියාවක් පවතිනවා.ඉතින් වකුගඩු අකර්මණ්‍ය වීම වළක්වා ගෙන ඒවා නීරෝගීව පවත්වා ගැනීම සිරුරේ අනෙක් අවයවයන් බොහොමයකම නීරෝගීභාවයට හේතුවෙනවා. ඒ නිසා සතියකට දෙවතාවක් හෝ අවම මේ  පානයන්ගෙන් කිහිපයක් හෝ ලබා ගන්නට අමතක කරන්නට එපා.