කිරි වෙනුවට උදෑසන පානය කර යුතු අවුරුදු 100 ට වඩා ආයුෂ වැඩි කරන පාන වර්ග 5 ක්

health tips

දවසින් දවස පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍යාරක්ෂිත ආහාර පිළිබඳව දැනුවත් කළත් වස විස රහිත ආහාරපාන ගැන දැනුවත් කළත් අවාසනාවට අපේ ජනතාව ඒවා කනකට ගන්නේ නැහැ. අද බොහෝ දෙනෙක්ට කිරිපිටි වීදුරුවක් නැතිව දවස පටන් ගන්නට බැහැ. පෝෂණ ගුණයෙන් හීන ඉහළ මිලකින් යුත්  මේ කිරිපිටි අපේ ශරීරයට අහිතකර බව දැන දැනත් ඒ පුරුදු අත්හරින්නට තරම් කොන්දක් අපේ ලාංකීය ජනතාවට නැහැ. ඒ නිසාම  නූපන් දරුවා පවා ජන්මය ලබන්නේ නොයෙකුත් දරුණු ලෙඩරෝග සමඟින්. පිළිකා, දියවැඩියාව, හෘදයාබාධ, කොලෙස්ටරෝල් ආදී මෙකී නොකී ලෙඩරෝගවලට වැඩි වශයෙන් ගොදුරු වෙද්දි මුළු ජාතියම රෝගීන් බවට පත්වෙද්දි තවමත් මුලාවී මේ කිරිපිටි ඇතුළු වස විස සහිත ආහාර ගන්නා එක  කොතරම් අවාසනාවක් ද?. එදා අපේ මුතුන් මිත්තන් වසර 100  ඉක්මවා ජීවත් වුණේ නීරෝගීව වාසය කළේ මේ කිරි පිටි පානය කර නොවෙයි. ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ගුණයෙන් ඉහළ දේශීය කැඳ වර්ග ධාන්ය වර්ග ආදී ආහාරවලින් තමයි දවස ආරම්භ කළේ. ඉතින් තවදුරටත් මේ කිරිපිටි මුලාවට රැවටුණොත් අපේ දරුවන්ටත් උරුම වෙන්නේ අකාලයේ නොයෙකුත් ලෙඩරෝග නිසා විඳවන පරපුරක උරුමකරුවන් වෙන්නට. ඉතින් ඒ නිසාවෙන් අපි කිරිපිටි වෙනුවට භාවිතා කරන්නට හැකි ආදේශක සඳහා යොමුවිය යුතු වෙනවා. අපි බලමු එවැනි පෝෂ්‍යදායි පානයන් කිහිපයක් පිළිබඳව.

කිරිපිටි නිෂ්පාදනාගාරවලදී මුලින්ම කිරිවල ඇති පෝෂක කොටස් ඉවත් කර ඒවා බටර්  සහ චීස් නිෂ්පාදනයට භාවිතා  කරනවා. මේ පෝෂණය රහිත කිරිවලට ෆාම් තෙල් රසායනික කෘතීම ද්‍රව්‍යයන් එකතු කර කල්තබා ගැනීම සඳහාත් විවිධ දෑ එකතු කරනවා. ඒ හැරුණාම ප්‍රෝටීන කොටස් ඉවත් කර මෙලස්මයින් යෙදීම, මේදය ඉවත් කර ෆාම් ඔයිල් එකතු කිරීම ආදී බාල ආදේශක එකතු කරනවා. ඉතින් අපේ දේහයට මේ අහිතකර දේවල් ගැනීමෙන් නොදරුවාගෙන් පටන් මහලු වියේ  පුද්ගලයා දක්වා හැමෝම නොයෙකුත් ලෙඩරෝගවලට ගොදුරුවෙලා අකාලයේ මියැදෙනවා. ඉතින්  ඒ නිසා මේ කිරිපිටි වෙනුවට අපිට වෙනත් පෝෂ්‍යදායි පානයන් උදෑසනට භාවිතා කරන්නට පුළුවන්.

ආමන්ඩ් කිරි 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • ආමන්ඩ් ඇට කෝප්ප 1 
  • කූල් වතුර කෝප්ප 2 
  • වැනිලා ස්වල්පයක් 
  • වතුර කෝප්ප 4 ක් 
  • ආමන්ඩ් ඇට රැයක් පුරාවට පෙගෙන්නට තබන්න.
  • පසුදා ජලය පෙරා සෝදා බ්ලෙන්ඩර එකට දමා එයට වැනිලා සහ වතුර කෝප්ප 4 ක් එකතු කර බ්ලෙන්ඩර කර ගන්න. 
  • පසුව පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා කිරි ටික ලබාගෙන බෝතලයක අසුරා ශීතකරණයේ තබා භාවිතයට ගන්න. 

සෝයා කිරි 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • පැය 8 ජලයේ පොගවා ගත් සෝයා බෝංචි ඇට කෝප්ප 1 
  • වතුර කෝප්ප 3 ½ 
  • පෙගවූ සෝයා ඇට අතින් පොඩිකරමින් පෙරා පොතු ඉවත් කරගන්න.
  • වතුර කෝප්ප එකක් සමඟ සෝයා ඇට විනාඩි 7 ක් පමණ තම්බා ගන්න.(බෙරි නොවන තරමට )
  • පසුව ජලය පෙරා මේ සෝයා  ඇට හොඳින් වියළා ගෙන ලාවට  බැද ගන්න.
  • පසුව නිවුණු පසුව බ්ලෙන්ඩර කර ගෙන පෙනේරයක් ආධාරයෙන් හලා ගන්න. 
  • හොඳින්ම නිවුණු පසු ඒවා බෝතල්වලට අසුරා තබා පානය සඳහා අවශ්‍ය වේලාවට සකස්  කරගන්න.

බාර්ලි කිරි 

  • බාර්ලි ඇට හොඳින් සෝදා ඉතා හොඳින් වියළා ගන්න.
  • පසුව හොඳින් බ්ලෙන්ඩර් කරගෙන බෝතලයක අසුරා තබා භාවිතයට ගන්න.

බාර්ලි කිරි පානය සකස් කර ගැනීමේදී මුලින්ම බාර්ලි පිටි එකතු කරන්නේ සීතල ජලයට. සාමාන්‍යයෙන්  කිරි කෝප්ප එකක් සාදා ගන්නට බාර්ලි පිටි මේස හැන්දක් පමණ ප්‍රමාණවත් වෙනවා. එය ඇල් ජලයට දමා  හොඳින් මිශ්‍රකර රස අනුව සීනි සහ ලුණු එකතු කර ගන්න. ඉන්පසුව මේ මිශ්‍රණය ලිප තබා විනාඩි කිහිපයක් තබා කෝප්පයකට පෙරා පානය කරන්න.

මු ඇට කිරි 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • මුං ඇට කෝප්ප ¼ 
  • සුදු ළූණු  බික් 3 
  •  පොල් කිරි කෝප්ප 1 
  •  ලුණු ස්වල්පයක් 
  • රැයක් පෙගෙන්නට දැමූ මුං ඇට පසුදා වතුර දමා තම්බා ගන්න.  සුදු ළූනුත් එයට එකතු කරන්න.
  • මුං ඇට හොඳින් තැම්බුණාට පසු එහි ජලය ඉවත් කර ගන්න. 
  • නැවත මුං ඇට ලිප තබා එයට පොල් කිරි එකතු කරන්න.  රස අනුව ලුණු දමා පිසගෙන ලිපෙන් ඉවත් කර ගෙන නිවෙන්නට තබන්න.
  • නිවුණු පසුව බ්ලෙන්ඩර කරගෙන පානය කරන්න.

තල ඇට කිරි 

අවශ්‍ය ද්‍රව්‍ය  

  • තල ඇට කෝප්ප ¼ 
  • රට ඉදි 6 
  • වතුර කෝප්ප 1 ½ 
  • සෝදා වියළාගත්  තල ඇට කබලේ  මදක් බැද ගන්න. 
  • බැදගත් තල ඇට , ඇට ඉවත් කරගත් රට ඉදි බ්ලෙන්ඩර් එකට දමා ජලයත් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. 
  • පසුව පිරිසිදු රෙදි කැබැල්ලක් ආධාරයෙන් පෙරා වියළි මිදි කිහිපයක් එකතු කර පානය කරන්න. 

ඉතින් මේ ගුණයෙන් ඉහළ දේශීය ධාන්‍ය වර්ගවලින් සකස් කර ගන්නා ඒ පානයන් කිසිවිටෙකත් අපේ දේහයට අහිතකර බලපෑමක් ඇති කරන්නේ නැහැ. මේ ගුණයෙන් ඉහළ පෝෂණීය පානයන් කිසිදු බියක් නැතිව බාල මහලු  කා හටත් පානයට ගන්නට හැකි වටිනා කිරි  පානයන්.