පෙනහළු පිරිසිදු කරන හොඳම ආහාර 12 ක්

health tips

ඔක්සිජන් නොමැතිව විනාඩි කිහිපයකට වඩා අපිට ජීවත් වෙන්නට බැහැ. මොකද සෑම අයෙකුගේම ජීවිතය රඳා පවතින්නේ ශරීරයට ලැබෙන ඔක්සිජන් මත. පරිසරයෙන් ලබා ගන්නා මේ ඔක්සිජන් වාතය පිරිසිදු කර ශරීරයට අවශ්‍ය පරිදි ලබා දෙන්නේ පෙනහළු  මගින්. ඉතින් ස්වසනය සඳහා අවශ්‍ය වන ප්‍රධානම ඉන්ද්‍රිය වෙන්නේ පෙනහළු. මේ පෙනහළුවල යම් දුර්වලතාවයක් ඇති වූ විට එයින් ශරීරයට ලැබෙන පෝෂණය අඩුවී යනවා. ඒ කියන්නේ ශරීරයට ඕන කරන ඔක්සිජන් ප්‍රමාණය නිසි පරිදි ලැබෙන්නේ නැහැ. ඒ නිසා පෙනහළු කියන්නේ අපේ ස්වසන පද්ධතියේ ඇති ඉතාම වැදගත්ම අවයවයක්. අපේ ශරීරයේ පිහිටා තියෙන පෙනහළු දෙක සමස්ත ශරීරයේ පැවැත්මට බලපාන නිසා පෙනහළු නීරෝගීව තබා ගැනීමත්,  ඉතා හොඳ ක්‍රියාකාරීත්වයකින් තබා ගැනීමත් ඉතාම වැදගත්. ඉතින් අපි ගනු ලබන ආහාර අපේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කරන්නට වගේම අයහපත් බලපෑම් ඇති කරන්නටත් බලපාන බව ඔබ දන්නවා. ඉතින් සිරුරේ අනෙක් අවයවවලට වගේම පෙනහළුවල නීරෝගී බවට වගේම ආරක්ෂාව සඳහාත් අපි ගන්නා ආහාර ඉතාම වැදගත් වෙනවා. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ පෙනහළු පිරිසිදුව නීරෝගීව තබා ගන්නට අපිට ගත හැකි ආහාර වර්ග කිහිපයක් පිළිබඳව.

මේදමය මාළු වර්ග මැකරල්, සාඩින්, සැමන් ආදී මේදමය මාළු  අපේ පෙනහළුවලට ඉතාම ගුණදායකයි. මේ මාළුවල අඩංගු වෙන ඔමේගා 3 මේද අම්ල පෙනහළු ඇතුළතින්ම පිරිසිදු කරනවා. ඒ අනුව පෙනහළු ආශ්‍රිතව ඇතිවෙන ප්‍රදාහයන් වළක්වා සමස්ත ස්වසන පද්ධතියේම ක්‍රියාකාරිත්වය යාමනය කරනවා. හෘදය, පියයුරු වගේම අස්ථි සෞඛ්‍යයට ඉතාම හිතකර මේ මාළු වර්ග කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනයටත් හේතු වෙනවා.

වෝල්නට් මේ වොල්නට් කියන්නේ ඔමේගා 3 ඇතුළු බොහෝ පෝෂක අන්තර්ගත වෙන ආහාරයක්. දිනකට වෝල්නට් ඇට අත්ල පිරෙන තරම් ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් ඇදුම හා ස්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන බොහෝ ලෙඩ රෝග බොහොමයකට එය ඉතා ගුණදායක බවයි වෛද්‍යවරුන් පවසා සිටින්නේ.  මේවායේ අඩංගු ඔමේගා 3 මේද අම්ල මගින් ඇතිකරන ප්‍රතිප්‍රදාහමය ගුණාංග මගින් පෙනහළු ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහ තත්ත්වයන්ට විරුද්ධව ක්‍රියා කරමින් පෙනහළු මනා ක්‍රියාකාරිත්වයෙන් පවත්වා ගන්නවා. දවසකට වරක් වෝල්නට් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිවීමේ අවදානම 50%කින් අඩු කරගන්නට හැකි බවත් සොයාගෙන තියෙනවා.

හණ බීජ අපි නිතරම ආහාරයට නොගන්නා මේ හණ බීජ පෙනහළුවල සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන ඉතා ඉහළ ගණයේ ආහාරයක්. හණ බීජ තුළ අපේ ස්වසන පද්ධතියටම වැදගත් වෙන  ඔමේගා 3 මේද අම්ල හා  මැග්නීසියම්, ඛනිජ ලවණ  බහුලව අඩංගු වෙනවා. මැග්නීසියම් මගින් ශ්වාසනාලිකා බිත්ති ලිහිල් කිරීම සිදු කරන අතර එය බාධාවකින් තොරව වාතය පෙනහළු තුළට ගමන් කරන  නිසා පෙනහළු නිරන්තරයෙන් ඉතා හොඳින් ක්‍රියාත්මක වෙනවා.

ඉඟුරු කුළු බඩුවක්, රසකාරකයක් ඔසුවක් විදියට අතිශයින්ම වැදගත් වන ලාංකීය අපි බහුලව භාවිතා කරන ඉඟුරු පෙනහළු ආශ්‍රිත ප්‍රදාහයන්ට එරෙහිව ක්‍රියා කරන්නටත් සමත් වෙනවා.එයින් අපේ පෙනහළුවලට වාතය ගමන් කරන නාලවල මෘදු මාංශපේශීන් ස්වාභාවිකවම සැහැල්ලු කරනවා. එය හොඳින් හුස්ම ගැනීමට පහසුවක්.

කහ පෙනුමට, රසට, ගුණට ආහාර ගන්නට නම් කහ අපිට අත්‍යවශ්‍යම වෙනවා.කහවල ප්‍රධාන වශයෙන් අඩංගු වෙන කර්මීන් ස්වාභාවික ප්‍රතිපදාහක බලපෑම්වලින් සමන්විතයි. ඒ නිසා ඉඟුරුවලින් පෙනහළුවල ක්‍රියාකාරිත්වයට ලබාදෙන දායකත්වය හා සමාන බලපෑමක් කහ භාවිතයෙන් අපිට ලැබෙනවා.

ළූණු ළූණු කියන්නේ ප්‍රදාහයන් අඩු කරන එළවලු ලෙස වගේම එළවලු රස ගන්වන ද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගන්නා දෙයක්.ළූණු රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරමින් හෘද පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවනවා.

සුදු ළූණු සුදු ළූණු සතුව ප්‍රදාහයන් ඇතිවීම වැළැක්වීමටත්, ආසාදනයන් ඇතිවීම වළක්වා ගන්නට අපූරු හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම අමු සුදු ළූණු ආහාරයට ගැනීමෙන් දුම්පානය කරන්නන්ට වැළදෙන පෙනහළු පිළිකා අනුපාතය 40% කින් අඩු වන බව සොයාගෙන තියෙනවා.

කෑන් පෙපර් මේ මිරිස් වර්ගයට මිනිසාගේ පෙනහළුවල සෞඛ්‍ය තත්ත්වය යහපත් ආකාරයට වෙනස් කරන්නට අපූරු හැකියාවක් පවතිනවා.එයින් ශරීරයේ ශ්ලේෂ්මල පටල ආරක්ෂා කළ හැකි ශ්‍රාවයක් ද උත්තේජනය කරනු ලබනවා. ඔක්සිජන් හා කාබන්ඩයොක්සයිඩ් වායු හුවමාරු වෙන පෙනහළුවල ඇති ශ්ලේෂ්මල පටල රාශිය ආරක්ෂා කිරීම වගේම පෙනහළුවල ඇතිවන පිළිකා පැතිරීමේ වේගය අඩු කරනවා.

ප්‍රතිඔක්සිකාරක බහුල එළවලු හා පලතුරු දොඩම්, බෙල් පෙපර්ස්, ජම්බෝල,  අලිගැට පේර, තද කොළ පැහැ කොළ වර්ග කැරට්, බ්‍රොකෝලි,මල් ගෝවා, ඇපල්, දෙළුම්,  බෙරි බහුලව ආහාරයට එකතු කර ගැනීම පෙනහළුවල නීරෝගිභාවයට හේතු වෙනවා.  

ජලය පෙනහළු ඇතුළු සියලුම ප්‍රධාන අවයවයන්වල නිසි ක්‍රියාකාරිත්වයට සහ නීරෝගී අවට ඒවා සජලීයව තිබීමට ජලය අත්‍යවශ්‍ය වෙනවා.  

කෝපි කෝපි හෘද රෝගීන්ට හිතකර නොවුණත් පෙනහළුවල නීරෝගී පැවැත්මට නම් කෝපි ඉතාමත් හිතකරයි.

පෙනහළුවලට හානිදායක ආහාර ප්‍රදාහයන් ඇති කළ හැකි ඕනෑම ආහාරයක් පෙනහළු සඳහා හානිකර වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම හතිය  ඇතුළු වෙනත් ස්වසන රෝගවලින් පෙළෙන්නේ නම් මේ ආහාරවලින් වැළකීම ඔබේ සෞඛ්‍යයට ඉතා වැදගත් වේවි. ඇතැම් අයට ඇතැම් ප්‍රදාහ තත්ත්වයන් ඇතිකරන ආසාත්මික ආහාර වර්ගත් පවතිනවා.කිරි නිෂ්පාදන, පාන් වර්ග, අධික ලුණු පරිභෝජනයත්, සෝඩියම් අධික ලෙස යොදා සකස් කළ ආහාරත් පෙනහළුවලට එතරම් හිතකර නැහැ.

ඉතින් අපේ ශරීරයේ වඩාත් වැදගත් මේ පෙනහළු රැක ගන්නට වෙනස් කළ යුතු සහ ලබාගත යුතු මේ ආහාර ඔබේ පෙනහළු නීරෝගීව සහ මනා ක්‍රියාකාරිත්වයකින් පවත්වා ගෙන යන්නට බෙහෙවින් උපකාරී වේවි.