අක්මාවේ පිළිකාවක් වර්ධනය වන බව හගවන පූර්ව ලක්ෂණ 13 ක්

health tips

කිලෝග්‍රෑම් 1.5 ක බරකින් යුක්ත මිනිස් ශරීරයේ ඇති දෙවන විශාලම ඉන්ද්‍රිය වන අක්මාව අපේ සිරුරේ පැවැත්ම වෙනුවෙන් අතිවිශාල කාර්යබාරයක් සිදු කරනු ලබනවා. මේ අක්මාව උදර කුහරයේ දකුණු පස පිහිටා තියෙනවා. ශරීරය මගින් අවශෝෂණය කරගත් පෝෂණ ද්‍රව්‍ය අක්මාව හරහා ගමන් කිරීමෙන් අනතුරුව ඒවා ශරීරය පුරා බෙදාහැරීම, ශරීරයේ ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ද්‍රව්‍ය නිපදවීම හා ශරීරයේ ඇති විෂ කොටස් බහිශ්‍රාවීය ද්‍රව්‍ය ලෙස පිට කර දැමීම ඇතුළු සුවිශාල කාර්ය බාර්යයන් රාශියක්ම අක්මාව මගින් සිදු කරනු ලබනවා. ශරීරයේ ග්ලයිකොජන් කියන රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම, ඒ රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලූකෝස් බවට පත් කරමින් ශරීරයට අවශ්‍ය ලෙසට රුධිරයට නිදහස් කිරීම, නිසි පරිදි සිදු කරන්නේ අක්මාව මගින්. 

විශේෂයෙන්ම ශරීරයට ඇතුළු වන සමහර සැර ඖෂධ වර්ගවල සැර ගතිය අඩුකර දීම ,ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවීම,ග්ලයිකොජන් නිෂ්පාදනය, කොලෙස්ටරෝල් නිෂ්පාදනය, ලේ කැටි ගැසීමට අවශ්‍ය රසායන නිෂ්පාදනය 500 ට අධික හෝර්මෝන වර්ග නිපදවීම විටමින් එක්රැස් කර තබා ගැනීම ආදී මිනිස් සිරුරේ ක්‍රියාදමයන් 500 කට අධික සංඛ්‍යාවකට අක්මාව දායක වෙනවා. ඒ නිසා අපේ සිරුරේ නීරෝගී පැවැත්ම උදෙසා අක්මාවේ නීරෝගීභාවය අතිශයින්ම වැදගත්. අක්මාව ආශ්‍රිතව ඇතිවන විවිධ රෝගාබාධ අතුරින් පිළිකා කියන්නේ සුළුවට නොගත යුතු භයානක රෝගයක්. නමුත් අක්මාව තුළ පිළිකාවක් වැඩෙන බව කල්තියා හඳුනා ගන්නට ඇති අපහසුතාවය නිසා ජීවිතයට විශාල අවදානමක් ඇති වෙනවා. ඒ නිසා මේ ලක්ෂණ අක්මාවේ පිළිකාවක් වර්ධනය වන බව හඳුනා ගන්නට ඔබට උපකාරී වේවි.

අක්මාව ආශ්‍රිතව හට ගන්නා ගෙඩි වර්ග අතුරින් කිසිදු පිළිකා අවදානමක් නොමැති ගෙඩිත් පවතිනවා. ඒ හැරුණාම දැනට පිළිකා අවදානමක් නොමැති නමුත් කාලයක් ගතවීමත් සමඟ පිළිකාවක් බවට පත්විය හැකි ගෙඩිත් පවතිනවා. තවත් ඇතැම් විටෙක අක්මාවේ සෛලවලින්ම පිළිකා තත්ත්වයක් වර්ධනය වෙන්නටත් පුළුවන්. නමුත් බොහෝවිට දැක ගන්නට ලැබෙන්නේ ශරීරයේ වෙනත් ස්ථානයක හටගන්නා පිළිකාවක් අක්මාව දක්වා පැතිර ඒමයි. කොහොමවුණත් මේ පිළිකාවක භයානක තත්ත්වය වෙන්නේ විශාල ප්‍රදේශයක පිළිකාව පැතිර ගිය පසුව පමණක් යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමයි.එබැවින් අපේ ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන අක්මාවේ ආරක්ෂාව සහ නීරෝගී පැවැත්ම වෙනුවෙන් ශරීරය විසින් අපිට හඟවන කුඩා කුඩා සංඥා පිළිබඳව හොඳින් සලකා බැලිය යුතුයි.

ක්ෂණිකව සිරුරේ බර අඩුවීම අක්මාව ආශ්‍රිතව පිළිකාවක් වැඩෙන බව හඳුනා ගත හැකි මූලිකම ලක්ෂණය වන්නේ ආහාර පාලනයකින් තොරව හෝ බර අඩුකර ගැනීමට කරන ව්‍යායාම්වල නිරත නොවෙන අයෙකුට ක්ෂණිකව මෙවැනි තත්ත්වයක් අත්විදින්නට සිදුවීමයි. සියයට 40 කින් පමණ කෙටි කාලයක් තුළ බර අඩුවීම මේ පිළිකා තත්ත්වයේදී ඇති වෙන්නට පුළුවන්.

උදෑසන වමනය හා ඔක්කාරය විශේෂයෙන්ම උදෑසන වගේම ආහාර ගත් විටම හදිසියේ බඩ දැගලිල්ල සහ ඔක්කාර තත්ත්වයන් නිතර  ඇතිවීම අක්මාව ආශ්‍රිත පිළිකාවක් ඇති බව හඟවන ලක්ෂණයක් විය හැකියි. මෙහිදී සියුම් ඔලුවේ කැක්කුමක් සමඟ ඇති වෙනවා නම් එය නිසැකයෙන්ම අක්මාවේ ගැටළුවක් වීමේ හැකියාව වැඩියි. ඇතැම්විට කහ පැහැයෙන් යුත් ද්‍රාවණයක් සහිත වමනය ද ඇති වෙන්නට පුළුවන්.

ශරීරයේ දකුණු ප්‍රදේශයේ විවිධ වේදනාකාරී තත්ත්ව ඇතිවීම උරහිස්, උදරය සහ දෙපා ආශ්‍රිතව වේදනා ඇතිවීම අක්මාවේ වර්ධනය වන පිළිකා තත්ත්වයක් නිසා ඇතිවන ලක්ෂණයක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

උදරයේ අපහසුතා ඇතිවීම අක්මාව විශාල වීම නිසා උදරයේ යම් අපහසුතා සහ වේදනාවන් ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්ත්වයක් අක්මාවේ පිළිකාවක් වර්ධනය වන බව කියපාන තවත් එක් පූර්ව ලක්ෂණයක් විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.

නිතර නිතර මහන්සි ගතියක් දැනීම එදිනෙදා ජීවිතය සාමාන්‍ය පරිදි ගත කරන්නට නොහැකිව නිතර මහන්සියක් තෙහෙට්ටුවක් දැනෙන්නේ නම් එය අක්මාවේ පිළිකාවක් හෝ යම් ගැටලුවක් නිසා ඇතිවන තත්ත්වයක් විය හැකියි. එවැනි විටකදී ශරීරයේ කටයුතු සිදුකරන්නට අනෙක් ඉන්ද්‍රියන් වැඩි වෙහෙසක් දරන නිසා දැනෙන තෙහෙට්ටුව අධිකයි.

  • හේතුවක් නොමැතිව ශරීරය කැසීම 
  • සම,දිව, නිය සහ ඇස් කහ පැහැයක් ගැනීම 
  • මළ දීප්තිමත් වර්ණයක් ගැනීම 
  • මුත්‍රා තද පැහැයක් ගැනීම 

අක්මාවේ පිළිකා තත්ත්වයක් වර්ධනය වන බව හඳුනාගත හැකි තවත් ලක්ෂණයක් වන මෙහිදී ඔබේ මුත්‍රා තැඹිලි හෝ දුඹුරු පැහැයක් ගන්නට ඉඩ තියෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම පවතින විට ඒ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්.

  • නිදිමත සහ අලස බව 
  • ආහාර ජීර්ණය නිසියාකාරව සිදු නොවීම
  • යටිබඩ අවට වර්ණය වෙනස් වීම 

 අක්මාව නීරෝගීවීම දීර්ඝ කාලයක් ජීවත්වෙන්නට වගේම සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්ටත් උපකාරී වෙනවා. ඒ නිසා ඔබ එතරම් සැලකිල්ලක් නොදක්වන ලක්ෂණ යම්විටෙක අක්මාවේ යම් ගැටළුකාරී තත්ත්වයන් හඟවන බැවින් එවැනි කාරණා පිළිබඳව  සැලකිලිමත්වීම ඔබට ඔබේ අක්මාව නීරෝගීව තබා ගන්නට උපකාරී වෙනවා.