අක්මා රෝග සුව කරන ආයුර්වේද සත්කාර 11 ක්

health tips

ආයුර්වේදයේ බෙහෙත් ඖෂධ හා මත්පැන් ඇබ්බැහිය ආදි හේතු නිසාවෙන් හටගන්නා අක්මා රෝග ගණනාවක් පිළිබඳව සඳහන් වේ.මේ අතරින් මූලිකවම ගැටලු ලක්ෂණ පෙන්නුම් කරන අක්මා රෝගය වන්නේ ජෝන්ඩිස් හෙවත් සම හා ඇසේ සුදුඉංගිරියාව කහ වීමේ තත්වයයි.අක්මා රෝග ඇතිවීමට යටින් පවතින වෙනස් සෞඛ්‍ය ගැටලු ද හේතුවිය හැකියි.විවිධාකාරයේ අක්මා රෝග පිළිබඳ ආයුර්වේදයේ වර්ග කර ඇත්තේ මෙසේය.

ප්‍රත්‍යක්ෂ‘ (සෘජු බලපෑමක් ඇති)

  • ‘යක්‍රිත් ව්‍රිද්දි’ (හෙපටොමෙගලි): මද උණ, අප්‍රාණිකබව හා ආමාශ අග්නිය හීනවීම  වැනි ලක්ෂණ ඇතිකරවන සෙම් හා පිත් දෝෂ කිපීම් සමඟ අක්මාව විශාල වීමේ තත්වයකි.
  • ‘යක්‍රිද්දලයුදර’ (අක්මා සිරෝසිස්):අක්මා ක්‍රියාකාරීත්වය ව්‍යාකූල වීමෙන් යටිබඩ නෙරා ඒමේ (විශාලවීමේ) තත්වයකි.
  • ‘යක්‍රිත්ගත දෝෂ'(නිදන්ගත හෙපටයිටිස්): අක්මාව තුළ ස්ථානගත දෝෂ බලපෑමින් එය ප්‍රදාහයට ලක්වීම සිදුවන තත්වයකි.

අප්‍රත්‍යක්ෂ‘ (වක්‍ර බලපෑම්)

  • ‘කාමල’ (ජෝන්ඩිස් හෙවත් ඇස් හා සම කහවීම)
  • ‘පනකි’ (පාචන සංකූලතා සමඟ ඇතිවිය හැකි ජෝන්ඩිස් තත්වය)
  • ‘හාලිමක’ (උණ සංකූලතා ඇතිවන ජෝන්ඩිස් තත්වය)
  • ‘කුම්භ කාමල’ (ජලෝධර (ascites) හෙවත් යටිබඩේ තරල එකතුවීම හා එඩිමා හෙවත් ඉදිමුම වැනි සංකූලතා ඇතිකරේන ජෝන්ඩිස් තත්වය)
  • ‘ලෝධර’ (ක්ලෝරෝසිස් හෙවත් නිරක්ති තත්වය හේතුවෙන් සමේ කොළ පැහැයක් ඇතිවීම)
  • ‘ලඝාරක’ (නිදන්ගත හෙපටයිටිස්) 
  • ‘ආලස’ (නිදන්ගත හෙපටයිටිස්)
  • ආයුර්වේදයට අනුව කාමල හෙවත් ජෝන්ඩිස් තත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව නිරක්තිය (ඇනීමියා) හෙවත් ලේ අඩුකමයි.

අක්මා රෝග වලට ආයුර්වේදයේ සිදුකරන ප්‍රතිකාර

විරේචන කර්ම බෙහෙත් ඖෂධ ලබාදීම හරහා ආමාශය හා බඩවැල් ශෝධනය කර පවිත්‍ර කිරීමයි.විෂ හා සිරුරේ කිපී ඇති දෝෂ බැහැර කරවමින් රෝග ලක්ෂණ සමනය කරයි.සෙනෙහෙ කොළ,කෝමාරිකා හා රුබාබ් වැනි ශාක මේ සඳහා යොදාගනියි.එමෙන්ම අක්මා රෝග සඳහා විරේචන ප්‍රතිකාර කිරීමේදී ‘හිංගුත්‍රිගුණ තෛලය’ භාවිත කරයි.අක්මාවේ,පිත්තාශයේ හා කුඩා අන්ත්‍රය තුළ ඇති අධික පිත බැහැර කරවයි. සෙම් මූලික රෝග ලක්ෂණ පාලනයට ප්‍රතිලාභ දෙයි.

අක්මා රෝග සඳහා ප්‍රතිකාර කරන ගුණදායි ආයුර්වේද ඖෂධ වර්ග

හීන් කොහොඹ-අධික පිත බැහැර කිරීම හා පණු ආසාදන නැසීම මඟින් ආන්ත්‍රික මාර්ගය ශෝධනය (පිරිසිදු) කරයි.ජෛව සංඝටක බහුල බැවින් හීන වූ ආමාශ අග්නිය සඳහා ගුණදායකයි.අක්මාව හා ප්ලීහාවේ ක්‍රියාකාරීත්වය උත්තේජනය කරයි.ආහාර රුචිය ඇතිකරයි. ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි.චූර්ණ හෙවත් කුඩු වශයෙන් ලබාගත හැකියි. නිසි වෛද්‍ය නිර්දේශ යටතේ වතුර, උක්ගස් යුෂ හෝ මී පැණි සමඟ මිශ්‍ර කර ලබාගන්න.

ක‍ටුකරෝසන-ආහාර රුචිය වඩවන මෙන්ම විරේචක ගුණ ඇත.මැලේරියා වැනි රෝග යළි ඇතිවීම වළක්වයි.අක්මා රෝග ලක්ෂණ පාලනයට ගුණදායිය.අපස්මාරය හා කහ උණ වැනි තත්වයන්ට ද ප්‍රතිකාර කරයි.වැල්මී හා කොහොඹ පොතු සමඟ මිශ්‍ර කර භාවිතය මැලේරියා හා උණ රෝග ලක්ෂණ සමනය වීමට ගුණ දෙයි.බෙහෙත් වතුර මිශ්‍රණයක් ලෙස, සාරය, පෙති-කරල් හෝ කුඩු වශයෙන් ද මේවා ලබාගත හැකියි. බහිස්‍රාවි,රුධිර සංසරණ, ස්නායු පද්ධති හා ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය නීරෝගි කරයි.

කීකිරිඳිය-ජීර්ණ, ස්නායු හා රුධිර සංසරණ පද්ධති ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරයි. විරේචක, සිරුර යළි ප්‍රාණවත්කරන,රුධිරය කැටිගසන,ස්නායු සමනය කරන හා උණ ලක්ෂණ දුරුකරන ගුණ අඩංගුය.මේවායේ මුල් වමනය ඇතිකිරීම හා බඩවැල් පිරිසිදුකරන ප්‍රතිකාර වලට යොදාගැනේ.මේවායේ කොළ වලින් ලබාගන්නා යුෂ අක්මාවට හොඳ ඖෂධයකි. එමඟින් අක්මා ක්‍රියාකාරීත්වය වැඩිවෙයි.වකුගඩු හා අක්මාව ශක්තිමත් හා ප්‍රාණවත් කරවන ගුණ අඩංගු නිසා සිරෝසිස් වැනි රෝග ලක්ෂණ පාලනයට ඵලදායි ඖෂධයකි.තෙල් සමඟ මිශ්‍ර කර හිස ගැල්වීමෙන් හිසරදය සමනය වේ.තැම්බුම්සාරය,කුඩු,කසාය,ඖෂධීය තෙල් හා ගිතෙල් සමඟ මිශ්‍ර කර භාවිත කළ හැකියි.නිසි උපදෙස් යටතේ භාවිතය ඉතා වැදගත්ය.

දරුහරිද්‍ර-ආහාර රුචිය වඩන, ශක්තිජනක ඖෂධයක් වන අතර රුධිර සංසරණ හා ජීර්ණ පද්ධති නීරෝගි කරයි.උණ තත්වයට ප්‍රතිකාර කිරීමේදි ඉතා ප්‍රයෝජනවත්ය.ජෝන්ඩිස් හෙවත් සම හා ඇස් කහවීමේ තත්වයට ප්‍රතිකාර කරන ප්‍රබල ඖෂධයක් ලෙස ද හඳුන්වයි.අක්මාව හා ප්ලීහාව විශාලවීම (ඉදිමීම) පාලනය කරයි.රක්තවාතය,මැලේරියා,චර්ම රෝග, දියවැඩියාව රෝග ලක්ෂණ  වලට ප්‍රතිකාර කරයි.සිරුරේ විෂහරණය කරයි.කුඩු,තැම්බුම්සාරය,කසාය, ඖෂධීය ගිතෙල් මිශ්‍ර කර හෝ ඇස් සේදුම් දියරයක් හා පේස්ට් ලෙස දරුහරිද්‍ර භාවිත කළ හැකියි.

කලුකම්බේරිය-පිළිකානාශක,ප්‍රතිඔක්සිකාරක,ප්‍රතිප්‍රදාහක,අක්මා ආරක්ෂක,මූත්‍රාවර්ධක හා උණ ලක්ෂණ අඩුකරවන ඖෂධීය ගුණාංග බහුලයි.උණ, අතීසාරය,හෙපටයිටිස් හා උදර ප්‍රදේශයේ ගැටලු අපහසුතාවන් පාලනය කරයි.මෙම ශාකයේ යුෂ බාහිරව ගැල්වීම මඟින් වණ හා වෙනත් සමේ රෝග වලට ප්‍රතිකාර කළ හැකියි.මෙම ගෙඩි ඇදුම රෝගයට ප්‍රතිකාර කරන අතර ආහාර රුචිය ද වැඩිකරයි.විරේචක ගුණය ඇති නිසා ඒ සම්බන්ධ ප්‍රතිකාර වලට ද ඵලදායිය.

තිප්පිලි-උදරය ඉදිමීම,ගැටිති වර්ධනය වීම්, සෙම් රෝගාබාධ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස හා රක්තවාත වේදනාව සහ සයටිකා රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.අක්මා සිරෝසිස් තත්වයේ රෝග ලක්ෂණයක් වන උදරය විශාලවීම හෙවත් ඉදිමුම සමනය කරයි.අක්මා සෛල යළි ප්‍රාණවත් කරයි.වෙනත් ඖෂධ හා බෙහෙත් සමඟ ද ලබාගත හැකියි.තැම්බුම්සාරය,කුඩු හෝ තෙල් වශයෙන් මේවා ලබාගත හැකියි.

පිටවක්කා-ජීර්ණක,ප්‍රජනන හා මූත්‍රා පද්ධති නීරෝගි කරයි.අක්මා රෝග වලට ප්‍රතිකාර කරන ප්‍රබල ඔසුවකි. ජෝන්ඩිස්, අතීසාරය, දියවැඩියාව හා විවිධ ඉදිමුම් තත්වයන්ට ද ප්‍රතිකාර කරයි.ආලේපනයක් ලෙස සකසා බාහිරව ගැල්වීම මඟින් වණ,ප්‍රදාහය,තුවාල,චර්ම රෝග,විදුරුමසින් ලේ ගැලීම හා ටොන්සිලදාහය වැනි තත්වයන් හි ලක්ෂණ පාලනය කළ හැකියි.කුඩු,ආලේපන, තැම්බුම්සාරය, යුෂ හෝ පෙති-කරල් වශයෙන් මේවා ලබාගත හැකියි.

රසකිඳ-රුධිර සංසරණ හා ආහාර ජීර්ණ මාර්ගයේ නීරෝගි බව වඩවයි. ශක්තිජනක, මූත්‍රාවර්ධක, ප්‍රතිශක්ති වර්ධක හා රුධිරය පිරිසිදු කරන ගුණ බහුලයි.එබැවින් උණ,ජෝන්ඩිස්, රක්තවාතය,ක්ෂය රෝගය, පිළිකා හා රුමැටිසියා රෝග ලක්ෂා ඵලදායිව පාලනය කරයි.සමස්ත සිරුර ප්‍රාණවත් කරයි.

ආයුර්වේදයේ දි අක්මා රෝග සඳහා ප්‍රතිකාර කිරීමට ‘කුමරියාසව’,’භ්‍රිංගරාජාසව’,’පුනර්නවාසව’, ‘ගොක්ෂුර චූර්ණ’ (ගොක‍ටු කුඩු),’ ගුඩ පිප්පලි’ (තිප්පිලි,ඉඟුරු,හකුරු,පෙරුම්කායම්,කහ,නෙල්ලි මිශ්‍ර ඔසුවකි), ‘වසාකන්තකාරි ලේහ’ (ආඩ‍තෝඩා,කලාඳුරු,රසකිඳ,තිප්පිලි,ගිතෙල්,මී පැණි ඇතුළු තවත් අමුද්‍රව්‍ය මුසු) ආදි ඖෂධ ලබාදෙයි.

මෙම ඖෂධ භාවිතයට පෙර නිසි ආයුර්වේද වෛද්‍ය උපදෙස් ලබාගන්න.

  • බාර්ලි,මුං ඇට,රතු පරිප්පු,නෙල්ලි, පැපොල්, කෙසෙල්, අර්තාපල්,දෙළුම්,මිදි,දිඹුල්,අඹ, ඇපල්,ප‍තෝල වැනි ආහාර වර්ග පරිභෝජනයට එක්කරගන්න.
  • එළකිරි හා ගිතෙල් ආහාර වේලට ඇතුළත් කරගන්න.
  • සිරුරට හොඳ විවේකයක් ලබාදෙන්න.
  • ගැඹුරු තෙලේ බදින ලද හා මේද බහුල ආහාර වලින් වළකින්න.
  • මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් වළකින්න.
  • නීරෝගි ආහාර පුරුදු ඇතිකරගන්න.