පිළිකාව වර්තමාන සමාජයේ ඉතා සුලභ රෝගී තත්වයක් බවට පත්ව තිබේ. එනම් අද වන විට පිළිකා රෝගය නිසා බෝහෝ දෙනෙකු මිය යමින් සිටි. එනම් එසේ වැඩි දෙනෙකුට මෙම රෝගය ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වන්නේ රෝගය පිළිබඳව දැනුවත්භාවයක් නොමැති වීමයි. එනම් පිළිකා වර්ග ගණනාවක් පවතින අතර ඒ අතරින් මිනිසාට මරු කැදවන තවත් එක් පිළිකාවක් ලෙස පෙනහළු ආශ්‍රිතව ඇතිවන පිළිකාව හඳුනාගත හැකිය.
එනම් ලෝකයේ දෙවනුව බහුලවම පවතින පිළිකා රෝගී තත්වය මෙයයි. මෙමගින් මිය යන රෝගීන් සංඛ්‍යාව අනෙක් පිළිකා රෝගී තත්වයන්ට වඩා සෑම විටම ඉහළ අගයක් ගනී. මෙම රෝගය බහුලවම වැළදෙන්නේ වයස අවුරුදු 70ට වඩා වැඩි හෝ ඒ ආශ්‍රිත වයස් කාණ්ඩවල පුද්ගලයන්ටය. කාන්තාවන්ට සාපෙක්ෂව පුරුෂයන්ට මෙම රෝගී තත්වය වැළදීමේ වැඩි ඉඩකඩක් පවති. අනෙකුත් පිළිකා මෙන්ම මෙම පිළිකාව ද මුල් අවස්තාවෙහිම හදුනා ගතහොත් එය පහසුවෙන් පාලනය කර ගත හැකිය. මේ නිසා එහි පූර්ව රෝග ලක්ෂණ මොනවාදැයි දැන සිටීම සියලු දෙනාටම ඉතා වැදගත් වේ.
පෙනහළු පිළිකා රෝග ලක්ෂණ

• නිරතුරුව වෙනස්වන කැස්ස මෙම රෝග ලක්ෂණය බොහෝවිට දුම් පානය කරන පුද්ගලයන්ට ඇතිවනු ලැබේ. එනම් සාමාන්‍යයෙන් කැස්ස ඇතිවන වාර ගණනට වඩා නොන්වත්වා කැස්ස වැඩි වාර ගණනාවක් ඇතිවේ නම් හෝ ඒ සමග රුධිරය පිටවේ නම් හැකි සැනින් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර සදහා යොමු වීම අත්‍යවශ්‍ය වේ.
• සුව නොවන කැස්ස පෙනහළු පිළිකාවක් ඇතැයි සැක කෙරෙන ප්‍රධානම රෝග ලක්ෂණය මෙය වේ. සාමාන්‍යයෙන් ඇතිවන කැස්ස නම් සති දෙකකින් පමණ සුව විය යුතුය. නමුත් ඊට වඩා කාලයක් වියළි කැස්ස රෝගී තත්වයක් ඇත්නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ක්‍රියා කළ යුතුය.
• ශ්වසන විෂමතා.පුද්ගලයෙකුට නිතර නිතර හුස්ම ගැනීමේදී යම්කිසි අපහසුතාවයක් ඇති වේ නම් පෙනහළු පිළිකාවක් ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී. එනම් පිළිකාවක් ඇති වූ විට පිළිකා සෛල ශ්වසන මාර්ගය අවහිර කිරීම සිදුකර හුස්ම ගැනීම අපහසු කරවයි. එමෙන්ම පිළිකාව නිසා ඇතැම් දියරමය ද්‍රව්‍ය පෙනහළු තුළ පිරී පැවතීම ද මේ සදහා හේතූ විය හැකිය. එනම් ඔබට පඩිපෙල් නැගීම වැනි සුළු සුළු ක්‍රියාකාරකම් වලදී ශ්වසන අපහසුතා ඇති වේ නම් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීමට යොමු විය යුතුය.
• පපු ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවන වේදනා.පපු ප්‍රදේශය ,උර්හිස්,පිට යනාදී ස්ථාන ආශ්‍රිතව වේදනාවන් හට ගන්නේ නම් ඒ සදහා බෝහෝ විට පෙනහළු තුළ ඇතිවන පිළිකා තත්වයක් හේතු විය හැකිය. ඒනිසා කිසියම් ආකාරයකින් පපු පෙදෙසෙ වේදනා සහගත තත්වයන් ඇති වේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ක්‍රියා කළ යුතුය.
• ගොරහැඬි හඬ කටහඩෙහි සැළකිය යුතු වෙනසක් ඇත්තේ නම් එයද පිළිකා රෝගී ලක්ෂණයක් විය හැකිය. සෙම්ප්‍රතිශ්‍යාව වැනි සාමාන්‍ය හේතු නිසා කටහඬ වෙනස් වුවත් ඒවා සතියක් පමණ ගිය පසු සුව වේ. නමුත් ඊට වඩා වැඩි කාලයක් මෙම තත්වය පවතී නම් ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය. එනම් මෙය පිළිකා සෛල ස්නායු තුළට පැතිර යාම ආරම්භ වී ඇති බවට හඟවන රෝග ලක්ෂණයකි.
• හිසරදය බෝහෝ හිසරද තත්වයන් පිළිකා ලක්ෂණයක් නොවුනත් සුවපත් නොවන හිසරදය දරුණු පෙනහළු පිළිකාවක ප්‍රධාන රෝග ලක්ෂණයක් වේ. නිරන්තරයෙන් ඇතිවන හිසරදය මොළය දක්වා පිළිකාව ගමන් කර ඇති බව හඟවන රෝග ලක්ෂණයකි. එනම් පිළිකාව හේතූවෙන් මොළයට රුධිරය සපයන නාල අවහිර වීම සිදුකරන නිසා මෙසේ හිසරදය ඇතිවනු ලැබේ.
• ඇටකටුවල වේදනාව ඇතිවිම.මෙම රෝග ලක්ෂණය පෙනහළු පිළිකාවේ අවධානම් අවස්ථවෙහි සිටින රෝගීන් තුළ දැකිය හැකි රෝග ලක්ෂණයක් වේ. රාත්‍රි කාලයේ වේදනාව අධික වීම ,ශරීරය මහන්සි කරවන ක්‍රියාවක යෙදීමේදී ශරීරයේ අභ්‍යන්තරයේ වේදනාව පවතී නම් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කිරීමට යොමු විය යුතුය. මුල් කාලීනවම ප්‍රතිකාර නොගතහොත් පිළිකාව සුෂුම්නාව හා දෑත් දෙපා ආදියටද පැතිර යා හැකිය. එනිසා ශරීරයේ අපට ඇතිවන වේදනාකාරී තත්වයන් පිළිබඳ අවධානයෙන් සිටීම ඉතා වැදගත් වේ.

• ශරීරයේ බර අඩු වීම.පුද්ගලයෙකුට පෙනහළු පිළිකාවක් වැළදී ඇතැයි සිතිය හැකි තවත් ප්‍රධාන සාධකයක් ලෙස මෙය දැක්විය හැකිය. පිළිකා සෛල මගින් ශරීරයේ ශක්තිය උරා ගැනීම හා ඉන් ශරීරයේ බර අඩු වීම සිදුවේ.
• හතිය.හතිය ඇතිවන්නේ ශ්වසන මාර්ගය අවහිර වීම නිසාවෙනි. මේ සදහා පීනිස දූවිලි නිසා ඇතිවන ආසාත්මිකතාවයන් හේතූ වේ යැයි සිතුණත් වෛද්‍යවරයකු හමු වීම ඉතා වැදගත් වේ. හතිය පෙනහළු පිළිකා මූලික අවධියේදී පෙන්වන රෝග ලක්ෂණයක් වේ.
• ආහාර ජලය ගිලීමේ අපහසුතා ඇති වීම.ආහාර ගැනීම පෙනහළු පිළිකා රෝගීන්ට ඉතා අසීරු කාර්යයක් වේ. මෙම තත්වය විජලනය ,මන්දපෝෂණය ,වැනි තත්වයන් ඇති වීමටත් අක්මාවේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වීමටත් හේතූ වේ.
• නිරන්තරයෙන් ආසාදන තත්වයන් ඇති වීම.බ්‍රොන්කයිටීස් ,නිව්මෝනියාව වැනි තත්වයන් දරුණු පෙනහළු පිළිකාවක මූලික ලක්ෂණ වේ.මේ සදහා ප්‍රධාන වශයෙන් හේතූ වන්නේ පිළිකා සෛල ශ්වසන නාල අවහිර කිරීමයි.
• කතා කරන විට සුළු වෙව්ලීමක් දක්නට ලැබීම.පෙනහළු පිළිකා ස්නායු පද්ධතියට ඍජුවම බලපෑම් ඇති කරන නිසා කතා කරන විට සුණු වෙව්ලීමක් ඇතිවනු ලැබේ. මෙය ප්‍රතිකාර ගන්නා සමයේ මෙන්ම වසර ගනණක් ඉක්මගිය පසු වුවද ඇතිවිය හැකි තත්වයක් වේ.
මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් කිසියම් පුද්ගලයෙකු තුළ දක්නට ලැබේ නම් වෛද්‍යවරයකු හමු වී ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත් වේ.