කොබොලීල ශාකයේ පොතු තබ්බන ලද ජලයෙන් කට සේදීමෙන් සියලුම මුඛය රෝග සුව වෙනවා

health tips

ස්වාභාවික පරිසරයේ පවතින විවිධ වටිනාකම් සහිත ශාක සොබාදහමේ අපූරු නිර්මාණයන් වේ. ඉතා අලංකාර පුෂ්පයක් සහිත කොබොලීල ගසද පරිසරයට එක් කරන්නේ අපුර්ව සුන්දරත්වයකි. බෞද්ධ සාහිත්‍යය තුළ පරසතු යනුවෙන් හදුන්වන්නේ කොබොලීල ශාකයයි. කොබොලීල ගසේ මව්බිම වන්නේ ගිනිකොනදිග ආසියාවයි. ඉන්දියාවේ දේශීය ශාකයක් ලෙස ද කොබොලීල හදුනා ගත හැකිය. ගෙවතු අලංකරණය සදහා මෙන්ම මාර්ගය දෙපස සෙවන ලබා ගැනීම සදහා ද කොබොලීල ගස් සිටුවනු ලබයි.

මෙම ශාකයේ සරල පත්‍ර ඒකාන්තරව පිහිටා ඇති අතර පත්‍ර හෘදයාකාර හැඩයකින් සමන්විත වේ. පුෂ්ප මංජරියක විශාල පුෂ්ප හට ගනී. මෙහි හටගන්නා මල් ඉතා සුවදවත් මෙන්ම සුන්දර ඒවා වේ. ඒවා සුදු ,දම් හා ලා කහ පැහැයක් ගනී. කොබොලීල ප්‍රභේද කිහිපයක්ම පවතී.

1. රතු කොබොලීල 

2. සුදු කොබොලීල 

3. කහපෙතන් 

පෙබරවාරි සිට අප්‍රෙල් දක්වා කාල වකවානුව තුළ කොබොලීල ගසේ මල් හට ගනී. මෙහි හට ගන්නා ඵලය පැලෙනසුළු කරලක් වේ. එහි බීජ 6-15ක් අතර ප්‍රමාණයක් පවතී. කොබොලීල ගසද බෝහෝමයක් රෝග සදහා ප්‍රතිකාර කිරීමේදී යොදා ගන්නා ඖෂධීය ගුණයෙන් අනූන ශාකයකි. 

කොබොලීල ශාකයේ ඖෂධීය ගුණ 

විවිධ රෝග සදහා ඖෂධ සැකසීමේ දී කොබොලීල ගසේ මුල්, මල් , පොතු ,කොළ යනාදී වශයෙන් පංචාංගයම භාවිත කරනු ලබයි.කොබොලීල ප්‍රභේද සියල්ලම සමාන ගුණයන්ගෙන් යුක්ත වේ. නමුත් රතු කොබොලීල ගලගණ්ඩය රෝගය සදහා විශේෂයෙන් ගුණදායක ඔසුවකි. කොබොලීල ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගැනීමට හැකි රෝග 

  • අතීසාරය සදහා 
  • වණ රෝපණය සදහා 
  • වණ සේදීම සදහා 
  • ගුද භ්‍රංශ සදහා 
  • රක්ත අර්ශස් සදහා 
  • රක්ත පිත්ත සදහා 
  • ගණ්ඩමාල රෝගය සදහා 
  • රක්ත ප්‍රදර සදහා 
  • කුෂ්ඨ සදහා 
  • මලබද්ධය සදහා 
  • ක්ෂය රෝගය සදහා 
  • ඇදුම සදහා 
  • පණු රෝග සදහා 
  • ප්‍රවාහිකා සදහා ආදී රෝගී තත්වයන් බෝහෝමයක් සුවපත් කරන්නට ඔසුවක් ලෙස කොබොලීල භාවිත කරනු ලැබේ.

කොබොලීල ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සකසාගත හැකි අත්බෙහෙත් 

• මලබද්ධය සදහා මේ සදහා භාවිත කරනු ලබන්නේ කොබොලීල ගසේ මලය.කොබොලීල මල් සීනී සමග ලිප තබා හොඳින් පැසවූ මිශ්‍රණය මල බද්ධයට ඉතා හොඳ මෘදු විරේකයක් වේ. 

• සර්ප විෂ සදහා කොබොලීල පංචාංගය පොල් සහ විනාකිරි සමග මිශ්‍ර කර සර්පයා දෂ්ඨ කළ මුඛයේ ආලේප කිරීමෙන් සර්ප විෂ සමනය කර ගත හැකිය. 

• අර්ශස් සදහා ඉතා සියුම්ව සකස් කර ගන්නා කොබොලීල මල් චූර්ණය මෝරු සමග ආහාරයට ගැනීම ගුණදායක වේ. 

• වණ සේදීම සදහා කොබොලීල ගසේ පොතු තම්බන ලද ජලයෙන් වණ සේදීමෙන් ඒවා සුවපත් කර ගත හැකිය. 

• ගණ්ඩමාල රෝගය සදහා මේ සදහා කොබොලීල පොතු චූර්ණය හෝ කොබොලීල පොතු කෂාය ලෙස සකසා පානය කිරීමට ලබා දෙයි. එමෙන්ම පොතු අඹරා ආලේප කිරීම ද ගුණදායක වේ. 

• මුඛ රෝග සදහා කොබොලීල පොතු තම්බන ලද ජලයෙන් කට සේදීම මගින් එම රෝග සමනය කර ගත හැකිය. එමගින් මුඛය තුළ ඇති විෂබීජ විනාශ වේ. යනාදී වශයෙන් විවිධ රෝග සදහා ගුණදායක ඔසුවක් ලෙස කොබොලීල හදුනා ගත හැකිය.