අද අපිට අසන්නට ලැබෙන රෝග තත්ත්වයන් අතරින් වකුගඩු ආශ්‍රිත රෝග බහුලයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවේණික ඔවුන්ගේ වැරදි ආහාර පුරුදු සහ චර්යා රටාවන් මේ වකුගඩුවලට හානි ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ අයට ශාරීරික යෝග්යතාවය පිළිබඳව අවධානයක් දෙන්නට හැකියාවක් නැහැ. ඒ නිසා කුසගින්නට යමක් කුසට දාගන්නා ඔවුන් හරියට වැඩ කරන්නේ යන්ත්‍ර වගේ. මෙන්න මේ නිසා මගහැරෙන සැලකිල්ලක් නොදක්වන බොහෝ කාරණා අතරේ අපි ගන්නා වූ ආහාර නිසා වැලඳෙන බොහෝ රෝග අතරින් වකුගඩු රෝගත් මූලික රෝග තත්ත්වයක්. අපි ගන්නා ආහාර අපේ වකුගඩුවලට හානි කරන්න සමත් වෙන නිසා ඒ ආහාර මොනවද කියලා දැන ගන්නා එක ඔබ අපි හැමෝගෙම නිරොගී බවට හරිම වැදගත්.
වකුගඩු අපේ දේහයේ පිහිටා තියෙන්නේ උදර කුහරයේ පිටුපස පැත්තට වෙන්නටයි. කශේරුකාව දෙපසයි. ඒ නිසා වකුගඩු ආශ්‍රිත රෝගයකදී විශේෂයෙන්ම වකුගඩු ගල් ඇති වුණොත් වකුගඩුවලට විෂබීජයක් ඇතුල් වුණොත් වේදනාව ඇති වෙන්නේ පිටුපස කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ. වකුගඩුවක ප්‍රමාණය වෙන්නේ තමන් අත මිටි කළාම එන ප්‍රමාණය. මෙහි හැඩය බෝංචි ඇටයක හැඩයක් ගනු ලබනවා.

අපේ දේහයේ ඇති මේ වකුගඩුවල සිදු වෙන්නේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. වකුගඩුවේ මේ පෙරෙන ක්‍රියාවලිය සඳහා පුන්චි පෙනේර මිලියන 2 ට ආසන්න ප්‍රමාණයක් පවතිනවා. වකුගඩුවේ මූලික කාර්යබාරය වෙන්නේ මුත්‍රා නිෂ්පාදනය කිරීම. අනිත් කාරණාව තමයි ශරීරයේ අනවශ්‍ය අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කිරීම.
ඉතින් ඇතැම් ආහාර තියෙනවා අපේ ශරීරයේ වකුගඩු සිදු කරන මේ කාර්යභාරයට බාධා කරන සහ වකුගඩුවලට හානි කරන්නට සමත් වෙන ආහාර වර්ග . වකුගඩු නිරෝගිව තියා ගන්නට නම් මේ ආහාර මොනවද කියන කාරණාව පිළිබඳව අපි දැනුවත් වෙලා එවැනි ආහාරවලින් වැළකෙන්නට ඕන. ඉතින් අපි බලමු මේ ආහාර මොනවද කියලා.
• අධික ලුණු සහිත ආහාර
ලුණු කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්.මෙයින් අපේ ශරීරයට සෝඩියම් කියන මූලද්‍රව්‍ය අවශ්‍ය කරනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වෙන සෝඩියම් ප්‍රමාණය ග්‍රෑම් 2.3 යි. අපි ලුණු තේ හැන්දක්, ඒ කියන්නේ ලුණු ග්‍රෑම් 5 ගත්විට ඒ සෝඩියම් ප්‍රමාණය අපේ සිරුරට ලැබෙනවා. එමගින් සිරුරේ රුධිර පීඩනය හා රුධිර සංසරණය පාලනය කරනු ලබනවා.එය ස්නායු සහ පේශී තන්තු අතර සන්නිවේදන කටයුතු සඳහා උපකාරී වෙනවා.ඒ නිසා පමණට වඩා ලුණු පරිභෝජනය ශරීරයට ඉතා අහිතකර ලෙස බලපානවා.

දෙහි, අච්චාරු, සෝස් වර්ග, කෙටි ආහාර, පැණි බීම ආදී සියල්ලටම අධික ලෙස ලුණු එකතු කර තියෙනවා. ඒ නිසා නිරෝගීව ඉන්නට නම් වැඩිපුර ලුණු එකතු කර ගැනීමත් ලුණු අධිකව යොදා සකස් කරන ලද මස් වර්ග, බයිට්ස් වර්ග ආදියත් සීමා කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන ලුණු ප්‍රමාණය අපි ගනු ලබන ආහාරවලින් ප්‍රමාණවත්ව සැපයෙන නිසා ලුණු අධිකව පරිභෝජනය ඔබ අත්හල යුතුම වෙනවා.
පමණට වඩා ලුණු අපේ ශරීරයට ලැබීම වකුගඩුවලට හානි කරන්නට වගේම හදවත සහ මහා ධමනිය ආශ්‍රිත රෝග ඇති කරන්නත් මූලික හේතුවක් බවයි සොයාගෙන තියෙන්නේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
අධි ප්‍රෝටීන් අඩංගු ආහාර
අධික ලෙස ප්‍රෝටීන් අඩංගු ආහාර නිතර ගැනීම වකුගඩුවලට ඉතාම අහිතකරයි. අපි බහුලව භාවිතා කරන සත්ත්ව ප්‍රෝටීන වකුගඩුවලට ඉතාමත් අහිතකර බලපෑම් ඇති කරනු ලබනවා. එයින් වකුගඩු කාර්යබහුල කරන අතර ඒවා අධි ක්‍රියාකාරී ලෙස පෙරා ඉවත් කරන්නට වකුගඩුවලට අවම වශයෙන් පැය 2 ක් හො 3 ක් වැනි කාලයක් ගත වෙනවා. ඒ සඳහා අමතර ශක්තියක් වැය කරන්නටත් වකුගඩුවලට සිදුවෙනවා. එය වකුගඩුවලට වැඩි පීඩනයක් එල්ල කරනු ලබනවා. එය වකුගඩු දුර්වල වෙන්නට හේතුවක්.
අධික ලෙස කැෆේන් අඩංගු පානයන්
අධිකව කැෆේන් පරිභෝජනය කිරීමට පුරුදු වීම අධික රුධිර පීඩනය ඇතිවීමත්, රුධිර නාලිකා ප්‍රමාණය කුඩාවීමත් එමගින් වකුගඩු නරක් වෙන්නටත් හේතුවක් වෙනවා. ඒ නිසා කෝපි ආදී කැෆේන් බහුල පානයන් ගන්නවා නම් එය අධිකව නිතර නිතර පුරුද්දක් වශයෙන් නොගැනීමයි වඩා සුදුසු වන්නේ.
ජාන වෙනස් කරන ලද ආහාර
අද අපි බහුතරයක් අපි බහුලව භාවිතා කරන බොහෝ ආහාරපාන ජාන වෙනස් කරන ලද ආහාර බව ඔබ දන්නවත් ඇති . මේවා අතරින් ඉරිඟු, බඩ ඉරිඟු, සෝයා, කැනෝලා, බීට් ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. මේවායේ බීජ ජානමය වශයෙන් වෙනස් කිරීමට භාජනය කරන්නේ ශාකවල ඵලදාව වැඩි කරගන්නට, පළිබෝධකයන්ගෙන් වන හානිය අවම කර ගන්නට සහ ශාකවල ප්‍රතිශක්තිය වර්ධනය කර කරගන්නට.
මෙවැනි ජානමය ආහාර පිළිබඳව 2009 සතුන් භාවිතා කර සිදු කරපු පර්යේෂණයකින් තහවුරු කරගෙන තිබුණේ බීජ වර්ග තුනක එකතුවකින් සිදුකරන ලද පරීක්ෂණයකින් හෙළි කරගෙන තිබුණේ මොන්සැන්ටෝ තිරිඟු මගින් මීයන්ගේ වකුගඩුවලට සහ අක්මාවට හානි සිදුව ඇති බව.
ඉතින් එසේ ජාන වෙනස් කරන ලද ආහාර භාවිතයෙන් මිනිසාට වන බලපෑම් ගැන සිදු කරන ලද පර්යේෂණ අවම නිසාත් මෙවැනි බීජ කෘමින්ගෙන් වන හානිය අවම කරගෙන හොඳ ඵලදාවක් ලබා ගන්නට හැකි නිසාත් ලෝකය පුරාම ජනතාව වැඩි වශයෙන් පරිභෝජනයට පෙළඹිලා ඉන්නවා . නමුත් නිරෝගීව ජීවත් වෙන්න අවශ්‍ය නම් මේ ආහාර සීමා සහිතව අපේ ආහාරයට එකතු කරගන්නා එක තමයි වඩාත්ම සුදුසු. මොකද කාලයක් ගත වෙද්දී අපේ සෞඛ්යට විවිධ ගැටළු ඇති විය හැකි නිසා.
කෘතීම රසකාරක
බොහෝ දෙනෙක් මේවායේ කැලරි අඩුවෙන් අන්තර්ගත වෙන නිසා ආහාරයට ගැනීමට වැඩි උනන්දුවක් දක්වනවා. නමුත් මෙය අපේ වකුගඩු ඇතුළු ශරීරයේ අනෙකුත් ඉන්ද්‍රියන්ට ඉතාමත් නරක විදියටයි බලපාන්නේ. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම බාහිරින් ආහාර ගන්නවාට වඩා නිවසේ දී තමන්ට අවශ්‍ය ආහාර රසකාරක භාවිතා නොකර ස්වභාවික දේවල්වලින් රසගන්වා ගන්නා එක තමයි වඩාත් සුදුසුයි.
කාබනේට් කළ පාන වර්ග
සෝඩා වර්ග කොකා කෝලා ආදී පාන වර්ග සහ ශක්තිජනක පානයන් නිතර ගැනීමෙන්ට වකුගඩුවලට විශාල වශයෙන් හානි සිදු වෙනවා. සාමාන්‍යයෙන් දවසකට කොකාකෝලා බෝතලයක් දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් පානය කරනවා නම් ඔබේ වකුගඩුවල ගල් ඇතිවීමේ ප්‍රවණතාවයත් ඉහළ යනවා. නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වීමේ හැකියාවත් වැඩි වෙනවා .
වකුගඩු රෝගවලින් පීඩා විදින රෝගීන් ඔබ අනන්තවත් දැකලා ඇති. ඔවුන් ගෙවන අතිශය වේදනාකාරී ජීවිතය ඔබට අත්කර ගන්නට අවශ්‍ය නැත්නම් ඔබ මේ ආහාරවලින් ඈත්විය යුතුමයි.