සුව වෙන්නේ නැති යටිපතුල් පැළීම නිට්ටාවටම සුව කරන කහට ගෙඩි සතු ගුණ 11 ක්

health tips

නියගයට හොඳින් ඔරොත්තු දෙන Lecythidaceae කුලයට අයත් කහට  ශාකය මීටර් 20ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ශාකයකි. එනම් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ  හා දේශීය වෛද්‍ය  විද්‍යාව තුළ රෝග රැසක් සමනය කිරීමට කහට ශාකය භාවිතා කරයි.  එනම් කහට ශාකයේ පොත්ත අළු දුඹුරු පැහැති ඝණකම් පොත්තකින්  යුක්තවේ.  පත්‍ර තරමක් විශාල ලෙස වැඩෙන අතර අඳුරු කොළ පැහැති එම පත්‍ර මතුපිට දිලිසෙන සුළු වේ. මල් පොකුරු වශයෙන් හට ගන්නා අතර එම කාලය තුළ කොළ හැළී යයි. ඵලය ගෝලාකාර වේ. එනම් ළපටි කහට ඵලය රසවත් ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ඈත අතීතයේ සිටම සිදු කර තිබේ. 

කහට ව්‍යාංජනයක් සකස් කර ගන්නා ආකාරය. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • කහට ගෙඩි 
  • පොල්කිරි අඬු කෝප්ප බාගයක් 
  • අමු මිරිස්
  • තක්කාලි/සියඹලා
  • කහ කුඩු
  • තුනපහ
  • මිරිස් කුඩු
  • අබ
  • ළූණු
  • ලුණු 
  • පොල්තෙල් ස්වල්පයක් 

සාදාගන්නා ආකාරය කහට ගෙඩිවල මල් කපා ඉවත් කර  හොඳින් සෝදා  වංගෙඩියේ දමා කැබලි වන තෙක් කොටාගෙන එයට කහ ස්වල්පයක් දමා දෙවතාවක් සෝදාගන්න. 

ඉන් පසු මිරිස් කුඩු , කහ ස්වල්පයක් , ලුණු , තුනපහ කුඩු , කරපිංචා , රම්පෙ, තක්කාලි  සියඹලා ආදිය දමා හොඳින් මිශ්‍ර කර  බඳුනක් ලිප තබා පොල්තෙල් ස්වල්පයක් දමා හොඳින් රත් වූ පසු අබ , සුදුලූණු , ළූණු තෙම්පරාදු කර එයට සකස් කර ගත් කහට මිශ්‍රණය දමා හොඳින් කලවම් කර හොඳින් පිසගන්න. අවශ්‍ය නම් පොල්කිරි  ස්වල්පයක් එක් කර පිස ගත හැකිය.  එනම් මෙසේ ව්‍යාංජනයක් ලෙස කහට ආහාරයට ගැනීමෙන්  බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් ඇතැම් අය වගපුල් යනුවෙන්ද හඳුන්වන  කහට ශාකයේ ඖෂධීය භාවිතයන් රැසක් පවතී. 

  • කහට ශාකයේ ඖෂධීය ගුණ හා භාවිතයන් 
  • ස්වේත හා රක්ත ප්‍රදරය සඳහා
  • මෙම රෝග සමනය කිරීමට ආයුර්වේදය තුළ
  • කහට පොතු චූර්ණය සමඟ මදටිය ඇට 6/12 පමණ ගෙන ගිතෙල් හා මී පැණි සමඟ ලබා  දීම සිදුකරයි.

තුවාල සඳහා හදිසියේ ඇතිවන තුවාල හා තුවාල නිසා ඇතිවන රුධිර වහනය නැවැත්වීමට කහට දළු අඹරා තුවාලයේ ආලේප කිරීම යෝග්‍යය වේ.එමෙන්ම තුවාල සුව කිරීමට කහට පොතු තැම්බූ වතුරෙන් තුවාල සේදීම ද යෝග්‍ය වේ. 

බිබිලි සමඟ ඇතිවන උණ සඳහා බිබිලි සමඟ හටගන්නා උණ රෝග සඳහා කහට පොතුවලින් කෂාය සකසා දීමෙන් සුවය ලැබේ. 

දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන තුවාල සඳහා දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන තුවාල සුවපත් කිරීමට මෙන්ම ලිහිල් වූ යොනි මාර්ගය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට කහට තැම්බූ වතුර ස්නානය කිරීම යෝග්‍ය වේ. එනම් මෙම ඖෂධය ඈත අතීතයේ සිටම මේ භාවිතා කර තිබේ. 

යටිපතුල් පැළීම සමනය කිරීම සඳහා යටිපතුල් පැළීමට,යටි පතුලේ ඇතිවන තුවාල වලට ඖධයක් ලෙස කහට පොතු තම්බා බඳිනු ලබයි.  ඊට අමතරව කහට පොතු තැම්බූ වතුරෙන් යටිපතුල් සේදීම මෙන්ම එම වතුරේ යටිපතුල් බහා තබාගෙන සිටීම යෝග්‍ය වේ. 

මුඛ රෝග සඳහා පීඩාකාරී මුඛ රෝග සමනය කිරීම සඳහා එනම් බිබිලි දැමීම , වණ ඇති වීම , කටගඳ ගැසීම , විදුරුමස් ආශ්‍රිත රෝග සමනය කිරීමට  කහට පොතු තැම්බූ වතුරෙන් කට සේදීම යෝග්‍ය වේ. 

සර්ප විෂට  සර්ප විෂ නැසීම සඳහා ද කහට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් සර්ප විෂ සඳහා කහට පොතු චූර්ණය ලබා  සිදුකරයි. 

ගව කුර තුවාල සඳහා  ගවයින්ගේ කුර තුවාල වූ විට ඊට ප්‍රතිකාර කිරීම සඳහා කහට පොතු තම්බා ප්‍රතිකාර කිරීම සිදුකරයි. එමෙන්ම  සිවුරු පඬු පෙවීමට හා වර්ණ ගැන්වීම් සඳහා ද කහට පොතු යොදා ගනී.