රුධිරයේ සීනි මට්ටම පාලනය ඇතුළු ඇතුළු ලෙඩ රෝග රැසකට සුව කැන්දන කුරක්කන් කැඳ පානය

health tips

කුරක්කන් කැඳ පානයේ ඖෂධීය ගුණ 

ධාන්‍ය වර්ග බොහෝ ඇතත් එම ධාන්‍ය අතුරින් කුරක්කන්වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එනම් කුරක්කන් යනු පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු ගුණදායක ආහාරයකි. ඈත අතීතයේ සිටම කුරක්කන්  පිට්ටු, කැඳ,තලප, රොටි,හැලප ආදී වශයෙන් විවිධ ආහාර සකස් කර ආහාරයට ගෙන තිබේ. 

එනම් Eleusine coracana නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Poaceae කුලයට අයත් කුරහන් වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. 

එනම් 

තයමින්

රයිබොප්ලෙවින් 

කැලරි

කැල්සියම්

පොස්පරස්

කැරොටීන්

මේදය

යකඩ 

කාබෝහයිඩ්‍රේට්

ප්‍රෝටීන්

නියසීන් 

ආදී වශයෙන් පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගුවේ.

එනම් කුරක්කන් දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ද විදේශීයව ඉන්දියාව, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව වැනි රටවලද වගා කරනු ලැබේ. 

කුරක්කන් කැඳ පානය 

අවශ්‍ය ද්‍රව්‍ය.

කුරක්කන් පිටි මේස හැඳි තුනක්

පොල් කිරි කෝප්පයක්

වතුර කෝප්ප එකක්

තලාගත් ඉඟුරු කැබැල්ලක්

ගම්මිරිස් කුඩු තේ හැන්දක්

ලුණු ස්වල්පයක් 

කුරක්කන් පිටි  හැඳි තුනක් පමණ ගෙන බඳුනකට දමා ඊට වතුර කෝප්ප එකක් දමා හොඳින් මිශ්‍ර කර මඳගින්නේ හැඳි ගාගන්න. පසුව ඊට තලා ගත් ඉඟුරු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක් කර  තැම්බෙන විට පොල් කිරි එකතු කර රස පදමට ලුණු දමා හොඳින් හැඳි ගා උතුරනවිට ලිපෙන් බා මදක් නිවුණු පසු කිතුල් හකුරු සමඟ රසවත් කිතුල් හකුරු කැඳ පානය කළ හැකිය. 

කුරක්කන් ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ. 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග සඳහා 

තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කිරීම සඳහා කුරක්කන් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කුරක්කන් කැඳ කැඳ,තලප ආහාරයට ගැනීම මේ සඳහා වඩාත් සුදුසුවේ. එනම් කුරක්කන් වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ තයිරොයිඩ් හෝමෝන වර්ධනය කර තයිරොයිඩ් ග්‍රන්ථියේ හටගන්නා රෝග සමනය කරයි. 

රක්තහීනතාවය සඳහා

යකඩ ඌන වීමෙන් ඇතිවන රක්තහීනතාවය හෙවත් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා කුරක්කන් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කුරක්කන්වල ශරීරයට අත්‍යවශ්‍ය යකඩ වැඩි ප්‍රමාණයක් අඩංගු වන බැවින් කුරක්කන් ආහාරයට ගැනීමෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ගත හැකිය. එනම් මේ නිසා රක්තහීනතාවය ඇති පුද්ගලයින්ට කුරක්කන් ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ.

ශරීරයේ බර පාලනය කිරීම සඳහා

බොහෝ රෝග වලට අත වනන අධික ස්ථුලභාවය අඩු කර ගැනීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස කුරක්කන් හැඳින්විය හැකිය. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු හොඳින් කුස පුරවා නිතර නිතර කුසගිනි ඇතිවීම පාලනය කරනු ලැබේ. එනම් ඉන් ආහාර ගැනීම පාලනය වී නිරායාසයෙන්ම ශරීර බර පාලනය වීම සිදුවේ.

දියවැඩියාව සඳහා

දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස කුරක්කන් ප්‍රචලිතය. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් කුරක්කන් වල අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම ඉහළ යාම පාලනය කර දියවැඩියාව ඇතිවීම වළක්වනු ලබයි. එනම් කුරක්කන් රොටී ,කැඳ ,පිට්ටු, තලප ආදී වශයෙන් ඕනෑම ආහාරයක් සකස් කර භාවිතා කිරීමෙන් දියවැඩියාව ඇතිවීම පාලනය කරගත හැකිය. නමුත් ඖෂධ සමඟ කුරක්කන් ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතුය. 

මලබද්දය සඳහා

පීඩාකාරී රෝග තත්ත්වයක් වන මලපහ පිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය හෙවත් මල බද්ධය සමනය කරගැනීමට කුරක්කන් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් කුරක්කන්වල අඩංගු තන්තු ආහාර හොඳින් ජීර්ණය කර මළ පහ පිට කිරීම පහසු කරවනු ලැබේ. එනම් කුරක්කන් කැඳ,රොටි ,තලප ,පිට්ටු ආදී වශයෙන් ඕනෑම ආහාරයක් මේ සඳහා භාවිතා කිරීම සුදුසුවේ.

මාංශපේශී වර්ධනය කිරීම සඳහා

ලොකු කුඩා සෑම දෙනාටම පාහේ මාංශපේෂි වර්ධනය කරගැනීම සඳහා ආහාරයට ගැනීමට සුදුසු ධාන්‍ය වර්ගයක් ලෙස කුරක්කන් හැඳින්විය හැකිය. එනම් කුරක්කන්වල මාංශ පේශී වර්ධනය කිරීමට අත්‍යවශ්‍ය ප්‍රෝටීන්, ඛනිජ ලවණ ,විටමින් බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා වයස් භේදයකින් තොරව කුරක්කන් ආහාරයට ගැනීම සෑම දෙනාටම වඩාත් ගුණදායක වේ.

මේ හැරුණු කොට 

අස්ථි ශක්තිමත් කිරීමට 

සම පෝෂණය කිරීමට 

ගර්භනී මව්වරුන්ට 

කුරක්කන් කැඳ, රොටි, තලප, පිට්ටු,හැලප ආහාරයට ගැනීම ගුණදායකය