ලෙඩක් නැතිව සුවෙන් ඉන්න පානය කළ යුතුම කොළ කැඳ වර්ග 2 ක් 

health tips

 නිරෝගීව ලස්සනට ජීවත් වෙන්න අපි හැමෝම වෙහෙසෙනවා. ඉතා පහසුවෙන් නිරෝගීව ඉන්නට ඕනෑ තරම් ක්‍රම තියෙද්දී ඇයි අපි රෝගීන් බවට පත් වෙන්නේ. එයට හේතු දෙකක් තියෙනවා. එකක් අපේ කාර්යබහුල බව. අනිත් කාරණය තමයි අනවබෝධය. මේ නිසා අපේ මුතුන් මිත්තන් භාවිතා කරපු බොහොමයක් වටිනා ආහාර පාන සහ ඖෂධ අපේ සමාජයෙන් ගිලිහිලා යනවා. ඒ නිසාවෙන් අපට සිද්ධ වෙලා තියෙනවා නිරෝගීකම රැක ගන්නට නොයෙකුත් ආකාරයේ ඖෂධ වර්ග ආහාර වර්ග අධික මිල ගණන් යටතේ අරගෙන භාවිතා කරන්නට.

කොළ කැඳ කියන්නේ ලාංකීය ඔබට මට නුහුරු නුපුරුදු ආහාරයක් නම් නෙවෙයි. ඈත අතීතයේ දී අපේ මුතුන් මිත්තන්ගේ ආහාරපාන අතර මූලික තැනක් ගත්තු ආහාරයක් තමයි කොළ කැඳ. එදා අපේ මුතුන් මිත්තන් දවස පටන් ගත්තේ කිරිපිටි කෝප්පයකින් නෙවෙයි. මෙන්න මේ ඖෂධීය ශාක භාවිතා කරමින් සකස් කරපු ගුණදායී කැද කෝප්පයකින්. විවිධ රෝග තත්ත්වයන් සඳහා විවිධ ආකාරයට කොළ කැඳ සකසාගෙන භාවිතා කරනවා .

ලෙඩ රෝග බොහෝමයක්ම සුවකර කරගන්නට හැකියාව තියෙන කොළ කැඳ දෙවර්ගයක් ගැන අපි අද ඔබට කියන්නම්. මේ විශේෂ කොළ කැඳ දෙවර්ගයට පුළුවන් ඔබේ හිසේ සිට දෙපතුල දක්වා වූ සියලුම රෝග තත්ත්වයන් සුවපත් කරගන්නට. බොහෝ කල් සුවයෙන් ජීවත් වෙන්නට  උපකාර කරන්නට.

ඖෂධීය ශාක වර්ග කීපයක් යොදා සකස්කර ගන්නා කොළ කැඳ  ලෙඩ රෝග සියයකින් පමණ ආරක්ෂාව සලසා දෙන්නට සමත් බව අපි හැමෝම දැනුවත් විය යුතු කාරණාවක්. මේ නිසා ඔබ සකසා ගන්නා කොළ කැඳ සඳහා එක් ශාකයක් දෙකක් භාවිතා කරනවට වඩා විශේෂ ඖෂධීය ගුණයන්වලින් පොහොසත් ශාක වර්ග කිහිපයක් එකතු කරගන්නා එක ඉතාම වැදගත්. 

1.අවශ්‍ය ද්‍රව්‍ය

 හීනටි හාල් මේස හැදි එකක්

 නාඩු හාල් කෝප්ප භාගයක්

 පොල් මිටක්

 කරපිංචා කොළ මිටක්

 හීන්  බෝවිටියා කොළ මිටක් 

කොහිල දලු මිටක්

 කරල්හැබ කොළ මිටක්

 මොණරකුඩුම්බිය කොළ මිටක්

 සුදු ළූණු බික් 5ක්

සාදා ගන්නා ආකාරය 

මේ සියලුම කොළ වර්ග සෝදා පිරිසිදු කරගෙන වංගෙඩියේ කොටා ගන්න. මෙවැනි  ඖෂධීය පානයන් සකසා ගනිද්දී බ්ලෙන්ඩර් භාවිතා කරනවාට වඩා වැඩි ගුණයක් පෝෂණයක් රැකෙන්නේ වංගෙඩිය භාවිතයෙන් ඒවා කොටා ගැනීමෙන්. මේ කොළ වර්ග  සමගම පොල් ටිකත් එකට එකතුකර හොඳින් කොටා යුෂ  ලබාගන්න.

 පසුව නාඩු හාල් සෝදා ලිප තබා ඒවා තැම්බීගෙන එද්දි හීනටි සහල් මේස හැඳි එක එකතු කරන්න. එයටම යන්තමට තලාගත් සුදු ළූණු බික් එකතුකර ගන්න. කැඳ සකස් වෙද්දි  කලින් සූදානම් කර ගත් කොළ යුෂ ටික පෙරා එකතු කර හොඳින් හැඳි ගාන්න. 

මේ කොළ කැඳ පානය ඔබට දිනපතාම පානය කරන්නට හැකි නම් වඩාත් හොඳයි. එසේ නැත්නම් අඩුම සතියකට දින තුනක්වත් මේ පානය ලබාගන්න. මේ කොළ කැඳ පානය කර පැය 3 තුනක් යනතුරු ආහාර පාන අනුභව නොකර සිටීම වඩාත් හොඳයි.

 2. අවශ්‍ය ද්‍රව්‍ය

 කරපිංචා කොළ කෝප්ප භාගයක්

 ඉඟුරු කෑල්ලක්

  සුදු ළූණු බික් 20 ක් 

 මින්චි කොළ කෝප්ප භාගයක්

 කොත්තමල්ලි කොළ සහ දඬු භාගයක්

 වැල් ගොටුකොළ මුල් සහ දඬු කෝප්ප භාගයක්

 ලියාගත් නිවිති කොළ කෝප්ප භාගයක්

   තෙඹු කොළ පහක්

 කොහොඹ කොළ දහයක්

  අමු නෙල්ලි ගෙඩි දහයක්

 බැදගත් උලුහාල් කුඩු මේස හැඳි  එකක්

 රතු කැකුළු සහල් කෝප්ප භාගයක්

 පොල් කිරි කෝප්ප භාගයක්

 ලුණු ටිකක්

 පිරිසිදු වතුර 

සාදා ගන්නා ආකාරය 

 සියලුම කොළ වර්ග සෝදා තරමක කෑලිවලට කපා ගන්න. නෙල්ලි ගෙඩිවල ඇට ඉවත් කර ඒවාත් කැබලිවලට  කපා ගන්න.ඉඟුරු සුදුලූනු ආදියත් තරමක කෑලිවලට කපාගන්න.  මේ කොළ වර්ග සුදු ළූණු, ඉගුරු සහ නෙල්ලිවලින් ටික ටික දමමින් හොඳින් කොටා ගන්න. ඉන්පසු පිරිසිදු රෙදිකඩක් භාවිතයෙන් යුෂ පෙරා ගන්න 

සෝදාගත් සහල් ටික වතුර කෝප්ප එකහමාරක් සමඟ ලිපතබා මදගින්නේ පිසගන්න. බත් තැම්බුණු පසු  පොල්කටු හැන්දෙන් බත් ඇට පොඩි කරගන්න. එයට ඉන්පසු කොළ යුෂ ටික දමා හොඳින් රත් කරන්න. පසුව පොල්කිරි සහ උළුහාල් කුඩු එකතු කර ලුණු ස්වල්පයකුත් දමන්න .මේ  කැඳ පානයත් දිනපතා ලබා ගන්න පුලුවන් නම් ඉතාම ගුණදායකයි.

මේ  කැද වර්ග දෙක පානය කිරීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ සැකෙවින් මෙසේ සඳහන් කරන්නම්.

දියවැඩියාව සමනය කරනවා

කොලෙස්රෝල් දිය කරනවා 

සම පැහැපත් කරනවා

හිසකෙස් වර්ධනය කරනවා

පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා

බඩවැල්වල තුවාල නැති කරනවා

ශරීර ශක්තිය ලබාදෙනවා

ශරීරයේ දුර්වල බව නැති කරනවා

නිරක්තිය දුරුකරනවා

ප්‍රතිශක්තිය වඩවනවා 

ආහාර රුචිය වර්ධනය කරනවා

ශරීරයේ විෂහරණය කරනවා

ආහාර රුචිය වර්ධනය කරනවා

මළ මුත්‍ර පහකිරීම පහසු කරනවා

වාජීකරණ ශක්තිය ලබාදෙනවා

ආයුෂ වර්ධනය කරනවා

වාතය නසනවා

අර්ශස් සුව කරනවා

 උදෑසන බොන කිරිපිටි කෝප්පය වෙනුවට මෙවැනි කොළකැඳ කෝප්පයක් ඔබට පානය කරන්නට හැකිනම් ලෙඩරෝග කිසිවකට ගොදුරු නොවී නීරෝගිමත් ජීවිතයක් ගත කරන්නට ඔබට හැකියාව ලැබෙනවා .