තෙත් කලාපයේ මෙන්ම අතරමැදි දේශගුණයක් සහිත කලාප වල ඉතා පහසුවෙන් දැකගත හැකි ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල බහුලව වැඩෙන ඖෂධීය ගුණයෙන් අනූන ශාකයක් ලෙස හීං බෝවිටියා ශාකය හඳුනාගත හැකිය.
එනම් ඈත අතීතයේ සිටම ආයුර්වේදය තුළ රෝග රැසකට ඖෂධයක් ලෙස භාවිතා කරන හීං බෝවිටියා ශාකය අක්මාවේ මිත්‍රයා ලෙස සලකනු ලැබේ. එනම් අක්මාවේ බොහෝ රෝග සමනය කිරීමට හීං බෝවිටියා ශාකය ඖෂධයක් ලෙස යොදා ගනී.

එනම් Melastomataceae උද්භිද කුලයට අයත් හීන් බෝවිටියා අඩි දෙකක් හෝ දෙකහමාරක් පමණ උසට වැඩෙන අතර බහුවාර්ෂික වේ. මල් දම් පැහැයෙන් යුක්ත පෙති පහක අලංකාරවත් මල් වේ. එනම් ශාක ව්‍යාප්තිය මුල් හා බීජ මගින් සිදුවේ.
බෝවිටියා ප්‍රභේද කිහිපයක් හඳුනාගත හැකිය.
- හීන් බෝවිටියා
- මහ බෝවිටියා
- එළ බෝවිටියා
මේ අතුරින් හීන් බෝවිටියා ප්‍රමුඛ වන අතර එළ බෝවිටියා ගුණයෙන් ඉහළ වේ. නමුත් දුර්ලභවේ. එනම් ඖෂධයක්, කැඳ පානයක්, මැල්ලුමක්, ව්‍යාංජනයක් ලෙස සකස් කර හීං බෝවිටියා ආහාරයට ගත හැකිය.
- හීං බෝවිටියා ශාකයේ ඖෂධීය ගුණ
- බඩ එලිය යාම හෙවත් පාචනය සමනය කරන ඖෂධයක් වේ.
පීඩාකාරී රෝග තත්ත්වයක් වන බඩඑලිය යාම හෙවත් පාචනය සමනය කිරීමට ඈත අතීතයේ සිටම හින්බෝවිටියා ඖෂධයක් ලෙස යොදාගෙන තිබේ. එනම් ඒ සඳහා හීන්බෝවිටියා ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් හීන් බෝවිටියා කොළ තම්බා සිහින්ව අඹරා අනතුරුව එය මැටි භාජනයකට දමා කුඩාවට ලියලා ගත් අමුමිරිස්, රතු ලූනු, සුදු ලූනු, කරපිංචා, උම්බලකඩ, ගොරකා සියඹලා සහ තුන පහ,ලුණු හොඳින් මිශ්‍රකර දියකිරෙන් පිස දිය කිරි සිඳෙන විට නැවත මිටි කිරි එක්කර පිස ගෙන ආහාරයට ගැනීමෙන් බඩ බුරුල්ව යාම සමනය කර ගත හැකිය. මෙය දියවැඩියාව, සෙංගමාලය පවතින රෝගීන් සඳහා ද යෝග්‍ය වේ.
අක්මා රෝග සමනයට උපකාරීවේ.වර්තමානය වන විට බොහෝ පුද්ගලයින් අක්මා රෝගීන් බවට පත්ව තිබේ. එනම් අක්මාවේ තෙල් තැන්පත්වීම, අක්මාව දිය වීම වැනි රෝග තත්ත්වයන්ට මේ අතර ප්‍රධාන වේ. මේ ආදී සෑම රෝගයක්ම සුව කර ගැනීමට ඖෂධයක් ලෙස හීන් බෝවිටියා ශාකය භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා හීන් බෝවිටියා කොළ මගින් වෙන් කරගන්නා යුෂ මගින් සකස් කර ගන්නා කැඳ පානය කිරීම යෝග්‍ය වේ. එමෙන්ම ආයුර්වේදය තුළ මේ සඳහා හීන් බෝවිටියා, උඩහලු, මොණර කුඩුම්බිය ,මුස්සැන්ද හා යකිනාරං යන කොළ වර්ග සහ මුං ඇට දමා කැද සකසා පානය කිරීමටද ලබා දෙනු ලැබේ.
දියවැඩියාව, කොලෙස්ටරෝල් රෝගයන්ට ඖෂධයක්වේ. බොහෝ රෝග වලට අත වනන දියවැඩියාව කොලෙස්ටරෝල් යනු වර්තමානය වන විට සෑම දෙනාටම පාහේ පවතින නිදන්ගත රෝග තත්ත්වයන්ය. මෙම රෝග තත්ත්වයන් පාලනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස හීන් බෝවිටියා ශාකය භාවිතා කළ හැකිය. එනම් හීන්බෝවිටියා කැද සකස් කර පානය කිරීම මේ සඳහා යෝග්‍ය වන අතර පොල් කිරි නොයොදා සකස් කිරීම වඩාත් සුදුසු වේ.
සෙංගමාලය සමනය කිරීමට උපකාරී වේ.පීඩාකාරී සෙංගමාලය සමනය කිරීම සඳහා ඈත අතීතයේ සිටම ආයුර්වේදී තුළ භාවිතා කළ ඖෂධයක් ලෙස හීන් බෝවිටියා ශාකය හැඳින්විය හැකිය. එනම් සෙංගමාල රෝගීන්ට හීං බෝවිටියා කොළ පොල් ස්වල්පයක් සමඟ හොඳින් කොටා යුෂ වෙන් කර එම යුෂවලට හීනටි හාල් එක් කර ලුණු නොදමා කැද සකස් කර හිස්බඩට පානය කිරීමට ලබා දීමෙන් සෙංගමාලය සමනය කර ගත හැකිය.
රුධිරය පිරිසුදු කරන ඖෂධයක් වේ.අපිරිසිදු වූ රුධිය පිරිසිදු කර ගැනීම සඳහා හීං බෝවිටියා ශාකය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් ඒ සඳහා හීන්බෝවිටියා දළු සම්බෝලයක් මැල්ලුමක් ලෙස ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම වඩාත් සුදුසුවේ.
ශරීරය සිසිල් කිරීමට දායක වේ.ශරීරයේ පවතින උෂ්ණාධික බව දුරු කර ශරීරය සිසිල් කර ගැනීම සඳහා හීන් බෝවිටියා ශාකය ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් දිනපතා හීං බෝවිටියා ශාකයෙන් කැඳ සකස් කර පානය කිරීමෙන් ශරීරගත දාහය සමනය කර ගත හැකිය.

මුත්‍රා දැවිල්ල සමනය කිරීමට උපකාරී වේ.ලොකු කුඩා සැම දෙනාම පාහේ පීඩාවිඳින මූත්‍ර දැවිල්ල සුවකර ගැනීම සඳහා හීන් බෝවිටියා ශාකයේ පංචාංගයම ගෙන තම්බා එම වතුර පානය කිරීම යෝග්‍ය වේ.
අර්ශස් රෝගයට ඖෂධයක්වේ.වර්තමාන තරුණ පරපුර බොහෝ සෙයින් පීඩා විඳින තවත් එක් රෝගයක් ලෙස අර්ශස් රෝගය හැඳින්විය හැකිය. එනම් අර්ශස් රෝගය සමනය කර ගැනීම සඳහා ද හීන් බෝවිටියා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා හීන් බෝවිටියා ශාකය සම්පූර්ණයෙන්ම ගෙන තම්බා තේ මෙන් පානය කිරීමෙන් අර්ශස් රෝගය සුව කරගත හැකිය. නමුත් දිනපතා භාවිතා කිරීම සුදුසු නොවේ.
මීට අමතරව
- අක්මාවේ මේද ඉවත් කිරීමට
- ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට
- පිළිකා වලට
- බඩ පුරවා දැමීමට
- සිරෝසිස් වැනි අක්මා රෝගවලට
- යනාදී රෝග රැසක් සමනය කිරීමට හීං බෝවිටියා ශාකයේ පංචාංගමය ඖෂධ ලෙස භාවිතා කළ හැකිය.
නමුත් යම් රෝගයකට ප්‍රතිකාර කිරීම සඳහා හීන් බෝවිටියා ශාකය භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න.