වයසට යන්න කලින් හැදෙන බොහෝ රෝග සුව කරන උදෑසන පාන වර්ග 4 ක්

health tips

ඈත අතීතයේ සිටම නොයෙක් ඖෂධීය ශාකවල මල්, පොතු , කොළ තම්බා පානයක් ලෙස භාවිතා කර තිබේ. මේ අතරින් මල් භාවිතා කර සකස් කරන පානයන් බොහෝ දෙනෙකු අතර ප්‍රචලිතය.  මෙසේ ඈත අතීතයේ සිටම භාවිතයට ගත් මල් පානයන් අතර 

  • බෙලිමල් 
  • වදමල් 
  • කටරොළු මල් 
  • රණවරා මල් සුවිශේෂී වේ. 

උදෑසන පානය කරන තේ පානය වෙනුවට මෙම මල් වලින් සකස් කර ගත් එක් පානයක් භාවිතා කරන්නේ නම් ඉන් රෝග ගණනාවක් සමනය කරගෙන නීරෝගී දිවියක් ගත කළ හැකිය. 

වදමල් පානය.ඈත අතීතයේ සිට ම භාවිතා කළ ස්වභාවික මල් පානයක් ලෙස වද මල් පානය හැඳින්විය හැකිය. මේ සඳහා වද මලක් ගෙන උණුසුම් වතුර වීදුරුවකට දමා තැම් තැම්බෙන තුරු වසා තබා මල් වල  පැහැය වතුර සමඟ මිශ්‍ර වූ පසු මල් ඉවත් කර එයට මී පැණි ස්වල්පයක් එක් කොට පානය කිරීමෙන් බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර කරගත හැකිය. 

  • සමෙහි ඇතිවන රෝග සුව කිරීම සඳහා 
  • කොලෙස්ටරෝල් පාලනය කිරීම සඳහා 
  • ආහාර රුචිය වැඩි කිරීම සඳහා 
  • මුත්‍ර රෝග සමනය කිරීම සඳහා 
  • ශරීර බර පාලනය කිරීම සඳහා 
  • අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය කිරීම සඳහා 
  • හිසකෙස් වර්ධනය කිරීම සඳහා 

කටරොළු මල් පානය.ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ බහුලව භාවිතා කළ  ඖෂධීය මල් පානයක් ලෙස කටරොළු මල් පානය හැඳින්විය හැකිය. එනම් වර්තමානය වන විට ශ්‍රි ලංකාවේ මෙන්ම ලෝකයේ විවිධ රටවල කටරොළු මල් පානය ඖෂධයක් ලෙස  භාවිතා කරන අතර එමගින් රෝග ගණනාවක් සුව කර ගත හැකිය. මේ සඳහා කටරොළු මල් තුනක් පමණ ගෙන උණුසුම් වතුර වීදුරුවකට දමා තැම්බෙන්නට හැර එම වතුර පෙරා පානය කිරීම වඩාත් ගුණදායකය. එනම් මෙම පානය භාවිතා කිරීමෙන්

  • හිසකෙස් ගැටළු 
  • දියවැඩියාව ඇතිවීම 
  • චර්ම රෝග 
  • මානසික ආතතිය 
  • දහඩිය දැමීම 
  • අක්මා රෝග 
  • උගුරේ ආසාදන ආදී රෝග ගණනාවක් සමනය කර ගත හැකිය.

බෙලි මල් පානය-බෙලි ශාකය යනු දේවත්වයෙන් සලකන ශාකයක් වන අතර බෙලි පොතු කොළ ,මල් ,මුල් යන ශාක පංචාංගයම ඖෂධීය ගුණයෙන් යුක්ත වේ. බෙලි මල් පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් එමගින් බොහෝ රෝග සමනය කරගත හැකිය. මේ සඳහා බෙලි මල් මිටක් පමණ ගෙන වතුර කෝප්ප දෙකක් පමණ දමා එකක් වනතුරු සිඳවා පත භාගය බැගින් උදේ සවස උණුසුම් ජලය මිශ්‍ර කර හකුරු සමඟ පානය කළ හැකිය.  මෙමගින් 

  • හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය 
  • ආමාශගත රෝග සුව කර ගත හැකිය 
  • ආහාර ජීර්ණය පහසු කර ගත හැකිය. 
  • ගෑස්ට්‍රයිටිස් සමනය කර ගත හැකිය 
  • ශරීරය සිසිල් කර ගත හැකිය 
  • සම පැහැපත් කර ගත හැකිය 
  • චර්ම රෝග සුව කර ගත හැකිය 
  • බඩ බුරුල් වීම සමනය කර ගත හැකිය 
  • පිපාසය දාහය දුරු කර ගත හැකිය 
  • මල බද්ධය සමනය කර ගත හැකිය 
  • මෙවැනි රෝග ගණනාවක් සමනය කරගෙන නීරෝගී දිවියක් ගත කිරීමට බෙලිමල් පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

රණවරා -විටමින්  C ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු රණවරා මල් තම්බා පානය කිරීමෙන් ශරීරගත බොහෝ රෝග සුව කර ගත හැකිය. එනම් මේ සඳහා රණවරා මල් මිටක් පමණ ගෙන තම්බා කිතුල් හකුරු සමඟ පානය කිරීම වඩාත් ගුණදායකය. 

  • දියවැඩියාව  
  • චර්ම රෝග. 
  • මුත්‍රා රෝග 
  • අක්ෂි 
  • මෙමගින් 
  • මලබද්ධය 
  • මුඛ රෝග 
  • උදර වේදනා මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධීය මල් පාන වර්ග භාවිතා කළ හැකිය.

නමුත් දියවැඩියාව වැනි නිදන්ගත රෝග ඇත්නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු ය.