අක්මාව පිරිසිදු කරන පාන වර්ග 5 ක්

health tips

අපේ ශරීරයේ  ඇති සෑම අංගයක් ම පාහේ අපිට ඉතාම වැදගත්. විශේෂයෙන් ම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් අපේ ජීවිතයේ පැවැත්මට ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මේ ඉන්ද්‍රියන් රැක ගැනීමේ උනන්දුව මත  ජීවිතයේ නිරෝගිබව තීරණය වෙනවා. 

ඉතිං ඒ වගේ අපේ ශරීරයේ ඇති වැදගත් ම ඉන්ද්‍රියක් තමා  අක්මාව කියන්නේ.  අපේ  අක්මාව ශරීරයේ  විශාලතම අභ්‍යන්තර ඉන්ද්‍රියයි. අපි බොහෝ විට ඒ ගැන නොසිතනවා වුණත් අපේ අක්මාව අපේ ජීවිතයේ සෑම මොහොතකම අපි වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා අපේ අක්මාව ලෙඩ නොකර තියා ගන්න එක ගොඩක් වැදගත්.

මේදය හෝ සිරෝසිස් නිසා ඔබේ අක්මාව දුර්වල වෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී ඔබේ සම සහ ඇස් කහ පැහැයට හැරෙන්නේත් අක්මාව සම්බන්ධ ගැටලු නිසයි. 

රෝගී අක්මාවකට පුළුවන් අපිව සෙමින් මරා දමන්නටත්. ඒ නිසා අක්මාව සම්බන්ධයෙන් අවධානයක් දෙන්න. 

ඉතිං ඒ නිසා අපේ අක්මාව නිරෝගිව තබා ගැනීම සඳහා සරල බීම වර්ග කිහිපයක් බොන්න පුළුවන්. මේ බීම හදන්න ඉතා පහසු බීම. ඔයාලත් උත්සාහ කරන් කියනවාට වඩා නිතරම මේ බීම බොන්න කියලා අපි කියනවා. 

තන්තු බහුල ආහාර වලින් ඔබේ බඩවැල්වල චලනය වැඩි කිරීමෙන් ඔබේ අක්මාවට තුලට ඇතුල්වෙන විෂ ඉවත් කිරීමට උපකාරී වෙනවා. මේ අපි  අද කතා කරන  සඳහන් කළ බොහෝ බීම වල ද තන්තු අධිකයි. ඇපල් යුෂ හා වට්ටක්කා පවා අක්මාව පිරිසිදු කිරීමේ සරල ක්‍රමයක්. ප්‍රබල තන්තුමය පානයන් සඳහා කෙසෙල්, ඕට්ස්, කස කසා බීජ, අලිගැට පේර, එකතු කර ගන්න පුළුවන්.  

ඇඹුල් පළතුරු ඇඹුල් පලතුරු වල ඇති විටමින් සී සහ ප්‍රති ඔක්සිකාරක ඔබේ අක්මාව පිරිසිදු කිරීම සඳහා විශිෂ්ට ලෙස ගැළපෙනවා. ලෙමන්, මිදි, දොඩම් සහ දෙහි වැනි ඇඹුල් පලතුරු වල ඇදහිය නොහැකි විටමින් සී සහ ප්‍රති ඔක්සිකාරක මට්ටම් අඩංගුයි. ඔබට නැවුම් පළතුරු තෝරාගෙන මිරිකා යුෂ පානය කළ හැකියි. ජලය සමග නැවුම් ලෙමන් ගෙඩියක් මිරිකා පානය කිරීම අක්මාව පිරිසිදු කිරීමක්. එය සරලයි වගේම ඵලදායී යි.

අලුත් කොළ එළවළු කැරට් වගේම කොළ පාට එළවළු ඇත්තෙන්ම සෞඛ්‍ය සම්පන්නයි. ඒවා යුෂ කර පානය කිරීමෙන් ඔබේ ශරීරයට පළමුවෙන්ම ජීර්ණය නොවී පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම පහසු කරයි. ඔබ කොළ පාට පලා වර්ග යුෂ කර පානය කිරීමෙන් එය ඔබේ අක්මාව මෘදු ලෙස පිරිසිදු කිරීමට උපකාරී වේ.

ග්‍රින් ටී ඔබ සුපිරි පානයක් සොයනවා නම් හරිත තේ නැත්නම් ග්‍රීන් ටී වලට වඩා වැඩි යමක් බලන්න එපා. ග්‍රින් ටී ප්‍රති ඔක්සිකාරක වලින් පිරී තිබෙනවා. මෙම ග්‍රින් ටී පිළිකා සටන් කරුවෙක් විදිහටත් ඔබේ ශරීරය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම හරිත තේ ඔබේ ශරීරයේ මේදය දහනය කිරීමට උපකාරී වන අතර ඔබේ අක්මාව මත ඇති බර ද අඩු කරයි. දිනකට ග්‍රින් ටී කෝප්පයක් පානය කිරීමෙන් ලැබෙන අතිරේක සජලනය ඔබේ අක්මාවටද උපකාරී වෙනවා. රසකාරක එකතු නොකිරීමට උත්සාහ කරන්න.

කහ තේ කහ කියන්නේ ඉන්දියානු ආහාරවල බහුලව දක්නට ලැබෙන කුළුබඩු වර්ගයක්. එය ඔබේ අක්මාවට සහාය වන වඩාත් ප්‍රබල කුළුබඩු වර්ගයක්. කුඩු කරගත් කහ වලින් ඔබට කහ තේ සෑදිය හැකි‍යි. උතුරන වතුරට කහ තේ හැන්දක් එක් කරන්න, මිනිත්තු 10 ක් පමණ පැසෙන්න හරින්න. ලෙමන් යුෂ ස්වල්පයක් සහ කළු ගම්මිරිස් ඇටයක් එක් කරන්න. කහ තේ ඔබේ අක්මාව හානිවලින් ආරක්ෂා කරන අතර ඔබේ අක්මාවේ නව සෛල පුනර්ජනනය කිරීමට පවා උපකාරී වෙනවා.

කැරට් යුෂ කැරට් ටිකක් නිවිති හා වතුර ටිකක් සමග යුෂ කරන්න. වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා පානය කරන්න. කැරට් වල විටමින් A ඉහළ මට්ටමක පවතින අතර එය අක්මා රෝග වැළැක්වීම සඳහා සුදුසුයි. ප්‍රති ඔක්සිකාරක වන ෆ්ලේවනොයිඩ්ස් සහ බීටා කැරොටින් වලින් ද ඒවා පිරී ඇත. කැරට් ඔබේ ශරීරයේ සෑම කොටසකටම හොඳයි, ඒ නිසා සෑම දිනකම ඔබ කැරට් යුෂ රසවිඳින්න.