ශුක්‍රාණු වල නිරෝගී බව වැඩිකරන පිළියම් 17 ක්

health tips

මිනිසාගේ ලිංගික ජීවිතය යනු මානව පැවැත්මේ අභිවෘද්ධියයි. ප්‍රජනන ක්‍රියාවලිය සඳහා කාන්තා පිරිමි දෙපාර්ශවයේම සරුබව අතිශයින්ම වැදගත් වන සාධකයකි.පුරුෂයින්ගේ සරුබව පිළිබඳ කතාකිරීමේදී ශුක්‍රාණු ප්‍රමාණවත්ව නිපදනොවීම සහ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වීම පුරුෂයින්ගේ වඳභාවයට වඩාත් පොදු හේතු කිහිපයක් වන අතර එමඟින් ගැබ් ගැනීම සඳහා ඩිම්බයක් හා සංසේචනය වීමට ශුක්‍රාණුවක ඇති හැකියාව අඩු වේ.

ශුක්‍රාණුවක් හිස, කඳ හා වලිගයකින් යුතුඅ තිශයින්ම විශේෂිත කුඩා සෛලයකි. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, සාමාන්‍යයෙන් ශුක්‍රාණු වල සාන්ද්‍රණය අවම වශයෙන් ශුක්‍රාණු  මිලිලීටරයකට මිලියන 20 ක් පමණ වේ. ජීවියෙකු හටගැනීමට මින් 60% පමණවත් ජීවි මෙන්ම චලන සෛල වලින් සමන්විත විය යුතුය. මිලිලීටරයකට ශුක්‍රාණු මිලියන 15 කට වඩා අඩුවීම ශුක්‍ර තරලේ ශුක්‍රාණු අඩු තත්වයක් (low sperm count) ලෙස සැලකේ. මෙය  ඔලිගොස්පර්මියා (oligospermia) ලෙස හඳුන්වනු ලබයි.මෙවැනි තත්වයකදි පුරුෂයින් තුළ ලිංගික ආශාව හෝ උත්තේජනය අඩුවීම,වෘෂණ කෝෂ ප්‍රදාහයට ලක්වීම වැනි ලිංගික ගැටලු වලට පවා තුඬු දිය හැකියි. ශුක්‍රාණු පිටවීමේදී ශුක්‍රාණු වල ජීවි චලන සෛල මිලියන 40 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පැවතීම පිළිසිඳගැනීම් ගැටලු හා සම්බන්ධවේ. 

 හෝර්මෝන අසාමාන්‍යතා,අනතුරු ආබාධ වලට ලක්වීමෙන් ඇතුවන හානි,මධ්‍යසාර හෝ මත්ද්‍රව්‍ය අධි පරිභෝජනය හා ඇතැම් සෞඛ්‍ය ගැටලු වලින් පෙළීම ශුක්‍රාණු තරලයක ශුක්‍රාණු අඩුවීමට බලපෑ හැකි හේතු අතර ප්‍රධානයි. නීරෝගි ආහාර පාන හා ජීවන රටාවක් අනුගමනය කිරීම මෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාර තුළින් ඔබේ සෞඛ්‍ය තත්වය වැඩිදියුණු කරගත හැකිය.ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකිරීම සඳහා උපකාරී වන ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන පහත සඳහන් වේ. 

උළුහාල් උළුහාල් ශුක්‍රාණු මට්ටම වැඩිදියුණු වීමට ගුණ දෙන ඖෂධීය කුළුබඩුවක් බව අධ්‍යයන මඟින් ද පෙන්වාදී ඇත.උළුහාල් තෙල් වඩාත් හොඳ විකල්පයක් බව ඒවායේ වැඩිදුරටත් දැක්වේ.වෙළඳපලෙන් මේවා පහසුවෙන් ලබාගත හැකියි.

මැකා මුල් මැකා මුල්  ශුක්‍රාණු නිපදවීම සහ ශුක්‍රාණු සංචලනය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. එය හෝමෝන සමතුලිත කිරීමට උපකාරී වන ජනප්‍රිය සාරවත් ඔසු වර්ගයකි.සරු බව වැඩි කිරීම සඳහා ආහාරමය අතිරේකයක් භාවිතා කිරීමට කැමති පුරුෂයින්ට එය භාවිතා කළ හැකිය. වෛද්‍ය උපදෙස් යටතේ මැකා මුල් ග්‍රෑම් 1.75 බැගින් දිනපතා මාස කිහිපයක් ගන්න.ඔබට එය වතුර වීදුරුවකට, ස්මූති වීදුරුවකට හෝ ප්‍රෝටීන් ශේක් එකට එකතු කර පානය කළ හැකියි.

සුදුලූනු දිනපතා සුදුලූනු පරිභෝජනය කිරීමෙන් ඔබේ ප්‍රජනන සෞඛ්‍යය වැඩිදියුණු වන ප්‍රතිලාභ ලැබේ.ශුක්‍රාණු නිපදවීමේ ක්‍රියාවලිය කෙරෙහි සුදුලූනු වල සෘජු බලපෑමක් ඇත.ටෙස්ටෙස්ටරෝන් මට්ටම් වැඩිකරමින් වෘෂණ වල ව්‍යුහාත්මක අසාමාන්‍යතා නිවැරදි කරවයි.ශුක්‍රාණු තරලයේ ශුක්‍රාණු අඩුවීමට මේ හේතු දෙකම ප්‍රධාන වශයෙන් බලපායි.වෑංජන සැකසීමේදී සුදුලූනු එක්කරගන්න.

වඳුරු මෑ වඳුරු මෑ ඇට කුඩු වශයෙන් ගැනීම ශුක්‍රාණු වල ගුණාත්මක බව හා ලිංගික ශක්තිය වැඩිදියුණු වීමට ගුණ දෙන බව සඳහන් වේ.ආතතිය දුරුකරමින් මානසික බෙලහීනතාව අවම කරවයි.කොලෙස්ටරෝල් ටෙස්ටෙස්ටරෝන් වැනි හෝර්මෝන වලට පරිවර්තනය වීම වළකයි.

ප්‍රතිඔක්සිකාරක බහුල ආහාර ප්‍රතික්‍රියාකාරි ඔක්සිජන් ශුක්‍ර තරල වල බහුල වීම ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීමට බලපාන ප්‍රධාන හේතුවකි.ශුක්‍රාණු සෛල ගණන අඩුවීමට හා ජාන ද්‍රව්‍ය වලට හානිකරවීමට බලපෑම් කරයි.ප්‍රතිඔක්සිකාරක පෝෂක සිරුරට ලබාගැනීම මෙවැනි හානි අවම කරගැනීමට උපකාරී වේ.ඩාක් චොකලට්,බ්ලූබෙරි,කොළ ගෝවා,රතු ගෝවා,ස්ට්‍රෝබෙරි,බෝංචි,බීට් රූට් හා නිවිති වැනි ආහාර වල ප්‍රතිඔක්සිකාරක බහුලයි

විටමින් C බහුල ආහාර ශුක්‍රාණු වල නීරෝගි බව වැඩිවීමට විටමින් C උපකාරී වේ.විටමින් C හෝ ඇස්කෝර්බික් අම්ල දිනකට දෙවරක් බැගින් මාස දෙකක් ගැනීමෙන් හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළ බව අධ්‍යයන පෙන්වාදේ.තක්කාලි, පැඟිරි පලතුරු,පේර, තද කොළ පැහැති පත්‍ර එළවළු වල විටමින් C බහුලයි.

විටමින් D බහුල ආහාර වෘෂණ කෝෂ වල ක්‍රියාකාරීත්වය සඳහා මෙම විටමින් ප්‍රයෝජනවත් බව පෙන්වාදේ.ශුක්‍රාණු වල ගුණාත්මක බවට මෙන්ම ඒවායේ සචලතාවට බලපායි.බිත්තර කහමද,චීස්,මාලු,දොඩම් යුෂ හා වෙනත් කිරි නිෂ්පාදන පරිභෝජනය කිරීමෙන් මෙම විටමින් පෝෂණය සිරුරට ලබාගත හැකියි.

සින්ක් බහුල ආහාර සින්ක් පුරුෂයින්ගේ සරුබව සඳහා සිරුරට අත්‍යවශ්‍ය ඛනිජ ලවණයකි.සිරුරේ මේවා තැන්පත් නොවන නිසා නිතිපතා ආහාර පාන හරහා සිරුරට ලබාගත යුතුයි.ටෙස්ටෙස්ටරෝන් මට්ටම් වලට බලපෑම් කරන අතර හෝර්මෝන සමතුලිත කරයි.මස්, රනිල බෝග,නට් වර්ග,කිරි නිෂ්පාදන,බිත්තර,ධාන්‍ය වර්ග,මුහුදු ආහාර වල සින්ක් බහුලයි.

අමුක්කරා හෙවත් අශ්වගන්ධ ශුක්‍රාණු තරල ප්‍රමාණය, ශුක්‍රාණු ගණන සහ ශුක්‍රාණු සංචලනය සැලකිය යුතු ලෙස වැඩි කළ හැකි  ගුණාංග අමුක්කරා වල අඩංගු බව ඉන්දීය ආයුර්වේද අධ්‍යයන වල සඳහන් වේ. වඳභාවයට හේතු වන ඔලිගොස්පර්මියා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා අශ්වගන්ධ චිකිත්සක වටිනාකම Evidence –Based Complemenrtary and Alternative Medicine නම් අධ්‍යයන මඟින් පැහැදිලිව ඉස්මතු කර දක්වා ඇත .මීට අමතරව, මෙම අමුක්කරා ශාකය සෞඛ්‍ය සම්පන්න ටෙස්ටොස්ටෙරෝන් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරයි. එය සමස්ත ජීව ශක්තිය වැඩි කරන අතර ආතතිය සහ කාංසාව අඩු කරයි.

චීන ජින්සෙන් චීන ජින්සෙන් ශුක්‍රාණු ප්‍රමාණය හා ටෙස්ටෙස්ටරෝන් මට්ටම් වැඩිදියුණු කරවයි. ශුක්‍රාණුවකට  ක්‍රමවත් ලෙස ඩිම්බය වෙතගමන් කිරිමේ හැකියාව වැඩිකරයි.ලිංගික අප්‍රාණිකත්වය වැනි ගැටලු දුරු වීමට සහය දෙයි.නයිට්‍රික් ඔක්සයිඩ නිෂ්පාදනය වැඩිකරමින් සංසේචනයට උපකාර කරන ශුක්‍රාණු හිසේ පවතින ඇක්‍රෝසම් ප්‍රතික්‍රියා වැඩිදියුණු කරවයි.

ගොක‍ටු Tribulus Terrestris, හීං නෙරෙංචි/ගොක‍ටු ලෙසද හැඳින්වෙන අතර එය හෝමෝන මට්ටම ඉහළ නැංවිය හැකි බැවින් ශුක්‍රාණු ප්‍රමාණය වැඩි කිරීමට සහ ශුක්‍රාණු ගුණාත්මකභාවය වැඩි කිරීමට ආයුර්වේද පිළියමක් වේ.

තවත් උපදෙස් කිහිපයක්

  • ඔබේ එදිනෙදා ජීවන රටාවේ වෙනස්කම් ඇතිකරගන්න. දුම්බීමෙන් හා මත්පැන් භාවිතයෙන් වළකින්න.මේවා ඔබේ ලිංගික සෞඛ්‍යයට සෘණාත්මක ලෙස බලපායි.ලිංගික ශක්තිය අඩුවීම හේතුවෙන් බෙලහීනතාව වැනි ගැටලු පවා උද්ගත විය හැකිය.
  • නීරෝගි ශරීර බරක් පවත්වාගන්න.සමබල ආහාර වේලක් ලබාගන්න.මේද හා කාබෝහයිඩ්‍රේට වෙනුවට විටමින්, ඛනිජ ලවණ හා තන්තු බහුල ආහාර ලබාගැනීමට සැලකිලිමත්වන්න.
  • දිනපතා හොඳින් වතුර බොන්න.කිරි හා පලතුරු යුෂ ද ගුණදායකයි.වොල්නට්, පැඟිරි පලතුරු, කෙසෙල්, බ්‍රොකොලි හා සම්පූර්ණ තිරිඟු හොඳ ආහාර වේ.
  • ව්‍යායාම කරන්න.
  • වෘෂණ කෝෂ තාපයට නිරාවරණය වීම වළක්වාගන්න.උදා:උකුළ මත ලැප්ටොප් පරිගණකය තබාගෙන භාවිත කිරීම එතරම් සුදුසු නැත.උණු වතුර ස්නානය කිරීමෙන් වළකින්න.කපු යට ඇඳුම් භාවිත කරන්න.
  • මානව නොවන ඊස්ට්‍රජන් වලින් වළකින්න. ඊස්ට්‍රජන් ප්‍රධාන ස්ත්‍රි හෝර්මෝනයකි.ඊස්ට්‍රජන් අධිකව ගැනීම පුරුෂයින් තුළ ශුක්‍රාණු මට්ටම් හා ටෙස්ටෙස්ටරෝන් මට්ටම් කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑ හැකියි.හණ ඇට, සෝයා, රතු වයින් වැනි මේවා බහුල ආහාර පරිභෝජනය සීමා කරන්න.
  • ඉහත පිළියම් භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාසිටීම වඩාත් සුදුසුය.