ලෝකයේ ජීවත් වෙන කාන්තා පිරිමි හැමෝම තමන්ට උපතින් හිමි වෙලා තියෙන සමේ වර්ණය සම්බන්ධයෙන් තෘප්තිමත් නැහැ. ඒ නිසාම ලාංකීය අපි බොහෝ දෙනෙක් සම සුදු කර ගන්නට විවිධ වූ ආලේපන වර්ග විවිධ වූ එන්නත් වර්ග භාවිතයට උනන්දු වෙනවා. නමුත් අපේ සමේ සුන්දරත්වය රැඳිලා තියෙන්නේ සමේ පැහැපත් සහ පැහැදිලි බව මත. කෘතීමව විවිධ ආලේපන සහ එන්නත් භාවිතයෙන් සුදු වුණු අයගේ සමේ එවැනි දීප්තිමත් බවක් හෝ නිරෝගී පෙනුමක් දකින්නට නැහැ. අපේ සමේ පැහැපත් බවට අපේ සමේ ඇති ඇදෙන සුළු බව මූලික හේතුවක් වෙනවා. මේ සඳහා කෘතිම දේවල් භාවිතා කරනවා වෙනුවට පැහැපත් සමක් උරුම කර ගන්නට හැකි ආහාර බොහොමයක්ම තියනවා. ඉතින් මේ ආහාර නිරන්තරයෙන් ඔබ ඔබේ ආහාර වේලට එක්තු කර ගැනීමෙන් ඔබට පැහැපත් පැහැදිලි සමක් උරුම කර ගන්නට පුළුවන්.
එළකිරි එළකිරිවල අඩංගු වෙන AHA අම්ලය හා කිරි ප්‍රෝටීන් අපේ සම ඇදෙන සුළු බව පවත්වා ගන්නට දායක වෙනවා. සමේ ඇති ස්වාභාවික තෙල් ගතිය ආරක්ෂා කරමින් සමට දීප්තිමත් බවක් ලබාදෙන්නත් එළකිරි උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි සමේ ඇදෙන සුළු බවට උපකාරී වන කොලජන් සහ ඉලාස්ටින් කියන ජීවි තත්ත්ව දෙකම උත්තේජනය කරවන්නත් හැකියාවක් එළකිරි සතු වෙනවා. එළකිරි සමේ මැරුණු සෛල ඉවත් කිරීමේ ක්‍රියාවලියත් වේගවත් කරන නිසා සම ස්ක්‍රබ් නොකර සෝදපු සැනින් මැරුණ සෛල පහසුවෙන් ඉවත් කරගන්නත් පුළුවන්. නමුත් මේ ප්‍රතිලාභ ලබාගන්නට නම් ඔබ නැවුම් එළකිරි පානය කිරීම අවශ්‍යම වෙනවා.

පැපොල් පැපොල් විටමින් A,B,C සහ පැපේන් කියන එන්සයිමවලිනුත් සමන්විත ආහාරමය තන්තුවලිනුත් අනූන පලතුරක්. ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය යාමනය කිරීමෙන් සමට හානි ඇති කරන්නට ඉඩ තියෙන විෂ වර්ග ශරීරයට අවශෝෂණය කර නොගෙන බැහැරක කරන්නටත්, සමේ ඇදෙන සුළු බව ආරක්ෂා කරන්නටත් පැපේන් එන්සයිම අපිට උදව් වෙනවා. සමේ මෙලනින් ශරීරයේ සමාන ලෙස විසුරුවා හරින්නටත් සම පැහැපත් කරන්නටත් පැපොල් සතු විටමින් වර්ග අපිට උදව් වෙනවා. ඒ වගේම සමේ අදුරු පැහැය දුරු කර කුරුලෑ සහ බිබිළි ආදිය නිසා ඇතිවන කැළැල් ඉතා ඉක්මනින් සුවපත් කර සමයේ දීප්තිය වැඩි කරන්නත් උදව් වෙනවා.
ඔලිව් තෙල් විටමින් e වලින් පොහොසත් විට ඔලිව් තෙල් සමේ පැහැපත් බව වර්ධනය කිරීම සඳහා දායක වෙන තෙල් වර්ගයක්. එමගින් ශරීර සමේ ඇති ස්වභාවික තෙල් වර්ග සහ තෙතමනය ඉතා හොඳින් ආරක්ෂා කරනවා වගේම නිරන්තරයෙන් ඔලිව් තෙල් ඔබේ ආහාරයට එකතු කර ගන්නවා නම් එය සමේ දීප්තිය ස්ථිර වශයෙන් පවත්වා ගන්නත් විශාල උදව්වක් වෙනවා. ඒ විතරක් නෙවෙයි හිරු කිරණ නිසා ඇතිවන සමේ අවපැහැ වීම් සඳහා වගේම අකලට වියපත් වූ සම නැවත යථා තත්ත්වයට පත්කර තරුණ පෙනුම ලබා ගන්නටත් ඔලිව් තෙල් ඉතාම සුදුසුයි.
සමේ ආලේපයෙන් වගේම ආහාරයට එකතු කර ගැනීමෙන් හෝ පානයෙන් එහි පෝෂක සංඝටක සම්පූර්ණයෙන්ම අපේ ශරීරයට ලබා ගන්නට පුළුවන්. නමුත් ඔලිව් තෙල් රත් කර ආහාරයට ගැනීමෙන් පෝෂක විනාශ වී යාමක් සිදුවෙන බවත් මතකයේ තබා ගන්න.
හන ඇට ඔමේගා 3 බහුල ශාකමය ආහාරයක් ලෙස සැලකෙන හන ඇට සමේ ස්වභාවික තෙතමනය ආරක්ෂා කර සමේ ඇති කුරුලෑ ආසාදන අවම කරන්නට වගේම සම ඇදෙන සුළු බව වැඩි කර සමේ දීප්තිමත් බව වැඩි කරන්නටත් උදව් වෙනවා. හණ ඇට වගේම හන ඇටවලින් සකස් කළ තෙල් දිනපතාම ආහාරයට ගැනීමෙන් විශිෂ්ට ප්‍රතිලාභ ලබාගන්නටත් පුළුවන්. මාසයක් පමණ කාලයක් හණ ඇට තෙල් ආහාරයට ගැනීමෙන් සම පැහැපත් බව ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙනවා වගේම අත්වල සහ පාදවල ඇති රළු බවත් නැතිකර දමනවා.
ලෙමන් පැඟිරි කුලයේ අනෙකුත් පළතුරු අපේ සමට වගේම දේහයේ නිරෝගි බවට උදව් වුණත් සම පැහැපත් කර ගැනීම සඳහා වැඩි වශයෙන් දායකත්වයක් ලබා දෙන්නේ ලෙමන් . දෙහිවලට වඩා මිහිර රසයක් වගේම දොඩම් අතරින් පැණි රසයක් රහිත ලෙමන් විටමින් සී සහ සිට්ට්‍රික් අම්ලයෙන් ඉහළ පලතුරක්. ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත ලෙමන් මෙලනින් සමානව ශරීරය පුරා බෙදා හරින්නට දායක වෙනවා. ඒ වගේම සමේ ඇදෙන සුලු බව සුරකිමින් කොලජන් නිෂ්පාදනය උත්තේජනයටත් උදව් කරනවා.

තක්කාලි පලතුරක් ලෙසත් එළවළුවක් ලෙසත් ඉතා රසවත්ව ආහාරයට ගත හැකි තක්කාලි පිසගෙන වගේම අමුවෙන් ආහාරය සඳහා එකතු කර ගන්නත් පුළුවන්. තක්කාලිවල රතු වර්ණයට හේතු වෙන්නේ එහි අඩංගු වන ලයිකොපීන් කියන සංඝටකය. ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන ලයිකොපීන් සමේ පැහැපත් බව සඳහා දායක වෙන සංඝටකයක්. විශේෂයෙන්ම මුක්ත ඛණ්ඩක නිසා සමට සිදුවන හානිය වළක්වා ගන්නට එය දායක වෙනවා. මෙයින් සමේ පැහැපත් බව නැති කරන්නට හේතු වෙන බිබිලි කළු ලප කුරුලෑ රැලි වැටීම් සහ අවපැහැවීම් ආදිය දුරු කරනවා. ඒ වගේම ඔබ නිරන්තරයෙන් තක්කාලි ආහාරයට එකතුකර කරගන්නේ නම් එය අහිතකර හිරු කිරණින් ඔබේ සම ආරක්ෂා කරන්නටත් විශාල උදව්වක් වෙනවා.
කැරට් සම පැහැපත් කරන ආහාර අතරින් ඉහලින්ම තියෙන ආහාරයක් වන කැරට්වල බීටා කැරොටින් කියන ක්‍රියාකාරී සංයෝගය අන්තර්ගත වෙනවා. ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුක්ත කැරට් අපි ගන්නා ආහාරවල ඇති මුක්ත ඛණ්ඩකවලින් අපේ ශරීරයෙන් DNA අණුවලට සහ සෛලවලට හානි වීම වළක්වනවා. කැරට්වල අඩංගු වන විටමින් Aසමේ නිරෝගී බව ආරක්ෂා කර දෙනවා. කැරට්වලින් මේ ප්‍රතිලාභ ලබාගන්නට නම් පිසීමෙන් තොරව කැරට් යුෂ වශයෙන් හෝ සලාද වශයෙන් හෝ අමුවෙන් ආහාරයට එකතු කර ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ.
ආමන්ඩ් ආමන්ට් ඇට වගේම ආමන්ඩ් කිරි සුපිරි වෙළඳසැල්වලින් අපිට ලබා ගන්නට හැකියාව තියෙනවා. විටමින් ඊ කාණ්ඩයේ වටිනාම ශුද්‍ර පෝෂකයක් වන ඇල්ෆා ටොෆොෆෙරොන් විශාල ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. එය සමේ සුමුදු බව ඇතිකරන්නට සම නිරෝගී කරන්නත් උදව් වෙනවා. නිරන්තරයෙන් ඔබ ආමන්ඩ් ආහාරයට එකතුකර කරගන්නේ නම් නිතර ඇතිවන කුරුලෑ තත්ත්වයන්ගෙන් මිදීමටත් සමේ දීප්තිය වැඩි කරගන්නටත් හැකියාව ලැබෙනවා. දවසකට ආමන්ඩ් ඇට 5-6 ත් අතර ප්‍රමාණයක් ඔබට ලබා ගන්නට හැකියාව ඇත්නම් වෙන කිසිදු නිෂ්පාදනයක් භාවිතා නොකර ඔබේ සම ලප කැළැල්වලින් තොර පැහැදිලි සමක් බවට පත්කර ගන්නට හැකියාව තියෙනවා.