අවුරදු 100 වඩා දිර්ඝායුෂ ගෙන දෙන තැඹිලි පානය කිරීමෙන් සුවවෙන රෝග 8 ක්

health tips

ශරීරයේ ඇතිවන නොයෙකුත් රෝග තත්ත්වයන් සමනය කිරීමට භාවිතා කරන තවත් එක් ඖෂධීය පානයක් ලෙස තැඹිලි හැඳින්විය හැකිය. එනම් තැඹිලි යනු මිනිස් සිරුරේ බොහෝ රෝග සමනය කිරීමට උපකාරී වන පානයකි. එනම් මාස අටක් පමණ ජෛව පිරිසිදු වීමේ ක්‍රියාවලියට භාජනය වෙමින් නිපදවන තැඹිලි වතුර ජීවානුහරිතවේ. 

තැඹිලි ගුණදායක පානයක් ලෙස ලකනු ලබන්නේ ඒවායෙහි මිනිස් සිරුරට හිතකර පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වීම නිසාය. එනම්. 

  • විටමින් බී,සී,ඊ
  • පොටෑසියම්
  • සල්ෆර්
  • සින්ක්
  • යකඩ
  • සෝඩියම්
  • කැල්සියම් 
  • සෙලෙනියම්
  • ක්ලෝරයිඩ්
  • මැග්නීසියම්
  • මැංගනීස්
  • අයඩීන්
  • පොස්පරස්
  • ජෛව ක්‍රියාකාරී එන්සයිම වර්ග
  • ශාක රසායන
  • මේදය 
  • ඇමයිනෝ අම්ල 
  • කාබනික අම්ල 
  • ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගුවේ. 

තැඹිලි වතුර පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ 

ආහාර ජීර්ණය ක්‍රමවත් කිරීමට උපකාරී වේ.ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන නොයෙකුත් රෝග තත්ත්වයන් සමනය කරගැනීමට මෙන්ම ආහාර හොඳින් ජීර්ණය කර ගැනීම සඳහා තැඹිලි වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් තැඹිලි වතුර පානය කිරීමෙන් එහි අඩංගු පෝෂ්‍ය පදාර්ථ  උදරගත සියලු රෝග සමනය කර ආහාර හොඳින් ජීර්ණය කිරීමට උපකාරී වනු ලැබේ. 

අධි රුධිර පීඩනය පාලනය කිරීම සඳහා යෝග්‍ය වේ.තවත් එක් භයානක රෝග තත්ත්වයක් වන අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම සඳහා තැඹිලි වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් තැඹිලි වල අඩංගු පොටෑසියම් රුධිර නාල හැකිලීම වළක්වා ක්‍රමවත්ව රුධිරය පරිවරණය කිරීම සිදු කරනු ලැබේ. එනම් මේ නිසා අධි රුධිර පීඩනය ඇති වීම පාලනය වේ. 

රුධිරය පිරිසිදු කිරීම සඳහා උපකාරී වේ බොහෝ විට රුධිරය අපිරිසිදු වූ අවස්ථාවක නැවත රුධිරය පිරිසුදු කර ගැනීම සඳහා තැඹිලි පානය කිරීමට ලබා දෙනු ලැබේ. එනම් තැඹිලි පානය කිරීමෙන් රුධිරයේ අඩංගු විෂ ඉවත් කරනු ලැබේ. මේ නිසා රුධිරය පිරිසිදු කර ගැනීමට තැඹිලි පානය භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

මුත්‍රා රෝගයන්ට ඖෂධයක්වේ. ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන මුත්‍රා දැවිල්ල මුත්‍රා අඩස්සිය වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීම සඳහා තැඹිලි පානය කිරීම යෝග්‍ය වේ. 

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට උපකාරී වේ.ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇතිවන රෝග සමනය කිරීමට මෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා තැඹිලි පානය කිරීම යෝග්‍ය වේ. එනම් තැඹිලි වල අඩංගු මොනොලෝරික් ඇසිඩ් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදුකරයි. 

දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීම සඳහා තැඹිලි පානය කිරීම යෝග්‍ය වේ. එනම් ආයුර්වේදය තුළ මේ සඳහා තැඹිලි යොදා ගෙන ප්‍රතිකාර කිරීම සිදුකරනු ලැබේ. එනම් උළුහාල් මිටක් සහ තැඹිලි ගෙඩියක් ගෙන තැඹිලි ගෙඩියේ ඇස්ස කපා සෝදාගත් උළුහාල් මිට තැඹිලි ගෙඩිය තුළට දමා ඇස්ස වසා රැයක් එළිවෙන තුරු පින්නේ තබා උදේ සවස දින දාහතරක් නොකඩවා පානය කිරීමෙන් දිය වැඩියාව පාලනය කරගත හැකිය. මේ සඳහා රන් තැඹිලි භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. 

ශරීරය සිසිල් කිරීම සඳහා ඖෂධයක් වේ.ශරීරය උෂ්ණාධික පුද්ගලයින්ගේ ශරීරය සිසිල් කර ගැනීම සඳහා තැඹිලි වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් තැඹිලි වල අඩංගු සිසිල් ස්වභාවය ශරීරය සිසිල් කර ශරීරය උෂ්ණාධික වීම නිසා ඇතිවන රෝග වලින් ද ආරක්ෂාව සලසනු ලැබේ.  එමෙන්ම තැඹිලි වතුර සමෙහි විජලනය වීම වලක්වා සමෙහි තෙතමනය රඳවා තබා ගැනීමට ද උපකාරී වේ. 

හෘද රෝග සමනය කිරීමට උපකාරී වේ.හෘදයට හිතකර පානයක් ලෙස තැඹිලි පානය හැඳින්විය හැකිය. එනම් තැඹිලි පානය කිරීමෙන් හෘද රෝග ඇති වීමට හේතු වන 

අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් , දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීම සිදු කරනු ලැබේ. එනම් මේ නිසා හෘද රෝග ඇතිවීම පාලනයවේ. මීට අමතරව 

  • පණු රෝග සඳහා 
  • සමෙහි රෝග සඳහා 
  • දිලීර රෝග සඳහා 
  • හිසරදය සමනය කිරීම සඳහා 
  • හිසකෙස්වල ඇතිවන රෝග සඳහා 
  • උණසන්නිපාතය මැලේරියාව සඳහා 
  • මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා 
  • ගලගන්ඩය සඳහා
  • ආදී වශයෙන් බොහෝ රෝග සමනය කිරීමට තැඹිලි වතුර පානය කිරීම යෝග්‍ය වේ. 

තැඹිලි වල අගුණ 

  • ලේ දන් දීමේන් පසුව තැඹිලි පානය අගුණ විය හැකිය. 
  • සර්ප දෂ්ටනයකදී තැඹිලි වතුර පානය කිරීම නුසුදුසුය. 
  • සෙම් රෝග ඇති විට 
  • වකුගඩු රෝග ඇති විට ද තැඹිලි පානය කිරීම යෝග්‍ය නොවේ.