උදෑසන කිරි වෙනුවට ලෙමන් යුෂ බිංදු කිහිපයක් මිශ්‍ර වතුර වීදුරුවක් පානය කිරීමේ වාසි 20 ක්

health tips

විටමින් C බහුලව අඩංගු පළතුරක් වශයෙන් ලෙමන් හදුනා ගත හැකිය. මෙය යුෂ වෙන්කර පානයක් ආකාරයට සකසා භාවිත කිරීම වඩාත් ජනප්‍රිය වේ. ඊට අමතරව ලෙමන් භාවිතයෙන් සිදුකරගත හැකි තවත් ප්‍රයෝජන බොහෝමයක් පවතී. 

ඇතැම් අයට ලෙමන් යුෂ අසාත්මිකතා ඇති කරවන සුළු වූවත් උදෑසනට පානය කරන කිරි වීදුරුව වෙනුවට ලෙමන් යුෂ බිංදු කිහිපයක් හා මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර වතුර වීදුරුවක්  පානය කරන්නේ නම් සෞඛ්‍යමය ප්‍රතිලාභ රාශියක් ලබාගත හැකිවේ. ලෙමන් යුෂ භාවිතයෙන් මිනිස් ශරීරයට ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියකි. 

ආහාර ජීර්ණ ක්‍රියාවලිය පහසු කරයි. ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව පවතින යම් යම් ගැටලුකාරී තත්වයන් මගහරවා ගැනීම සඳහා ලෙමන් යුෂ අතිශය යෝග්‍ය වේ. විශේෂයෙන් උණ රෝගය, බඩේ අමාරු, බඩ පුරවා දැමීම හා බඩේ ඇතිවන දැවිල්ල වැනි තත්ත්වයන් වලදී ලෙමන් යුෂ පානය කිරීමෙන් එම තත්ත්වයන් මඟ හරවා ගත හැකිය. විශේෂයෙන් උණුසුම් ලෙමන් යුෂ පානය කිරීමෙන් ආහාර ජීරණය පහසු වන අතරම මල නිශ්පාදනය හොදින් සිදු වී මලබද්ධය වැනි රෝගී තත්ත්වයන් ඇති වීම ද පාලනය කරගත හැකිය. 

චර්ම රෝග සඳහා යෝග්‍ය වේ. සමේ ඇතිවන රෝගී තත්ත්වයන් සඳහා කදිම විසඳුමක් ලෙස ලෙමන් යුෂ නිර්දේශ කළ හැකිය. වර්තමානයේ සමට භාවිත කරන බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා ලෙමන් යුෂ භාවිතා කරනු ලබයි. විටමින් C අනුන බැවින් හා ප්‍රතිඔක්සිකාරක ගුණය ඉහළ බැවින් සමට අවශ්‍ය කරන පෝෂණය ලබා ගැනීමට ලෙමන් යුෂ භාවිත කළ හැකිය. 

ශරීරයේ බර අඩු කරයි. ශරීරයේ අධික තරබාරු බව හා බර වැඩිවීම ලෙඩ රෝග රැසකට අතවැනීමකි. ඒ අනුව ශරීර ස්කන්ධ දර්ශකයට අනුව ශරීරයේ බර පවත්වාගෙන යාම අතිශයින් වැදගත් වේ. ඒ සඳහා ලෙමන් යුෂවලට මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා පානය කිරීම ශරීරයේ බර පාලනය කර ගැනීමට සුදුසු ක්‍රමයකි. 

සෙම් රෝග සුව කරයි. උගුරේ ආසාදන තත්ත්වයන් ඇතුළු බොහෝ සෙම් රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඔසුවක් ලෙස ලෙමන් යුෂ  පෙන්වා දිය හැකිය. ලෙමන් යුෂ පානය කිරීමෙන් ශරීරයේ සෙම ඉවත් වන අතර උගුර ආසාදනය වීමෙන් ඇතිවන වේදනාව පවා සමනය කරගත හැකිය. 

අධි රුධිර පීඩනය හා හෘදයාබාධ පාලනයට  යෝග්‍ය වේ. ලෙමන් යුෂ වල පොටෑසියම් ලවණ බහුලව පවතී. එබැවින් අධි රුධිර පීඩනය හා හෘදයාබාධ ඇති වීමේ අවදානම පාලනය කරගත හැකිය. තවද පිළිකා අවදානම දුරුකරන අතරම ශරීරයේ පවතින අනවශ්‍ය මේද කොටස් ඉවත් කිරීමටද දායක වෙයි. 

ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කරයි. ක්ෂුද්‍ර ජීවී ආසාදන වලට ඔරොත්තුදීමේ හැකියාව මෙන්ම විවිධ ලෙඩ රෝගවලට පහසුවෙන් ගොදුරු වීමට ඇති හැකියාව වැලැක්වීම සඳහා කදිම ඔසුවක් ලෙස ලෙමන් යුෂ පෙන්වා දිය හැකිය. මෙමගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වනවා සේම ප්‍රතිශක්තිකරණ හැකියාව ද වැඩි දියුණු වෙයි. 

කොලොස්ට්‍රෝල් පාලනය කරයි. රුධිරයේ පවතින අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කිරීම සඳහා ලෙමන් යුෂ භාවිත කළ හැකිය. මේ සඳහා කළ යුත්තේ ලෙමන් යුෂ ස්වල්පයක් මද උණුසුම් ජලයට මිශ්‍රකර ඊට ලුණු ස්වල්පයක් යොදා දිනපතා උදෑසන පානය කිරීමයි. එනම් ඉන්  අහිතකර කොලෙස්ට්‍රෝල් ශරීරයෙන් ඉවත් කරගත හැකිය. 

ශරීරය විජලනය වීම වළකාලයි. භාජනය වන රෝගී තත්ත්වයන් වලදී ශරීරය විජලනය වීම සාමාන්‍ය වේ. මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ලෙමන් යුෂ පානය කිරීම යෝග්‍යවේ. 

මුඛ පිරිසිදුකාරකයකි. සියලුම ආකාරයේ මුඛ රෝග සඳහා කදිම විසදුමක් ලෙස ලෙමන් යුෂ මුඛ පිරිසිදුකාරකයක් ලෙස භාවිත කළ හැකි ය. එමගින් දත් හා එනමලය ශක්තිමත් වන අතර දත් දිරා යාම ද වලක්වා ගත හැකි ය. මීට අමතරව උණුසුම් ලෙමන් යුෂ වීදුරුවක් උදෑසනට පානය කිරීමෙන් පහත දක්වා ඇති ආකාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ ලගාකර ගත හැකි ය. 

  • ප්‍රති බැක්ටීරියා ගුණය හා සිරුරට හිතකර දිලීර නිශ්පාදනය  කරවයි. 
  • ශරීර අභ්‍යන්තරයේ පවතින විශ පහසුවෙන් ඉවත් කරගත හැකි ය. 
  • සිරුරේ ph අගය ප්‍රශස්ත මට්ටමක පවත්වාගත හැකි ය. 
  • ආතරයිටිස් රෝගය සදහා යෝග්‍ය වේ. 
  • බෝවන රෝග ඇතිවීමේ අවදානම දුරු කරයි. 
  • මොලයේ ස්නායූ නිරෝගිමත් කරයි. 
  • අක්මාව නිරෝගිමත් කරයි. 
  • ඇස් වල නිරෝගී බව ඇති කරයි. 
  • සම ප්‍රකෘතිමත් කරයි. 

ආදී වශයෙන් උණුසුම් ලෙමන් යුෂ වලින් ලබාගත හැකි ප්‍රයෝජන රැසක් පවතී. මේ අනුව පැහැදිලි වන්නේ ලොකු කුඩා කාටත් ඉතා පහසුවෙන් සකසා පානය කළහැකි ලෙමන් යුෂ ශරීරයේ නිරෝගීතාවයට අත්‍යාවශ්‍ය දෙයක් බවයි.