ඖෂධීය ගුණ අඩංගු බැසිල් ඇට වර්තමානය වන විට බොහෝ දෙනෙකු භාවිතයට ගෙන තිබේ. එනම් කුෂ් කුෂ් , තුල්සි… ආදී නම් වලින් හඳුන්වනු ලබන බැසිල් ඇට ඕනෑම ආයුර්වේද වෙළඳසැලකින් ලබා ගත හැකිය. එනම් බොහෝ දෙනෙකු කස කසා ඇට හෙවත් බැසිල් ඇට පානයක් ලෙස මෙන්ම පුඩින් වර්ග, ජෙලි හා සලාද වර්ග සැකසීමට ද භාවිතා කරයි. එනම් වතුර වීදුරුවකට කස කසා ඇට ස්වල්පයක් දමා පැයක් පමණ තබා බිලෙන්ඩර් කර ඊට දෙහි යුෂ ස්වල්පයක් සහ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් නොයෙක් සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය. එනම් ඊට හේතුව කස කසා ඇට හෙවත් බැසිල් ඇටවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවීමයි. පෝටීන්, විටමින්,පොලේට්, කැලරි,යකඩ, මැග්නීසියම්, කැල්සියම්, තන්තු,නියසීන්,කොලෙස්ටරෝල් රහිත මේදය …. මේ ආදී වූ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. කස කසා ඇට සුදු හා නිල් පැහැයන්ගෙන් පවතී. එනම් දිනකට බැසිල් ඇට ස්වල්පයක් වතුරට දමා පානය කරන්නේ නම් ඉන් බොහෝ රෝග සමනය කර ගත හැකිය.
කස කසා ඇටවල ඖෂධීය ගුණ

රක්තහීනතාවය සමනය කර ගත හැකිය.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් ඇතිවන රක්තහීනතාවය ඇති වීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ ශරීරයට අවශ්‍ය යකඩ ඌනතාවයයි. නමුත් බැසිල් ඇට පානය කරන්නේ නම් ඉන් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි.
ශරීරයේ බර පාලනය කර ගත හැකිය.වර්තමානය වන විට ගැහැණු පිරිමි දෙපාර්ශවයම ශරීරයේ බර පාලනය කර ගැනීම සඳහා බැසිල් ඇට පානය භාවිතා කරයි. එනම් ඊට හේතුව ශරීරයේ අහිතකර මේදය දහනය කිරීමේ හැකියාව කස කසා ඇට වල අඩංගු වීමයි.
කාන්තාවන්ගේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත රෝග සමනය කර ගත හැකිය. බොහෝ විට කාන්තාවන්ගේ මදසරු බව ඇති වීම වළක්වා ගැනීමට කස කසා ඇට පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් කස කසා ඇට පානයේ පවතින මේද කොටස් සරුබව වැඩි කර පැලෝපීය නාල වල පවතින අපද්‍රව්‍ය ඉවත් කර එම නාල පිරිසිදු කර නීරෝගී කරනු ලැබේ. මේ නිසා කාන්තාවන්ට මෙම පානය වඩාත් සුදුසුවේ.
ශරීරය සිසිල් කර ගත හැකිය.බැසිල් ඇට පානය භාවිතා කිරීම මගින් දේශගුණික විපර්යාස නිසා හෝ උෂ්ණ අධික ආහාර පාන භාවිතා කිරීම නිසා හෝ ශරීරයේ උෂ්ණාධික බව වැඩි වූ විට සම මත ඇතිවන තුවාල සමනය කර ගැනීමට මෙන්ම ශරීරය සිසිල් කර ගැනීමට බැසිල් ඇට පානය භාවිතා කිරීම ගුණදායකය.
ආහාර ජීර්ණය ක්‍රමවත් කරනු ලැබේ.බොහෝ දෙනෙකුට පවතින ආහාර ජීරණය නොවී මේ තත්ත්වය සමනය කර ආහාර හොඳින් ජීර්ණය කිරීම සඳහා කස කසා ඇට පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් කස කසා ඇට වල අඩංගු තන්තු හොඳින් ආහාර ජීර්ණය කර මලබද්ධය ඇති වීම වළක්වනු ලබයි.
මානසික ආතතිය ඇතිවීම වලක්වා ගත හැකිය.වර්තමානය වන විට බොහෝ පුද්ගලයින්ට කාර්යබහුල ජීවන රටාවත් සමඟ හෝ වෙනත් හේතූන් මත ඇතිවන මානසික ආතතිය ඇති වීම වළක්වා ගැනීමට බැසිල් ඇට පානය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් ශරීරයේ කෝටිසෝල් හෝමෝනය වැඩි වීම පාලනය වේ. එනම් මේ නිසා මානසික ආතතිය ඇතිවීම වලක්වා ගත හැකිය. එමෙන්ම නින්ද නොයන පුද්ගලයින්ට සුවබර නින්දක් ලබා ගැනීමට ද බැසිල් ඇට පානය කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් සුවබර නින්දක් ලබාගත හැකිය.
දියවැඩියාව ඇතිවීම පාලනය කර ගත හැකිය.නිදන් ගත රෝග අතර බොහෝ දෙනෙකුට පවතින දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට බැසිල් ඇට පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් කස කසා ඇට තුළ අන්තර්ගත අධික තන්තු රුධිරයේ වැඩි සීනි පාලනය කර දියවැඩියාව ඇති වීම පාලනය කරයි. මේ නිසා දියවැඩියා රෝගීන්ට ද බැසිල් ඇට පානය යෝග්‍ය වේ.

අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනාවන් සමනය කර ගත හැකිය.අස්ථි ආශ්‍රිතව ඇතිවන වේදනා සුව කර ගැනීමට කස කසා ඇට පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් විශේෂයෙන්ම ඔසප් වූ පසු ඇතිවන අස්ථි වේදනා සුව කර ගැනීමට මෙම පානය බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වේ.
පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිය.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින පිලිකා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට බැසිල් ඇට පානය භාවිතා කිරීම ගුණදායකය. එනම් මේවායෙහි අඩංගු ප්‍රතිඔක්සිකාරක ගුණය ශරීරගත විෂ ඉවත් කර පිළිකා සෛල මර්දනය කිරීම සිදුකරයි. එනම් ඉන් පිළිකා ඇතිවීම වළක්වා ගත හැකිවේ. මෙම රෝග වලට අමතරව
- චර්ම රෝග සමනයට
- අර්ශස් රෝගයට
- පුරුෂ ශක්තිය වර්ධනයට
- හිසකෙස් වර්ධනය වීමට
- තයිරොයිඩ් ග්‍රන්ථියේ ඉදමුම් සමනයට
- ඖෂධීය පානයක් ලෙස භාවිතා කළ හැකිය. ආදී වශයෙන් ලෙඩ රෝග රැසකට කස කසා ඇට යෝග්‍ය වේ.
නමුත් කස කසා ඇට මාත්‍රාව ඉක්මවා භාවිතා නොකළ යුතුය. එනම් එහි අඩංගු තන්තු ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටලු ඇති කරයි.රුධිර කැටි ගැසීම ඇති කරයි. එමෙන්මදියවැඩියා රෝගීන් මෙම පානය භාවිතා කිරීමේදී රුධිර ගත සීනි මට්ටම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. ඊට අමතරව ගැබිනි මව්වරුන්ට සහ කුඩා දරුවන්ටද බැසිල් ඇට පානය කිරීම සුදුසු නොවේ.