ලස්සනට ඉන්නටත් නිරෝගිව ඉන්නටත් ලොකු මුදලක් අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ලොකු කාලයක් අපිට අවශ්‍ය වෙන්නෙත් නැහැ. අපේ ජීවිතය හරි විදිහකට කළමණනාකරණය කර ගත්තොත් අපිට හැඩට වැඩට නිරෝගීව ඉන්න එක අපහසු නැහැ. අද අපි කියන්නේ අපිට හුරු පුරුදු පානයක් ගැන. ඒ වගේම බොහෝ දෙනෙක් ප්‍රිය කරන පානයක් ගැන. ඒ තමයි ලෙමන් යුෂ එකතු කල ජලය.
ලෙමන්වල පෝෂණය නොඅඩුව අපේ ශරීරයට මෙයින් ලබා ගන්නට හැකි නිසා නිරෝගීව ජීවත් වෙන්න මේ පාන්ය අපට උපකාරී වෙනවා.දිනපතාම උදෑසන පානයට ගන්නා වතුර වීදුරුවට ලෙමන් ටිකක් එකතු කරලා පානය කළොත් ඔයාට මෙන්න මේ කියන වාසි ර ඉතා පහසුවෙන් ලබාගන්නට පුළුවන්. ඉතින් අපි බලමු ඒ වාසි මොනවද කියලා.
වතුර වීදුරුවකට ලෙමන් යුෂ පමණක් එකතු කරල මේ පානය පිළියෙල කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ලෙමන් යුෂවලට පිරිසිදු මී පැණි තේ හැන්දක ප්‍රමාණයක් එකතු කරලත් මේ පානය අපිට සකස් කරගන්න පුළුවන්. ලෙමන්වල vitamin C, විටමින් B6, විටමින් A, විටමින් E, නියසින්, තයමින්, ෆෝලේට්, කොපර් රයිබොප්ලෙවින්, යකඩ, මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම්, පොස්පරස්, පැන්තොනික් අම්ලය ආදී පෝෂක රාශියක් අන්තර්ගත වීම නිසා අපේ ශරීරයට ලැබෙන ප්‍රතිලාභ හරිම ඉහළයි.

ශරීර බර අඩු කරනවා.ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ශරීර බර වැඩි වීම.ඒ නිසා ශරීර බර අඩුකර ගන්න නොයෙකුත් දේවල් කරනවා .ආහාර පාලනය කරලා ජිම් එකට ගිහිල්ලා ටිකක් කරදර වෙන දේවල් කරලා බර අඩු කරගන්නට වඩා ඉතාම පහසුවෙන් අනවශ්‍ය තෙල් දියකර හැරලා ශරීර බර නිසි මට්ටමේ පවත්වාගෙන යන්නට මේ ලෙමන් පානය අපිට උදව් වෙනවා
ලෙමන් වතුරවලට අපේ ශරීරයේ අපවිත්‍රකාරක ඉවත් කරන්නත් සුවිශේෂී හැකියාවක් තියෙනවා. එනිසා දිනපතාම ලෙමන් යුෂ එකතු කරපු වතුර වීදුරුවක් පානයට ගැනීම අපේ නිරෝගි බවට හරිම වැදගත්.
හදවත් සෞඛ්‍යයට ගුණදායකයි.ලෙමන්වල පොටෑසියම් අඩංගු වෙන නිසා රුධිර පීඩනය යහපත්ව තියාගන්නට එය විශාල වශයෙන් උදව් වෙනවා. වවිටමින් සී වලින් පොහොසත් වෙන ලෙමන් රුධිර නාල තුළ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත් වීම පවා වළක්වනවා. ඉතින් ඒ නිසා ආඝාතය සහ හෘද රෝග වැළඳීමේ අවදානම මෙයින් අඩුකරගන්නට අපි කරගන්නට අපිට පුළුවන්. ඉතින් මේ නිසා ලෙමන් වතුර පානය කිරීමෙන් අපේ හදවත දිගු කාලයක් නිරෝගීව තියාගන්න පුළුවන්.
පිළිකාවලින් ආරක්ෂාව සලසනවා. ලෙමන්වල අඩංගු වෙන limonene කියන සංයෝගය ප්‍රති පිළිකා කාරකයක්. ඉතින් මේ ලෙමන් වතුරවලට හැකියාව තියෙනවා ඇතැම් පිළිකා වර්ග ඇතිවීම වළක්වන්නට සහ සෛල වර්ධනය වන වේගය මන්දගාමී කරන්නට. විශේෂයෙන්ම අද බහුලව ම අසන්නට දකින්නට ලැබෙන පියයුරු පිළිකා, පෙනහළු පිළිකා සහ මුඛ පිළිකා සහ ගුද මාර්ගයේ ආශ්‍රිතව ඇතිවන පිළිකාවලින් ආරක්ෂා වෙන්න ලෙමන් වතුර අපිට උදව් වෙනවා.
ආමාශයේ ගැටළු සමනයට උදවු වනවා.ලෙමන් යුෂ ශරීරයේ ඇති ස්වභාවික ආහාර ජීර්ණ එන්සයිම හා සමානත්වයක් ගන්නා නිසා ලෙමන් වතුර ආහාර ජීර්ණය පහසුවෙන් සිද්ධ කරන්නට උදව් වෙනවා. එනිසා අජීර්ණ ඇතිවීම වැළකෙනවා වගේම අජීර්ණ සුව කරන්නටත් උදේ ඇතිවන ඉදිමුම්, බඩ පිපීම් ආදිය සමනය කරන්නටත් මේ ලෙමන් පානය අපිට උදව් වෙනවා.
ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.විටමින් සී වලින් පොහොසත් ලෙමන් අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්නට දායක වෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව උණ ආදී විවිධ ආසාදන වැළක්වීමේ සම්භාවිතාවයත් මේ නිසා අඩු කරගන්න පුළුවන්.
ආතරයිටීස් රෝගයෙන් ආරක්ෂාව සලසනවා.විටමින් සී වල බහුල බව නිසා අපේ ශරීරයේ දැවිල්ල අඩු කරන්න එය උදව් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ආතරයිටිස් හෝ වෙනත් ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගවලින් අපිට ආරක්ෂාවක් සලසනවා. විශේෂයෙන්ම විටමින් සී බහුල ලෙස දිනපතා පානයට ගැනීමෙන් ආතරයිටිස් රෝගය ඇතිවීමේ අවදානම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්.
අක්මාවේ නීරෝගී බව සඳහා උදව් වෙනවා එන්සයිමවල ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා අපේ ශරීරයේ විෂ ද්‍රව්‍ය පිට කරන්නට මේ ලෙමන් උදව් වෙනවා. එමගින් අක්මාවේ ඇති හානිකර බැක්ටීරියා පවා ඉවත් වන නිසා අක්මාවේ සෞඛ්ය වැඩි දියුණු කිරීමට මෙය උදව් වෙනවා.

පෙනීම ආරක්ෂා කරනවා. ඇස්වල නීරෝගී බව සඳහා මෙහි අඩංගු වන විටමින් සී උපකාරී වෙනවා. එනිසා වැඩිහිටි පුද්ගලයන්ගේ අක්ෂි පරිහානිය හේතුකරගෙන ඇතිවන පෙනීම නැතිවීම වළක්වා ගන්නට නිතරම ලෙමන් වතුර පානයට ගන්න.
තරුණ පෙනුමක් ලබා දෙනවා.දිනපතාම ලෙමන් වතුර පානය කරනවා නම් එයින් අපේ සමට වඩාත් හොඳ ප්‍රතිලාභ ලබා දෙනවා. සමේ රැලි වැටීම් නැතිකර සමට අවශ්‍ය තෙතමනය ආරක්ෂා කර දෙනවා. ලෙමන් වතුර පානයේ අඩංගු වන විටමින් සී පෝෂ්‍ය පදාර්ථයක් වන කොලජන් සහ ඉලාස්ටින් නිෂ්පාදනය වීම සඳහා විශාල කාර්යයක් ඉටු කරනවා. අපේ සමේ තරුණ පෙනුම ආරක්ෂා කරගන්නට එයින් හැකියාව ලැබෙනවා.
මානසික ආතතිය දුරු කරනවා.ලෙමන්වල පවතින්නේ ප්‍රබෝධමත් සුවඳක්. ඉතින් මේ ප්‍රබෝධමත් සුවඳ අපේ ආතතිය අඩු කර ගන්නට උපකාරී වෙනවා. විශේෂයෙන්ම ඇරෝමා තෙරපිවලදී ලෙමන් භාවිතයට ගන්නේ මේ නිසාමයි. ඒ නිසා ලෙමන් වතුර පානය කිරීම මානසික ස්ථාවරභාවය සඳහා විශේෂයෙන්ම උදව් වෙනවා.
මුව නැවුම් කරනවා.මුඛ දුර්ගන්ධය නැතිකර ගන්නට මුඛය හැමවිටම නැවුම්ව තියාගන්නට චුවින්ගම් හෝ මින්ට් එකක් භාවිතා කරනවා වෙනුවට උදෑසනට ලෙමන් වතුර භාවිතා කරන්න පුළුවන්. ලෙමන්වල පැඟිරි සුවඳ ඔබේ මුඛයේ දුගඳ නැතිකරලා වියළී ඇති මුඛය ප්‍රබෝධමත් කර බැක්ටීරියා වර්ධනය නැති කරනවා.
මලබද්ධය නැති කරනවා.වැඩිහිටියන්ට වගේම පොඩිහිටියන්ටත් නිතර තිබෙන ගැටළුවක් තමයි මලබද්ධය. නමුත් ලෙමන් යුෂ එකතු කරපු ජලය කියන්නේ මේ වගේ අපහසුතා පහසුවෙන්ම වලක්වා ගන්නට උපකාර වෙන පානයක්. ලෙමන්වල ක්‍රියාකාරීත්වය නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු වෙලා බහිශ්‍රාවීය ක්‍රියාවලිය පහසු කරනවා. ඒ නිසා මළ බද්ධය ඇති වෙන්නෙත් නැහැ .
- මාංශ පේශිවල ඇතිවන වේදනා සහ තැලීම් අවම කරනවා.
- නියපොතු ශක්තිමත් කරනවා.
- ශරීරයේ විෂ ඉවත් කරනවා.
- කුරුලෑ කරදර නැති කරනවා.
- රුධිරගත සීනි මට්ටම පාලනය කරනවා.
දිනපතාම උදෑසන පානයට ගන්නා වතුර වීදුරුවට ලෙමන් යුෂ ස්වල්පයක් එකතු කරලා පානයට ගත්තොත් මේ වටිනා කියන ප්‍රතිලාභ ඔයාටත් ලබාගන්න පුළුවන්.