ඔබත් දිනපතා තේ පානය කරද්දි එහෙමත් නැත්නම් අතරමැදි ආහාර වේලට විවිධ රසකැවිලි අනුභව කරනවා වෙන්න ඇති . නමුත් මේ ගන්නා රසකැවිලි තෙල් අධික, සීනි සහ ලුණු අධික පිටි සහිත ආහාර. මේ ආහාර නිතර ගැනීම දිව පිනවුවත් අපේ නිරෝගී බවට නම් එය විශාල තර්ජනයක්. ඒ නිසා මෙවැනි ආහාර ගන්නවට වඩා අපේ ශරීරයට ගුණදායක ඉතා පහසුවෙන් සොයාගන්නට හැකි අපූරු දේවල් අප අවට තියෙනවා. නමුත් බොහෝ අයට ඒවායේ අගයක් නැහැ. ඒ වගේම ඒ ගැන දැනුවත්භාවයකුත් නැහැ.

අපේ රටේ එතරම් ජනප්‍රිය වුණේ නැතත් ලෝකයේ බොහෝ රටවල්වල මේ අතරමැදි ආහාර වේල් ඉතාම පෝෂණීය විදියට ගන්නට ඔවුන් උනන්දු වෙනවා. ඒ නිසාම ඔවුන් ආමන්ඩ්, හේසල් නට්, වෝල් නට් ආදිය අතුරුපසක් විදිහට භාවිතා කරනවා. මේවා පෝෂණ ගුණයෙන් ඉහළ වුණත් ඒවා මිලෙන් අධික නිසා අපිට ආහාරයට නිතරම ඒවා ගන්නට හැකියාවක් නැහැ.
නමුත් ඒවාට හොඳ විකල්ප අපිට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන්. අපේ රටේ පහසුවෙන්ම සොයා ගන්නට හැකියාව තියෙන රටකජු, කජු වගේම කොට්ටම්බා මද ඒ හා සමාන පෝෂණ ගුණයකින් යුක්තයි. ඉතින් ඔන්න අපි අද කතා කරන්නේ අතරමැදි ආහාර වේලට ශරීරයට අහිතකර ආහාර ගන්නවාට වඩා ඉතා පහසුවෙන් ගුණයෙන් ඉහළ ආහාරයක් විදියට ලබාගන්නට හැකියාව තියෙන කොට්ටම්බා ගැන.
දරුවන් වගේම වැඩිහිටි ඔබත් මේ කොට්ටම්බා ශාකය ගැන නම් නොදන්නවා වෙන්නට බැහැ. දරුවන්ගේ වඩාත් ප්‍රියමනාප කොට්ටම්බා මදවල රසය වැඩිහිටි ඔබත් හඳුනනවා ඇති. ඒ නිසා මේ කොට්ටම්බා ශාකය ලාංකීය ලොකු කුඩා හැමෝම අතර ඉතාමත්ම ප්‍රචලිතයි. විසිතුරු ශාකයක් විදියටත් සෙවණ ලබාදෙන අපූරු ශාකයක් විදිහටත් මෙය අපිට දැකගන්න පුළුවන්.
මේ කොට්ටම්බා ගෙඩි ඉදුණු පසු රතු සහ කහ පැහැයෙන් දකින්නට පුළුවන්. මෙහි ආහාරයට ගන්නේ දුඹුරු පොත්තකින් වැසුණු සුදු මදය.

මේ කොට්ටම්බා නියසින්, ප්‍රෝටීන,යකඩ, මැග්නීසියම්, තන්තු, අසන්තෘප්ත මේද, ඇමයිනෝ අම්ල වගේම විටමින් ඊ සහ බී ආදියෙන් ද පොහොසත්. මේ කොට්ටම්බා ලෙල්ලත් ඉතාම පෝෂයදායි ආහාරයක්. එහි ප්‍රෝටීන බහුලවම අඩංගු වෙනවා.
ඉතින් මේ ඉහළ පෝෂණ ගුණයකින් යුක්ත කොට්ටම්බා වගේම වට්ටක්කා ඇට ආදිය ආහාරයට ගැනීමෙන් දීර්ඝායුෂ ලබන්නට හැකියාව තියෙන බව බ්‍රිතාන්‍යයේ ආහාර සංවිධානය විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය කරගෙන තියෙනවා. දැන් අපි මේ කොට්ටම්බා මද අපේ ආහාරයට එකතු කර ගැනීමෙන් අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ ගැන කතා කරමු.
කොට්ටම්බා ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ
ශරීරයේ නරක කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට දායක වෙනවා.
ලිනෝලෙයික් සහ ලිනෝලෙනික් අම්ල දෙක අඩංගු වෙන නිසා ශරීරය පුරා ඇති දැවිල්ල අඩු කරන්නට දායක වෙනවා.
තන්තු බහුල නිසා බර අඩු කරගන්නට උදව් වෙනවා.
ෆෝලික් අම්ලය හොඳ මට්ටමක අඩංගු වන නිසා උපත් ආබාධ අවම කර කරගන්නට ගර්භණී කාන්තාවන්ට ආහාරයට ගන්නට හැකියාව තියෙන ගුණදායක ආහාරයක්.
පොස්පරස්, විටමින් සහ ඛනිජ ලවණවලින් පොහොසත් නිසා අස්ථි සෑදීම සහ අලුත්වැඩියාව සඳහාත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.
අක්ෂි සහ දත් ශක්තිමත් කරනවා.
හෘදයාබාධ සහ ආඝාතය ආදි තත්ත්වයන් ඇතිවීම වළක්වනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරනවා.
මලබද්ධය වළක්වනවා.
රුධිර පීඩනය නියාමනයට දායක වෙනවා
ආහාර ගැනීමෙන් පසු ඉන්සියුලින් සහ ග්ලූකෝස් මට්ටම සාම්ප්‍රදායිකව ඉහළ යාම අඩු කරන්නට දායක වෙනවා. එය රුධිරයේ සීනි මට්ටම යහපත්ව තියා ගන්නට උපකාරී වෙනවා.
ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය මැනවින් සිදු කරන්නට දායක වෙනවා.
මානසික ආතතිය ආදී රෝග තත්ත්වයන් සමනය කරනවා.
චර්ම රෝග වළක්වනවා.
හිසකෙස් ගැලවී යාම සමනය කරනවා.
ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවීමේ අවදානම අඩු කරනවා.

පියයුරු පිළිකා ඇතුළු පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.
වයස්ගතවීමත් සමඟ ඇතිවෙන අමතක වීමේ ස්වභාවය, වෙව්ලන ස්වභාවය සහ සමබරතාවය නැතිව ඇද වැටීම ආදි තත්ත්වයන්ගෙන් ආරක්ෂාව සලසනවා.
ඇසේ සුද මතුවීම, ඇස් අන්ධවීම වීම ආදී වයස්ගත වීමත් සමඟ ඇතිවන අක්ෂි ආබාධ දුරු කරනවා.
පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වනවා.
විසබීජ ආසාදන දුරුකරනවා.
ලිංගික ශක්තිය වර්ධනය කරනවා.
සමේ රැලි වැටීම අවම කර සම වියපත් වීම පාලනය කරනවා.
කොලජන් තන්තු නිෂ්පාදනය වේගවත් කරනවා.
ක්ෂණික මෝචනයට ගුණදායකයි.
ආතරයිටීස් රෝගීන්ට ගුණදායකයි.
මේ කොට්ටම්බා ඇටයේ පොත්ත ඉවත් කර බැද කුඩුකර කිතුල් පැණි සහ මඟ මිශ්‍රකර අග්ගල සාදා ගෙන මේවා ආහාරයට ගන්නට හැකියාව තියෙනවා. නමුත් මේ කොට්ටම්බා මද ලුණු හෝ තෙල් මිශ්‍ර කිරීමෙන් තොරව ආහාරයට ගන්න හැකිනම් අපේ නිරෝගී බවට එය අතිශයින්ම වැදගත්. දිනපතාම තේ පානයේ දී එකතු කර ගන්නා සීනි අධික පිටි සහිත තෙල් සහිත රසකැවිලි වෙනුවට කොට්ටං ඇට ග්රෑම් 30 පමණ ප්‍රමාණයක් එකතු කර ගන්නා එක ශරීර සෞඛ්‍යයට හරිම වැදගත්.