අක්මාවේ එකතු වෙන විෂ මාසයක් යන්න කලින් ඉවත් කරන ගෙඳ පලා ශාකයේ ගුණ 15 ක්

health tips

අප අවට වටපිටාවේ   ඉබේ හැදේ පැළෑටි හැම එකක්ම වල් පැළෑටි නෙවෙයි. ඒත් අපි බොහෝ දෙනෙක් මේ වටිනා ඔසු පැල ගැන නොදන්නාකම නිසාම මේවා වල් පැලෑටි විදිහට සලකා විනාශ කරනවා. ඉතින් අපේ ශරීරයට ඕන කරන ඔමේගා ත්‍රී ඇතුළු පෝෂණ කොටස් නොඅඩුව කිසිම අපහසුවක් වියදමක් නැතුව සපයා ගන්නට ස්වභාදහමෙන් අපූරු පැළෑටියක් දායාද කරල තියෙනවා. අපි අද කතා කරන්නේ විශේෂ ගුණ සහිත ඒ පැලෑටිය ගැනයි . ඒ තමයි ගෙද පලා.

  ගෙඳ පලා ශාකය ගෙවත්තේ ඉබේම වැවෙන පැළෑටියක්. නමුත් බොහෝ අය මෙය වල් පැලෑටියක් විදිහට තමයි සළකන්නේ. මේ පලාවල ස්වභාවය සලකා බැලුවොත් මෙහි කඳ රතු පැහැයකින් යුක්තයි. මෙහි  පෙති පහකින් යුත් කහ පැහැති කුඩා මලක් හට ගන්නවා. අතු බෙදී වර්ධනය වෙන මේ ශාකයේ පත්‍ර මාංසල ස්වභාවයක් ගන්නවා. ඒවා ඒකාන්තරවයි  පිහිටා තියෙන්නේ. වෙළදපොලේ  වර්ණයෙන් මේ ගෙද ශාකයට සමාන විවිධ විසිතුරු පැල තියෙන නිසා මෙය ඔබට හඳුනාගන්නට අපහසු වෙන්න පුළුවන්.

 කොහොම වුණත් ඉතාම ගුණදායක වෙන මේ පැළැටිය අපිට විවිධ ක්‍රමවලට ආහාරයට එකතු කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පරිප්පුවලට හෝ වෙනත් ධාන්‍ය වර්ගවකට  එකතු කරගෙන ගෙද ව්‍යංජනය පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම සුප් වර්ග, කැඳ ආදිය පවා මේ ගෙදවලින්  සකසා ගන්න හැකියාව තියෙනවා. 

ඒ විතරක්ම නෙවෙයි ගෙද දඬු ටිකක් නටන ජලයට එකතු කරලා විනාඩි තුන හතරකින් ඉවතට අරගෙන භාජනයකට තෙල් පොඩ්ඩක් රත් කරලා ඒකට  ලූණු, සුදු ලූණු, ගම්මිරිස් ටිකක් එකතු කරල ආහාරයට ගන්නත් පුළුවන්. ඒ වගේම ගෙඳ පලා කුඩා කොටස්වලට කපා  වියළාගෙන රසවත් ඖෂධීය තේ එකක් පිළියෙල කරගන්නත්  පුළුවන්.

 ගෙඳ පලා කියන්නේ විදේශ රටවල බොහෝ දෙනෙක් ආහාරයට ගන්නා  හරි අපූරු පෝෂණීය පලාවක්. මේවායේ අඩංගු වෙන පෝෂණ සංඝටක ගැන කතා කළොත් විටමින් ඒ, විටමින් බී සහ  විටමින්  ඊ  ආදියත් මැග්නීසියම්, මැංගනීස්, යකඩ පොස්පරස්, පොටෑසියම්, කැල්සියම්, සින්ක් වගේ ඛනිජ ලවණත්  අඩංගු වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගෙඳ පලාවල ඔමේගා 3 සැලකිය යුතු මට්ටමින් අන්තර්ගත වෙන නිසා එය  අපේ ශරීරයට වඩාත්ම වාසිදායක සෞඛ්‍ය ප්‍රතිලාභ ගෙන දෙනවා. මේවායේ ප්‍රතිඔක්සිකාරක ගුණයත් ඉතාම ඉහළ නිසා එයින් දේහයට  ලැබෙන  ආරක්ෂාව ඉතා ඉහළයි.

 ගෙද පලා ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

ඔමේගා 3 මේද අම්ල සැලකිය යුතු මට්ටමකින් අන්තර්ගත වෙන නිසා හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා. ඒ වගේම කුඩා දරුවන් තුළ  ADHD  ඔටිසම් තත්ව ඇතිවීම වළක්වන්නත්   උපකාරී වෙනවා.

  • ඇස් පෙනීම වර්ධනය කරනවා.
  • පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා.
  • ශරීර බර අඩු කර ගන්නට උපකාරී වෙනවා. විශේෂයෙන්ම කැලරි අඩුවෙන් අන්තර්ගත තන්තු සහ පෝෂණ ගුණයෙන් ඉහළ නිසා ශරීර බර අඩු කරගන්නට මෙය උපකාරී වෙනවා.
  • අස්ථි ශක්තිමත් කරනවා.
  • සමේ රෝග වලින් ආරක්ෂාව සලසනවා.
  • ආහාර මාර්ගය ආශ්‍රිත  රෝග දුරු කරනනවා.
  • රුධිර සංසරණ ක්‍රියාවලිය යහපත්ව පවත්වාගෙන යාමට දායක වෙනවා. 
  • ආහාර රුචිය වර්ධනය කරමින් කුසගිනි වඩවනවා.
  • හිසේ කැක්කුම් සහ උදරයේ ඇතිවන කැක්කුම් සුවපත් කරනවා.
  • අක්මාවමට ඉතාම ගුණදායකයි.අක්මාවේ එන්සයිම ස්‍රාවය උත්තේජනය කිරීම, අක්මාව ආශ්‍රිතව එකතු වී ඇති විෂ ඉවත්කර අක්මාව ආරක්ෂා කිරීමත් මේ ගෙඳ පලාවල සුවිශේෂීත්වයක් . 
  • වණ සහ තුවාල සුව කිරීමේ හැකියාවෙන් යුක්තයි.
  • රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව පවතිනවා.
  • අධි රුධිර පීඩනය පාලනය කරනවා. රුධිර කැටි ඇතිවීමේ හැකියාව වළක්වනවා. 
  • තන්තු බහුල ආහාරයක් වන නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු කිරීමෙන් මලබද්ධය සහ අර්ශස් ආදී රෝග වලින් ආරක්ෂාව සලසනවා.
  • ඇස් ආශ්‍රිත ඉදිමුම් සුව කිරීම සඳහා ගෙඳ භාවිතයට ගැනෙනවා. ගෙඳ කොළ සියඹලා දළු එළකිරෙන් තම්බා අඹරා ඇස්වල ගැල්වීමෙන්  සිදුවෙනවා 
  • අභ්‍යන්තර රුධිර වහනය වැළැක්වීමේ ඔසුවක් ලෙස භාවිතයට ගැනෙනවා. 

අතීසාරය, පාචනය, කෘමි විෂ නැසීමට, පණු රෝග සමනයට, වකුගඩු රෝග සදහා,  මුත්‍රා සමග ලේ පිටවීමට, ශරීරය නොයෙකුත් ඉදිමුම් සඳහා රක්ත වාතය සමනය සඳහාත්  මුත්‍රා අඩිස්සිය සඳහාත්  චර්ම රෝග සඳහාත් ඖෂධයක් විදිහට මේ ගෙඳ පලා භාවිතයට ගැනෙනවා. 

මුත්‍රා වඩන ආහාරයක් විදිහටත්, හදවතට ගුණදායක සුවිශේෂී පලාවක් විදිහටත්  සැලකෙන මේ ගෙද පලා ඔබේ ගෙවත්තේත්  ඕනෑතරම් දකින්නට ඇති. ඉතින් ඒවා විනාශ කරන්නෙ නැතිව ඔබේ ආහාරයට එකතු කර ගත්තොත් ඔබටත් ඔබේ දරුවන්ටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට හැකියාව ලැබෙනවා නිසැකයෙන්ම.