දවසට වතුර වීදුරු 8ක් පානය නොකරන පුද්ගලයන් වකුගඩු වල ගල් දිය කර ගැනීමට කර යුතු දේවල් 6ක්

health tips

වර්තමානය වන විට බොහෝ දෙනකු වකුගඩුවල ගල් ඇතිවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටී. එනම් එය ඉතා වේදනාකාරී රෝග තත්ත්වයක් වන අතර පිට කොන්ද ආශ්‍රිතව දැඩි වේදනාවක් ඇතිවීම මෙහි ප්‍රධාන රෝග ලක්ෂණයයි. එනම් වකුගඩුවල ගල් යනු ලුණු සහ ඛනිජ වලින් සැකසී ඇති ගල් කැට විශේෂයකි. එනම් එම ගල් ප්‍රමාණයෙන් කූඩාවන අතර ලුණු කැටයක් හෝ ඉරිඟු මදයක් තරම් ප්‍රමාණයෙන් කුඩා වේ. එමෙන්ම ඒවා දුඹුරු හෝ කහ පැහැති මෘදු වේ. විශේෂයෙන්ම මෙම ගල් ඇති වන්නේ සිරුරේ ඇතැම් ඛනිජ ලවණ අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි වීම හා ඒ සමඟම සිරුරට අවශ්‍ය ජලය අවම වීම හේතු කොටගෙනය. ඊට අමතරව වෙනත් හේතූන් මතද වකුගඩු ගල් ඇති වනු ලැබේ. 

වකුගඩු ආශ්‍රිත ගල් ඇතිවීමට බලපාන හේතු. 

  • කැල්සියම්, මැග්නීසියම් භාවිතය අවම වීම.
  • මූත්‍රා වල ඇතැම් ඛනිජ ලවණ එනම් යූරික් අම්ලය, කැල්සියම්, ඔක්සලේට් වැඩි වීම. 
  • ශරීරයේ තරබාරු බව 
  • නිතර අධික ලෙස දහඩිය දැමීම. 
  • දිගු කලක් පාචනය පැවතීම. 
  • ජලය පානය අවම වීම. ආදී හේතූන් වකුගඩු ගල් ඇති වීමට වැඩි වශයෙන් බලපානු ලැබේ. 

වකුගඩු ගල් ඇතිවූ විට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ 

  • ඉඟටිය සහ යටි බඩ ආශ්‍රිතව දැඩි වේදනාවක් ඇති වීම. 
  • පිටුපසින් හෝ ඉල ඇටයට පහලින් වේදනාවක් ඇතිවීම. 
  • මුත්‍රා කරන විට දැඩි වේදනාවක් ඇති වීම හා මුත්‍රා දුර්ගන්ධයෙන් යුතු වීම. 
  • උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව හටගැනීම. 
  • මුත්‍රා කළ විට නැවත නැවත  මුත්‍රා කිරීමට අවශ්‍ය වීම හා මුත්‍රා රෝස ,රතු හෝ දුඹුරු පැහැයකින් යුක්ත වීම. 
  • මෙවැනි රෝග ලක්ෂණ ඇති වනු ලැබේ. 

වකුගඩු ගල් ඇතිවීම වළක්වා ගත හැකි ආකාරය. 

ජලය පානය වැඩි කළ යුතුය.වකුගඩු ආශ්‍රිත ගල් මුත්‍රා පද්ධතිය ආශ්‍රිත ගල් ඇතිවීමට වැඩි වශයෙන් හේතු වන්නේ ජලය පානය අවම වීමයි. මේ නිසා හැකි සෑම විටම ජලය පානය කිරීමට කටයුතු කළ යුතුය. එවිට ඇති වූ ගල් දියකර හැරිය හැකිය. එමෙන්ම නැවත ගල් ඇතිවීම වලක්වා ගත හැකිය.

දහඩිය පිටවන සෑම විටම ජලය පානය කරන්න. බොහෝ විට කුමන හෝ කාර්යයක නිරත වන විට හෝ නොවන විට දහඩිය දැමීම අධිකව සිදුවන්නේ නම් මුත්‍ර පිටවීම අවමවේ. එනම් ඉන් වකුගඩුවල පවතින ඛනිජ ලවණ නිසි ආකාරයෙන් පෙරීයාම සිදු නොවේ. එනම් ඒවා එකතු වූ විට මුත්‍ර ගල් නැවත නැවත හට ගැනීම සිදුවේ. මේ නිසා අධික ලෙස දහඩිය දමන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී වැඩි වශයෙන් ජලය පානය කිරීමට පුරුදු වීම වඩාත් සුදුසුවේ. 

කැල්සියම් සහ ඔක්සලේට් අඩංගු ආහාර එකවර ලබා ගැනීමට කටයුතු කිරීම.වකුගඩු ආශ්‍රිතව ගල් ඇති පුද්ගලයින් කැල්සියම් පමණක් අඩංගු ආහාර හෝ ඔක්සලේට් පමණක්  අඩංගු ආහාර  වැඩි වශයෙන් භාවිතා නොකළ යුතුය. එය ගල් ඇති වීමට හේතු වේ. නමුත් කැල්සියම් ඔක්සලේට් අඩංගු ආහාර එකම වේලාවකදී ආහාරයට ගැනීම මෙම රෝගීන්ට වඩාත් සුදුසුවේ. එනම් කැල්සියම් ඔක්සලේට් ආමාශයේදී  එකතුවී වකුගඩු වලට බලපෑමක් ඇති නොකර  ශරීරයෙන් ඉවත්ව යයි. මේ නිසා සෑම විටම කැල්සියම් සහ ඔක්සලේට් අඩංගු ආහාර එකම විටකදී ආහාරයට ගැනීම යෝග්‍ය වේ. 

යූරික් අම්ලය අඩංගු ආහාර අවමව භාවිතා කිරීම.ෆෝලික් අම්ලය අඩංගු ආහාර වැඩිවශයෙන් භාවිතා කිරීමෙන් වකුගඩුවල ගල් ඇතිවීම සිදුවේ. එනම් යුරික් අම්ල නිෂ්පාදනය වීමට හේතුවන පියුරින් නැමැති රසායනිකය අඩංගු ආහාර භාවිතා කිරීම අවම කිරීම වකුගඩු ආශ්‍රිත ගල් ඇති වීම වලක්වා ගැනීමට හේතුවේ. එනම් මද්‍යසාර,රතු මස් වැඩි වශයෙන් ආහාරයට නොගත යුතුය.

වකුගඩු ගල් ඉවත් කිරීමට භාවිතා කළ හැකි ස්වභාවික පාන වර්ග. 

දෙහි යුෂ පානය වකුගඩු ගල් ඉවත් කර ගැනීමට දෙහි යුෂ පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් වතුර වීදුරුවකට දෙහි යුෂ සහ අවැසි පමණින් සීනි එක්කර පානය කිරීම මගින් වකුගඩු ගල් ඉවත් කර ගත හැකිය. එනම් දෙහි වල අඩංගු සිට්රේට් වකුගඩු ගල් ඇතිවීම වළක්වා ඇති වූ ගල් විශාල වීම හා එම ගල් වෙනත් ගල් සමඟ එක් වීමද වලක්වනු ලබයි. මේ නිසා වකුගඩු ගල් ඇති වීම වලක්වා ගැනීමට දෙහි යුෂ පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. 

කොත්තමල්ලි කොළ පානය. වකුගඩු ගල් ඉවත් කර ගැනීමට කොත්තමල්ලි කොළ පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. එනම් මේ සඳහා කොත්තමල්ලි කොළ මිටක් ගෙන සෝදා කැබලිවලට කපා බඳුනකට දමා ඊට වතුර කෝප්ප 4ක් එක් කර එකක් වනතුරු සිඳුවා  නිවුනු පසු පෙරා වෙන් කර බෝතලයකට දමා ශීතකරණය තුළ ගබඩා කර දිනකට ඉන් වතුර වීදුරුව බැගින් ගෙන පානය කිරීම මගින් වකුගඩු ගල් පහසුවෙන් ඉවත් කර ගත හැකිය. මීට ජලය මිශ්‍ර කර පානය කරන්නේ නම් එය  වඩාත් සුදුසුවේ. 

බොහෝ විට වකුගඩු ගල් දීර්ඝ කාලයක් වකුගඩු වල නොපවතින අතර මුත්‍රා සමග පිටවීම සිදුවේ. එසේ නොමැතිව දැඩි වේදනාවක් ඇති වන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.