වර්තමානය වන විට ගැහැනු පිරිමි දෙපාර්ශවයම ආතරයිටිස් රෝගය ඇති වීම නිසා නොයෙක් ශාරීරික වේදනාවන් වලට ගොදුරු වී තිබේ. ආතරයිටීස් සන්ධි ආශ්‍රිත රෝගයක් ලෙස හදුනා ගත්තද ස්නායු ආශ්‍රිතව ඇතිවන දුර්වලතාවයක් නිසා ද ආතරයිටිස් රෝගය ඇති විය හැකිය. වර්තමානය වන විට ආතරයිටීස් රෝග දෙසීයකට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබේ. මෙම රෝග තත්ත්වය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය තුළ විවිධ එන්නත් ලබා දෙන අතර නමුත් පසු කාලීනව මෙය අතුරු ආබාධ ඇති කිරීමට හේතු වන බව බොහෝ දෙනකු පිළිගනී. මේ නිසා බොහෝ දෙනෙකු ආතරයිටිස් රෝගය සුවකර ගැනීම සඳහා නැඹුරු වන්නේ ආයුර්වේද ප්‍රතිකර්ම වෙතය.
ආතරයිටිස් රෝගය ඇතිවීමට බොහෝ හේතු බලපානු ලැබේ.

- පෝෂණීය සමබර ආහාර වේලක් නොගැනීම.
- සන්ධි තරල වල ආම්ලිකතාවය වැඩි වීම
- ව්‍යායාම නොකර සිටීම හා පමනට වඩා ව්‍යායාමවල නිරතවීම.
- මානසික ආතතියෙන් පෙනීම.
- අධික සීතල සහ උණුසුම සහිත ආහාර පාන භාවිතා කිරීම.
- කුළු බඩු හා රසකාරක අධික ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම.
- මේ ආදී වූ හේතූන් ආතරයිටිස් රෝගය ඇතිවීමට වැඩි වශයෙන් හේතු පාදක වේ.
ආතරයිටිස් රෝගය ඇතිවූ විට ශරීර අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් ද රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලැබේ. එනම්
- අත් හා පාදවල ඇඟිලිවල වේදනාවක් ඇතිවීම.
- පාද වල අධික වේදනාවක් ඇතිවීම.
- සන්ධි ඉදිමීම සහ සන්ධිවල තද බවක් ඇතිවීම.
- කොඳු ඇට වලින් සහ ස්නායුවලින් වේදනාවක් ඇතිවීම.
- පාද වල හැඩය වෙනස් වීම.
- ආදී රෝග ලක්ෂණ ආතරයිටිස් රෝගය ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ වේ.
අනෙකුත් රෝග මෙන්ම ආතරයිටීස් රෝගය පාලනය කර ගැනීම සඳහා රෝගියා එම රෝගයට සුදුසු වන පරිදි කටයුතු කළ යුතුය. එනම් තම ආහාර රටාව හා ජීවන රටාව ඊට ගැළපෙන පරිදි සකස් කර ගත යුතුය. එනම්
- සමබර ආහාර වේලක් ගත යුතුය.
- සිරුරේ අධික බර පාලනය කර ගත යුතුය.
- යෝග ව්‍යායාම වල නිරත විය යුතුය.
- ජලය වැඩිපුර පානය කළ යුතුය.
- නිවැරදි ව්‍යායාම් වල ප්‍රමාණයකට නිරත විය යුතුය.
- මේ ආදී වශයෙන් කටයුතු කිරීම ද මෙම රෝගය පාලනය කර ගැනීමට වැඩි දායකත්වයක් සපයනු ලැබේ.
ආතරයිටිස් රෝගය සුවකර ගැනීම සඳහා කළ හැකි දේශීය ප්‍රතිකාර රැසකි.

බණ්ඩක්කා බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් බණ්ඩක්කා වල අඩංගු කැල්සියම් ආතරයිටීස් රෝගය හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා සමනය කිරීම සිදුකරයි. එනම් මේ සඳහා ළපටි බණ්ඩක්කා කරල් ගෙන සිහින්ව කපා රැයක් ජලයේ පෙඟෙන්නට හැර එම ජලය පානය කිරීම ගුණදායකවේ.
කුරුඳු කුරුඳු කුඩු මේස හැන්දකට මී පැණි මිශ්‍රකර මාස තුනක් පමණ භාවිත කිරීම මගින් ආතරයිටීස් රෝගය ඇතිවීම පාලනය කර ගත හැකිය.
අබතෙල් ඈත අතීතයේ සිටම සන්ධි ආශ්‍රිත වේදනාවන් සමනය කිරීම සඳහා අබ තෙල් ඖෂයක් ලෙස යොදා ගෙන තිබේ. එනම් මේ සඳහා අබ තෙල් හා පොල් තෙල් මිශ්‍ර කර වේදනා ගෙන දෙන සන්ධි සහිත ස්ථානවල ආලේප කිරීම මගින් එම වේදනා, ඉදමුම් සුව කර ගත හැකිය.
එමෙන්ම අබ තෙල් කෝප්ප එකක් ගෙන ඊට කපුරු ග්‍රෑම් දහයක් මිශ්‍ර කර හොඳින් දියවන තෙක් තෙල් ටික රත් කරගෙන එහි රස්නෙ ගතිය ඉවත් වූ පසු වේදනා ගෙන දෙන සන්ධි ආශ්‍රිත ප්‍රදේශයේ ආලේප කර තැබීම මගින් එම වේදනාවන්, ඉදිමුම් සුව කර ගත හැකිය.
උළුහාල් උළුහාල්, කහ කුඩු සහ ඉඟුරු ග්‍රෑම් 50 බැගින් ගෙන හොඳින් මිශ්‍රකර වාතය නිරෝධනය කළ බෝතලයක අසුරා ඉන් තේ හැන්ද බැගින් දිනපතා උණුවතුර වීදුරුවකට මිශ්‍රකර පානය කිරීම මගින් ආතරයිටීස් රෝගය හේතුවෙන් ඇතිවන රෝග සංකූලතා සමනය කර ගත හැකිය.
- සුප් වර්ග
- සුදුලූනු සුප්
- මුරුංගා සුප්
- කැරට් යුෂ
- පානය කිරීම
- දෙහි යුෂ
ආතරයිටීස් රෝගය සඳහා භාහිර සත්කාරයක් ලෙස ලෙමන් යොදා ගත හැකිය. එනම් මේ සඳහා ලෙමන් යුෂ වේදනා ගෙන දෙන ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ.
මුං ඇට ආතරයිටීස් රෝගීන්ට මුං ඇට ආහාරයට ගැනීම ද යෝග්‍ය වේ. එනම් මුං ඇට මේස හැදි තුනක් ජලය මිලි ලීටර් 250 කට මිශ්‍රකර රැයක් පෙඟෙන්නට හැර තබා පසුදින අංකුර සහිත මුං ඇට බේරාගෙන ඊට සුදුළූණු බික් දෙකක් අඹරා මිශ්‍ර කරගෙන ලුණු හා ගම්මිරිස් යොදා උදේ සවස ආහාරයට එක්කර ගැනීම යෝග්‍ය වේ.
නෙල්ලි නෙල්ලි යුෂ වලට මී පැණි එක්කර පානය කිරීම මගින් ද ආතරයිටීස් රෝගය සුව කර ගත හැකිය. ආදී ප්‍රතිකර්ම වල නිරතවීමෙන් ආතරයිටීස් රෝගයෙන් සුවපත් භාවයක් ලබා ගත හැකිය.