දණහිස් වේදනාවෙන් මිදීමට නිවසේදී ඔබට කළ හැකි ප්‍රතිකාර 

health tips

බොහෝ වේදනා ගෙන දෙන රෝග අතර දණහිස් වේදනාව පීඩාකාරී රෝග තත්වයකි.  මෙම රෝගය වයස් භේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැකි අතර ආතරයිටීස් ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට මෙම රෝගය බහුලව ඇති වනු ලැබේ. ඊට අමතරව දණහිස් වේදනාව ඇතිවීම සඳහා තවත් බොහෝ හේතු බලපානු ලබයි. 

දණහිස ආශ්‍රිතව ඇති අස්ථි වල ඇතිවන වෙනස්කම් 

නර්තනය , ක්‍රීඩාවල  නිරත වීම. 

ආර්තවය 

බර එසවීම. 

ආතරයිටීස් රෝගය 

අස්ථි ගෙවීම හා අස්ථි දුර්වල වීම. 

මේ ආදී හේතු එකක් හෝ කිහිපයක් දණහිස් වේදනාව ඇතිවීමට හේතු විය හැකිය. 

දණහිස් වේදනාව ඇති වන විට හඳුනා ගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පවතී. 

දණහිස වටා රතු පැහැයක් ගැනීම. 

දණහිස් වල  ඇති වන වේදනාව

දණහිස් නවන විට හා දිග හරිනවිට එම  වේදනාව වැඩි වීම. 

දණහිස්  මෙන්ම කකුල් ඉදමීම. 

ආදී රෝග ලක්ෂණ දැකගත හැකිය. 

දණහිස් වේදනාව සමනය කිරීම සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ හැකිය. එමෙන්ම නිවසේදීම මේ සඳහා ප්‍රතිකාර කළ හැකිය. 

දණහිස් වේදනාව ඉදිමුම් සමනය කළ හැකි ස්වභාවික ප්‍රතිකාර.

අයිස් කැට සත්කාරය

දණහිස් වේදනාව සමනය කිරීම සඳහා

අයිස් වලින් තැවීම වඩාත් යෝග්‍ය ප්‍රතිකාරයකි. එනම් මෙම සත්කාරය දිනකට කිහිප වරක් සිදු කිරීම වඩාත් සුදුසුවේ. 

ඉඟුරු හා කහ අඩංගු තේ

ඉඟුරු මෙන්ම කහ ද බොහෝ රෝග සමනය කිරීමට යොදා ගනු ලබන ඖෂධයන් වේ. මෙම දෙවර්ගයේම, ප්‍රතිඔක්සිකාරක අන්තර්ගතව පවතින අතර මෙම ද්‍රව්‍ය මිශ්‍ර කර තේ පානයක් සකස් කර දිනපතා භාවිතා කිරීමෙන් දණහිස් වේදනාව මෙන් ම, දණහිස් ඉදිමීම ද අඩු කරගත හැකිය. මෙම  පානය දිනකට දෙවරක් පමණ පානය කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගත හැකිය.

අමු කහ

අමු කහ තම්බා පානය කිරීමෙන් දණහිස් වල ඇති වන වේදනාවන් සහ ඉදමුම් සුව කරගත හැකිය. කහවල අඩංගු කර්කියුමින් නැමැති රසායනික දණිස් කැක්කුම සුවපත් කරයි.

ඇපල් යුෂ විනාකිරි

දණහිස් වේදනාව සමනය කිරීම සඳහා ඇපල් යුෂ විනාකිරි ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා ජලයට, ඇපල් යුෂ විනාකිරි ස්වල්පයක් දමා විටින් විට පානය කිරීම හා ඇපල් යුෂ විනාකිරි සමග ඔලිව් තෙල් ස්වල්පයක් මිශ්‍ර කර එම ආලේපනය දණහිස් වල ආලේප කර සම්බාහනය කිරීම මගින් දණහිස් වේදනාව මෙන්ම ඒ හේතුවෙන් ඇතිවන ඉදමුම් සුව කරගත හැකිය.  

කැරට් 

කැරට් ආහාරයට ගැනීමෙන් දණහිස් වේදනාව සමනය කර ගත හැකිය. එනම් කැරට් ව්‍යාංජනයක් සලාදයක් , පානයක් ලෙස සකස් කර භාවිතා කළ හැකිය. එනම් කැරට් වල අඩංගු  පෝෂ්‍ය පදාර්ථ  විටමින් ඒ, සී, බීටා කැරොටීන් , කැල්සියම් ගෙවී ගිය අස්ථි කොටස් මාංශපේශීන් නැවත වර්ධනය කරයි.  එමෙන්ම වේදනාවන් සමනය කරයි.

ඉඟුරු

වේදනා නාශක ගුණයෙන් අනූන ඉඟුරු දණහිස් වේදනාව සමනය කිරීම සඳහා යොදාගත හැකි ඖෂධයක් වේ. එදිනෙදා පානය කරන තේ පානයට  ඉගුරු මිශ්‍රකර පානය කිරීම, උණු වතුරට ඉඟුරු කැබැල්ලක්, දෙහි ස්වල්පයක් හා මී පැණි ස්වල්පයක් මිශ්‍රකර පානය කිරීමෙන් දණහිස් වේදනාව සුවපත් කරගත හැකිය. 

අබ තෙල්

අබතෙල් ස්වල්පයකට සුදුලූනු ගෙඩියක් දමා රත් කර මද උණුසුමෙන් දණිස් සම්භාහනය කිරීමෙන් දණහිස් වේදනාව හා ඉදමුම් සුව කර ගත හැකිය. 

පොල් තෙල්

දණිස් කැක්කුම සඳහා පොල්තෙල් මදක් රත් කර දණිස් වල තවරා හොදින් සම්භාහනය කිරීම මගින් දණහිස් වේදනාවන් සමනය කර ගත හැකිය. 

මෙම ප්‍රතිකාර වලට අමතරව සමබල ආහාර වේලක් ලබා ගැනීම, ජලය හොඳින් පානය කිරීම , ව්‍යායාම වල නිරත වීම මගින් දණහිස් වේදනාවන් සමනය කරගත හැකිය.