අප ගනුලබන ආහාර අතර එළවළු සුවිශේෂී කොටසක් වේ. එළවළු එකක් හෝ කිහිපයක් අප වරකට ආහාර සදහා එක් කර ගනී. බොහොමයක් දෙනා ආහාරයට ගන්නා ජනප්‍රිය මෙන්ම ජනප්‍රිය නොවන එළවළු රැසක් පවතී. ඒ අතර නෝකෝල් යනු වඩාත් ගුණදායක බ්‍රොකොලි රසයට සමාන රසයක් ඇති එළවළුවකි. රාබු ගෝවා වැනි එළවළු වලට බොහෝ සෙයින් සමතාවයක් දක්වන නෝකෝල් පරිප්පු සමග මිශ්‍ර කර ව්‍යංජනයක් ලෙස හා විවිධ සුප් වර්ග සකස් කිරීමේදී භාවිතා කළ හැකිය. එමෙන්ම නෝකෝල් පලා මැල්ලුමක් ලෙස ද ආහාරයට ගනී. එනම් නෝකෝල් වල පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ.
නෝකෝල් වල අන්තර්ගත පෝෂ්‍ය සංඝටක
- 1. විටමින් ඒ
- 2. විටමින් බී
- 3. ව්ටමින් සී
- 4. විටමින් කේ
- 5. යකඩ
- 6. කැල්සියම්
- 7. පොටෑසියම්
- 8. මැග්නීසියම්
- 9. තන්තු
යනාදී වශයෙන් විශාල පෝෂ්‍ය පදාර්ථ රැසක් නෝකෝල් වල අන්තර්ගත වේ. මේ නිසා විවිධ රෝග සඳහා නෝකෝල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
නෝකෝල් වල ඖෂධීය ගුණ

•රක්තහීනතාව සදහා ගුණදායක වේ.අප ශරීරයේ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම නිසා රක්තහීනතාවය ඇතිවනු ලැබේ.එනම් ශරීරයට අත්‍යවශ්‍ය යකඩ ඌන වීම මේ සඳහා හේතු වනු ලැබේ. නෝකෝල් ආහාරයට ගන්නේ නම් ඉන් රක්තහිනතාවය ඇති වීම පාලනය කර ගත හැකිය. එනම් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වර්ධනය කර රක්තහීනතාව සමනය කිරීම සිදුකරනු ලැබේ. ඊට අමතරව එහි අඩංගු කැල්සියම් ශරීරයට යකඩ අවශෝෂණය කර ගැනීම පහසු කරවනු ලැබේ.
• අස්ථි ශක්තිමත් කරනු ලබයි.අස්ථි ආශ්‍රිතව ඇතිවන ගැටලුකාරී තත්වයන් මගහරවා ගැනීම සදහා බෝහෝමයක් දෙනෙකුට නෝකෝල් ආහාරයට ගැනීම ගුණදායක වේ. එනම් නෝකෝල් ආහාරයට ගැනීමෙන් අස්ථි දුර්වල වීමේන් ඇතිවන ඔස්ටියෝපොරෝසිස් හා ආතරයිටීස් වැනි රෝගී තත්වයන් ඇති වීම වළක්වා ගත හැකිය. මේ සඳහා නෝකෝල් වල අඩංගු කැල්සියම් හා විටමින් කේ වැනි පෝෂ්‍ය පදාර්ථ වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
• ඇස් පෙනීම වර්ධනය කිරීම සදහා උපකාරී වේ.ඕනෑම වයස් පරතරයක පුද්ගලයෙකුට පෙනීම වර්ධනය කර ගැනීම සදහා ගත හැකි ගුණදායක ආහාරයක් ලෙස නෝකෝල් හදුනා ගත හැකිය. එනම් වයස් ගත වීමෙන් හෝ විටමින් ඌනතාවයන් නිසා ඇතිවන ඇස් පෙනීමේ දුර්වලතා මගහරවා ගැනීමට නෝකෝල් වල අඩංගු විටමින් A , බීටා කැරෝටීන් වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
• ශරීරයේ බර පාලනය කිරීම සදහා උපකාරී වේ.නෝකෝල් ආහාරයට ගැනීම ශරීරයේ බර පාලනය කර ගැනීම සදහා උපකාරී වේ. එනම් නෝකෝල් වල අඩංගු වන්නේ අවම කැලරි ප්‍රමාණයකි. එමෙන්ම එහි අඩංගු තන්තු කුස හොදින් පුරවා නැවත නැවත ආහාර ගැනීම අවම කරයි. එනම් මේ නිසා ශරිර බර පාලනය වේ.

• අධි රුධිර පීඩනය ඇති වීම වළක්වනු ලබයි.හෘද රෝගීන් සදහා වඩාත් ගුණදායක ආහාරයක් ලෙස නෝකෝල් හදුනා ගත හැකිය. නෝකෝල් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පොටෑසියම් පෝෂ්‍ය පදාර්ථය රුධිර නාල හැකිලීම වළක්වා රුධිර නාල විස්තාරනය කරනු ලබයි. එනම් ඉන් ශරීරය තුළ රුධිරය ක්‍රමවත්ව පරිවහනය වීම සිදුවේ. එය හෘදයාබාධ ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කර ගැනීමට ද උපකාරී වේ.
• ශක්තිය වර්ධනය කරයි.නෝකෝල් වල අන්තර්ගත පොටෑසියම් හා අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ශරීර ශක්තිය වර්ධනය කර මාංශ පේශි හා ස්නායු ගැටලු ඇති කිරීම අවම කිරීමට හේතුවේ.
• ආහාර ජීර්ණය හොඳින් සිදු වීම සදහා උපකාරී වේ.ආහාර ජීර්ණ පද්ධතියේ නීරෝගීභාවය පවත්වා ගැනීම සදහා ගුණදායක එළවලුවක් ලෙස නෝකෝල් හදුනා ගත හැකිය. එනම් නෝකෝල් ආහාරයට ගැනීමෙන් නෝකෝල් වල අන්තර්ගත තන්තු බඩවැල්වල ක්‍රියාකාරිත්වය වර්ධනය කර ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීම සදහා උපකාරී වේ.
මේ ආදී වශයෙන් නෝකෝල් ආහාරයට ගැනීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.