පණ අදින මිනිසුන් පවා ගොඩ දාන ලෙඩ රෝග 100 වඩා සුව කරන කලුදුරු

health tips

දේශීය වෙදකමේදී වගේම ආයුර්වේදය තුළත් ඈත අතීතයේ  සිටම කලුදුරු භාවිතයට ගෙන තියෙනවා. මේ කලුදුරු ලෙඩරෝග බොහොමයක් සුවපත් කරන්නට ප්‍රතිකාර  සඳහා භාවිතා කෙරෙනවා. ඒ වගේම මේ කලුදුරු භාවිතය  නීරෝගී  ජීවිතයක් ගත කන්නටත් මහත් උපකාරයක් වෙනවා. කලුදුරු අපේ නීරෝගී බවට දක්වන දායකත්වය සහ ඒවා භාවිතා කළ යුත්තේ කෙසේද යන කරුණු කාරණා පිළිබඳවයි අද අපි ඔබ සමඟ කතා කරන්නේ.

මරණය හැර අනෙකුත් සෑම රෝගයක්ම සුව කරන්නට මේ  කලුදුරුවලට හැකියාව පවතින බවටයි ලෝකය පුරාවම ප්‍රචලිත වෙලා තියෙන්නේ. අද වෙද්දි මධ්‍යම සහ දකුණු ආසියාවෙත්  බටහිර රටවල්වලත් මේ පිළිබඳව අවධානය දක්වා තියෙනවා. මේ කලුදුරු සතු විස්මිත ගුණයන් ගැන අතීත දැනුම ඔස්සේ වැඩි වශයෙන් කතාබහට ලක්වෙන නිසාවෙන් මේ සම්බන්ධව සිදු කෙරෙන පර්යේෂණත් වැඩි වෙලා තියෙනවා. කොහොමවුණත් සූදුරු  මාදුරු යන දුරු පවුලට අයත් නොවන දුරු විශේෂයක් වෙන මේ  කලුදුරු අපි භාවිතයට ගන්නේ නම් ඉතාම අඩුවෙන්. ඒ වගේමයි මේ කලුදුරු අපේ රටේ  වැවෙන්නේ නැති බවත් මතකයේ තබා ගන්න. අපේ රටේ නැතත් ඉන්දියාව, පකිස්ථානය ආදී රටවල්වල හොඳින් වැවෙන ශාකයක්. කොහොමනමුත් වසර ගණනාවකට ඈත ඉතිහාසයට මේ කලුදුරු නෑකම් කියනවා.

පෝෂකයක් සහ ශක්ති සම්පාදකයෙක් ලෙස සියවස් ගණනාවක සිටම කලුදුරු හිමිකරගත්  වැදගත් ස්ථානය අද වෙද්දි තවත් තීව්ර වී ඇති බව ලෝකයේම මේ කලුදුරු භාවිතය ජනප්‍රිය වී තිබීමෙන් මැනවින් පැහැදිලි වෙනවා. අද වෙද්දි මේ කලුදුරු භාවිතයෙන් ලෝකයේ විවිධ ඖෂධ  නිෂ්පාදනය වී තියෙනවා. කලුදුරුවලින් නිස්සාරණය කර ගන්නා තෙල් සඳහා පවා ඉතා ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඒ වගේමයි විෂබීජනාශකයක්,කෘමිනාශකයක් ලෙසත් කලුදුරු වැදගත්කමක් උසුලනවා.

කලුදුරුවල ඖෂධීය ගුණ  

  • සෙම් රෝග ,කැඩුම් බිදුම්, ඉදිමුම් ,කුරුලෑ ඇතුළු වෙනත් ගෙඩි  අපස්මාර රෝගය සඳහා වගේම විවිධ චර්ම රෝග සඳහා කෙරෙන  ප්‍රතිකාරවලදී භාවිතා  කෙරෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සඳහා කෙරෙන ප්‍රතිකාරවලදී මේ  කලුදුරු භාවිතයට ගැනෙනවා.
  • වෛරස් හා බැක්ටීරියා රෝග පාලනය කරනවා.මේ කලුදුරුවල අඩංගු රසායනික සංයුතියන්ට අමතරව ස්වාභාවික රසායනිකයන් වන තයිමොකියුලෝන් , තයිමොහයිඩ්රොකියුලෝන්  සහ තයිමෝල්  අඩංගු බව සඳහන් වෙනවා. එය අපේ ශරීරය නොයෙකුත් වෛරස් හා   බැක්ටීරියාවලින් ආරක්ෂා කරන්නට දායක වෙනවා.
  • පිලිකා ඇතිවීම මර්දනය කරන අතර පිලිකා සුව කිරීමටත් දායක වෙනවා.අන්ත්‍රවල ඇතිවන පිළිකා, මොළයේ පිළිකා,පියයුරු පිළිකා, ලේ පිළිකා වගේම මුඛ පිළිකා ආදියෙන් ඇතිවන අවදානම් තත්ත්වයන් ද අඩු කරනවා.
  • ඊයම්, කැඩ්මියම් ආදී විෂ රසායනිකයන්ගෙන් වකුගඩුවලට ඇතිවන හානිය අවම කරනවා.
  • අක්මාවේ මේදය තැන්පත් කිරීම අවම කරනවා.
  • දුර්වල වූ අක්මාවේ ක්‍රියාකාරිත්වය යථා  තත්ත්වයට පත් කරන්නට දායක වෙනවා.
  • දියවැඩියාව පාලනය කරනවා.
  • හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් කර අධි රුධිර පීඩනය  පාලනය කරනවා.
  • තරබාරු අයට විශේෂයෙන් ගුණ දෙනවා.
  • ආහාර ජීර්ණය පහසු කරනවා.
  • ආහාර රුචිය වැඩි  කරනවා.
  • ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග පාලනය කරනවා.
  • වකුගඩු සහ පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වනවා.
  • පෙනහළු ආශ්‍රිත ආසාදන තත්ත්වයන් සුව කරනවා.ඇදුම, කැස්ස ආදී රෝග සුව කිරීම සඳහා ලබාදෙන ඖෂධවලටත් ක්ෂය රෝග ප්‍රතිකාරවලදී දේශීය චිකිත්සාවේදී  කෂාය සඳහා කලුදුරු උපයෝගී කර ගනු ලබනවා.

හිසකෙස් වර්ධනය කර හිසකෙස් ගැලවී යාම අඩු කරනවා.එදා පැරැන්නන් හිසේ ගල්වන ලද තෙල් සඳහා කලුදුරු එකතු කරන්නට අමතක කළේ නැහැ. බොහෝවෙලාවට තෙලට යොදන කල්කයට වගේම,  තෙල් බහාලන භාජනයට කලුදුරු  දමන්නට අමතක කළේ නැහැ. එසේ පොල් තෙල්, තැඹිලි තෙල් වෙන්කර තබා ගැනීමේදී එයට කලුදුරු, උළුහාල් සහ සැවැන්දරා මුල් කිහිපයක් ද එකතු කළා. කළුවන් දිගු නීරෝගී කෙස් කළඹකට මෙය බෙහෙවින් ඔවුන්ට උපකාරී වුණා  කියලයි සඳහන් වෙන්නේ.ඒ වගේම හිස් කබල ආශ්‍රිතව ඇතිවන දිලීර ආසාදන වළක්වා ගන්නටත් එය උපකාරී වෙනවා.හිස්සොරි ආදී පීඩාකාරී තත්ත්ව එයින් සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.

කලුදුරු භාවිතා කරන ආකාරය කලුදුරු පානයක් ලෙස කුළු බඩුවක් ලෙස වගේම ආලේපනයක් ලෙසත් භාවිතයට ගන්නට පුළුවන්.

තම්බා පානය කලුදුරු පානය කිරීම සඳහා සෝදා පිරිසිදු කරගත් කලුදුරු තම්බා එය පෙරා පානය කරන්නට පුළුවන්. මෙසේ තම්බා පානය කිරීමේදී එය නිවුණු  පසු  මී පැණි ස්වල්පයක් එකතු කර පානය කරන්නත් ඔබට පුළුවන්.

පෙගෙන්නට තබා පානය මෙහිදී පෙරදා රාත්‍රියේ ජලයේ පෙගෙන්නට දමා ගත් කලුදුරු පසුද උදෑසන පෙරා පානය කළ හැකියි. 

කලුදුරු කුඩු කලුදුරු ඇට සෝදා වියළා කුඩු වශයෙන් සකස් කරගෙන උදෑසන තේ හැන්දක ප්‍රමාණයක් මී පැණියෙන් අනා ආහාරයට  ගන්නත් පුළුවන්.උදෑසන හිස්බඩ කලුදුරු  ඇට 7 ක්  පමණ හපා මද උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්නත් පුළුවන්.කළුදුරු ඇට එළකිරෙන් අඹරා  බ්ලෙන්ඩර් කර  එයට මී පැණි ස්වල්පයක්  එකතු කර  මුහුණේ ආලේප කිරීමෙන් කුරුලෑ වගේම අළුහම්  ලප කැලැල් අඩු කරගන්නත් පුළුවන්.

සැලකිය යුතුයි.ගර්භනී මව්වරුන් හෝ මව් පදවිය බලාපොරොත්තු වන කාන්තාවන්ට කලුදුරු භාවිතය එතරම් සුදුසු වෙන්නේ නැහැ.විවිධ රෝග තත්ත්වයන් සඳහා ඖෂධ ලබාගත්  අයෙක්  කලුදුරු  ගන්නට පෙර වෛද්‍ය  උපදෙස් අනිවාර්යෙන්ම ලබා ගැනීමට මතක තබා ගන්න. අධි මාත්‍රාවෙන් කලුදුරු  භාවිතයට ගැනීමෙන් වළකින්න.