කුකුල්පීකුදුආහාරයට ගැනීමෙ න් සිදුවන හානිලොකු ලොකු කුඩා සෑම දෙනාම පාහේ ආහාරයට ගනු ලබන ප්‍රධාන මස් වර්ගය ලෙස කුකුල් මස් හඳුනාගත හැකිය. එනම් කුකුල් මස් ආහාරයට ගැනීමෙන් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ගණනාවක් එක වර ලබාගත හැකිය. මේ නිසා කුකුල් මස් ආහාරයට ගැනීම සෑම දෙනාටම ගුණදායක වේ.
නමුත් වර්තමානය වන විට කුකුල් මස් ආහාරයට ගැනීමට සාපේක්ෂව කුකුල් පීකුදු ආහාරයට එක්කර ගැනීම ප්‍රමාණයෙන් වැඩි වී තිබේ. එනම් බොහෝ අලෙවිසැල් වලින් කුකුල් පීකුදු පමණක් වෙන්කර මිලදී ගත හැකිය. කුකුල් පීකුදු ආහාරයට ගැනීම කුකුල් මස් ආහාරයට ගැනීමට වඩා ගුණදායක බව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් කුකුල් පීකුදු වල කුකුල් මස් වලට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රෝටීන් ,යකඩ, විටමින් අඩංගු වේ. මේ නිසා කුකුල් පීකුදු බොහෝ දෙනකු බහුලව මිලදී ගැනීම සිදු කරයි.
නමුදු කුකුල් පීකුදු ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතුය. එනම් වර්තමානයේ කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ කුකුල් පීකුදු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවන බව ය. එනම් කුකුල් මස් වල පිළිකා කාරක හා ආසනික් අඩංගු වන බව සොයාගෙන තිබේ. එනම් ශරීරයට අහිතකර මෙම බැර ලෝහ බොහෝ සෙයින් අඩංගු වන්නේ කුකුල් පීකුදු වල බව වැඩි දුරටත් තහවුරු වී තිබේ.

එනම් ශ්‍රී ලංකාවේ ද මේ සඳහා පරීක්ෂණ සිදු කළ අතර එමඟින් ද තහවුරු වී ඇත්තේ කුකුල් මස් වල හා කුකුළු පීකුදු වල ශරීරයට අහිතකර විෂ රසායන ද්‍රව්‍ය අඩංගු වන බවයි.
මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා කුකුළු ගොවි පොළවල් තුනක කුකුළන්ගේ පීකුදු පරීක්ෂණය සඳහා යොදාගෙන තිබේ. එනම් මෙම ගොවිපලවල් වලින් එක් ගොවිපල කින් සපයාගත් පීකුදු වල ආසනික් බැර ලෝහ අඩංගු වන බව තහවුරු වී තිබේ. එහිදී වැඩි දුරටත් සිදුකළ පරීක්ෂණ ඔස්සේ කුකුළු පීකුදු වල බැර ලෝහ අඩංගු වීමට බලපාන හේතු විමර්ශනය කර තිබේ. එනම් ඒ අතර
කුකුළන්ට ලබා දෙන ආහාර සකස් කිරීම සඳහා ප්‍රමිතියෙන් තොර අමුද්‍රව්‍ය යොදා ගැනීම.
එනම් කුකුල් කෑම වල අඩංගු ආසනික් හා විවිධ බැරල ලෝහ
- කැල්සියම්(cd)
- ආසනික්(As)
- ඊයම්(pb)
- කුකුළන්ගේ වැඩිම වර්ධනය කරගැනීමට කොපර් ,මැග්නීසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය බහුලව යොදා ගැනීම.
- අපිරිසුදු ජලය පානය කිරීම.
- අපිරිසිදු කුකුල් පාලනය
- කුකුළන්ට පවතින විටමින් ඌනතා සහ ලබා දෙන විවිධ විටමින් වර්ග
- අපිරිසිදු ජලය පානයට දීම.
මේ ආදී වූ බැර ලෝහ අඩංගු කුකුළු පීකුදු ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග ඇති විය හැකිය. එනම් ඒ අතර
- ස්නායු රෝග
- අස්ථි ආබාධ
- පිළිකා
- අක්මා රෝග
- දියවැඩියාව
මේ ආදී වූ රෝග ගණනාවක් ඇති වීමට බැර ලෝහ අඩංගු පීකුදු ආහාරයට ගැනීම හේතුවන බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
එනම් නිතර නිතර පීකුදු ආහාරයට ගැනීමෙන් මෙම රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබේ.
මේ නිසා හැකි තරම් කුකුල් පීකුදු ආහාරයට ගැනීම පාලනය කරගත යුතුය. එමෙන්ම ගැබිනි මව්වරුන්ට පීකුදු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ. පීකුදු ආහාරයට ගන්නේ නම්
කෘතිම ඖෂධ හෝමෝන නොයොදා ඇති කරන සතුන්ගේ කුකුළු පීකුදු ආහාරයට ගැනීම ගුණදායකය.
එමෙන්ම ගොවිපලවල් වල තත්ව පාලනය කිරීම ක්‍රමවත් ව සිදු කළ යුතුය.
ගොවිපොලවල් හැකි සෑම විටකම පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතුය.
මේ ආදී වශයෙන් කුකුල් පීකුදු ආහාරයට ගැනීමේ දී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.