ලංකාවේ ඕනෑම ප්‍රදේශයක දැකගත හැකි තවත් එක් ඖෂධීය එළවළුවක් ලෙස දිය දියලබු හඳුනාගත හැකිය. එනම් දියලබු ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පහසුවෙන් වගා කරගත හැකිය. ඊට අමතරව විදේශීය වශයෙන් ඉන්දුනීසියාව, ඉන්දියාව, පිලිපීනය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල ද දියලබු ප්‍රසිද්ධ වේ. දිය ලබු වල උපත නිශ්චිතව සඳහන් නොවුණද මෙහි ප්‍රභේද කිහිපයක් ම දැකගත හැකිය.
- රසය අනුව
- මිහිරි ලබු හා තිත්ත ලබු
- හැඩය අනුව
- දීර්ඝ ලබු හා වටකුරු ලබු
මේ ආකාරයෙන් රසය හා හැඩය අනුව ලබු වර්ගවල ප්‍රභේද කිහිපයක් හඳුනා ගත හැකිය. දිය ලබු ලා කොළ පැහැති දිගටි ගෙඩියක් ලෙස හටගන්නා අතර දිය ලබු වැලෙහි හට ගන්නා පත්‍ර රවුම් හැඩයෙන් යුතුවේ. පත්‍රවල සියුම් බූවක් දැකගත හැකිය. දිය ලබු ආහාරයට ගැනීමේදී මදක් කපා එහි රස බැලිය යුතුය. එනම් තිත්ත රසයෙන් යුතු දියලබු ආහාරයට ගත නොහැකිය. එය ආහාර සඳහා සුදුසු නොවේ. එමෙන්ම දියලබුවල ඖෂධීය ගුණ ආයුර්වේදය තුල මෙන්ම දේශීය වෛද්‍ය විද්‍යාව තුළ ද බහුලව භාවිතා කරනු ලැබේ. එනම් දියලබු ආහාරයට ගැනීමෙන් හෝ වෙනත් ප්‍රතිකාර සඳහා යොදා ගැනීමෙන් නොයෙක් රෝග තත්ත්වයන් සුව කරගත හැකිය.
දියලබු ඖෂධීය ගුණ

අක්මා රෝග සුව කර ගත හැකිය. අක්මා රෝග සමනය කිරීම සඳහා දිය ලබු මගින් සකස් කළ කසාය පානය කිරීම යෝග්‍ය වේ. දිය ලබු කොළ මිටක් ගෙන වතුර පත 7 ක් දමා පත එකක් වනතුරු සිඳුවා සීනි ස්වල්පයක් මිශ්‍ර කර උදේ සවස පත භාගය බැගින් පානය කිරීම අක්මාවට වඩාත් හිතකර වේ. නමුත් මෙම කසාය භාවිතා කරන අතරතුර මත්පැන් පානය කිරීමෙන් වැලකිය යුතුය.
හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. බොහෝ දෙනෙකුට පවතින හෘද රෝගය නැවත ඇතිවීම වලක්වා ගැනීමට දියලබු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දිය ලබු ව්‍යාංජනයක් ලෙස හෝ දියලබු ගෙඩියක ඇට ඉවත් කර එහි පවතින මදය කොටස අඹරා ලබා ගන්නා යුෂ පානය කිරීම මගින් හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. එනම් සතියකට දින කිහිපයක් දියලබු ආහාරයට ගන්නේ නම් හෘද රෝගීන්ට නැවත හෘදරෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
ශරීර බර පාලනය කිරීම සඳහා භාවිතා කළ හැකි ආහාරයක් වේ.දිය ලබු ව්‍යාංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ශරීරයේ අධික බර වැඩි වීම හා පවතින බර පාලනය කර ගත හැකිය.එනම් දිය ලබු වල අඩංගු වන්නේ අවම කැලරි ප්‍රමාණයක් වීම ඊට හේතුවයි. එමෙන්ම දිය ලබු ආහාරයට ගැනීමෙන් ඉක්මනින් කුස පුරවා ගත හැකි අතර නිතර ආහාර ගැනීම ද ඉන් පාලනයවේ. එනම් මේ නිසා ශරීර බරද අවම වේ.
මලබද්ධය අර්ශස් රෝග සමනය කරගත හැකිය.වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාම පාහේ මලබද්ධය නිසා පීඩාවට පත්ව තිබේ. එමෙන්ම මල බද්ධය උත්සන්න වූ විට ඇතිවන අර්ශස් රෝගය ද ඉතා වේදනාකාරී රෝග තත්ත්වයකි. මෙම රෝග තත්ත්වයන් ඇතිවීම වලක්වාගැනීමට දියලබු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දියලබු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු මලබද්ධය ඇතිවීම වළක්වා මලපිට කිරීම පහසු කරවයි.
ශරීර දාහය දුරු කර ශරීරය සිසිල් කර ගත හැකිය.දේශගුණික විපර්යාසයන් නිසා හෝ අප ගනු ලබන ආහාර නිසා ශරීර දාහය ඇති වනු ලැබේ. එනම් මෙම තත්ත්වය වළක්වා ගෙන ශරීරය සිසිල් කර ගැනීම සඳහා දියලබු ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් ශරීරය සිසිල් වන්නා සේම එම කාලය තුළ ඇතිවන අධික පිපාසය ද සංසිදුවා ගත හැකිය. එනම් ව්‍යංජනයක් ලෙස හෝ දියලබු යුෂ ගෙන ජලය සීනි එකතු කර පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මේ සඳහා වඩාත් සුදුසුවේ.
සර්ප විෂ හා ගෝණුසු විෂ ඉවත් කර ගත හැකිය.ඈත අතීතයේ සිටම සර්ප විෂ, ගෝනුසු විෂ නැසීම සඳහා දියලබු භාවිතා කර තිබේ. එනම් මේ සඳහා දිය ලබු මල් ගෙන කසායක් ලෙස සකස් කර පානය කිරීම මගින් එම විෂ ඉවත් කරගත හැකිය.
මානසික ආතතිය ඇති වීම වළක්වා ගත හැකිය. බොහෝ දෙනෙකුට පවතින මානසික ආතතිය ඇති වීම වළක්වා ගැනීමට දියලබු ආහාරයට එක්කර ගැනීම යෝග්‍යවේ. ඊට අමතරව දියලබු යුෂ ස්වල්පයකට තල තෙල් ස්වල්පයක් මිශ්‍රකර හිසේ ගල්වා හොඳින් සම්බාහනය කිරීම මගින් මානසික ආතතිය දුරු කර සුවබර නින්දක් ලබා ගත හැකිය.

මුත්‍ර රෝග සමනය කර ගත හැකිය.දියලබු ඖෂධයක් ලෙස භාවිතා කිරීම මගින් මුත්‍ර රෝග සුවකර ගත හැකිය. එනම් මුත්‍රාවල ආම්ලිකතාවය අධික වීමෙන් ඇතිවන මුත්‍ර දැවිල්ල සුවකර ගැනීම සඳහා දිය ලබු භාවිතා කිරීම ගුණදායකය. එනම් දියලබු යුෂ වීදුරුවකට දෙහි ඇඹුල් ස්වල්පයක් මිශ්‍ර කර දිනපතා උදෑසන හිස් බඩට පානය කිරීමෙන් මුත්‍රා රෝග සුවකර ගත හැකිය.
හිසකෙස් සම්බන්ධ රෝග සමනය කර ගත හැකිය.බොහෝ දෙනෙකුට පවතින හිසකෙස් සම්බන්ධ ගැටලු අතර හිසකෙස් ගැලවීයාම, හිසකෙස් පැලීම සුව කරගැනීමට දියලබු ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සදහා දියලබු ඉස්ම ස්වල්පයක් ගෙන හිසෙහි ආලේප කර මද වේලාවක් තබා සෝදා හැරිය යුතුය. එනම් ඉන් මෙම ගැටලු සමනය කර ගත හැකිය.
හිසරදය සමනය කරගත හැකිය.බොහෝ දෙනෙකුට පවතින තදබල හිසරදය සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස දිය ලබු කොල භාවිතා කළ හැකිය එනම් දිය ලබු කොළ ඇල්දියෙන් අඹරා පැලැස්තරයක් ලෙස නළලේ ආලේප කර තැබීම මගින් හිසරදය සුව කරගත හැකිය. මීට අමතරව නිදි උලුක්කු සුවකර ගැනීම සඳහා බිඳුණු අස්ථි නැවත යථා තත්ත්වයට මීට අමතරව
- ශරීර අභ්‍යන්තර වමනයට
- නිදි උලුක්කු සුවකර ගැනීමට
- විසර ගෙඩි හා තුවාල වලට
- ක්ෂය රෝගයට
- රුධිරය පිරිසිදු කිරීමට
- මුත්‍රා ගල් දිය කිරිමට
- මව් කිරි වර්ධනයට
- ගැස්ට්‍රයිටිස් රෝගයට
- බිඳුණු අස්ථි නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට
- උදරයේ ඇතිවන තුවාල සමනයට
- ස්නායු රෝගයන්ට
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට දිය ලබු යනු ගුණදායක ආහාරයකි. නමුදු නිදන්ගත රෝග වලට ඖෂධයක් ලෙස භාවිතා කරන්නේ නම් මීට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.