පෙනහළු පිළිකා ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණ 7 ක්

health tips

ලොව බහුලව පවතින පිළිකා අතර දෙවැනි ස්ථානය හිමිකර ගන්නා පිළිකා වර්ගයක් ලෙස පෙනහළු ආශ්‍රිතව ඇතිවන පිළිකාව හැඳින්විය හැකිය. එනම් පිළිකා සංවිධානය විසින් කරන ලද නවතම පරීක්ෂණවලට අනුව 2018 වර්ෂය තුළ පෙනහළු පිළිකා රෝගීන් 234,000 ක් වාර්තා වී තිබේ. එමෙන්ම එම රෝග තත්ත්වය සුව කර ගැනීමට නොහැකිව මිය ගිය සංඛ්‍යාව 154,050 වේ. එනම් අනෙකුත් පිළිකාවන් වලට වඩා පෙනහළු පිළිකාව නිසා මිය යන සංඛ්‍යාව වැඩි බවත් පෙනහළු පිලිකා ඇතිවීමේ ප්‍රවණතාවය ගැහැණු පාර්ශවයට වඩා පිරිමි පාර්ශවයට වැඩි බවත් වැඩි දුරටත් එම පර්යේෂණ වලින් හෙලිවී තිබේ.

පෙනහළු පිළිකා වැඩි වශයෙන් ඇති වනු ලබන්නේ වයස 70 ඉක්මවූ පුද්ගලයින්ටය. කෙසේ නමුදු අනෙකුත් පිළිකා රෝග මෙන්ම මෙම පිළිකා රෝගයද කල් තියා හඳුනා ගැනීමෙන් පහසුවෙන් පාලනය කර ගත හැකිය. ඒ නිසා පෙනහළු පිළිකාවක් ඇති වීමට මත්තෙන් ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව දැනුවත් වී සිටීම වඩාත් ප්‍රයෝජනවත් විය හැකිය.පෙනහළු පිළිකාවක් ඇති වූ මුල් අවස්ථාවේ ශරීරයේ පහළ වන රෝග ලක්ෂණ රාශියකි. එනම්

හිසරදය ඇතිවීම.හිසරදය යනු සෑම විටකම පාහේ ඇතිවන රෝග තත්ත්වයකි. නමුත් මෙම රෝගය නිතර නිතර ඇති වන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් පිළිකාවක් වැඩෙන විට මොළයට රුධිරය සපයන නහර අවහිර වීම නිසාද නිතර හිසරදය ඇති විය හැකිය. මේ නිසා නිතර නිතර හිසරදය ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.

සුව නොවන කැස්ස පෙනහළු පිළිකාවක් ඇති බවට හෙළි කරන පළමු රෝග ලක්ෂණය ලෙස සුව නොවන කැස්ස හඳුනාගත හැකිය. නමුත් ඕනෑම අවස්ථාවක දී කැස්ස ඇති විය හැකිය. එසේ ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන කැස්ස සාමාන්‍යයෙන් සති දෙකක් පමණ කාලයක් පවතින අතර ඉන් පසුව සුව අතට හැරේ. එසේ නොවී කැස්ස දිගින් දිගටම පවතින්නේ නම් එය පෙනහළු පිළිකාවක් වැඩෙන බවට පෙර පහළවන ලකුණක් විය හැකිය. මේ නිසා දිගින් දිගටම කැස්ස පවතින්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

හතිය ඇතිවීම.වර්තමානය වන විට වයස් භේදයකින් තොරව හතිය නැමැති රෝග තත්ත්වය නිසා බොහෝ දෙනෙකු පීඩාවට පත්ව තිබේ. එනම් හතිය ඇති වීමට නොයෙක් හෙතූන් බලපානු ලබයි. ඒ අතර
පීනස හෝ දුවිලි තත්වයන් හඳුනාගත හැකිය. කෙසේ නමුදු මෙයද පෙනහළු පිළිකාවක් ඇති බවට හෙළි වන රෝග ලක්ෂණයක් විය හැකිය. ඒ නිසා මෙවැනි අවස්ථාවක වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.

නොනවත්වා ඇතිවන කැස්ස පෙනහළු තුළ පිළිකා වැඩෙන විට නොනවත්වා කැස්ස ඇතිවීම සිදුවේ. එනම් මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුත්තේ දුම්පානය කරන පුද්ගලයින්ය. එනම් කැස්ස ඇතිවිට නොනවත්වා එක දිගට කැස්ස ඇතිවීම හා කහින අතරතුර සෙම සමග රුධිරය පිටවීම සිදුවන්නේ නම් එය පිළිකාවක් වැඩෙන බවට හෙළි වන රෝග ලක්ෂණයකි. මෙවැනි රෝග තත්ත්වයක් පවතින්නේ නම් එම රෝගියා වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

කටහඬ ගොරහැඬි වීම.පෙනහලු ආශ්‍රිත රෝගයක් ඇති බවට හඳුනාගත හැකි තවත් එක් රෝග ලක්ෂණයක් ලෙස කටහඬ ගොරහැඬි වීම නම් කළ හැකිය.එනම් සෙම්ප්‍රතිශ්‍යාව සාමාන්‍ය කැස්ස ඇතිවිට ද එසේ කටහඬ වෙනස් විය හැකිය. නමුදු එය සතියක් වැනි කාලයක් ගතවූ පසු සාමාන්‍ය තත්ත්වයට පත්විය යුතුය. එසේ නොවී දිගින් දිගටම කටහඬ ගොරහැඬිවේ නම් එය පෙනහළු ආශ්‍රිත පිළිකා ඇති බවට හෙළි වන රෝග ලක්ෂණයක් විය හැකිය. එවැනි අවස්ථාවක ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.

ශරීරයේ බර අඩුවීම.පිළිකාවක් ඇතිවන විට ශරීරයේ බර අඩුවීම පහසුවෙන් හදුනාගත හැකි රෝග ලක්ෂණයකි. මෙසේ ශරීරයේ බර අඩුවන්නේ පිළිකා සෛල ශරීර ශක්තිය උරා ගැනීම නිසාය. මේ නිසා ශරීරයේ බර අසාමාන්‍ය‍ය ලෙස හේතුවක් නොමැතිව අඩුවන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම.පෙනහළු පිළිකාවක් ඇතිවිට එම පිළිකා සෛල මගින් ශ්වසන මාර්ගය අවහිරවීම සිදුවේ. එමෙන්ම පිළිකාව නිසා ඇතැම් දියරමය ද්‍රව්‍යය පෙනහළු තුළ පිරී හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවේ. මෙම තත්ත්වය නිසා සුළු ක්‍රියාවක නිරත වීමේ දී වුව ද හුස්ම ගැනීමට අපහසු විය හැකිය. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.

පපුව ආශ්‍රිතව වේදනාවක් ඇතිවීම.පපුව ආශ්‍රිතව වේදනාවක් ඇතිවීම පෙනහළු තුල පිලිකාවක් ඇති බවට හෙළි කරන තවත් එක් රෝග ලක්ෂණයකි. එනම් පපුව ආශ්‍රිතව මෙන්ම උරහිස් ,පිට ආදී ස්ථානවල ද මෙම වේදනාව ඇතිවිය හැකිය. එය සුළුකොට නොතකා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් වැදගත්වේ.

මීට අමතරව-ඇටකටුවල වේදනා ඇති වීම ආහාර/ ජලය ගිලීමේදී අපහසුතා ඇතිවීම.ආදී එක් රෝග ලක්ෂණයක් හෝ රෝග ලක්ෂණ කිහිපයක් ඇත්නම් එය පෙනහළු පිලිකාවක් ඇති බවට හෙළි වන පුර්ව ලක්ෂණයක් බැවින් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වඩාත් වැදගත්වේ.