කොලෙස්ටරෝල් පාලනය කරන කිරිබත

health tips

එදිනෙදා අප ගත කරනු ලබන ජීවිතයේ සුවිශේෂී වූ දිනයන් සැමරීමට නොමැතිවම බැරි ආහාරයක් ලෙස කිරිබත් හැඳින්විය හැකිය. එනම් ඈත අතීතයේ සිටම පැවත එන රජ පෙළපත තුළ ද කිරිබත් යනු සුබ ලකුණකි. එමෙන්ම බොහෝ දෙනකු නොදන්නවා වුවද කිරි බත් ආහාරයට ගැනීමෙන් ශරීරයට බොහෝ වාසි අත්කර ගත හැකිය. 

එනම් නොයෙක් ප්‍රදේශවල විවිධාකාරයෙන් කිරිබත් පිසිනු ලැබේ. එනම් එසේ පිස ගනු ලබන කිරිබතට නොයෙකු කුළුබඩු වර්ග එකතු කිරීම මගින් එහි රසය මෙන්ම ගුණය තවත් වැඩිකර ගත හැකිය. එහිදී ස්වභාවික රසකාරක ,ධාන්‍ය වර්ග මුල් තැනක් ගනු ලැබේ. විශේෂයෙන්ම කිරි බත් පිසින විට සහල් තෝරා ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් ඒ සඳහා

  • රතු කැකුළු සහල් 
  • සුදු කැකුළු සහල්  
  • සුවඳැල් 

වැනි සහල් වර්ගයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් කිරිබතෙහි ගුණය, රසය, සුවඳ වැඩිකර ගත හැකිය. ඊට අමතරව කිරිබත් පිසීමට යොදා ගනු ලබන ස්වභාවික රස කාරකයන් එනම් එනසහල් ,කරදමුංගු, කරාබුනැටි, රම්පේ , කරපිංචා වැනි ස්වභාවික රස කාරකයන් මගින් සුවඳ රසය මෙන්ම ගුණය ද තව තවත් වැඩි කරගත හැකිය. 

රතු කැකුළු සහලෙන් සකස් කරන කිරිබත් ආහාරයට ගැනීම දියවැඩියාව පවතින රෝගීන්ට වඩාත් සුදුසු වේ. එනම් රතු කැකුළු සහල් වල ග්ලයිසීමික් අගය සුදු කැකුළු සහල් වලට වඩා අඩුවේ. එම නිසා දියවැඩියාව ඇති රෝගීන්ට රතු කැකුළු සහල් වලින් පිසගත් කිරිබත් ආහාරයට ගැනීම ගුණදායකය. ඊට අමතරව මෙහි පවතින තන්තු ආහාර ජීර්ණ ක්‍රියාවලිය ද ක්‍රමවත් කිරීම සිදුකරයි. මේ නිසා එවැනි රෝග පවතින පුද්ගලයින්ට ද කැකුළු සහල් කිරිබත් ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. 

පොල් කිරි වල අඩංගු ඖෂධීය ගුණ. 

කිරි බත් පිසින විට ඒ සඳහා යොදාගනු ලබන තවත් එක් මූලික අමු ද්‍රව්‍යයක් ලෙස පොල්කිරි හැඳින්විය හැකිය. එනම් පොල් කිරි යෙදීම මගින් කිරිබත් වල රසය මෙන්ම ගුණය ද වැඩි කරගත හැකිය. නමුත් ඈත අතීතයේ  පොල් කිරි වෙනුවට කිරි බත් පිසින විට එළකිරි ද භාවිතා කර තිබේ. නමුත් වර්තමානය වන විට එළකිරි සොයා ගැනීමට නොහැකි නිසා බොහෝ දෙනකු පොල්කිරි භාවිතා කරයි. එනම් පොල් කිරි කෝප්පයක ශරීරයට හිතකර මධ්‍ය දාම මේද අම්ල ග්‍රෑම් 50ක් පමණ අඩංගු වේ. එමෙන්ම ප්‍රෝටීන්,විටමින් සී,මැන්ගනීස්,තඹ, පොටෑසියම්,සෙලනියම්,මැග්නීසියම්,යකඩ, ෆොලේට්,තන්තු… ආදී පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගුවේ. එනම් පොල් කිරි ආහාර පිසින විට එකතු කර ගැනීමෙන් 

කොලෙස්ටරෝල් පාලනය කර ගත හැකිය. දේහගත කොලොස්ට්‍රෝල් වර්ග දෙකක් පවතින අතර හිතකර කොලෙස්ටරෝල් අහිතකර කොලෙස්ට්‍රෝල් ලෙස එම වර්ග දෙක හඳුනාගත හැකිය. එනම් පොල් කිරි ආහාරයට ගැනීමෙන් ශරීර ගත අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කර හිතකර කොලස්ටරෝල් මට්ටම වැඩි කර ගත හැකිය. 

අක්මාවේ මේදය ලෙස තැන්පත් නොවේ. පොල්කිරි යනු මේදය අඩංගු ආහාරයක් වුවද වැඩි වශයෙන් ආහාරයට ගැනීම අක්මාවට අහිතකර නොවේ. එනම් පොල්කිරි අක්මාවේ මේදය ලෙස තැන්පත් නොවේ. 

ශරීර බර පාලනය කරයි.පොල් කිරි ආහාර පිසීමේදී එක්කර ගැනීමෙන් ආහාර රුචිය අඩු වේ. එනම් ඉන් ශරීර බර පාලනය වේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරයි. පොල් කිරි වල අඩංගු විටමින් සී ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදුකරනු ලබයි. 

වෛරස් වලට එරෙහිව සටන් කරයි.නිව්මෝනියාව ,ක්ෂය රෝගය වැනි රෝගයන්ට හේතු වන වෛරස් වලට එරෙහිව කටයුතු කරයි. 

පිළිකා ඇතිවීම වළක්වයි.පිළිකා ඇති වීම වළක්වනු ලබයි එනම් පොල් කිරි වල අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක මෙන්ම අනිකුත් පෝෂ්‍ය පදාර්ථයන් පියයුරු පිළිකා, ගර්භාෂ පිළිකා සෛල ඇතිවීම පාලනය කර පිළිකා ඇතිවීම වළක්වනු ලබයි. මීට අමතරව

  • ඔක්කාරය හා වමනය 
  • උදර ගත වේදනා
  • ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ඇතිවන ගැටලු සමනය කර ගත හැකිය.
  • ලිංගික දුර්වලතා සමනය කරයි.

බොහෝ දෙනෙකුට පවතින ලිංගික දුර්වලතාවයන් වන මද සරුභාවය, ලිංගික බෙලහීනතාවය මගහරවා ලිංගික ශක්තිය වැඩිදියුණු කිරීමට කිරිබත් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මේ සඳහා රතු කැකුළු සහල් වල සහ පොල් කිරි වල අඩංගු සින්ක් පෝෂ්‍ය පදාර්ථය බෙහෙවින් ඉවහල් වේ. 

කිරි බත් පිසින විට රම්පෙ එකතු කරගැනීමෙන් එහි අඩංගු ඇල්ෆා ග්ලුකොසයිඩේස් නිශේධක  රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදු කරයි.එමෙන්ම රම්පේ ආහාරයට ගැනීමෙන් ඉන්සියුලින් නිශ්පාදනයද වැඩි කර ගත හැකිය. ඊට අමතරව 

  • පිළිකා ඇතිවීම වැළැක්වීමට
  • අක්මාවේ විෂ ඉවත් කිරීමට
  • උදරගත අජීර්ණ තත්ත්වයන් සමනය කිරීමට
  • මළබද්ධය සමනය කිරීමට 

මේ ආදී රෝග සමනය කිරීමට කිරි බත් පිසින විට රම්පේ එකතු කර ගැනීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව විවිධ ප්‍රදේශ වල කිරි බත් පිසින විට එනසහල් ඇට කිහිපයක් එකතු කරනු ලබයි. එනම් ඉන් උදරගත ආම්ලික තාවය මෙන්ම මානසික ආතතිය වැනි රෝග තත්ත්වයන් සමනය කරගත හැකිය. මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට කිරිබත් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් කිරිබත තව තවත් රස කර ගැනීමට ලුණු මිරිසක් පිළියෙල කර ගැනීම ද අත්‍යවශ්‍ය වේ. 

Leave a Reply

Your email address will not be published.