රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වී ඇති බව හඳුනා ගත හැකි ලක්ෂණ 6 ක්

health tips

අපේ ශරීරය ලෙඩ රෝගවලින් ආරක්ෂා කරන්නේ වෛරස විශබීජවලට එරෙහිව නැගී සිටින්නට හැකියාව ලැබෙන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින්. ජන්මයෙන් අපිට හිමිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසියාකාරයෙන් පවත්වා ගෙන යාම පුද්ගලයාගේ වගකීමක්. ඉතින් රුධිරයේ ඔක්සිජන් මට්ටම අපේ ශරීරයේ ප්‍රතිශක්තිය කෙරෙහි අතිශයින්ම බලපාන සාධකයක්. රුධිරයේ දියවෙලා තියෙන ඔක්සිජන් මට්ටම ඉහළ අගයක පැවතීම අපේ සිරුරේ ප්‍රතිශක්තියට ඉතාම වැදගත්. ඒ නිසාම ඔබටම ඔබේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුවීමක් වුණොත් සහ එය කලින් හඳුනා ගන්නට හැකි වුණොත් එය ඔබේ ශරීර සෞඛ්‍යට ඉතාම වැදගත්. ඒ නිසාවෙන් අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු බව හඳුනා ගත හැකි ලක්ෂණ 6 ක් පිළිබඳවයි.

අපි නාසයෙන් හෝ මුඛයෙන් ආශ්වාස වාතය ලෙස ගන්නා වාතය වම් සහ දකුණු පෙනහැළි දෙකට  ඇතුළු වෙනවා. පෙනහළු තුළ ඇති කුඩා කොටස් වන ගර්ත තුළදී රුධිර වාහිනී පද්ධතියට අදාල වන රුධිර වාහිනියේ ඇති කාබන්ඩයොක්සයිඩ් සහ අලුතෙන් ගෙන ආ වාතයේ ඇති ඔක්සිජන් හුවමාරුවීම සිදුවෙනවා. විශේෂයෙන්ම ස්වසන පද්ධතිය ආශ්‍රිතව වැළදෙන රෝගවලදී  ගර්ත කොටස් තුළදී  ඔක්සිජන් හුවමාරු ක්‍රියාවලියට බාධා කිරීම සිදු වෙනවා.ස්වාස්, කොරෝනා ආදී රෝගයන් වුණත් මේ රෝගවලටයි අයිති වන්නේ. පෙනහළුවලට මේ වෛරසයෙන් ඇතිවන  බලපෑම නිසා ඔක්සිජන්  හුවමාරු කරගැනීමට අපහසු වීමෙන් ඔක්සිජන් නොමැතිවීමේ ලක්ෂණ පහළ වෙනවා.

ඉතින් මේ රුධිරයේ දියවී ඇති ඔක්සිජන් සාන්ද්‍රණය  අඩුවී ඇති බව මූලිකව හඳුනා ගන්නට හැකි ලක්ෂණ වෙනත් රෝගයක් නිසා වුණත් ඇති වෙන්නට හැකියාව පවතිනවා.

රුධිරයේ ඔක්සිජන් අඩු බව හඳුනා ගත හැකි ලක්ෂණ 

කෙටි හුස්ම ගැනීම (Shortness of breath )-කෙටි කාලයක් තුළ වැඩි වාර ගණනක් හුස්ම ගැනීම මෙහිදී සිදු වෙනවා. ඉතා ඉක්මනින් හුස්ම ගැනීම යන මේ ලක්ෂණ ස්වසන පද්ධතිය ආශ්‍රිත වෙනත් රෝග නිසා ඇති වෙන්නට හැකි වුණත් රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු බව හඳුනා ගන්නට හැකි මූලිකම ලක්ෂණය වන්නෙත් මේ කෙටි හුස්ම ගැනීමයි.

නිතරම ශරීරයේ ශක්තිය අඩු බව (lack of energy )-හොඳින් ආහාර ගෙන සිටින අවස්ථාවක වුණත් සිරුරට ශක්තිය නැති වීම එයින් අදහස් දරනු ලබනවා. එමගින් සිරුරේ ක්‍රියාශීලිත්වය අඩුවීමක් හැඟවෙනවා.

නිතරම ඈනුම් යාම  (yawning )-නිරන්තරයෙන් ඈනුම් යාම බෝහොවිට රුධිරයේ ඔක්සිජන් මට්ටම් අඩු බව හඟවන ලක්ෂණයක් ලෙසට සලකනු ලබනවා. නමුත් වෙනත් යම් යම් රෝග තත්ත්වයන් නිසාත් මේ ඈනුම් යාම නිතර සිදු වෙන්නට පුළුවන්.

ශරීරයේ රුධිර පීඩනය වැඩිවීම (elevated blood pressure)-ශරීරයේ කොටස්වල ඇති රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වනවිට හෘදය වස්තුව නිතරම උත්සාහ කරන්නේ වැඩි වේගයකින් රුධිරය පොම්ප කර ඒ ස්ථානවලට යැවීමට. ඒ නිසා රුධිර පීඩනය වැඩිවීමක් සිදු වෙනවා.

කරකැවිල්ල-ක්ලාන්තය හෝ කරකැවිලි ගතියත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩුවූ විට ඇති වෙන්නට පුළුවන්. මොළයට ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වූ විට මේ තත්ත්වය ඇතිවෙනවා.

මානසික ව්‍යාකූල බව (Mental confusion)-ඉතින් මේ කාරණා වෙනත් රෝගයන්වල ලක්ෂණයන් විමේ ඉඩකඩ පවතින නිසා මෙවැනි ලක්ෂණ ඇතිවූ වහාම කලබල විය යුතු නැහැ. එය රුධිරයේ ඔක්සිජන් අඩුවීමක් නිසා ඇතිවන තත්ත්වයක් නම් එවිට ඔක්සිජන් මට්ටම වැඩි කර ගන්නට අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳව දැනුවත්ව සිටිය යුතු වෙනවා.

රුධිරයේ ඔක්සිජන් මට්ටම වැඩි කර ගත හැකි ක්‍රම 

කුමන ආකාරයක හෝ ව්‍යායාමයක් කිරීම -ව්‍යායාම් කිරීමේදි හදවත ගැහෙන වේගය වැඩි වෙනවා.එයින් ඔක්සිජන් ඉල්ලුම වැඩි වී පෙනහළු වැඩි ප්‍රමාණයක් ඔක්සිජන් සහ වාතයෙන් පිරීමෙන් අපේ රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉබේම වැඩි වෙනවා.

යෝගාසන -විශේෂයෙන්ම මේ යෝගවලදී ෂෂ්ටාසන නමින් හඳුන්වන  ආසනයේදී  ශරීරය මුනින් අතට හරවා ගෙන  පොළවත් සමඟ ස්ථාන 8 ක් සපර්ශ වන ආකාරයෙන් තබා ගන්නවා. නළල, දෑත්, පපුව, දණහිස්, පාදයේ ඇගිලි ආදිය පොළවේ ස්පර්ශ වන ලෙස තබා ගනිමින් හුස්ම ගන්නා විට රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය ඉතා ඉක්මනින් වැඩි කරගන්නට පුළුවන්.

ඉගිනි ඇට කුඩු භාවිතය -පානය කිරීමට ගන්නා උණු වතුරට හෝ තේ කෝප්පයට ඉගිනි ඇට කුඩු ස්වල්පයක් එක් කර පානය කිරීම රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉතා ඉක්මනින් වැඩි කරගන්නට උපකාරී වෙනවා.

රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය වැඩි කරන ආහාර 

  • කළු චොකලට්
  • දෙළුම් 
  • බීට් රූට් 

ශරීරයේ ඉරියව් -පුද්ගලයාගේ ඉරියව් හුස්ම ගන්නා වාතයේ ප්‍රමාණය කෙරෙහි දැඩිව බලපානු ලබනවා. ඒ නිසා පහසු ඇදුම් ඇදගෙන පහසු ඉරියව්වකින් සිටීමත් ඔක්සිජන් මට්ටම නිසි ලෙස පවත්වා ගන්නට උපකාරී වෙනවා.

නාසයෙන් හුස්ම ගැනීම -බොහෝදෙනා හුස්ම ගැනීමේදී සිදුකරන වැරැද්දක් තමයි මුඛයෙන් හුස්ම ගැනීම. මුඛයෙන් හුස්ම ගන්නට හැකි වුණත් හුස්ම ගැනීමේ නිසි මාර්ගය පවතින්නේ නාසය හරහා. නාසය හරහා හුස්ම ගැනීමේදී එහි ඇති අනවශ්‍ය  කොටස් පෙරා ඉවත් කිරීම, වාතය යම් ප්‍රමාණයට රත් කිරීම, ජල වාශ්ප එකතු කිරීම, ආදී වැදගත් කාර්යයන් බොහොමයක් සිදු කරනවා. ඒ වගේම වාතය නාසය මගින් ආශ්වාස කරන විට නයිට්‍රික් ඔක්සයිඩ් එකතු  වෙනවා.  මේ නයිට්‍රික් ඔක්සයිඩ් කියන්නේ පුද්ගල්යාගේ රුධිර වාහිනීවල විස්තාරණය ඇති කරන්නට පුළුවන් එක්තරා ආකාරයක වායුමය ද්‍රව්‍යයක්. මෙය ස්වාභාවිකවම ශරීරයේ නිෂ්පාදනය වෙන්නේ අපි නාසයෙන් හුස්ම ගන්නා විට පමණයි. ඒ නිසා නිතරම අප හුස්ම ගත යුතු වෙන්නේ නාසය හරහා පමණයි.

විනාඩියකට අඩුවෙන් හුස්ම ගැනීම මෙයත් රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය ඉහළ නංවා ගන්නට හේතුවෙන ක්‍රමවේදයක්.ඉතින් මේ කොරෝනා වසංගතය හමුවේ අපි නිරන්තරයෙන්ම අපේ ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට උනන්දු වෙනවා. ඒ නිසා රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය නිසිලෙස පවත්වා ගන්නටට සැලකිලිමත් වීම ඔබට වැදගත් වේවි.