වස විස නැති පුංචි ලාවුළු  ගෙඩියකින් ඔබට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභයන් රැසක් 

health tips

 ලාංකීය අපිට ගුණයෙන් ඉතා ඉහළ පෝෂදායි එළවළු පලතුරු කොතෙකුත් තිබුණත්  අපි හැමෝම වගේ නිතර ආහාරයට එකතු කරගන්නේ එකම එළවළු පලතුරු කොටසක් විතරයි. නමුත් වස විස නැති ඉතා පහසුවෙන් සපයා ගන්නට හැකි එළවළු පලතුරු වර්ග ඕනෑ තරම්. විශේෂයෙන්ම පලතුරු ගත්තොත් ලාවළු කියලා කියන්නේ එවැනි ගුණයෙන් ඉතා ඉහළ පලතුරක්. අපේ රටේ ඉතාම පහසුවෙන් වැවෙන ශාකයක් වුණත් අද නම් මේ පලතුර ටිකක් සොයා ගන්නට අපහසුයි. 

ඒ විතරක් නෙමෙයි ලාංකීය ජනතාවගෙන් වැඩි පිරිසක් ලාවළු ආහාරයට ගන්නට එතරම් රුචිකත්වයක් දක්වන්නෙත් නැහැ. ඇපල් මිදි ආදී මිල අධික පලතුරු එක්ක සංසන්දනය කරන අපේ ජනතාව ලාවළු ගැන හිතන්නේ අවතක්සේරුවෙන්.  ඒ නිසාම අපේ රටේ අවභාවිත වූ පලතුරක් විදියටයි සැලකෙන්නේ. මෙය පලතුරක්  විදියට හැරුණාම අතීතයේ පරිප්පු වෙනුවටත් ලාවළු  ව්‍යංජනයක්  විදිහට පිස ආහාරයට ගත්තා. ඒ විතරක් නෙවෙයි  සම්බෝලයක් විදිහටත් රසවත් පානයක් ලෙසත්  ආහාරයට ගත හැකි ලාවළු ගැනයි අපි අද ඔබත් එක්ක කතා කරන්න සුදානම් වෙන්නේ.

 මේ පලතුර අද අපි උවෙන් තක්සේරු කිරීම් නිසාම ඉදුණු ලාවුලු ගෙඩි ගස් යට වැටී කුණුවෙලා යනවා.  නමුත් ඔබ අද මේ ලිපිය කියෙව්වට පස්සේ තේරුම් ගනීවි ලාවළු  කියන්නේ කොතරම් පෝෂණ අගයකින් යුක්ත පලතුරක් ද කියලා.

 අපේ රටේ විතරක් නෙවෙයි වෙනත් බොහෝ රටවල්වල  හොඳින් වැවෙන මේ පලතුර තැම්බූ බිත්තර කහමදය  ආකාරයෙන් දකින්නට පුළුවන් නිසා වගේම බිත්තර 12 ක ගුණ අඩංගු වෙන නිසාත් “බිත්තර පලතුර ” කියලයි  හඳුන්වන්නේ. නමුත් එහි පැහැය රසය වගේම අධික පිටි ස්වභාවයත්  කටේ ඇලෙන ස්වභාවයත්  නිසා මේ පලතුර එතරම් දිරවන්නේ නැති පලතුරක් වෙලා. කොහොමවුණත් ලාවළු ව්‍යංජන, බීම, රොටී, පිට්ටු හැරුණාම  ජෑම්, ice cream, කස්ටර්ඩ්, පෑන් කේක් සහ මාමලේඩ් ආදි නිෂ්පාදන සඳහාත් යොදා ගනු ලබනවා. ඒ විතරක් නෙමෙයි  මදක් ඉදුණු ලාවළු  ගෙඩි භාවිතයෙන් රසවත් සම්බෝලයක් සකසා ගන්නත් පුළුවන්.

ලාවළු ගෙඩිය දෙපලු කර ඇටය  ඉවත් කර එළවළු ගාන උපකරණයක් ආධාරයයෙන් හෝ පිහියකින් සිහින්ව කපාගෙන එයට ලුණු, ගම්මිරිස්, කොච්චි, කපාගත් රතුලූනු, දෙහි ඇඹුල් ආදිය එකතු කර සාදා ගත හැකි මේ සම්බෝලයත්  ඉතා රසවත්. 

  අද බොහෝ අය ශක්තිජනක පානයන් විදිහට කෘතීම දේවල් නිතර භාවිතයට ගත්තත් ඔබ දන්නවාද ස්වභාවික පලතුරක් වන ලාවළු කියන්නේ අපේ ශරීරයට ක්ෂණිකව ශක්තිය ලබා දෙන්න පුළුවන් හොඳම ශක්තිජනක ආහාරයක් බව. නමුත් අවාසනාවට මේ පලතුරේ ගුණ දන්නා අය හරි විරලයි.

 කොහොමවුණත් අපේරටේ ලාවළු  ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි කොහොල්ලෑ ලාවළු. අනිත් ප්‍රභේදය රට ලාවුළු. ක්ෂණික ශක්තියක් ලබාදෙන වැඩිහිටියන්ට වගේම දරුවන්ටත් එකසේ ආහාරයට ගන්නට හැකි  ලාවළුවල විටමින් A සහ යකඩ බහුලයි.  ඒ වගේම ලාවළු protein, කාබෝහයිඩ්‍රේට්, මේදය, කැල්සියම්, යකඩ, සහ  විටමින් සී වලිනුත් පරිපූර්ණ පලතුරක්.

ලාවළු ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ

  • සම පැහැපත් කරනවා. 
  • දත් ශක්තිමත් කරනවා.
  • ඇස් පෙනීම වර්ධනය කරනවා.
  • ඩිමෙන්ෂියාව ආදී ස්නායු පද්ධතිය  ආශ්‍රිත රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • කාන්තාවන්ට වැළඳෙන සුදයාමේ රෝගයට ගුණ දෙනවා
  • ශරීර ශක්තිය වර්ධනය කරනවා.
  • හදවත ශක්තිමත් කර නිරෝගී කරනවා .
  • කොලෙස්ටරෝල් පාලනය කරනවා.
  • ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගී කරනවා.
  • ශුක්‍ර වර්ධනය කරනවා. 

මේ සඳහා  ලාවළු ඇට පෙතිවලට කපා රාත්‍රි වතුරේ දමා තබා උදේට සීනි මිශ්‍ර කර පානය කළ යුතුයි.

  • ශරීර ශක්තිය වර්ධනය කරනවා. 
  • පෙනහලු නිරෝගී කරනවා .
  • අර්ශස්වලට ගුණදායකයි .
  • නීරක්තියෙන් පෙළෙන අයට ගුණදායකයි.
  • පාචනය අවස්ථාවකදී ආහාරයට ගත හැකියි.
  • මතක ශක්තිය වර්ධනය කරනවා
  • මානසික ආතතිය නැති කරනවා.
  • තුවාල ඉක්මනින් සුව කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • අජීර්ණය සඳහා ගුණදායකයි .
  • දත් කැක්කුම් සුව කරනවා.
  • අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරනවා .
  • කන ආශ්‍රිතව ඇති විය හැකි රෝගවලින් ආරක්ෂාව සලසනවා.
  • හිසකෙස් ගැලවී යාම වලක්වා හිසකෙස්වල වර්ධනය වේගවත් කරමින් හිසකෙස්වල තද කළු පැහැය රැක දෙනවා.
  • අපස්මාර රෝගීන්ට ගුණදායකයි.
  • හදවත් රෝගවලින් පෙළෙන අයට ගුණදායකයි.
  • විදුරුමස්වලින්  ලේ ගැලීම් නතර කරනවා.
  • ශරීරයේ දැවිල්ල නැති කරනවා.
  • පිලිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
  • අස්ථි වර්ධනය කරනවා
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.

ලාවළු පානයක්  සාදාගන්නා ආකාරය 

 අවශ්‍ය ද්‍රව්‍ය

 ඉදුණු ලාවළු ගෙඩියක් 

 අවශ්‍ය පමණට සීනි සහ ලුණු 

පිරිසුදු ජලය ස්වල්පයක්

 දෙහි යුෂ

 සාදාගන්නා ආකාරය

ලාවළු ගෙඩියේ ඇට සහ පොත්ත් සෙමින් ඉවත් කර හැන්දකින් මදය සූරා ගන්න. එයට මුලින් ජලය ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කරගෙන ඉන්පසුව එයට අවශ්‍ය පමණට ලුණු සීනි ලුණු සහ දෙහි යුෂ එකතු කර නැවත ජලය එකතුකර බ්ලෙන්ඩර් කරගන්න. මේ පානය ලාවළු ආහාරයට ගන්නට  ප්‍රිය නොකරන අය සඳහා ඉතාම සුදුසුයි.

සැලකිලිමත් වෙන්න

 ලාවළු පොටෑසියම් බහුල ආහාරයක් නිසා වකුගඩු රෝගවලින් පෙළෙන අයට මේ පලතුර එතරම් හිතකර වෙන්නේ නැහැ.

 ඒ වගේම නිතර බඩ පිපුමෙන් පීඩාවිඳින පුද්ගලයන්ටත් ලාවුලු අගුණ වෙන්නට පුළුවන්.

අද බොහෝ දරුවන් දැකලවත් නැති වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති මේ ශාකයේ වටිනාකම ඔබ මුලින් දැනුවත් වෙන්න. ඉන්පසු අන් අයවත් දැනුවත් කර අනාගත පරපුර වෙනුවෙන් ලාවළු ගසක් ඔබේ ගෙවත්තේ රෝපණය කරන්න. මේ ශාකය ඉතා විශාල ඉඩක් ගනිමින් වැඩෙන රූස්ස ගසක් වුණත් ඉඩකඩ අවම ගෙවත්තක බදුනක වුණත් වගා කර ගන්නට පුළුවන්. වස විස ආහරයට ගෙන අකාලයේ මියැදෙනවාට වඩා අපිට පහසුවෙන් සපයා ගන්නට හැකි ලාවළු වගේ පලතුරු ඔබේ ආහාරයට එකතු කරගෙන සුවපත් ජීවිතයක් උරුම කරගන්න.