නීරෝගී සුවපත් ජීවිතයක් ගත කරන්නට නම් අපි අපේ ආහාර වේල නිතරම සෞඛ්‍යාරක්ෂිත සමබල ආහාරවේලක් ලෙස ගන්නට අවශ්‍යයි. ඒ වගේම ප්‍රමාණවත් තරම් පිරිසිදු ජලය පානය කිරීම, ව්‍යායාම කිරීම, ප්‍රමාණවත් නින්ද, මානසික සැහැල්ලුව, පිරිසිදු බව කියන කාරණා සියල්ලක්ම ඒ සඳහා ඉතාම වැදගත් බව අපි දන්නවා. ඒ අතරේ නොයෙකුත් ලෙඩරෝගවලට අපි ගන්නා කෘතීම ආහාරපානත් විශේෂ බලපෑමක් සිදු කරන බව අපි දන්නවා. ඉතින් කට පරෙස්සම් කර ගත්තත් ගුණාත්මක ආහාරවේලක් ලබා ගත්තත් එමගින් විතරක් අපිට නීරෝගීව ජීවත් වෙන්නට බැහැ. විශේෂයෙන්ම අපේ ශරීරයට අපි ගන්නා සියලුම දේ නිසි පරිදි බැහැරවීම සිදු නොවීමෙන් කාලයක් ගතවෙද්දි විවිධ වූ ලෙඩ රෝගවලට අපි ගොදුරු වෙනවා.
බාහිරින් ලබා ගන්නා දේවල් නිසා වගේම අපි ගන්නා ආහාරවේලක ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ නොමැති වුණාම විෂ ද්‍රව්‍ය ශරීරය තුළ ගොඩනැගෙනවා. මේ විෂ ද්‍රව්‍ය අපේ ශරීරයෙන් පිට වන්නේ බහිස්ශ්‍රාවීය ද්‍රව්‍ය හරහා.දහදිය මගින්, මලපහ මගින්, මුත්‍රා කිරීම මගින්, හුස්ම පිට කිරීම මගින් හා ඔසප්වීම මගින් ඒ විෂ අපේ සිරුරෙන් ඉවත් කරනු ලබනවා.ඉතින් අපේ ශරීරයේ විෂ ඉවත් කරන්නට ප්‍රතිශක්තිකරණ පද්ධතියට, අක්මාවට සහ වකුගඩුවලටත් හැකියාව නැති වුණාම ඒවා කාලයක් තිස්සේ අපේ ශරීරයේ තැන්පත්වෙලා අපේ සිරුරේ ඉන්ද්‍රියන්ට හානි කරන්නට පටන් ගන්නවා.
ඉතින් මේ විෂ ඉතා පහසුවෙන් ඉවත්වෙලා ශරීරය නීරෝගී කරන්නට එදා අපේ මුතුන් මිත්තන් අපූරු ක්‍රමවේදයක් භාවිතා කළා. ඒ තමයි විරේක කිරීම. අද නම් විරේකයක් සිදුකරන්නේ එහෙමත් අයෙක් විතරයි. ඒ නිසාම අපිට අද නොයෙකුත් ලෙඩ රෝග ඇතිවෙලා. කියාගන්නට නොතේරෙන අපහසුතා නිසා පීඩා විදිනවා. මොකද දේහයේ මෙසේ අපද්‍රව්‍ය එකතුවීමෙන් කායික වගේම මානසිකවත් පුද්ගලයාට විවිධලෙඩරෝග සහ අපහසුතා ඇති කරන නිසා. ඉතින් අපේ පැරැන්නන්ගේ නිරෝගීව හා දිගුකල් ජීවත්වීමේ එක් ප්‍රසිද්ධ රහසක් තමයි මේ විරේක කිරීම. අද අප කතා කරන්නේ ඒ පිළිබඳවයි.
මාස 3 ට වරක් මෘදු විරේකයක් සිදු කිරීම එදා ජනතාව අතර ප්‍රචලිත කාරණයක්. එසේ විරේකයක් සිදු කිරීමෙන් ඔවුන් විවිධ ප්‍රතිලාභ ලබාගත්තා.ආයුර්වේදයෙත් මේ විරේකය හෙවත් විරේචනයට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. මේ විරේකය මගින් ඇතැම් රෝගාබාධ පවා සුව අතට පත් කරගන්නට හැකියාව ලැබෙනවා.
මේ විරේකයේදී සිදු වෙන්නේ අධෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීමක්. සාමාන්‍යයෙන් විරේකයක් ආයුර්වේදයේ සිදු කරන්නේ බඩ සුද්ධ කිරීම, පිත් රෝග සඳහා, ලේ පිරිසිදු කිරීම සඳහා. ඒ හැරුණාම දේහයේ විෂහරණයට සහ පණු රෝග සඳහා පවා මේ විරේචනය සිදු කෙරෙනවා.
විරේචනය නිතරම සිදු කිරීම කොහෙත්ම සුදුසු නැති බවයි ආයුර්වේදයේ සඳහන් වෙන්නේ. ඒ සඳහා මාසයට වරක් කිරීමත් ඒ සඳහා නොවැම්බර්, දෙසැම්බර් සහ මාර්තු අප්‍රේල් කියන මාස සුදුසු බවත් සඳහන් වෙනවා. නමුත් මේ සරත් ඍතුව සහ වස්සාන ඍතුව හැරුණාම වර්ෂා කාලයේදී පවා ඇතැම් රෝග අවස්ථාවලදී මේ විරේචනය සිදු කරනු ලැබෙනවා.
විරේකය සඳහා සුදුසු පුද්ගලයන්

- දේහයේ කාලයක් තිස්සේ විෂ ඇති අය (දේහයේ විෂ තැන්පත් වී ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ අනුව එය තීරණය කළ හැක. )
- මලබද්ධය සහිත අය
- භගන්දරා රෝගීන්
- අර්ශස් රෝගීන්
- ගුද රෝගවලින් පෙළෙන අය
- කුෂ්ට රෝගීන්
- වාත රක්ත රෝගීන් සහ ආමවාත රෝගීන්
විරේකය නුසුදුසු පුද්ගලයන්
- ගර්භනී මව්වරුන්
- කිරිදෙන මව්වරුන්
- බියෙන් පීඩාවෙන් පෙලෙන අය
- මහළු පුද්ගලයන්
- නිතරම දුකින සිටින අය
- කුඩා දරුවන්
- ශරීර දුර්වල ඇත්තන්
- අතීසාර රෝගීන්
විරේකය සඳහා සුදුසු ඖෂධ
- පැපොල්
- බෙලි
- අමු නෙල්ලි
- විවිධ පලා වර්ග
- ඇහැල දළු
- සෙනෙහෙ කොළ
- එරබදු දලු
- බටකිරිල්ල කොළ
- කුප්පමේනියා
- ඇත්තෝර
- කරපිංචා
නිවසේදී සාද ගත හැකි මෘදු විරේක කිහිපයක්

1. අරලු ගෙඩි කිහිපයක් තලා තම්බා පානය කල හැකියි.
2. අවශ්‍ය ද්‍රව්‍ය
- තැඹිලි ගෙඩි 1 ක්
- අරළු අලං 6
- සීනි කලං 6 ක්
මේ ද්‍රව්‍ය දෙකම හොඳින් කුඩු කරගන්න. සවස් වුණාට පස්සේ තැඹිලි ගෙඩියක් අරගෙන එහි දෙපස කපා පියන නැවත වසන්න හැකි ආකාරයට එක් පැත්තක් සිදුරු කර ගන්න. එහි තැඹිලි වතුර පිරී ඇත්නම් කොටසක් ඉවත් කරගෙන කුඩුකරගත් බෙහෙත් ටික තැඹිලි ගෙඩියට දමන්න. තැඹිලි ගෙඩිය පියනෙන් වසා සතුන්ගෙන් ආරක්ෂා වෙන ආකාරයට කෙසෙල් කොළයකිනුත් ආවරණය කර රැයක් පින්නේ තබන්න. පසුදා මේ තැඹිලි වතුර ටික දෙතුන් වරක් පෙරා උදෑසනට පානය කරන්න.
තැඹිලි අතුරෙන් විරේකය පානය කළ නිසා උණු ජලය පානය කලොත් විරේකය නතර වෙනවා. ඒ නිසාවෙන් ඒ කාරණයත් ඔබ මතක තබා ගත යුතු වෙනවා. ඔබ උණු ජලයෙන් විරේකය ගත්තොත් ඔබ පානය කළ යුත්තේ උණු ජලය. ඇල් ජලය පානය කිරීමෙන් විරේකය නතර වෙනවා.
3. අවශ්‍ය ද්‍රව්‍ය
- අරළු
- සෙනෙහෙ කොළ සීනි
- වියළි මිදි
මේ සියලුම දේ ගෙන හොඳින් තම්බා ගෙන උදේට සහ සවසට පානය කරන්න.
කායිකවත් මානසිකවත් සැහැල්ලු ජීවිතයක් ගත කරන්නට නීරෝගීව බොහෝකල් ජීවත් වෙන්නට අප විරේක සිදු කළ යුතුමයි. නමුත් එය අනිසි ආකාරයට සිදු නොකිරීමෙන් රක්තය පිටවීම, කලු පාටට ලේ පිටවීම හෝ ඇග පත වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා නිසි පරිදි විරේකයක් කරගැනීම තමයි වැදගත් වෙන්නේ.