ඖෂධීය ගුණ රැසක් අඩංගු කිතුල් ශාකය පොල් ගස හැරුණුකොට කප්රුක ලෙස හැඳින්විය හැකි එකම ශාකයකයයි. එනම් මිනිසාට පොල් ගසෙන් සේම කිතුල් ගසෙන් ද ලබාගත හැකි ප්‍රතිලාභ බොහෝය.
නමුත් බොහෝ දෙනෙකු කිතුල් ශාකයෙන් එවැනි රසවත් ආහාර සකස් කර ගත හැකි බව නොදැන සිටීම කනගාටුවට කරුණකි. එනම් කිතුල් ශාකයෙන් රසවත් කිතුල් පැණි, සහ පිටි ලබාගත හැකිය.
එමෙන්ම කිතුල් පැණි ඈත අතීතයේ සිටම කැවිලි සකස් කරන විට සහ පාන්, රොටී ආහාරයට ගන්නා විට බහුලව භාවිතයට ගෙන තිබේ. එමෙන්ම කිතුල් පැණි යොදා සකස් කරන හකුරු සිනි වෙනුවට භාවිතා කළ හැකි ප්‍රණීත ආහාරයකි. එමෙන්ම කිතුල් පිටි වලින් කිතුල් කැඳ , කිතුල් තලප සකස් කර භාවිතා කළ හැකිය.
මේ සෑම ආහාරයක් ම රසයෙන් මෙන්ම ගුණයෙන් ද අනූන වේ. එනම් බොහෝ විට ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීමටද කිතුල් පිටි, කිතුල් හකුරු යොදා ගනී.
කිතුල් පිටි ලබා ගන්නේ කොහොමද. එනම් ඈත අතීතයේ සිටම කිතුල් ගස් කපන විට එහි කිතුල් බඩය කිතුල් පිටි ලබා ගැනීම සඳහා වෙන් කර ගනී. එනම් එය පසුව කුඩා කැබලි වලට කපා වංගෙඩියකට දමා කොටා එයට වතුර කෝප්පයක් පමණ එක් කොට
රෙදි කැබැල්ලකින් පෙරා එම වතුර නිශ්චලව තබා පිටි බඳුනේ යටට බා වුනු පසු වතුර පෙරා පිටි වෙන් කර ගත හැකිය. එනම් වියලා ගත් පසු අවැසි නම් එම පිටි බොහෝ කාලයක් කල් තබා ගත හැකිය.
එමෙන්ම මෙම පිටි භාවිතා කරමින් කිතුල් තලප,කැඳ සකස් කර ගත හැකිය.
කිතුල් කැඳ සකස් කර ගන්නා ආකාරය.

- කිතුල් පිටි කෝප්ප එකක්
- වතුර කෝප්ප දෙකක්
- පොල් කිරි කෝප්ප එකක්
- ලුණු ස්වල්පයක්
- සීනි ස්වල්පයක්
- අවශ්‍ය වේ.
මැටි බඳුනක් ගෙන කිතුල් පිටි එක් කර එයට පොල් කිරි, වතුර කෝප්ප එකක් , රස පදමට සීනි,ලුණු එක් කොට හොඳින් මිශ්‍ර කරන්න.පසුව මද ගින්දරේ තබා සියල්ල හොඳින් තැම්බෙන තුරු හැඳි ගාගෙන ලිපෙන් බා මද රස්නෙන් පානය කළ හැකිය. එනම් මෙය බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය.
කිතුල්වල ඖෂධීය ගුණ භාවිත
ශරීරය සිසිල් කර ගැනීමට උපකාරී වේ.උෂ්ණාධික දේශගුණයක් පවතින විට හෝ අධික උෂ්ණ ගුණයෙන් යුතු ආහාර භාවිතා කරන විට ශරීරයේ ඇතිවන උෂ්ණාධික භාවය සමනය කරගෙන ශරීරය සිසිල් කර ගැනීමට කිතුල් කැඳ හෝ කිතුල් තලප සකස් කර දිනපතා ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කිතුල් වල අඩංගු සිසිල් ස්භාවය ශරීරය සිසිල් කිරීමට දායක වේ.
ගැස්ට්‍රයිටීස් හෙවත් අම්ලපිත්ත රෝගය සඳහා යෝග්‍ය වේ.ලොකු කුඩා සෑම දෙනාටම පාහේ අද වන විට පවතින ඉතා පීඩාකාරී රෝග තත්ත්වයක් ලෙස ගැස්ට්‍රයිටිස් හැඳින්විය හැකිය. එනම් මෙම රෝගය ඇතිවීම පාලනය කර ගැනීමට මෙන්ම මෙම රෝගය නිසා ඇතිවන බඩ පපුව දැවිල්ල සුව කර ගැනීමට කිතුල් තලප හෝ කිතුල් කැඳ සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් ඒවායෙහි අඩංගු තන්තු හොඳින් ආහාර ජීර්ණය කිරීම සිදුකරයි. එමෙන්ම කිතුල් වල අඩංගු සිසිල් ස්භාවය උදරගත ආම්ලික තාවය ඇතිවීම වැළැක්වීමටද දායක වේ.
දියවැඩියා රෝගීන් සඳහා ඖෂධයක් වේ.කිතුල් ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට ගුණදායකය. එනම් කිතුල් කැඳ පානයක් ලෙස හෝ කිතුල් තලප සකස් කර භාවිතා කිරීමෙන් දියවැඩියාව ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් කිතුල් වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇති වීම වළක්වනු ලබයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට කිතුල් ආහාරයට ගැනීම යෝග්‍යවේ. නමුත් කිතුල් මගින් ආහාර සකස් කරන විට සීනි අවමව යොදා භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.
ආහාර රුචිය වර්ධනය කිරීමට උපකාරී වේ.ආහාර අරුචිය ඇති විටෙක ආහාර රුචිය වර්ධනය කර ගැනීමට කිතුල් තලප හෝ කැඳ භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කිතුල් වල අඩංගු තන්තු ආහාර හොදින් ජීරණය කර ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කරයි. එනම් මේ නිසා ආහාර රුචිය වර්ධනයවේ.

සුවදායක නින්දක් ලබාගත හැකිය.රාත්‍රියේදී නින්ද නොයෑම වැනි ගැටලු පවතින රෝගීන්ට සුවදායක නින්දක් ලබා ගැනීම සඳහා කිතුල් තලප, කිතුල් කැඳ සකස් කර රාත්‍රියේ දී ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් ඉන් සුවදායක නින්දක් ලබාගත හැකිය.
රක්තහීනතාවයට ඖෂධයක් වේ.ශරීරයට අත්‍යාවශ්‍ය යකඩ ඌන වූ විට රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම සිදුවේ. එනම් එය රක්තහීනතාවයයි. මෙම රෝගය ඇති විටෙක කිතුල් තලප හෝ කැඳ නිතර ආහාරයට ගන්නේ නම් එම රෝගය සුව කරගත හැකිය. එනම් කිතුල් වල අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වර්ධනය කර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි.මීට අමතරව
- අධිරුධිර පීඩනය සඳහා
- කැඩුම් බිඳුම් ප්‍රතිකාර සඳහා
- අක්මාගත රෝග සඳහා
- ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා
- හෘද රෝග සඳහා
ඖෂධයක් ලෙස කිතුල් භාවිතා කළ හැකිය. නමුත් අධි රුධිර පීඩනය නිදන්ගත රෝග වන දියවැඩියාව වැනි රෝග ඇති විට කිතුල් ඖෂධයක් ලෙස භාවිතා කිරීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.