දණහිසේ, උරහිසේ ආදී සන්ධි චලනයවීමේදී ටකස් වැනි ශබ්ද ඇසීම හෝ වේදනාවන් ගෙනදීම ඉදිමීම වැනි තත්ත්වයන්වලින් ඔබත් පීඩා විදලා ඇති. ඇතැම්විට දැනටමත් එවැනි තත්ත්වයේ අපහසුතාවයන්වලින් ඔබ පෙලෙනවා විය හැකියි. මේ තත්ත්වයන් බොහොමයකටම කාටිලේජ විනාශ වීම බලපානු ලබනවා. කාටිලේජ කියන්නේ සෞඛ්‍ය සම්පන්න සන්ධිවල වැදගත් අංගයක්. 85%ක් වතුර ලෙස පවතින කාටිලේජ මෘදු ඝන සහ නම්‍යශීලී බවින් යුක්තයි. විවිධ අනතුරු, අස්ථි ආශ්‍රිත පිළිකා, වැරදි ඉරියව් ආදී විවිධ සාධක හේතුවෙන් කාටිලේජ ගෙවීයාමත් වයසට යාමත් සමඟ නැවත කාටිලේජ වර්ධනය නොවීමත් නිසා සන්ධි ආශ්‍රිතව විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. දණහිස ආශ්‍රිතව ඇතිවන වේදනා කැක්කුම් සහ බොහෝ සන්ධි ආශ්‍රිත රෝගවලට මූලික වෙන්නෙත් මේ කාටිලේජ විනාශ වී යාම.
අපේ ශරීරයේ විශාලම සන්ධියක් වන දණහිසේ සන්ධියේ ඇතිවන ඝර්ෂණය අඩු කරන්නෙත් මේ ස්වාභාවිකව නිපදවෙන කාටිලේජ මගින්. ඉතින් යම් යම් හේතූන් නිසා කාටිලේජ ගෙවීමකට ලක්වුණොත් වේදනාවක් අපහසුවක් වගේම සන්ධිය චලනයවීමේදී ශබ්දයක් ද ඇතිවෙන්නට පුළුවන්. දිගුකාලීනව ඒ තත්ත්වය පැවතුණොත් අස්ථිවලට දැඩිලෙස හානි වෙන්නටත් පුළුවන්. ඒ නිසා කාටිලේජ විනාශවීම වළක්වන්නටත් ගෙවීගිය කාටිලේජ නැවත වර්ධනයටත් ඔබට කළ හැකි ප්‍රතිකාර කිහිපයක් පිළිබඳවයි මේ කියන්නට යන්නේ.
- ඉඟුරු මිශ්‍රණය

අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඟුරු කුඩු තේ හැදි ½
- උළුහාල් තේ හැදි ½
- කහ කුඩු තේ හැදි ½
සකසා ගන්නා ආකාරය -උණුවතුර වීදුරු බාගයක් පමණ ගෙන එයට ඉඟුරු, උළුහාල් සහ කහ කුඩු වලින් තේ හැදි ½ බැගින් දමා කලවම් කර දිනකට දෙවරක් උදේ සවස පානය කරන්න.මෙය අතුරු ආබාධ නොමැති කාටිලේජ වර්ධනය කරන අස්ථි ගැටළු නිරාකරණය කරන පානයක්.
2.කෙසෙල් යුෂ -කෙසෙල් ගසක් කැපූ විට වෑස්සෙන කිරි වැනි ද්‍රාවණය සන්ධි ආශ්‍රිත රෝග බොහොමයකටම ඉතාම ගුණදායකයි. නමුත් අද එදා වගේ කාබනික ද්‍රව්‍ය භාවිතයෙන් වගා නොකරන නිසා ගුණදායක බව නම් ටිකක් අඩුයි. ඒ නිසා ඇඹුල් කෙසෙල් පොත්තේ පමණක් මේ ගුණදායක බව තවමත් රැකිලා තියෙනවා. ඉතින් මේ ප්‍රතිකාරය සඳහා හොඳින්ම ඉදුණු ඇඹුල් කෙසෙල් පොතු සහ නටු අවශ්‍ය වෙනවා. ඒවාට ජලය ටික ටික දමමින් පල්පයක් වනතෙක් හොඳින් කොටා ගන්න. ඉන්පසු කපු රෙදි කෑල්ලකට එය දමා පොට්ටනියක් ලෙස සකස් කරගන්න. ඉන්පසුව දණහිසට මෙය තබා බැඳ ගන්න. මෙය දිනපතා සති 3-4ක් කිරීමෙන් ගෙවීගිය කාටිලේජ නැවත වර්ධනය කරමින් දණහිසේ වේදනාවන් ශබ්දයන් පවා නැති කරනවා.
3.එළගිතෙල් ආලේපය -පස්ගෝ රස අතර බොහෝ ගුණදායක ඛනිජ ලවණ බහුල තෙල් වර්ගයක් තමයි එළගිතෙල්. ආහාරයට එකතු කරගන්නා අතරේ උදේ සවස දණහිසේ එළගිතෙල් ආලේප කිරීම සුදුසුයි. එළගිතෙල් ආලේපයට පෙර උණුවතුරේ පෙග වූ රෙදි කෑල්ලක් දණහිසේ මද වේලාවක් තබා උණුසුම් කරගත යුතුයි. පසුව එළගිතෙල් ආලේප කර තෙල් හිදෙන තුරු සම්බාහනය කළ යුතුයි. මේ ප්‍රතිකාරය සම හරහා ඛනිජ ලවණ කාටිලේජ වෙත ගෙන යන්නටත් උපකාරී වෙනවා.

4.මුං ඇට සත්කාරය -වතුර මිලි ලීටර 250 ක් පමණ භාජනයකට දමා එයට මුං ඇට මේස හැදි 3 ක් දමා පැය 12 ක් පෙගෙන්නට තබන්න. පසුව මුං ඇටවල වතුර ඉවත් කර සුදු ළූණු බික් දෙකක් තලා කුඩාවට කැබලි කර එය මුං ඇට සමඟ මිශ්‍ර කර ගම්මිරිස් කුඩු කහ ලුණු කුඩු ස්වල්පයක් එයටම එකතු කර ආහාරයට ගන්න. මෙසේ දිනපතා මෙය ආහාරයට ගැනීමෙන් කාටිලේජ වර්ධනය උත්තේජනය කරමින් අස්ථි ආශ්‍රිත අපහසුතා වේදනාවන් මග හරියි.
5 .හොඩපොර පත්තුව -දේශීය වෛද්‍ය කර්මය තුළ නිරන්තරයෙන් භාවිතා වෙන කාටිලේජ වර්ධනය කරන ශාකයක් තමයි හොඩපොර කියන්නේ. මේ හොඩපොර ගසේ ගෙඩිවල යුෂ දණහිසේ ආබාධ බොහොමයකට ඉතාම ගුණදායකයි.නටන උණුවතුරට හොඩපොර ගෙඩි දෙක තුනක් දාලා විනාඩි 2 ක් පමණ තබා පසුව එයට වරින් වර උණුවතුර එකතු කරමින් හොඳින් කොටා ගන්න. පසුව පිරිසිදු රෙද්දක ඝනකමට ආලේප කර දණහිසේ බැඳ ගන්න. යුෂ ටික උරාගත්තට පසුව රෙදි කෑල්ල වියළි නම් වරින් වර තෙත් කරන්නට අමතක කරන්නටත් එපා. එහිදී රෙද්දට ජලය ඉසීම සුදුසුයි. මෙය දිනපතා කිරීමෙන් දවස් 10 පමණ තුළ ප්‍රතිඵල බලා ගන්නත් පුළුවන්.
6.බණ්ඩක්කා සුප් -බණ්ඩක්කා කාටිලේජ ගෙවීයාමට වගේම නැවත කාටිලේජ වර්ධනයටත් ඍජුව මහත් සුව සලසන ආහාරයක් බව හැමෝම දන්නවා. බණ්ඩක්කාවල අඩංගු වෙන සෙවල දියරය කාටිලේජ උත්තේජනය සඳහා උපකාරී වෙනවා. බණ්ඩක්කා එළවලුවක් විදියට ආහාරයට ගැනීමටත් වඩා ඉක්මනින්ම ප්‍රතිඵල ලබා ගන්නට මේ බන්ඩක්කා සුප් එකක් ලෙස ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා.
සකස් කර ගන්නා ආකාරය බණ්ඩක්කා කරල් කිහිපයක් හොඳින් සෝදාගෙන එය සිහින් පෙති ලෙස කපා ගන්න. පසුව එයට ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු ස්වල්පයක් එකතු කර ජලයෙන් තම්බා උණුසුම තිබියදීම ආහාරයට ගන්න. මෙය දවසට වරක් ගත්තොත් දින කිහිපයක් යද්දි දණහිස ආශ්‍රිත වේදනාවන් සහ ආබාධ සියල්ලම නැතිව යාවි.
7.බරු කොකු මැල්ලුම්

බොහෝ අය අසා නැතිවුණත් වෙළදපොලේ මේ ආහාරය දකින්නට තියෙනවා. මෙහි අතු බවට පත්වුණු රෝල් වුණු කොටසේ අඩංගු ඛනිජ හා පෝෂකවලින් අස්ථිවල ගෙවීගිය කාටිලේජ නැවත වර්ධනය කරනවා. අස්ථිවල ඇති ගැටළු බොහොමයකටත් ඉතා ගුණදායකයි.මෙහි ලපටි දලු තද රතු පාටින් දකින්නට පුළුවන්. මේ මැල්ලුම සඳහා ලපටි කොකු වඩාත් සුදුසුයි. බරු කොකු මැල්ලුම් නිතර ආහාරයට එකතු කර ගැනීමෙන් කාටිලේජ වර්ධනය වඩාත් වේගවත් වෙනවා.
සකස් කර ගන්නා ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය
- සිහින්ව ලියාගත් බරු කොකු
- රතු ළූණු මිටක්
- අමු මිරිස් කරල් කිහිපයක්
- ගා ගත් පොල්
- ලුණු ස්වල්පයක්
සිහින්ව ලියාගත් බරු කොකුවලට සිහින්ව ලියාගත් රතු ළූණු, අමු මිරිස්, ගා ගත් පොල් හා අවශ්‍ය පමණට ලුණු එකතු කරගෙන මිශ්‍රකර ගන්න. මේ සඳහා තෙල් නොයොදා මේ සියල්ල මද ගින්නේ මලවා ගන්න.
8.මොස් ජෙලි ආහාරයට ගැනීම – කාටිලේජ නිෂ්පාදනයට ඉතා වැදගත් ආහාරයක් තමයි මොස් ජෙලි කියන්නේ. සුපිරි වෙළදසැල්වලින් ලබාගත හැකි මෙය කෙදි සහිත පත්‍ර සහිත පැලෑටියක්. මෙය හොඳින් සෝදාගෙන රාත්‍රියේදී වතුරට දමා උදේ වනතුරු පෙගෙන්නට තබන්න. පසුව ඒ වතුරත් සමඟ යන්තම් උතුරන පරිදි පැය කිහිපයක් හොඳින් තම්බා ගන්න.වතුර හිදෙන විට තව තවත් එකතු කරගෙන උණුසුම තිබියදීම ලෝහ පෙනේරයකින් පෙරා ගන්න. පසුව සීනි සහ දෙහි යුෂ අවශ්‍ය ප්‍රමාණයට දියකරගෙන වීදුරු බදුනක දමා ශීතකරණයේ තබා පසුව අවශ්‍ය පරිදි වර්ණකාරක ආදිය එකතු කරගෙන ඝන වූ පසුව සාමාන්‍ය ජෙලි මෙන් ආහාරයට ගන්නට පුළුවන්. මෙය කාටිලේජ වර්ධනය කරගන්නට තියෙන හොඳම ආහාරයක්. ඒ නිසා නිතර අතුරුපසක් විදියට මොස් ජෙලි ආහාරයට ගැනීම ඉතා වැදගත්.