ඔක්සිජන් ශරීරය පුරා ගෙන යනු ලබන ශ්වසන පද්ධතිය යනු ශරීරයේ මනා පැවැත්මට අවශ්‍ය ප්‍රධාන කාර්යයන් ඉටු කරනු ලබන ශරීරයේ පිහිටි මූලික පද්ධතියකි. එනම් ඔක්සිජන් ශරීරය පුරා ගෙන යාම සදහා ශ්වසන පද්ධතියේ ප්‍රධාන අවයවයක් වන පෙනහළු වැඩි දායකත්වයක් සපයනු ලැබේ.එනම් අප ගනු ලබන වාතය හෙවත් ඔක්සිජන් ශරීරය පුරා ගෙන යාමට මෙන්ම රුධිරයේ ඇති කාබන්ඩයොක්සයිඩ් නැවත නාස්පුඩු හරහා පිට කිරීමත් ජීවත් වන තුරුම සිදු කරනු ලබන්නේ පෙනහළු මගිනි. එනම් ජීවත් වන තුරු මෙම ක්‍රියාවලිය මැනවින් ක්‍රියාත්මක වීම සඳහා පෙනහළු නීරෝගීව පවත්වා ගැනීම අත්‍යවශ්‍යවේ. එනම් පෙනහළු රෝග ඇතිවීමට ඉඩ නොදී පෙනහළු හැකිතාක් පිරිසිදුව තබා ගැනීමට කටයුතු කළ යුතුවේ.එනම් මේ සඳහා පළමුව කළ යුත්තේ පෙනහළු ස්වභාවිකව පිරිසිදු කරන ආහාර භාවිතා කිරීමයි. ඊට අමතරව
- ක්ෂණික ආහාර භාවිතය අඩු කිරීම.
- ලුණු අධික ආහාර පාන භාවිතය අවම කිරීම.
- ව්‍යායාම වල නිරත වීම.
- දුම්වැටි මත්පැන් පානය අවම කිරීම.
- පෙනහළු පිරිසිදු කරන ආහාර වර්ග

ඉඟුරු නොයෙක් රෝග සමනය කිරීමට භාවිතා කළ හැකි ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ඉඟුරු හැඳින්විය හැකිය. එනම් ඉඟුරු භාවිතා කිරීම මගින් පෙනහළු පිරිසිදු කර ගත හැකිය. ඊට අමතරව ඉඟුරු භාවිතා කිරීමෙන් පෙනහළු වල ඇති වන ප්‍රදාහ තත්වයන් ඇතිවීම පාලනය කර පෙනහළුවල නීරෝගී භාවය වැඩි දියුණු කර ගත හැකිය. එනම් ආහාර පිසින විට හෝ තේ පානයට ඉඟුරු මිශ්‍ර කර භාවිතා කිරීම මෙහිදී යෝග්‍යවේ.
සුදුලූනු සුදුලූනු යනු සුවඳ කාරකයක් රසකාරයක් පමණක්ම නොවේ. එනම් සුදුලූනු යනු ගුණදායක ඖෂධයකි. එනම් සුදුලූනු වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසාම සුදුලූනු භාවිතා කිරීම පෙනහළු වලටද හිතකරවේ.
එනම් සුදුලූනු වල අඩංගු ඇලසීන් මගින් මත්පැන් පානය කිරීමෙන් දුම් බීමෙන් ඇතිවන පිළිකා තත්වයන් මෙන්ම ප්‍රදාහ තත්ත්වයන් සමනය කර පෙනහළු නීරෝගී කරනු ලැබේ.
කහ ඈත අතීතයේ සිටම බොහෝ රෝග සමනය කිරීම සඳහා කහ ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් කහ පෙනහළු හොඳින් ක්‍රියාත්මක කිරීම සඳහා ද බෙහෙවින් උපකාරීවේ. එනම් කහ භාවිතා කිරීම මගින් බොහෝ දෙනෙකුට ඇතිවන පෙනහළු ප්‍රදාහ තත්ත්වයන් සමනය කිරීම සිදුකර පෙනහළු පිරිසිදු කර පෙනහළුවල නීරෝගී භාවයට වැඩි දායකත්වයක් සපයනු ලැබේ. එනම් මේ සඳහා ආහාර පිසින විට හෝ කිරි සමග කහ ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීම ගුණදායකය.ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග පෙනහළු පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කළ හැකි ගුණදායක ආහාරයක් ලෙස ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග නම් කළ හැකිය. එනම් සැමන්, මැකරල්වල අඩංගු ඔමේගා ත්‍රී මේද අම්ල පෙනහළු වල ඇතිවන ප්‍රදාහ තත්ත්වයන් වළක්වා ස්වසන පද්ධතියේ ක්‍රියාකාරීත්වය මැනවින් පවත්වාගෙන යාමට හේතුවේ. එමෙන්ම මෙම මාළු වර්ග භාවිතා කිරීමෙන් පෙනහළු ආශ්‍රිතව ඇතිවිය හැකි පිළිකා රෝගයන්ගෙන්ද ආරක්ෂා කරනු ලැබේ.

හරිත තේ පානය බොහෝ පෝෂ්‍ය ගුණයෙන් යුතු හරිත තේ පානය පෙනහළුවල මනා ක්‍රියාකාරීත්වයට
බෙහෙවින් උපකාරීවේ. එනම් රාත්‍රියේදී නින්දට යාමට පෙර හරිත තේ පානය කිරීමෙන් පෙනහළු පිරිසිදු කර ගත හැකිය. ඊට අමතරව දුම්කොළ ,මත්ද්‍රව්‍ය භාවිතා කිරීමෙන් පෙනහළුවල ඇතිවන පිළිකා රෝගද පාලනය කරනු ලැබේ. මේ නිසා පෙනහළු පිරිසිදු කර ගැනීම සඳහා හරිත තේ පානය භාවිතා කිරීම ගුණදායකය.කෙසෙල්පෙ නහළු නීරෝගීව පවත්වා ගැනීමට ආහාරයට ගත හැකි ගුණදායක ආහාරයක් ලෙස කෙසෙල් හැඳින්විය හැකිය. එනම් කෙසෙල් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු පොටෑසියම් පෙනහළු බිත්ති පළල් කර ස්වසන ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක කරනු ලැබේ. මේ නිසා ඇදුම රෝගය සමනය කිරීම සඳහා ද කෙසෙල් ආහාරයට ගැනීම ගුණදායකය.
අන්නාසි උෂ්ණ ගුණයෙන් යුතු වුවද අන්නාසි ආහාරයට ගැනීම බොහෝ රෝග සමනය කර ගත හැකිය. එනම් අන්නාසි ආහාරයට ගැනීමෙන් පෙනහළු පිරිසිදු කර ගත හැකිය. මේ සඳහා අන්නාසිවල අඩංගු bromalain නැමති සංඝටකය පෙනහළු පිරිසිදු කර පෙනහළුවල නීරෝගී භාවය වැඩිදියුණු කිරීම සිදුකරනු ලැබේ.
ඇපල් මිහිරි රසයෙන් යුතු ඇපල් යනු බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු පලතුරකි. එනම් ඇපල් ආහාරයට ගැනීම මගින් පෙනහළු පිරිසිදු කර ගත හැකිය. මේ සඳහා ඇපල්වල අඩංගු විටමින් ඊ සහ ප්‍රතිඔක්සිකාරක පෙනහළුවල ක්‍රියාකාරීත්වය වර්ධනය කර ශ්වසන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගයන් සමනය කිරීම සිදුකරනු ලැබේ.
හතු වර්ග එළවළු , පලතුරු ,පලා වර්ග වලට අමතරව හතු වර්ග ආහාරයට ගැනීමෙන් පෙනහළුවල ක්‍රියාකාරීත්වය වර්ධනය කර ගත හැකිය. මේ සදහා හතුවල අඩංගු විටමින් ඩී වැඩි දායකත්වයක් සපයනු ලැබේ.එනම් හතු ආහාරයට ගැනීමෙන් ඇදුම වැනි රෝග තත්ත්වයන් සමනය කර ගත හැකිය.