බොහෝ දෙනෙක් මුහුණ දෙන දියවැඩියාව ඇතුළු රෝග ගණනාවකට සුව කැන්දන පුංචි කෝවක්කා ගෙඩිය

health tips

ශ්‍රී ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු රටවල ද  බහුලව දැකගත හැකි ඖෂධීය ගුණ රැසක් අඩංගු ශාකයක් ලෙස කෝවක්කා ශාකය හඳුනාගත හැකිය. එනම් ආධාරකයක් මත වැඩෙන සුදු පැහැති කඳකින් යුත් බහුවාර්ෂික වැල් විශේෂයක් වන කෝවක්කා ශාකයේ පත්‍ර සරල පත්‍ර වන අතර පත්‍ර දාර මත කඩතොළු පිහිටා තිබේ. මල් සුදු පැහැයෙන් යුක්ත මල් වේ. අණ්ඩාකාර හැඩති  අමු ඵලය කොළ පැහැති වන අතර ඉදුණු පසු රතු රෝස පැහැති වේ. 

එනම්  Coccinia grandis යන කුලයට අයත් කෝවක්කා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ බහුලව රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස භාවිතා කිරීම සිදුකරනු ලැබේ. 

කෝවක්කා වැවෙන ප්‍රදේශය අනුව ප්‍රභේද දෙකක් පවතී. 

ග්‍රාම්‍ය 

වන්‍ය 

එනම් මේ අතුරින් ග්‍රාම්‍ය වැල් ආහාර සඳහා ද   වන්‍ය වැල් ඖෂධ සකස් කිරීම සඳහා ද යොදා ගනී. 

කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කිරීමට අමතරව කෝවක්කා කෝවක්කා ගෙඩි සලාදයක් ,ව්‍යංජනයක්,දළු කොළ පලා මැල්ලුමක් ලෙස හා  ඉදුණු ගෙඩි පළතුරක් ලෙස ආහාරයට එක් කර ගත හැකිය. එනම් කෝවක්කා වල මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ. 

එනම් 

ප්‍රෝටීන්

විටමින් C 

කැල්සියම්

පොස්පරස්

රයිබොප්ලෙවින්

කාබෝහයිඩ්‍රේට් 

මේ ආදී වූ පෝෂ්‍ය පදාර්ථ කෝවක්කා වල අන්තර්ගත වේ.

කෝවක්කා ඖෂධයක් ලෙස මෙන්ම ආහාරයක් ලෙස භාවිතා කිරීම මගින් ශරීරගත බොහෝ රෝග සුව කර ගත හැකිය එනම් ඒ අතර  

කල්ගතවූ කැස්ස

පොතු කබර රෝගය 

මුඛ රෝග

උගුර ආශ්‍රිත ආබාධ

අක්මා රෝග

හන්දිපත් වේදනා

දියවැඩියාව

ලාඳූරු

දද , කුෂ්ඨ 

සෝම රෝගය 

වණ,තුවාල

ඇදුම

උණ 

ශරීරගත ඉදමුම්

වකුගඩු රෝග

අර්ශස්

හිසකෙස් ගැටලු

මළබද්ධය 

ආර්තව දෝෂ 

මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීමට 

කෝවක්කා ආහාරයට ගැනීම ගුණදායකය. 

මුඛ දුර්ගන්ධයට 

වයස් භේදයකින් තොරව බොහෝ දෙනෙකුට පවතින මුඛ දුගන්ධය සමනය කිරීම සඳහා ඖෂයක් ලෙස කෝවක්කා භාවිතා කළ හැකිය. එනම් කෝවක්කා කොළ කිහිපයක් ගෙන කොටා යුශ ගෙන එම යුෂ වලින් මුඛය සේදීම මගින් මුඛ දුර්ගන්ධය ඇති වීම වළක්වා ගත හැකිය. 

ශරීර වේදනාවන්ට 

ශරීරයේ ඇතිවන නොයෙකුත් වේදනාවන් සුව කර ගැනීමට කෝවක්කා ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස යොදා ගෙන තිබේ. එනම් කෝවක්කා මුල් සහ දඬු තළා ලබා ගන්නා යුෂ එම වේදනාවන් ඇති ස්ථානවල ආලේප කිරීම මගින් එම වේදනාවන් සමනය කර ගත හැකිය.

සම පැහැපත් කිරීමට

කෝවක්කා ගෙඩි සහ කොළවල විටමින් C බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා සමෙහි පවතින රෝග සමනය කිරීමට මෙන්ම සම පැහැපත් කර ගැනීමට කෝවක්කා ගෙඩි කොළ ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.

කල් ගතවූ කැස්සට 

කල් ගතවූ කැස්ස සමනය කිරීම සඳහා කෝවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් කෝවක්කා කොළ මිටක් ගෙන බදුනකට දමා එයට ජලය පත අටක් මිශ්‍ර කර පත එකට සිඳුවා පත භාගය බැගින් දිනපතා උදේ සවස මීපැණි මිශ්‍ර කර පානය කිරීම මගින් කැස්ස සමනය කර ගත හැකිය. 

මළබද්ධයට

මලපහ පිට කිරීමට අපහසු වීම හෙවත් මලබද්ධය ඇතිවීම වළක්වා ගැනීම සඳහා කෝවක්කා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ. එනම් කෝවක්කා කොල වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මලපහ පිට කිරීම පහසු කරවනු ලැබේ. 

තුවාල සුව කිරීමට

තුවාල ඉක්මනින් සුව කරගැනීම සඳහා කෝවක්කා කොළ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය එනම් ඒ සඳහා කෝවක්කා කොළවල  යුෂ ගෙන එම තුවාල වල ආලේප කිරීම යෝග්‍යය වේ. 

දියවැඩියාවට 

දියවැඩියාව පාලනය කිරීම සඳහා ආයුර්වේදය තුළ භාවිතා කරන තවත් එක් වටිනා ඖෂධයක් ලෙස කෝවක්කා හැඳින්විය හැකිය එනම් කෝවක්කා පලා මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් රුධිර ගත සීනි මට්ටම ඉහළ යාම වළක්වාගත හැකිය. නමුත් මෙය කෘතිම ඖෂධ භාවිතා කරන විට භාවිතා නොකර සිටිය යුතුය. එනම් ඉන් රුධිරගත සීනි මට්ටම අසාමාන්‍ය ලෙස අඩු විය හැකිය. එමෙන්ම සීනි අවම පුද්ගලයින් ද කෝවක්කා ආහාරයට ගැනීමේදී රුධිරගත සීනි මට්ටම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. 

චර්ම රෝගයන්ට

බොහෝ දෙනකු පීඩා විඳින සමෙහි ඇතිවන චර්ම රෝග එනම් දද ,කුෂ්ට, හොරි සුවකර ගැනීමට ඖෂධයක් ලෙස කෝවක්කා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කෝවක්කා ගෙඩි වල හෝ පත්‍රවල යුෂ ආලේප කිරීම සිදුකරනු ලැබේ. එනම් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට දිනකට දෙවතාවක් කෝවක්කා කොළ ගෙඩි යුෂ ආලේප කිරීම කළ යුතුය.

එමෙන්ම දද ,කුෂ්ට රෝග සඳහා කෝවක්කා කොළ අඹරා තලතෙල් මිශ්‍ර කර මදක් රත් කර මද රස්නෙන් යුතුව දද , කුෂ්ට මත උදේ සවස ආලේප කිරීම මගින් දද,කුෂ්ට  සුව කර ගත හැකි වේ.

මේ ආදී වූ බොහෝ රෝග සුව කර ගැනීමට කෝවක්කා ඖෂයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් නිදන්ගත රෝග සඳහා භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.