අද ගොඩක් දෙනෙක් අතර ජනප්‍රිය ඇට වර්ගයක් තමයි කස කසා ඇට. මොකද වුවමනාවට වැඩිය මහත අයට ඉක්මනින් කෙට්ටු වෙන්න මේ කස කසා ඇට උදව් වෙනවා. ජිම් යන්න වෙලාවක් නැති ඒත් තරබාරුව නිසා පීඩා විදින ඔබට කෙට්ටු වෙන්න උදව් වෙන කස කසා ඇට ගැනයි මේ කියන්න යන්නේ.
අපි භාවිතා කරන මේ කස කසා ඇට ලංකාවේ බහුලව වගා කිරීමක් නම් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා වැඩි වශයෙන් කස කසා ඇට ඉන්දියාවෙන් අපේ රටට ආනයනය කරනු ලබනවා. කොහොමවුණත් ජෙලි, සුඩිං සලාද වගේ අතුරුපස වර්ග බීම් වර්ග සකස් කිරීමේදී මේ කස කසා ඇට භාවිතයට ගැනෙනවා. මේවායේ කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන්, මේදය, තන්තු නියසීන් ආදී බෝහෝ පෝෂක අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම මේ කස කසා ඇටවල සිරුරට හිතකර ඔමේගා 3 අඩංගු වෙනවා. මේ කස කසා ඇටවල අඩංගු තෙල් කාන්තාවන්ගේ සරුභාවය වැඩිකරන්නට උදව් වෙන බව සඳහන්.
කස ඇට තේ හැන්දක් ප්‍රමාණයකින් ප්‍රෝටීන් ග්‍රෑම් 2 ක් ලබා ගන්නට අපිට හැකියාව පවතිනවා. අපේ ශරීරයට ශාක හා සත්ත්ව කියන කාණ්ඩ දෙකෙන්ම ප්‍රෝටීන් ලබා ගන්නට හැකියාව ලැබුණත් ශාකමය ආහාරවලින් පමණක් ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුර ගන්නා අයෙකුට ඉතා කදිම ප්‍රභවයක් තමයි මේ සඳහා කස කසා ඇට කියන්නේ. ඒ වගේම අපේ ශරීරයට දිනකට අවශ්‍ය කරන කැල්සියම් ප්‍රමාණයෙන් 15 %ක් කස කසා ඇට තේ හැන්දකින් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය මැග්නීසියම් සහ යකඩ අවශ්‍යතාවයෙන් 10 % ක් තරම් ප්‍රමාණයක් සපුරා ගන්නටත් මේ කස කසා ඇට අපිට බෙහෙවින් උපකාරී වෙනවා.
කස කසා ඇට සතු විශේෂ ගුණ

- ආහාර ජීර්ණය වැඩිදියුණු කරනවා.
- ලිංගික ශක්තිය උත්තේජනය කරනවා.
- පැලෝපීය නාලවල ඇති අපද්‍රව්‍ය අනවශ්‍ය කොටස් දියකර හරින්නට උදව් වෙනවා.
- කෝටිසෝල් හෝර්මෝන මට්ටම පහත හෙළන නිසා මානසික ආතතිය අඩු කරනවා.
- නින්දට පෙර කස කසා ඇට එකතු කළ බීම වීදුරුවක් පානය කිරීමෙන් සුවදායි නින්දක් ලබා දෙනවා.
- ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා.
- මුඛයේ තුවාල සුව කරනවා.
- සිරුරේ බර අඩු කර අඩු කර ගන්නට උපකාර කරනවා.
- ආහාර මාර්ගයේ සිටින හිතකර බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය සඳහා උදව් වෙනවා.
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා.
- කොලෙස්ටරෝල් පාලනයට උදව් වෙනවා.
- පිළිකා ඇතිවීම වළක්වනවා.
- කාන්තාවන්ට වයසත් සමඟ ඇතිවන ස්නායු දුර්වලතා දුරු කරනවා.
- බුද්ධිය වර්ධනයට උදව් වෙනවා.
- විටමින් බී සහ කැල්සියම් ස්නායු පද්ධතියේ රෝගවලට සහනය ලබාදෙනවා.
- තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට උදව් වෙනවා.
- පෙනීමට ගුණදායකයි.
- හිසකෙස්වලට සහ සමට හිතකරයි.
- දද කුෂ්ඨ ඇතිවීම වළක්වනවා.
තරබාරුව මට්ටු කරන පානයක් කස කසාවලින්
අවශ්‍ය ද්‍රව්‍ය

- මී පැණිමේස හැදි 1
- ලෙමන් ගෙඩි 1
- කස ක් ස් ඇටමේස හැදි 1
- වතුර වීදුරු 1 ½
කස ඇට ටික වතුර ස්වල්පයක දමා විනාඩි 10 -15 ක කාලයක් තබන්න.ඉන්පසු කස කසා ඇට මී පැණි ලෙමන් යුෂ සහ වතුර දමා හොඳින් බ්ලෙන්ඩර් කර පානයට ගන්න.
ඒ හැරුණාම ජලය මිලි ලීටර් 250 ට කස කසා ඇට මේස හැදි 1 ක් එකතු කර මිනිත්තු 15 ක් පමණ එය පෙගෙන්නට තබා පානය කරන්නට පුළුවන්. ඒ හැරුණාම සුප් එකකට, සැලඩ් එකකට එකතු කර ගන්නත් පුළුවන්.
සැලකිය යුතුයි
- තන්තු බහුල ආහාරයක් වන කස කසා ඇට වරකට අධික ප්‍රමාණයෙන් ආහාරයට ගැනීමෙන් බඩ පුරවා දැමීම් ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
- විටමින් K බහුලව අඩංගු වන නිසා රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන් ගැටළු ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා වෝෆරීන් ඇස්ෆරීන් ආදී ඖෂධ භාවිතා කරන අයෙක් නම් වෛද්‍ය උපදෙස් ලබාගෙන ඖෂධ ප්‍රමාණය වෙනස් කරවා ගැනීමක් හෝ සිදු කරගෙන මේ කස කසා ඇට භාවිතා කළ යුතු වෙනවා.
- අනාගතයේදී යම් ශල්‍ය කර්මයකට බදුන් වන්නට සිටින අයෙක් නම් කස කසා ඇට භාවිතය සුදුසු නොවෙයි.
මේ කස කසා ඇට වරකට අධික ප්‍රමානයක් භාවිතා කිරීමත් දිනපතා පරිභෝජනය කිරීමත් අහිතකර විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.