අපි ගතකරන කාර්යබහුල ජීවන රටාව, අවිධිමත් ආහාර රටාව, පරිසර දූෂණය ආදී කරුණු කාරණා හේතු කරගෙන එදාට වඩා වඩා අද අපේ සෞඛ්‍යයට විවිධ තර්ජන එල්ල වෙලා ඒ තියෙන බව අවිවාදිතයි. විශේෂයෙන්ම අපි ගන්නා හුස්ම පොදේ සිට අපේ ශරීරයට ඇතුළු කර ගන්නා සියලුම දේ බොහෝ වෙලාවට අපේ ශරීරය තුළ විෂ තැන්පත් කරන්නට හේතු වෙනවා. ඒ හැරුණාම අපේ ශරීරය තුළ විවිධ රසායනික ප්‍රතික්‍රියා හේතුකරගෙනත් විෂ නිෂ්පාදනය වෙනවා.
අපේ ශරීරය හරි පුදුමාකාර විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඔයා හිතනවා ඇති අපි මොනවා ආහාරයට ගත්තත් කොතරම් විශ අපේ ශරීරයට එකතු වුණත් ඒවා නිසි පරිදි බැහැර කරන්නට අපේ ශරීරයට හැකියාවක් ඇති කියලා. ඔව් ඇත්තෙන්ම. එවැනි හැකියාවක් අපේ ශරීරයේ තියෙනවා.
අපේ ශරීරයේ මේ විදිහට එකතු වෙන විෂ ඉවත්කර කරන අවයව බොහොමයක් තියෙනවා. ඒ අතරින් පෙනහළුල, සම, ආහාර ජීර්ණ පද්ධතිය, අක්මාව සහ වකුගඩුව කියන අවයවය මෙම කාර්යය සිදු කරන්නට දායක වෙනවා. නමුත් හැමෝම දැනගත යුතු කාරණාව තමයි අපේ ශරීරයේ විෂ බැහැර කරන්නට යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණත් ශරීරයට ඇතුළුව වන විෂ සියල්ලම එසේ ඉවත් කරන්නට නොහැකි බව .
මේ සඳහා විවිධ හේතු බලපානවා. විශේෂයෙන්ම අප ගනු ලබන ආහාර පාන, චර්යා රටාව, ඒ වගේම අපේ ශරීරයේ ඇති නොයෙකුත් ලෙඩ රෝග සහ සංකූලතාවයන් පවා මේ සිරුරේ විෂහරණ ක්‍රියාවලියට බාධා ඇති කරන්නට පුළුවන්. මෙන්න මේ විදියට දවසින් දවස අපේ ශරීරයේ එකතුවන විෂ ප්‍රමාණය ඉහළ ගියොත් එය අපේ ශරීරයට ඇති කරන බලපෑම් නම් ඉතාම බරපතලයි.
මේ විෂ අපේ ශරීරයේ එන්සයිමවලට හානි සිදු කරනවා. ඛනිජ ලවණ මට්ටමත් වෙනස් කරනවා. එය අපේ අස්ථි පද්ධතියට හානි ඇති කරන්නට පුළුවන්. විශේෂයෙන්ම දිගුකාලීනව ශරීරයේ විෂ තැන්පත්ව තිබීම නිදන්ගත අක්මා රෝග සහ වකුගඩු රෝග ආදිය ඇති වෙන්නත් හේතුවක්. ඒ වගේම විවිධ රෝග ඇති කරන හෝමෝන අසමතුලිතතා ඇති වෙන්නටත් මේ ශරීරයේ එකතුවන විෂ ප්‍රතිශතය හේතුවක් වෙනවා. සෛල පටලවලට හානි සිදු කිරීම, DNA වලට හානි සිදු කර ඒවා විකෘති කිරීම වගේ නොයෙකුත් ලෙඩ රෝග ඇති කරන්නටත් මේ ශරීරයේ එකතු වෙන විෂවලට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අපේ ශරීරයේ විෂහරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අප තුළ හොඳ දැනුවත්භාවයක් තිබිය යුතුයි.
මෙහිදී විශේෂම කාරණාව තමයි ඔයාගේ ශරීරයේ විෂ එකතුවෙලා ඇති බව නිසි පරිදි හඳුනා ගැනීම. එවිට ඔබට හැකියාව ලැබෙනවා සිරුරේ මේ විෂහරණ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කර ගන්නට අවශ්‍ය පිළියම් සඳහා යොමු වෙන්නට.
ඉතින් අද අපි කතා කරන්නේ අපේ ශරීරයේ විෂ පිරී ඇති බව හඳුනා ගන්නට උදවු වෙන ලක්ෂණ සහ විෂහරණ යාන්ත්‍රණය හොඳින් පවත්වා ගන්නට අපි විසින් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව. අපි මුලින්ම බලමු අපේ ශරීරයේ විෂ පිරි ඇති බව හඳුනා ගන්නට උපකාරී වන ලක්ෂණ පිළිබඳව.

- ශරීරය වෙහෙස වෙන ආකාරයේ ක්‍රියාකාරකමක නිරත නොවී සිටියදී පවා ඇතිවන මාංශ පේශිවල සහ සන්ධිවල වේදනාව
- මලපහ පිට කිරීමේ අපහසුතාවය
දෛනිකව අපේ ශරීරයෙන් බැහැර කර කළ යුතු අපද්‍රව්‍යයක් තමයි මලපහ. අපි ගන්නා ආහාරවල ප්‍රතිඔක්සිකාරක නොමැති නම් ඒවා නිසි පරිදි ඉවත්වීම සිදුවෙන්නේ නැහැ. බඩවැල් චලනයක් නොමැති වීම හේතු කරගෙන ඒ විෂ රුධිරයට අවශෝෂණය වෙන්නට පටන් ගන්නවා. මෙහිදී වියලි මලපහ සහ ඒවා පිට කිරීමේ වේදනාවක් ඇති වීම සිදු වෙනවා.
- සුව නින්දක් ලබා ගැනීමෙන් පසුවත් ඇතිවන හිසේ බර ගතිය සහ නොපැහැදිලි බව
- දහදිය අධික දුර්ගන්ධයකින් යුක්ත වීම සහ ශරීරයෙන් දුගඳ හැමීම
මෙය බොහෝවිට සිදු වෙන්නේ ශරීරයේ විෂ එකතු වී ඇති මට්ටම වැඩි වීමෙන් අක්මාව සහ බඩවැල් අධික විෂ ඉවත් කරන්නට අරගල කරන අවස්ථාවකදී.
- නින්ද නොයාම
- සමේ ඇතිවන කුරුලෑ, කැසීම්, රතු වීම් සහ බිබිලි
- අසාමාන්‍ය ලෙස බර වැඩිවීම
- මුඛයෙන් දුර්ගන්ධයක් හැමීම
- හිසකෙස් ගැලවී යාම
- නියපොතු ඉරි තැලීමට ලක්වීම සහ නියපොතු ආසාදනයට ලක්වීම
- හේතුවක් නොමැතිව නිතර ඇතිවන හිසරදය
මේ ලක්ෂණවලින් ඔබත් පීඩා විඳිනවා නම් ඔබට සිදුවෙනවා ඔබේ ශරීරීයේ ක්‍රියාත්මක වෙන ස්වභාවික විෂබීජ නාශක පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරන්නට. ඒ සඳහා මේ කරුණු පිළිබඳව ඔබට සැලකිලිමත් වෙන්නට සිදුවෙනවා.
සිරුරේ විෂහරණ පද්ධතිය වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය උපදෙස්
ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම කෙටිකාලීන සහ දිගුකාලීන සෞඛ්‍ය ගැටළු බොහොමයක් ඇතිවෙන්නට බලපාන වැරදි පුරුද්දක් තමයි ප්‍රමාණවත් ලෙස නින්දක් ලබා නොගැනීම. විශේෂයෙන්ම කාලාන්තරයක් තිස්සේ ඔබ රාත්‍රී කාලයේ දී අවම පැය 7 කට නොඅඩු නින්දක් ලබා නොගන්නේ නම් ඔබේ ශරීරයේ විෂ තැන්පත් වීම අධික වෙන්න පුළුවන්.
අක්මාවේ විෂහරණ ක්‍රියාවලිය රාත්‍රි 11 සිට 2 දක්වා ඔබ ගැඹුරු නින්දේ සිටියදී සිදුවෙන නිසා ඒ අවයවයන්ට නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නට අප ප්‍රමාණවත් පරිදි නින්ද ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඒ නිසාවෙන් ශරීරයේ විෂහරණය සඳහා ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය තරම් කාලය ලබා දෙන්නට නම් ඔබ දිනපතාම ප්‍රමාණවත් නින්දක් ලබාගත යුතුයි.
හොඳින් ජලය පානය කිරීම අපේ ශරීරයේ විවිධ කෘත්‍යන් උදෙසා ජලය අත්‍යවශ්‍ය බව ඔබ දන්නවා.දේහයේ උෂ්ණත්වය නියාමනයට, ආහාර සහ පෝෂක කොටස් අවශෝෂණයට වගේම අපේ ශරීරයේ විෂහරණය ක්‍රියාවලිය සඳහාත් ජලය ප්‍රමාණවත්ව ශරීරයට ලැබිය යුතුයි. මුත්‍රා සහ දහඩිය ලෙස අපේ ශරීරයෙන් අප ද්‍රව්‍ය බැහැර කරන්නට ශරීරය සජලව තබා ගන්නට නම් දිනකට ජලය වීදුරු 8 ක් වත් පානය කළ යුතුයි.

අධික තෙල් සහ අධික සීනි සීමා කිරීම දියවැඩියාව, හෘද රෝග, කොලෙස්ටරෝල් ආදී රෝග බොහොමයක්ම අධික තෙල් සහ සීනි හේතු කරගෙන ඇතිවන රෝග තත්ත්වයන්. අද බහුතරයක් දෙනා ක්ෂණික ආහාර පාන ගැනීමට යොමු වීම ශරීරයේ එකතුවන විෂ ප්‍රමාණය වැඩි වෙන්නට වගේම ඒවා ඉවත් කරන අපේ ශරීරයේ යාන්ත්‍රණය අඩපණ කරන්නටත් හේතුවෙලා තියෙනවා. මේ ක්ෂණික කෘතීම ආහාර පානවල ඉහළ ප්‍රතිශතයකින් අඩංගු තෙල් සහ සීනි මෙයට මූලික හේතුවක්.
මේ නිසාවෙන් සෘජුවම අපේ ශරීරයේ විෂ ඉවත් කරන්නට දායක වෙන වකුගඩු සහ අක්මාව ආදී අවයවයන්ගේ ක්‍රියාවලීන් සඳහා බාධා ඇතිවෙනවා. ඒ නිසා මෙවැනි ආහාරවලින් හැකිතාක් වැළකී සිටීම යහපත්.
ලුණු භාවිතය අඩු කිරීම ලුණු අධිකව භාවිතා කිරීම අපේ ශරීරයේ විෂහරණ ක්‍රියාවලියට බාධා ඇති කරනවා. අධිකව ලුණු භාවිතා කරන කෙනෙක්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ශරීරයෙන් බැහැර වන විශ ප්‍රමාණය අඩු වෙනවා. ශරීරයේ ඉතිරි වන විෂ ප්‍රමාණය වැඩිවෙනවා. ඒ නිසා ලුණු වැඩි ආහාර භාවිතා කිරීමෙන් පසුව හොඳින් ජලය පානය කිරීමත්, ලුණු භාවිතය හැකිතාක් අඩු කිරීමත් ඉතාම වැදගත්.
විෂහරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය සඳහා උදව් වෙන ආහාර පාන ලබා ගැනීම බෙරි වර්ග, එළවළු සහ පලතුරු, ඇට වර්ග, ධාන්‍ය වර්ග, හරිත තේ වගේම කුළුබඩුවලත් ප්‍රතිඔක්සිකාරක බහුලවම අඩංගු වෙනවා.මේ ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර අපේ ශරීරයේ ඇති අපද්‍රව්‍ය සහ විෂ සමග හොඳින් සටන් කරමින් අපි ශරීරයේ ප්‍රතිශක්තිකරණ මට්ටම ඉහළ දමනවා. එබැවින් ඔබේ ආහාර වේලට ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ලබා ගැනීම ඉතාම වැදගත්.
ඒ වගේම ශරීරයට එකතු වන ඇතුළුවන විෂ රසායනික වර්ග ඉවත් කර කරන්නට ඉතා වැදගත් වෙන ආහාර කාණ්ඩයක් තමයි probiotics අඩංගු ආහාර. ඒවාට හැකියාව තියෙනවා බැක්ටීරියා විනාශ කරන්නට. ප්‍රෝබයෝටික්ස් අඩංගු ආහාර ලෙස සුදුළූණු, ලූණු, ඕට්ස්, තක්කාලි, කෙසෙල් ලදී ආහාර සදහන් කරන්නට පුළුවන්. මෙවැනි ආහාර අපේ ශරීරයේ විෂහරන පද්ධතියේ ක්‍රියාකාරීත්වයට විශාල උපකාරයක් සිදු කරනවා.
මත්පැන් භාවිතය අවම කිරීම මත්පැන් භාවිතයෙන් තොර වීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා කොතරම් වැදගත් ද යන්න ඔබ දන්නවා. ඒ නිසාවෙන් ඇල් කොහොල් පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකීම ඉතාම සුදුසුයි. මොකද මේ ඇල්කොහොල් භාවිතය සෘජුවම අපේ ශරීරයේ විෂ තැන්පත් කරන්නට දායක වෙනවා. විෂ ඉවත් කරන්නට දායකවෙන අප දේහයට විශාල කාර්යභාරයක් සිදුකරන අක්මාවටත් හානිදායක විදිහට බලපෑම් කරනවා. ඒ නිසා මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඔබ වැළකිය යුතුමයි.
ශාරීරික ව්‍යායාම්වල නිරත වීම රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන සේදුම්කාරක සහ රූපලාවන්‍ය උපකරණ භාවිතා කිරීම මේ කාරණා හැරුණාම ඔසු පානයන් (ඉරමුසු, නෙල්ලි, රසකිද, නිල් කටරොල් ) නිතර භාවිතා කිරීමත් සිරුරේ විෂ ඉවත් කර ගන්නට අපිට උදව් වෙනවා.