සුව කරන්න බැරි වකුගඩු රෝගය පවා සුව කර හැකි පිළියම් 8 ක්

health tips

අද අපට අසන්නට ලැබෙන බහුතරයක් රෝග අතරින් වකුගඩු ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් ඉතා සුලබ බව ඔබට මා අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ . ඒ නිසා  අපේ ශරීරයේ  ප්‍රධාන ඉන්ද්‍රියක් වන වකුගඩු ආරක්ෂා කර ගැනීම පිළිබඳව අපි හැමෝම දැනුවත් වීම අනිවාර්ය වෙන්නේ ඒ නිසාවෙන්මයි. වකුගඩුවලට ඇතිවන හානි යථා තත්ත්වයට පත්කර ගැනීම ඉතා අපහසු නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්නට පවා සිද්ධ වෙන අවස්ථා ඕනෑ තරම්. ඒ නිසා වකුගඩුවල ක්‍රියාකාරීත්වය යහපත්ව පවත්වා ගනිමින් ඒවා නීරෝගීව තියාගන්නට පිළිපැදිය යුතු කරුණු කාරණා ගැන  අපි අද කතා කරමු.

උදරයේ පිටිපස බිත්තියට හා ආසන්නව තමයි මේ  වකුගඩු අපේ ශරීරයේ පිහිටා තියෙන්නේ. ඒ වගේම  වම්පස වකුගඩුව දකුණු පසට වඩා තරමක් ඉහළින් තමයි පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ වකුගඩුවල ව්‍යුහය තරමක් සංකීර්ණයි.  එයට වඩාත් හොඳ රුධිර සැපයුමක් තියෙන නිසා රුධිරය පෙරීම සඳහා පෙරහන් කිහිපයක්ම  ක්‍රියාත්මක වෙනවා. 

ප්‍රමාණයෙන් ඉතා කුඩා වුණත් සුවිශේෂී කාර්යභාරයන් රාශියක් සිදු කරන  වකුගඩු  නරක්වීම විදිහට හඳුනා ගන්නේ වකුගඩුවල ක්‍රියාකාරීත්වය දුර්වල වීමක්. මෙහිදී සිදු වෙන්නේ එහි ඇති ගුච්චිකා සහ  නාලයන්වල ක්‍රියාකාරීත්වය තාවකාලිකව හෝ දිගුකාලීනව ඇණහිටීම. වකුගඩු මෙවැනි බරපතල තත්ත්වයකට පත් නොවී ආරක්ෂා කරන ගැනීමට ආරක්ෂාකාරී පිළිවෙත් ඕනෑ තරම් තියෙනවා. 

1. තරුණ අවදියේ සිටම දියවැඩියාව අධික රුධිර පීඩනය තිබේ නම් එය හොඳින් පාලනය කර ගන්න.දියවැඩියා රෝගය තිබෙන විට කාලයක් ගතවෙද්දි වකුගඩු නරක්වීමට වැඩි ඉඩකඩක් තියෙනවා. දියවැඩියාවේදී වකුගඩුවල තියෙන රුධිර කේෂනාලිකාවලටත් හානි සිදු වෙනවා. ඒ නිසා මුත්‍ර පෙරීමේ ක්‍රියාවලිය හරියාකාරව සිදු නොවෙන නිසා ඉතිරි වුණ තරල සහ ලවණ අපිව තරබාරු කරන්නට හේතු වෙනවා. වැඩි කාලයක් මේවා බැදී පැවතීම නිසා වකුගඩුවලටත් දැඩි බලපෑමක් ඇතිවෙනවා. ඒ නිසාවෙන් ඔබ දියවැඩියා රෝගියෙක් නම් මාස හයකට වරක් බැගින් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සහ හානිකර ඖෂධ භාවිතයෙන් වැළකීම කළ යුතුයි.

ඒ වගේම තමයි අධි රුධිර පීඩනයෙන් ඔබ පෙළෙන අයෙක් නම් ඒ තත්ත්වයන් හොඳින් පාලනය කරගන්නත් කටයුතු කිරීම වකුගඩුවලට සිදුවිය හැකි හානි වළක්වා ගන්නට උපකාරී වෙනවා.

2.පිරිසුදු ජලය ප්‍රමාණාත්මකව ලබා ගන්න.කිවුල,අධික බැර ලෝහ මිශ්‍ර ජලය පානය බොහෝ දෙනෙක්ට වකුගඩු රෝග ඇති කරන්නට හේතු වෙලා තියෙනවා. ඒ නිසා පානයට ගන්නා ජලයේ පිරිසිදු බව ගැන සැලකිලිමත් වෙන්න. ඒ වගේම  දිනකට ජලය ලීටර් 3 ක පමණ ප්‍රමාණයක් පානය කිරීමත්, වකුගඩුවල ක්‍රියාකාරීත්වය හොඳින් තියාගන්න අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඒ නිසා නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම වතුර බෝතලයක් අරගෙන යන්නත් අමතක කරන්නට  එපා. විශේෂයෙන්ම උෂ්ණාධික දිනවලදී වෙනදා ගන්නා ජල ප්‍රමාණයට වඩා වැඩිපුර ජලය පානය කරන්නත් මතක තබා ගන්න.  

3.දුම් බීම සහ මත් ද්‍රව්‍ය භාවිතය අත්හරින්න.දුම්  පානය කිරීමෙන් පෙණහැල්ල ආශ්‍රිත පිළිකා පමණක් නෙවෙයි නිදන්ගත වකුගඩු රෝගීන් පෙළෙන අවදානමත් නිර්මාණය වෙනවා.  ඒ නිසා මේ පුරුදුවලින් ඈත්වීම වකුගඩු ආරක්ෂා කරගන්නට උදව් වෙනවා.

4. ව්‍යායාම් කරන්න. ව්‍යායාම සිදු කිරීම මගින් වකුගඩු රෝගී වෙන්නේ නැතුව තියාගන්න පුළුවන්. හෘදයාබාද හේතු කරගෙන නිදන්ගත වකුගඩු රෝගීන් බොහෝ දෙනෙක් දුක්විඳිනවා. නමුත් ව්‍යායාම්වල නිරත වුණම වකුගඩු හොඳින් ක්‍රියා කරන්නට එය උදව්වක් වෙනවා. 

5.වකුගඩුවලට හිතකර ආහාර පුරුදු ඇති කර ගන්න.

  • අධික ලුණු භාවිතයෙන් වැළකීම.
  • කාබනේට් කරන ලද බීම වර්ග පානයෙන් වැළකීම 
  • දම් පැහැති එළවලු පලතුරු වැඩිපුර ගැනීම දම් පැහැති මිදි, දම් පැහැ ගෝවා, දම් පැහැ  දඹල, දම්පාට මෑකරල්, දම්පාට රාජාල දං ගෙඩි ආදි ආහාර වකුගඩු නිරෝගිව තියා ගන්නට උදව් වෙනවා. මේ වගේ දම් පාට ආහාර රුධිරයේ භාෂ්මික බව වැඩිකර රුධිරයේ ආම්ලික බව අඩු කරනවා. 
  • එලබටු, ගොටුකොළ, කොහිල අල කොළ, සුදුලූනු, රතුලූනු, මුරුන්ගා කරල් සහ මුරුංගා කොළ ආදිය නිතර ආහාරයට එකතු කර ගැනීමත් වකුගඩුවලට ගුණදායකයි. 
  • ඒ වගේම ලෙමන්, දොඩම් ආදියේ සිට්ට්‍රික් අම්ලය හෝ සිට්ට්‍රේට් අම්ලය අඩංගු වෙන නිසා මේ සිට්‍රේට්  මුත්‍රාවල ඇති කැල්සියම් සමඟ බැඳී මුත්‍රාශ ගල් ඇතිවීමත් වළක්වනවා.
  • මුහුදු පැළෑටි-කැල්සියම් බහුල ආහාර විදිහට සැලකෙන සෝයා, ආමන්ඩ් කිරි, හාල්මැස්සන් ආදියත් ‍ප්රමාණවත් ලෙස ගැනීමෙන් ශරීරයේ කැල්සියම් අවශ්‍යතාවය සැපිරෙනවා. වකුගඩුවල ගල් ඇති කරන ඔක්සලේට් බැඳ තබාගන්නට ඔක්සලේට් අවශෝෂණය අඩු කරන්නට වගේම බහිස්ස්‍රාවිය පහසු කරන්නට කැල්සියම්වලට හැකියාව ලැබෙන නිසා එය වකුගඩු සඳහා හිතකරයි.  ඒ නිසා දවසකට කැල්සියම් 1.2 g   ප්‍රමාණයක්  ගැනීම සුදුසු බවයි  වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ.
  • ස්වභාවික පාන වර්ග වකුගඩු ස්වභාවිකව පිරිසිදු  කරන නැවුම් ලෙමන්, ඉඟුරු සහ බීට් රූට් යුෂ අවුන්ස 8 බැගින් දමා සාදාගත් පාන යනාදිය ගැනීම තුළින් වකුගඩුවල ඇති විශ ඉතා හොඳින් ඉවත් කර ගැනීමෙන් වකුගඩුවලට ඇති විය හැකි හානි අවම කර ගන්නට පුළුවන් .
  • නිවිති, වට්ටක්කා, කුකුළු මස්, මාළු ආදී සත්ත්ව ප්‍රෝටීන අඩංගු ආහාර වකුගඩු හොඳින් පිරිසුදු කර වකුගඩු නිරෝගීව තියා ගන්නට උදව් කරනවා.
  • ඉස්සෝ, දැල්ලෝ, තක්කාලි, අච්චාරු කෑම ආදී ආහාර වර්ග සීමාසහිතව ගැනීම
  • මද්‍යසාර පැසවීමට ලක්කර නිපදවාගත් අරිෂ්ට වර්ග දිගු කාලයක් භාවිත නොකිරීමත් වකුගඩු ආරක්ෂා කරගන්නට අතිශයින්ම වැදගත්.
  • ඊස්ට් භාවිතා කර සකසන පාන්, බනිස්, තෝසෙ ආදී ආහාර නිතර ගැනීමෙන් වැළකීමත් වඩා සුදුසුයි. මෙවැනි ආහාර නිතර ගැනීම නිසා ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රීයන් ඉදිමීමට ලක්වන බව සොයා ගෙන තියෙනවා. ඒ වගේම මේ ආහාර වර්ග නිරන්තරයෙන් ගැනීම වකුගඩුවල අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ඉතා ඉක්මනින් දුර්වල කරන්නත්  හේතුවක් වෙනවා. 

6.මානසික ආතතියෙන් ඈත් වෙන්න.

7.මලමුත්‍රා පිට කිරීම පමා නොකරන්න.

8.ප්‍රමාණවත් නින්ද සහ විවේකය ලබා ගන්න.

දෛනිකව ලබාගන්නා නින්ද වකුගඩුවල වගේම අක්මාවේ ක්‍රියාකාරීත්වය හොඳින් තියාගන්නට අතිශයින්ම උදව්වක් වෙනවා. මොකද වකුගඩු අලුත්වැඩියා වීම සිද්ධ වෙන්නේ අපි රාත්‍රියේ නිදා ගන්නා අවස්ථාවේදී. විවේකයක් නැතිව වැඩ කිරීම තරබාරුවට හේතුවක්. මේ තරබාරුව සෘජුවම වකුගඩු රෝග ඇති වෙන්නට හේතු වෙනවා. 

ඉතින් මේ කාරණා ගැන සැලකිලිමත් වුණොත් ඔබටත් ඔබේ වකුගඩු රෝගී නොවී තියා ගන්නට හැකියාව ලැබෙනවා නිසැකයි.