ශ්‍රී ලංකාවේ දුර්ලභව පවතින ඖෂධීය ශාකයක් ලෙස වැල්මී ශාකය හඳුනාගත හැකිය. එනම් Leguminosae කුලයට අයත් වැල්මී අඩි හතරක් පමණ උසට පඳුරක් ලෙස වැඩේ. සංස්කෘත භාෂාවෙන් ක්ලීකක,මධුවල්ලි, මධුයෂ්ටී යන නම් වලින් හඳුන්වනු ලබන වැල්මී බහුවාර්ෂික ශාකයකි. එනම් වැල්මී ශාකය විදේශීයව අරාබිය,මිසරය,ඇෆ්ගනිස්තානය,තුර්කිය,චීනය, වැනි රටවල දේශීය ශාකයක් ලෙස හඳුනාගත හැකිය.
වැල්මී ඈත අතීතයේ සිටම ඖෂධ ලෙස භාවිතා කර තිබේ. එනම් ආයුර්වේදයේ සුප්‍රකට ග්‍රන්ථයක් වන චරක සංහිතාව තුළද වැල්මී ශාකය පිළිබඳව සඳහන් වේ. එනම් කෂාය වර්ග 50 ක පමණ වැල්මී සඳහන් කර තිබේ. එනම් වැල්මී ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.
- තුර්කි වැල්මී
- අරාබි වැල්මී
- මිසර වැල්මී
යනුවෙන් එම ප්‍රභේද හඳුනාගත හැකිය. එමෙන්ම මෙම එක් එක් ප්‍රභේද වල වැල්මී රසයද ගුණයද වෙනස් වන බව සඳහන්වේ. එනම් වැල්මී පැණි රසයෙන් අනූන ඖෂධයක්වේ. වැල්මී වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. ඒ අතර මැග්නීසියම්, කැල්සියම්, මාලික් අම්ලය, ග්ලීසීරයිසීන්,පිෂ්ඨය… ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් ඒ අතර ප්‍රධානවේ.
වැල්මී ශාකයේ ඖෂධීය භාවිතය.

රුධිරය පිරිසිදු කරයි.රුධිරය පිරිසිදු කිරීම සඳහා වැල්මී තම්බා පානය කිරීම යෝග්‍යවේ. එමෙන්ම ඉන් රුධිරය වර්ධනය කිරීමද සිදු කරන නිසා රුධිරය අවම වූ රෝගීන්ට ද ගුණදායකය.
සම පැහැපත් කරයි.වැල්මී තම්බා පානය කිරීම මගින් සම පැහැපත් කර ගත හැකිය. එනම් සමෙහි අඳුරු බව ,ලප කැළැල් ඉවත්කර සම වයසට යෑම පාලනය කිරීම සඳහා වැල්මී ආයුර්වේදය තුළ ඖෂධයක් ලෙස බහුලව භාවිතා කරනු ලැබේ.
ස්වරාලය නීරෝගී කරයි. ස්වරාලය ආශ්‍රිතව ඇතිවන තුවාල, ආසාදන තත්ත්වයන් සුව කර ගැනීම සඳහා වැල්මී පානය කිරීම ගුණදායක වේ. එනම් වැල්මී තම්බා පානය කිරීම මගින් කටහඩ මිහිරි කර ගත හැකිය. මේ නිසාම ඈත අතීතයේ සිට බොහෝ දෙනකු කටහඩ මිහිරි කර ගැනීම සඳහා වැල්මී ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එමෙන්ම යම් යම් හේතූන් නිසා කටහඬ වෙනස් වූ විට එය යතා තත්වයට පත් කර ගැනීමට වැල්මී පානය කිරීම ගුණදායකය.
ඉක්කාව සමනය කරයි.බොහෝ දෙනෙකුට නිතර ඇතිවන ඉක්කාව සමනය කිරීම සඳහා වැල්මී ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම්
- “රුක්මල් හඳුන් ලොත් සුබලුත් වැල්මීය
- මයිල මල් අරළු ඉරමුසු වම් මුතුය
- ඉරිවේරිය සුඹුලු වැටි සහ සිඳපු දිය
- සීනි සමඟ දුන් ඉක්කා නසාවිය.”
වමනය නැවතීමට,වමනය ඇති කිරීමට හේතුවේ.වමනය ඇති විට එය සමනය කිරීමටත් වමනය ඇති කිරීමට අවශ්‍ය වූ විටක වමනය ඇති කිරීම සඳහාත් ලබාදෙන ඖෂධයක් ලෙස වැල්මී හඳුනාගත හැකිය. එනම් ආයුර්වේදය තුල මෙම කාර්යයන් දෙකම සඳහා වැල්මී භාවිතා කරනු ලැබේ.
ශරීරගත දාහය මහන්සිය සමනය කරයි.ශරීරගත දැවිල්ල තෙහෙට්ටුව මහන්සිය ආදිය සමනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස වැල්මී භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා වැල්මී තම්බා පානය කිරීම ගුණදායකය.
පිළිකා ඇතිවීම වළක්වනු ලබයි.වර්තමානය වන විට ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන මාරාන්තික පිළිකා රෝගය ඇතිවීම වළක්වා ගැනීමට මෙන්ම ඇතිවූ පිළිකා මර්දනය කිරීමට වැල්මී තම්බා පානය කිරීම ගුණදායකය. එනම් වැල් මී තම්බා පානය කිරීම මගින් Interferon නිශ්පාදනය වැඩි කර පිළිකා සෛල විනාශ කිරීම සිදුකරයි.
මුත්‍ර ආබාධ සමනය කරයි.මුත්‍ර අඩස්සිය,මුත්‍ර දැවිල්ල සමනය කිරීම සඳහා වැල්මී තම්බා පානය කිරීම ගුණදායකය.

මුහුණ පැහැපත් කරයි.මුහුණ පැහැපත් කර ගැනීම සඳහා වැල්මී ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා වැල්මී කුඩු ඇල්දියෙන් (රෝස වතුර) අඹරා ආලේප කර විනාඩි විස්සක් පමණ තබා සෝදා හැරීම යෝග්‍ය වේ.
ශරීරගත දැවිල්ල සමනය කිරීමටද උපකාරීවේ.ශරීරය තෙහෙට්ටුව ,මහන්සියට වැල්මී භාවිතය සහනය ගෙනදේ. මීට අමතරව
- වෛරස් රෝග ඇතිවීම වලක්වා ගැනීමට
- අක්මාව ආරක්ෂා කර ගැනීමට
- අක්ෂි රෝග සමනය කිරීමට
- මල මුත්‍ර වල ඇතිවන වෙනස්කම් සමනය කිරීමට
- සෙම් රෝග ඇතිවීම වළක්වා ගැනීමට
- මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට වැල්මී ඖෂධයක් ලෙස භාවිතා කිරීම ගුණදායකය.