වකුගඩු දෙක පවා නරක් කරන ලිප්ස්ටික් භාවිතා කිරීමේ අතුරු ආබාධ 5 ක්

health tips

කාන්තා පාර්ශවය තමන්ගේ රූපය තවත් කෙනෙකුට ආකර්ෂණය වෙන විදිහට සුන්දරව තියා ගන්නට බොහෝ වෙහෙස වෙනව නේ. මෙන්න මේ නිසාම කාන්තාවන් වයස් භේදයකින් තොරව මේ බාහිර අලංකාරය සඳහා රූපලාවණ්‍ය ද්‍රව්‍ය සහ උපකරණ භාවිතා කිරීමට පෙළඹිලා තියෙනවා. ඒවා අතරින් ලිප්ස්ටික් එහෙමත් නැත්නම් තොල් ආලේපනය හැමෝම අතර වඩාත් ජනප්‍රිය දෙයක් .වෙනත් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා නොකරන කෙනෙක් වුණත් lipstick එකක් භාවිතා කිරීම දකින්නට පුළුවන්.

 ඉතින් බහුතරයක් කාන්තාවන් ලිප්ස්ටික් අනිවාර්ය කර ගන්නවා. ඒ වගේම එය දවස පුරාම පවතිනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට ඔබ දවස පුරා නැවත නැවත තොල් ආලේපන ගල්වන කෙනෙක් වෙන්නත් පුළුවන්. නමුත් මේවායේ අඩංගු වෙන ඇතැම් රසායනික ද්‍රව්‍ය අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්නට හැකි බව නම් ඔබ නොසිතන්නට ඇති .ඉතින් ඒ නිසා ලස්සනට ඉන්න ගමන්ම අපේ සෞඛ්‍ය සම්පන්න බව ගැනත්  අපිට හිතන්නට සිද්ධ වෙනවා. ඒ නිසා කාන්තා පාර්ශවයට නැතුවම බැරි තොල් ආලේපනවල අහිතකර බලපෑම් මොනාද ඒවායෙන් වැළකී ඉන්න අපිට අනුගමනය කළ හැකි දේවල් මොනවද කියන කාරණාව පිළිබඳව අපි අද කතා කරමු.

බැරලෝහ සුළු ප්‍රමාණයක් මේ තොල් ආලේපනවල අඩංගු වෙනවා. ඊයම්, කැඩ්මියම් ,කොබෝල්ට්,  නිකල්   ඇල්මිනියම්, ක්‍රෝමියම්,මැංගනීස් ආදිය ඒවායින් කිහිපයක්. බොහෝ ලිප්ස්ටික්වල  ඊයම් අඩංගු වෙන නිසා එය අපේ ශරීරයට ඉතා අහිතකර සෞඛ්‍ය හානි ඇති කරන්නට වැඩි හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම ඒවා තොල්වල සහ අවට සමේ  ආසාත්මිකතා සහ ඉරි තැලීම් සිදු කරනවා. කොහොමවුණත් රතු සහ තද වර්ණ සහිත තොල් ආලේපනවල  වැඩි ලෝහ ප්‍රමාණයක් අඩංගු වන බව සඳහන්. 

විශේෂයෙන්ම කුඩා දරුවන් මේ තොල් ආලේපනයක්  කෑවොත් ඒක ඉතාම දරුණු අනතුරක් වෙන්නට පුළුවන්. මොකද ඒවායේ සාපේක්ෂව ඇති විශාල ලෝහ ප්‍රමාණය දරුවන්ගේ කුඩා ශරීරය තුළට ඇතුළු වෙන්න පුළුවන්.  ඉතින් ඒ නිසා ලිප්ස්ටික් දරුවන්ට හසු නොවන තැනක තබන්නටත් වැඩිහිටි ඔබ සැලකිලිමත් වීමත් වැදගත්ම කාරණාවක්. ඒ වගේම කුඩා දියණියන්ට නිතර තොල් ආලේපන ගල්වන්නට ඉඩ ලබා නොදෙන්නත් වගබලා ගන්න. 

දිනපතා ලිප්ස්ටික් භාවිතා කිරීමේ අතුරු ආබාධ

පිලිකා ඇති වීමේ අවදානමක් නිර්මාණය කිරීම ලිප්ස්ටික් කල්තබා ගැනීම සඳහා භාවිතා කරන ඇතැම් ද්‍රව්‍යයන් පිළිකාකාරක වෙනවා . මේ සඳහා භාවිතා කරන ද්‍රව්‍ය වෙන්නේ ෆෝමැල්ඩිහයිඩ් සහ පැරබන්. ඒ වගේම Bismuth oxychloride  කියන්නෙත් තොල් ආලේපන කල්තබා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක්. මෙයත් අපේ  ශරීරයට අතිශයින්ම හානිකර පිළිකාකාරකයක්. 

ෆෝමැල්ඩිහයිඩ් සහ පැරබන් අදී ‍ද්‍රව්‍ය භාවිතා කරන තොල් ආලේපන හේතුකරගෙන  හුස්ම හිරවීම සහ කැස්ස ආදී අපහසුතා ඇති වෙනවා.ඒ  විතරක් නෙවෙයි සමේ සිදුරු අවහිර කරමින් බොහෝ හානිකර බලපෑම්වලට එය හේතුවක් වෙනවා. නිතර නිතර lipstick භාවිතා කිරීම නිසා උදරයේ දරුණු පිලිකා ඇතුළු bබොහෝ පිළිකා ඇතිවීමේ අවදානමක් නිර්මාණය වෙන්න පුළුවන්. 

සංවර්ධනය, බුද්ධිය සහ ප්‍රජනනය  සඳහා බාධා ඇති කිරීම සාමාන්‍යයෙන් බොහෝ ලිප්ස්ටික් වර්ගවල හානිකර ආබාධ ඇති කරන අමුද්‍රව්‍යයක් විදිහට පෙට්‍රො රසායනිකය අඩංගු වෙනවා . මේ රසායනිකය බොර තෙල් සහ ස්වභාවික වායුවල අතුරු නිෂ්පාදනයක් ලෙසයි පවතින්නේ.ඒ නිසා සංවර්ධනය, බුද්ධිය සහ ප්‍රජනනයට  බාධාවක් විදිහට ක්‍රියාකරන අන්තරාසර්ග බාධා ඇති කරන්නට පුළුවන්.

වකුගඩු අකර්මණ්‍ය වීම ලිප්ස්ටික්වල අඩංගු වෙන කැඩ්මියම්, ක්‍රෝමියම්, මැග්නීසියම් ආදි හානිකර බැරලෝහ බොහෝ අවයවවලට අහිතකර විදිහට බලපාන්නට පුළුවන්.  විශේෂයෙන්ම කැඩ්මියම් ඉහළ ප්‍රමාණයක් වකුගඩු අකර්මණ්‍ය වීමේ අවදානම වැඩි කරන බවයි සොයාගෙන ඇත්තේ.

මොළයට හානි ඇති කිරීම මුලින් සඳහන් කළා  වගේ බොහෝ ලිප්ස්ටික්වල ඊයම් පොදු අමුද්‍රව්‍යයක් විදිහට අඩංගු වෙනවා. නමුත් මේ ඊයම් අපේ ස්නායු පද්ධතියට අහිතකර බලපෑම් ඇති කරන නියුරොටොක්සින් වර්ගයක්.  එයට හැකියාව තියෙනවා අපේ මොළයට බරපතල ලෙස හානි සිදු කරන්නට.

හෝමෝන අසමතුලිතතා ඇතිවීම  සහ වඳභාවයට ඇති කිරීම ලිප්ස්ටික්වල අඩංගු වන ඊයම් මේ අහිතකර බලපෑම් ඇති කරන්නට හේතු වෙනවා. 

අහිතකර බලපෑම් අවම කර ගනිමින් තොල් ආලේපන භාවිතා කරන්නේ කෙසේද

  • ලිප්ස්ටික් ලෙවකෑමේ පුරුද්දෙන් මිදෙන්න.
  • නැවත නැවත තොල් ආලේපන ගැල්වීම හෝ long lasting වර්ණ ආලේපනය කිරීමෙන් වැළකෙන්න. 
  • හොඳ තත්ත්වයේ moisturizer එකක් භාවිතා කිරීමෙන් පසුව තොල් ආලේපන ගල්වන්න. 

තොල් ආලේපනවල අඩංගු වෙන රසායන ද්‍රව්‍ය හේතුකරගෙන  තොල්වලට ඇතිවිය හැකි හානිදායක බලපෑම්වලින් බොහෝදුරට. ආරක්ෂා වෙන්නට එය උදව් වෙනවා.

දිනකට දෙවරකට වඩා ලිප්ස්ටික් ආලේප කිරීමෙන් වළකින්න. ලිප්ස්ටික් දිනකට කිහිප වතාවක් නැවත යොදනවා කියන්නේ එයින් වැඩි රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් අපේ ශරීරයට ඇතුළු වෙනවා කියන එක. ඉතින් ඒ නිසා ඉන් වැළකෙන එක වඩාත් සුදුසුයි. 

තොල් ආලේපනයේ වර්ණය අඳුරු වන තරමට විශ සහිත බව වැඩි වෙන නිසා ආලෝකය වැඩි සහ අඳුරු පාට වැඩි තොල් ආලේපන භාවිතා කරනවා වෙනුවට විකල්ප වර්ණ භාවිතා කරන්න .

පහසුවෙන් ඉවත් නොවෙන දිගුකල් පවත පවතින මැට්  ලිප්ස්ටික් භාවිතා කිරීමෙන්  වළකින්න. 

ඔබ භාවිතා කරන මැට් ලිප්ස්ටික්වලින්  බොහෝවිට තොල් වියළී තොල්වල තියෙන තෙතමනය උරා ගැනීම තමයි සිද්ධ කරන්නේ. ඒ නිසා පැය දොළහක් හෝ ඊට වැඩි කාලයක් පවතින මැට්  ලිප්ස්ටික් භාවිතා කිරීමේ පුරුද්දක් ඔබට තියෙනවා නම් සෑම රාත්‍රියේදීම තොල් සදහා මෘදු රැකවරණයක් ලබා දීමට ඔබට සිදුවෙනවා. milk cream වගේ  ස්වභාවික මොයිස්චරයිස් එකක් ඒ සඳහා ඔබට භාවිතා කරන්න පුළුවන්.

දෙතොලෙ ස්ක්රබ් කරන්න.ලිප්ස්ටික් භාවිතා කිරීම නිසා තොල්වල ඇති වන අවපැහැය ආදිය නැති කරගන්නට රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන ස්වභාවික ස්ක්‍රබ් භාවිත කරන්නට පුළුවන්. වඩාත් හොඳ ස්වාභාවික ස්ක්රබ් එකක් විදිහට දුඹුරු සීනි සහ මී පැණි මිශ්‍රකර ගෙන රවුම් චරිතයකින් දෙතොල් මත ආලේප කරන්න පුළුවන්. මෙයින් තොල්වල මියගිය සෛල ඉවත් වෙලා තොල් මෘදු කර ගන්නට හැකියාව ලැබෙනවා. 

වෙළඳපොලේ තියෙන ස්වභාවික යැයි කියන ලිප්ස්ටික් වර්ග පවා සැබවින්ම ස්වාභාවික නැහැ. ඒ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මොකද අපේ ශරීරය තුළ දිගු කාලයක් තිස්සේ මේ විදිහට ඊයම් එකතු වුණොත් එය අපේ දේහයට මාරාන්තික වෙන්න පුළුවන්.ඒ නිසා ඒ පිළිබඳවත්  සැලකිලිමත් වෙමින් මධ්‍යස්ථ ප්‍රමාණයකින් භාවිතා කරන්නට ඔබ දැනුවත් විය යුතුයි.