පොඩි ලෙඩකටත් නිතර නිතර පැරසිටමෝල් පානය කිරීමෙන් හැදෙන බරපතළ රෝහ 5 ක්

health tips

විවිධ අවස්ථාවලදී අපිට විවිධ ලෙඩ රෝගවලට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී  අපි වෛද්‍යවරයෙකු හමු වෙලා අවශ්‍ය ප්‍රතිකාර ලබාගන්නවා. එවිට  වෛද්‍යවරුන්  බොහෝ වෙලාවට අපිට් පැරසිටමෝල් ඖෂධය ලබාදෙනවා. නමුත් එය  ශරීර සෞඛ්‍යයට ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද  වෛද්‍ය නිර්දේශ මත ඒවා ලබා දෙන නිසා. 

මේ  පැරසිටමෝල් කියන්නේ අද වෙද්දි අපි හැමෝටම හුරු  පුරුදු ඖෂධයක්.  ඒ නිසාම ඉතා පහසු මිලට සාමාන්‍ය වෙළඳසැලකින් හෝ ඔසු සලකින් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඕනෑ තරම් ප්‍රමාණයක් ලබා ගන්නට අවස්ථාව තියෙනවා.  ඒ නිසා හිසරදය, ඇඟපත වේදනාව, උණ තත්ත්වයන්, බඩේ කැක්කුම්, ඔසප් වේදනා ආදී සුළු අසනීප තත්ත්වයන්වලදී පවා වැඩි දෙනෙක් නිරන්තරයෙන්ම භාවිතා කරන වේදනා නාශක ඖෂධය බවට මේ පැරසිටමෝල් පත්වතියෙනවා. මේ ඖෂධය වේදනාව සමනය කර ගන්නට භාවිතා කළත් බරපතලම කාරණාව තමයි මේ පැරසිටමෝල් අධි මාත්‍රාවෙන් භාවිතා කිරීම ක්ෂණික මරණය ගෙන නොදුන්නත් ක්‍රම ක්‍රමයෙන්  මරණය කරා  ගෙනයාම සිදු කරනවා. ඉතින් අපි අද කතා කරමු පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් ගැනීම අපේ ශරීරයට කොතරම් හානිදායක ද යන කාරණාව පිළිබඳව.

 මේ පැරසිටමෝල් පෙති වශයෙන් කරල් වශයෙන් හෝ පැණි වශයෙන් දකින්නට පුළුවන්. පැරසිටමෝල් වේදනා නාශකයක් ලෙස ශරීරය තුළ අදාල ක්‍රියාවලින් ඉටු කලාට පස්සේ පැරසිටමෝල් ශරීරයෙන් ඉවත් වෙන්නට පෙර අක්‍රිය වීමක් සිදුවෙනවා. ලබාගත්  ඖෂධ ප්‍රමාණයෙන් 20% ක් පමණ මහා අන්ත්‍රයේ බිත්ති මත ඊට අදාළ ප්‍රතිකාර ක්‍රියාවලිය සිදු කරනු ලබනවා . ඉතිරිය අක්මාවේ ක්‍රියාකාරී වෙනවා. මේ ඖෂධය බිඳෙන විට නිෂ්පාදනය වෙන අතුරුඵල අක්මාවට අහිතකර වුණත් එය ක්‍රියාකාරි වෙන්නට ප්‍රථම අක්මාවේ  ගබඩාකර ඇති ග්ලූටැතියොන්  නම්  ප්‍රතිඔක්සිකාරක සංයෝගය මගින් ඖෂධයේ අතුරුඵල උදාසීන කරනවා. 

නමුත් ඔබ යම් අවස්ථාවක පැරසිටමෝල් අධි මාත්‍රාවක් ලබා ගත්තොත් අක්මාවට මේ අතුරුඵල උදාසීන කරන්නට ඕන කරන ග්ලූටැතියෝන් ප්‍රමාණවත් පරිදි  නිෂ්පාදනය නොවෙන නිසා ඒවා උදාසීන කරන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ විශ ක්‍රියාකාරී වෙලා අක්මාවට හානි  කිරීම  ආරම්භ වෙනවා. මෙසේ අක්මාව අක්‍රීය වීම දවස් ගානක් තිස්සේ සිදු වෙනවා. ඒ සඳහා නිසි ප්‍රතිකාරයකට යොමු නොවුණොත්  සම්පූර්ණයෙන්ම අක්මාව අක්‍රීය වීම  වගේම මරණය ඇති වෙන්නත් පුළුවන්.

ඒ වගේම යම් අවස්ථාවකදී මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙමින් සිටින  හෝ ආහාර ගැනීමේ අක්‍රමවත් රටාවක් සහිතව හිඳ පැරසිටමෝල් භාවිතයට ගැනීම තුළින් සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා අක්මාවේ රෝග හටගත් පිරිස් පැරසිටමෝල් භාවිතයට ගැනීම තුළින් අක්මාව අක්‍රීය වීමේ ආබාධවලට මුහුණ දෙනවා. 

 ඉතින් ඔබ දැන ගත යුතු කාරණාව තමයි මේ  ආකාරයට පැරසිටමෝල් අධිමාත්‍රාවෙන් ලබා ගැනීම නිසා වසරකට ලෝකය පුරා මිනිසුන් 150 ක  ප්‍රමාණයක් මරණයට පත්වෙන බව. ඒ  නිසා මේ වේදනා නාශක භාවිතා කිරීමේදී වඩාත් සැලකිලිමත් වීම ඉතාම වැදගත්. 

පැරසිටමෝල් 150 mg ට අඩු ප්‍රමාණයක් හානිකර  නැහැ. නමුත් පුද්ගලයාගේ වයස, වෙනත් රෝගාබාධ සහ  ලබා ගන්නා වෙනත් ඖෂධ අනුව  මේ ප්‍රමාණය වුණත් අහිතකර වෙන්න පුළුවන්.  කොහොමවුණත් පැරසිටමෝල් මිලි ග්‍රෑම් 250 හෝ ඊට වැඩි ප්‍රමාණයක් ගැනීම අනිවාර්යෙන්ම  ශරීරයට හානිදායකයි .

පැරසිටමෝල් විෂවීමක් හඳුනාගත හැකි ලක්ෂණ

 ඇතැම් අවස්ථාවල  වේදනාව අඩු නොවීමෙන් පැය දෙකෙන් දෙකට ආදී වශයෙන් පැරසිටමෝල් ලබා ගන්නට කටයුතු කරනවා. මේ වගේ තත්ත්වයකදී දවසකට පෙති  24ක් පමණ ශරීරයට ලැබෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අනිවාර්යෙන්ම පැරසිටමෝල් විශ වීමක් ඇතිවෙන්නට පුළුවන්. මෙය ඉතාම භයානක තත්ත්වයක්. ඒ වගේ අවස්ථාවක්දී පැය 8ක් තුළ ඒ පුද්ගලයා රෝහල් ගත වුණොත් පමණය ජීවිතය බේරා ගන්නට හැකි වෙන්නේ. ඒ  නිසා මේ වගේ විෂවීමක් ඇති වූ විට ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්. 

පැරසිටමෝල් අධිමාත්‍රාවක් ශරීරගත වූ විට ඇතිවෙන ලක්ෂණ ප්‍රධාන අවස්ථා හතරකට වෙන්කර විග්‍රහ කරන්නට පුළුවන්.

පැරසිටමෝල් අධි මාත්‍රාවක් ශරීරගත වී පැය භාගයක් සහ පැය විසි හතරක් අතර  කාලය

බොහෝවිට  රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. 

  ඇතැම්විට ,

  • ආහාර අරුචිය
  • ඔක්කාරය
  • වම්නය
  • විඩා ගතිය ආදිය පෙන්නුම් කරන්නට පුළුවන්.

  පැය18- 72 අතර කාලය

ඉහත සඳහන් රෝග ලක්ෂණවලට අමතරව 

  • ශරීරය දකුණු පැත්ත උදරයේ ඉහළ කොටසේ වේදනාව
  • හෘද ස්පන්දන වේගය වැඩි වීම
  • රුධිර පීඩනය අඩුවීම
  • වකුගඩුවලට බලපෑම් කිරීම නිසා මුත්‍රා පිටවීම අඩු වීම   දකින්නට පුළුවන්.

 පැය 72-96 අතර කාලය

 ඉහත රෝග ලක්ෂණවලට අමතරව,

  • අක්මාවේ සෛල විනාශ වීම නිසා ශරීරය කහ පැහැ වීම
  • රුධිරය  කැටි  නොගැසීම නිසා පහසුවෙන් රුධිරය වහනය වීම
  • රුධිරයේ සීනි මට්ටම පහළ වැටීම
  • මොළයේ ක්‍රියාකාරීත්වයට බලපෑම් කරන නිසා නොසන්සුන් බව සහ ඇතැම්විට විශාදය වැනි රෝගාබාධ මතුවීම
  • සිහිය නැතිවී යාම
  • ඇතැම් අවස්ථාවල ක්ෂණිකව ඇතිවන වකුගඩු අක්‍රිය වීම ද ඇති වෙන්න පුළුවන්.
  • බහු ඉන්ද්‍රිය අකර්මණ්‍යතාවය නිසාවෙන් ඇතැම් අවස්ථාවල රෝගියා මරණයට පත් වෙන්නටත් පුළුවන්.

  දින 4- සති 3 අතර කාලය

  මේ අවස්ථාව පසු කරන්නට හැකියාව ලැබුණොත් මේ අවධිය වන විට අක්මාව සහ අනිකුත් ඉන්ද්‍රියන් යථා තත්ත්වයට පත් වෙනවා .

ලෝකයේ බහුලවම භාවිතා වෙන වේදනා නාශකය වෙන පැරසිටමෝල් ලෝකයේ වැඩියෙන්ම අවභාවිතා වෙන ඖෂධ බවටත් පත්වෙලා. ඒ නිසා  විවිධ රෝග තත්ත්වයන්වලින් අපව ආරක්ෂා කරන ඖෂධ වුණත් ඒවා අවභාවිතය නිසා අපිට මරණයට පත්වෙන්නට වුණත් සිදු වෙන්නට පුළුවන්

සැලකිලිමත් වෙන්න.

ඇඟපත වේදනාව හෝ උණ  ආදී රෝග තත්ත්වයන්වලදී පැරසිටමෝල් ලබාගත යුත්තේ පැය 6 කට වරක් පමණයි .වැඩිහිටියෙකුට නම් පැරසිටමෝල් පෙති දෙකක් පැය හයකට වරක් ලබා දිය යුතුයි. ඒ අනුව දවස පුරාම රෝගියාට පැරසිටමෝල් ලබාදිය යුත්තේ හතර වරක් පමණයි.

 කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබාදිය යුත්තේ දරුවාගේ බර අනුවයි. කුඩා දරුවන්ට පැරසිටමෝල් ලබාදීමේදී අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. උණ නොමැති කිසිම අවස්ථාවක පැරසිටමෝල් දරුවන්ට ලබාදීමෙන් වලකින්න. 

උණ අඩු නොවීම නිසා පැය හයක් ගතවීමට පෙර නැවත පැරසිටමෝල් ලබාදීම නුසුදුසු බවත් මතකයේ තබා ගන්න. එවන්  අවස්ථාවකදී  අනිවාර්යෙයෙන්ම වෛද්‍යවරයෙකු හමුවට යන්න.