හැමදාම 11 පහුවෙලා නිදාගන්නවනම් තව ටික දවසකින් ඔබේ අක්මාවට වෙනදේ මෙන්න

health tips

ලෝකයේ ජීවත්වන මිනිසා ඇතුළු සෑම ජීවියකුටම නින්ද අත්‍යවශ්‍ය දෙයකි. විශේෂයෙන් මිනිසා සිය දෛනික ජීවිතය තුළ නින්දට වැදගත් තැනක් ලබා දිය යුතුය. මන්දයත් නිරෝගී සම්පන්නව ජීවත්වීම සඳහා නින්ද අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාවෙනි.

කෙසේ නමුත් වර්තමාන සමාජයේ මිනිසා ගත කරනු ලබන්නේ ඉතා කාර්යබහුල දිවිපෙවතකි. එම කාර්ය බහුලතාවය නිසාවෙන්ම මිනිසාගෙන් ගිලිහී යන බොහෝ දේවල් තිබේ. ඒවා අතර නිසි වේලාවට ආහාර ගැනීම, විවේකයෙන් ගත කිරීම, සුවබර නින්දක් ලබා නොගැනීම යනාදී කාරණා වර්තමාන මිනිසාගෙන් දුරස් ව පවතී.

විශේෂයෙන් මිනිසුන්ට නිසි වේලාවට සුවබර නින්දක් ලබා නොගැනීම ලෙඩ රෝග වලට අත වැනීමකි. වර්තමානය වන විට මේ බව සනාථ කර ගැනීම සඳහා පර්යේෂණ සිදුවෙමින් පවතී. ඇතැම් පර්යේෂණවලින් තහවුරු වන පරිදි අපගේ සිරුර ඔරලෝසුවකට අනුව ක්‍රියාත්මක වේ. එහි අදහස වන්නේ අපට සුවබර නින්දක් ලබාගත්තා වුවද අපගේ ශරීරයේ අවයව හා පද්ධති නොනවත්වා ක්‍රියාත්මක වන බවයි.

මිනිසාට දෛනිකව අවශ්‍ය වන තරම් සුවබර නින්දක් ලබා නොගැනීම ඇතැම් විට මරණය පවා ඇති කරවන සුළු වේ. ඒ අනුව පැහැදිලි වන්නේ නිරෝගී සම්පන්න ජීවිතයක් ගත කිරීම සඳහා නින්ද අත්‍යවශ්‍ය සාධකයක් බවයි.

අපගේ ශරීරයේ ඇතැම් අවයව මනාව ක්‍රියාත්මක වීම සඳහා නින්ද අත්‍යවශ්‍ය වේ. නිදසුන් ලෙස රාත්‍රී 11 සිට උදෑසන තුන පමණ වන තෙක් මිනිසාගේ අක්මාවේ ක්‍රියාකාරීත්වය වඩාත් හොඳින් සිදුවේ. යම් පුද්ගලයෙක් එම කාලසීමාව තුළ නිදි මරන්නේ නම් එය අක්මාවේ නිසි ක්‍රියාකාරීත්වයට බාධාවකි. විශේෂයෙන් මෙම කාල සීමාව තුළ අපගේ අක්මාව තුළ පවතින විෂ කොටස් ඉවත්වීම සිදුවේ. මෙම කාල සීමාවේ නිදා නොගෙන සිටීමෙන් විෂ ඉවත් වීමක් සිදු නොවන අතර අක්මාවේ ම එම විෂ තැන්පත් වීම සිදුවේ.

මීට අමතරව අලුයම 3ත් 5ත් අතර කාලය තුළ පෙනහලු තුළ වැඩි රුධිර සංසරණයක් සිදුවේ. එම කාලසීමාව තුළ හොඳ වාතාශ්‍රයක් පැවතීම ඊට ප්‍රධාන හේතුව වේ.

ඒ අනුව ඕනෑම පුද්ගලයෙකු පෙරදින රාත්‍රියේ  වේලාසනින් නිදාගෙන පසුදින උදෑසන පහට පමණ ඇහැරීම ශරීර සෞඛ්‍යය හොඳ තත්වයේ පවත්වාගෙන යාමට වඩාත් යෝග්‍ය වේ. එමෙන්ම උදෑසන ඇහැරී 07:00 ට පෙර වැසිකිලි යාම සහ උදෑසන 9 ට පෙර ආහාර ගැනීම සෞඛ්‍ය සම්පන්න හොඳ පුරුද්දකි.

ඉහත කාරණා ශරීර සෞඛ්‍යයට කොතරම් ගුණදායක වුවත් වර්තමානයේ පවතින කාර්යබහුල ජීවන රටාවත් සමග මග හැරී ගොස් පවතී. විශේෂයෙන් අධ්‍යාපන ලබන වයසේ දුවා දරුවන්ට පවා නිසි නින්දක් නොමැති වීම වර්තමානයේ වඩාත් සුලභ කාරණයකි.

ශරීර සෞඛ්‍යයට හිතකර සුවබර නින්දක් ලබා ගැනීම සඳහා අප සූදානම් විය යුතු පිළිවෙළක් තිබේ. එසේ නොමැති අවස්ථාවලදී වුවද නින්ද නොයන තත්ත්වය ඇතිවේ. එම පිලිවෙල පහත පරිදි පෙන්වා දිය හැකිය. 

  • අනවශ්‍ය ශබ්ද, ආලෝක, සහ උෂ්ණත්ව තත්වයන් මනාව ගලපා ගනිමින් නින්දට සුදුසු වටපිටාවක් නිර්මාණය කරගත යුතුය. 
  • නිදාගැනීමට ප්‍රථමව ජීරණයට අපහසු බර ආහාරපාන නොගෙන සැහැල්ලු ආහාර පානවලින් කුස පුරවා ගත යුතුය. 
  • නියමිත කාල රාමුවකට අනුව නින්දට යාමට සහ පිබිදීමට නිශ්චිත වේලාවන් වෙන් කරගත යුතුය. මෙය පසු කාලීනව ඉබේටම සිදුවන ක්‍රියාවලියක් බවට පත් වේ. 
  • මානසික සැහැල්ලු භාවයෙන් යුක්තව නිදා ගැනීමට පැමිණිය යුතුය. 
  • නිදාගැනීමට පැමිණීමෙන් පසු දුරකථන භාවිතයෙන් ඈත් වීම, විටින් විට වෙලාව බැලීමෙන් වැලකීම යනාදී කාරණා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුය. 
  • දුම්වැටි, මද්‍යසාර හා කැෆේන් අඩංගු පාන වර්ග නින්දට ප්‍රථමව ගැනීමෙන් වලකින්න. 
  • සන්ධ්‍යා කාලයේදී ශරීරයට යම් වෙහෙසක් දැනෙන ආකාරයේ ව්‍යායාම වල නිරත වීමට පුරුදු වන්න.ඉහත කරුණු කාරණා පිළිබඳ සැලකිලිමත් වීමෙන් ඕනෑම පුද්ගලයකුට සුවබර නින්දක් ලබාගත හැකිය.